Thursday, November 3, 2016

ව්‍යවස්ථාවක් අවශ්‍යමද ?



රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව පසු ගිය දිනක ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ප්‍රකාශ කොට තිබිණි. එ සදහා ඔවුන් පවසන්නේ ජනමතයක් එ සදහා ලැබුණු බවයි.

මෙහිදි පළමුව කිව යුත්තේ මේ ආණ්ඩු බලය ගෙන එමට මේ රජය ජනතාවට කියන ලද බොරු ප්‍රමාණයයි. ආණ්ඩු බලය ලබාගැනිමට මේ සා බොරු කියන ලද ආණ්ඩුවක් ඉතිහාසයේ කොතනකවත් අපිට හමු වී නැත. එ සා බොරු කියා ගත් ආණ්ඩුව දැනට අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ රටට කල දෙයක් නොමැත.

කතා කරන්නේ නම් සංහිඳියාව ගැනය, රට තුල නැත්තේද එයය. උතුරේ වෙනම නීතියක්ය. දකුණේ වෙනම නීතියක්ය. නැගෙනහිර වෙනම නීතියක්ය. මේවා දෙස ජනතාව බලා සිටින්නේ තුෂ්නිම්භුත වී ගෙනය.

අඩුම වශයෙන් මේ රටේ විධායකයට මේ රටේ පාලනය කර ගන්නට හැකියාවක් නොමැත. රට ඉබාගාතේ යද්දී රටේ ජනාධිපතිවරයා කරන කතා ජනතාවට සිංහල පංතියක දේශනයක් වගේය.

රටේ නීතිය කනපිට පෙරලමින් ආණ්ඩුව හිතු මනාපයෙන් පවත්වාගෙන යන මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවංක ආකාරයෙන් ඉදිරිපත් කිරිමට සමත් වේ යැයි සිතිය නොහැකිය.

ජනාධිපතිවරනයක් තියා අගමැති වෙනස් වු ලෝකයේ එකම රට ලංකාව විය හැක. එයින් නොනැවති ආසන්න සංශෝධනය ගෙන ආවේ 19 වගන්තියයි. එහි ප්‍රධාන අරමුණ උයේ රාජපක්ෂවරැ මර්ධනය කිරිම පමණක් ම බව දන්නේ මේ රටේ අතලොස්සක් පමණි.

එයින් නොනැවතුණු ඔවුන් මහමැතිවරණයකට ගොස් බහුතරයක් ලබා ගැනිමට පවා නොහැකි විය. එ අඩුම වශයෙන් දින සියයේ වැඩසටහන සාර්ථක නොවුන පසුබිමක් තුළය. ජනාධිපතිවරයා එදා යම් යම් ප්‍රකාශ නොකෙරුවා නම් අද ඇත්තටම මේ ආණ්ඩුව නොමැත. ඉන් පසුව මහින්දගේ නම විකුණා චන්දය ලබා ගත් පිරිසක් මේ ආණ්ඩුවට එක් වුහ. එයින් ඇතිකරගත් මවාගත් බහුතර ආණ්ඩුවක් දැන් පවතින්නේය.

මහින්දගේ නම විකුණා චන්දය ලබා ගත් මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමට සහයෝගය දෙන්නේ නම් එහි ඇති නෛතික හැකියාව සොයා බැලිය යුතුය.

අවසාන වශයෙන් මේ ගැන ජනතාව අතිශයින්ම අවධානයෙන් සිටිය යුතුය. හොදම උදාහරණය අතුරුදන් වීමේ පනත අගමැතිවරයා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරයයි.
එවැනි අකාරයකින් මේ ව්‍යවස්ථාව සම්මත කරගන්නට මේ ආණ්ඩුව ක්‍රියා කලහොත් ලංකා ඉතිහාසය අනිත් පැත්තට හරවන දවස මෙන්ම එය මැකිය නොහැකි කලුපැල්ලමක් වන බව නම් අනිවාර්යය.

ජනතාවනි අවදියෙන් සිටින්න. මේ ඔබේ මගේ රටය. මේ රට ඔබේ මගේ දරුවන්ට නිරවුල්ව අප ඉතිරිකර තැබිය යුතුය. ඔබ අද අවධානයෙන් සිටියෙත් හෙට මේ රාටේ ස්වයිරිත්වය රැකෙනු ඇත.

නැතිනම් මේ රටට හෙට දිනයේ ලිබියාව සිරියාව වගේ වනු ඇත "


Like කරන්න share කරන්න
https://www.facebook.com/wadinathanata/

2 comments:

  1. මේ රටට ආදරය කරන මිනිස්සු වැඩියි.. ඒක තමයි රටට අම්බානක කෙලවිලා තව ටිකක් කෙලවෙමින් යන්නේ..මෙච්චර ජාති ආලය ආදරේ තිබුනාම ලමයෙක් වුනත් හිතුවක්කාර වෙලා සවුත්ත ුවෙනව..වහාම මේ රටට ආදරය කරන පිරිස අඩුකරගත්තේ නැත්තං ලංකාව ඉක්මනින්ම විනාස වෙල යනවා..

    ReplyDelete
  2. ටිපිකල් බයියෙකුගේ අ‍ඳෝනාවක් විතරයි!

    ReplyDelete