Sunday, January 10, 2016

මම නොවෙයි මම




ගිවිසුමින් සින්නක්කරව 

එකිනෙකා සතු වූ 

කාන්තා පුරුෂ දෙසිරුරක් 

සරසා නේක සළුවෙන් 

ගලවා සුවඳ විලවුන්

කරවා පෝරු මස්තක 

ගැලපේවි කදිම ජෝඩුව

රැකේ සැමදා අපේ නම්බුව 

උදම් වූ නෑ සියන්ගේ

ආසිරි ගීත සුභ පැතුම් මැද 

සිත ගිණි තබා අළු කර

දෑවැදි තෑගී පොදි බැද 

කුළ ගෙයට යයි නැකතට....
______

8 comments:

  1. “ගිවිසුමින් සින්නක්කරව
    එකිනෙකා සතු වූ
    කාන්තා පුරුෂ දෙසිරුරක්“ සුන්දර නිර්මාණාත්මක අදහසක් , රසවින්දා ඔබේ කව් පද , ස්තුතියි ඔබට

    ReplyDelete
  2. ගොඩක් යෝජිත විවාහ ඔහොම තමයි ඉතින්.

    ReplyDelete
  3. //සිත ගිණි තබා අළු කර - කුළ ගෙයට යයි නැකතට....//

    ලංකාවේ සමාජයේ වෙනස් විය යුතුම දෙයක්

    ReplyDelete
  4. ලස්සනයි...........................

    ReplyDelete
    Replies
    1. සිද්ධිය නෙමෙයි පද...........

      Delete
  5. මගුලෙන් පසුව,
    නෑදෑයින් පිනවන්නට
    වූ ණය පියවන්නට
    උකස් කරයි දෑවැද්ද බැංකුවට

    නියමයි.

    ReplyDelete
  6. කිව්වේ බ්‍රැන්ඩි නිව් කියා
    නෑ සියන් කැට තියා
    කියන්නේ නෑ මෙයා
    සෙකන්ඩ් හෑන්ඩ් යයි කියා

    ReplyDelete
  7. කුල ගේක යයි නැකතට

    ReplyDelete