Friday, December 18, 2015

අවසානය



ජිවත් වෙනකොට 
ලෝකෙට පේන්න හිනා උණු
ඒත්
ශරීර කුඩුව ඇතුලේ හැංගිලා 
තනියෙන්ම ඉකි ගගහ වැලපිච්ච
ආත්මය අදුනන්න බැරි උණු
නෑ සිය හිත මිතුරන්ගේ 
ශෝක ගීතිකා මැද්දේ,

ආත්මය ඈත් වුනු 
අපේ ශරීර කුඩු පෝමලින් දාල වේලලා 
සුවද විලවුන් ඉහල පෙරහරින් ගෙනිහි්න් 
වල දැම්මට 
හැමදාමත් පිච්චි පිච්චි අඩපු උඹෙයි මගෙයි
ආත්ම ගැන මතක් කරන්නවත් 
කාටවත්ම සිහියක් ඕනෑ කමක් 
නැති වෙච්ච හැටි

_අරුණ_

5 comments:

  1. ප්‍රේමය පතා මියෙමි
    ජීවිතය පල නැති හෙයිනි...

    ReplyDelete
  2. ඔන්න කියන නිසා ආවා
    මල් ටිකකුත් ගෙනාවා

    ReplyDelete