Tuesday, October 14, 2014

යාල් පානම් යමුද






කියන්නට දහක් දේ හිත ඇතත් පුරවලා
කියන්නට බැරුව අද මගේ හිත ගොළු වෙලා
ලගින් හිටියත් උඹට මුළු හදින් ලං වෙලා 
අපේ හිත් දෙක තවම ගොඩක් දුර තනි වෙලා

මහ හුගක් හීන වැල් නුඹේ නමට ගොත ගොතා
හිටියාට බලාගෙන අද අපේ නැහැ කතා
යාල්පානම් යන්න තන්ගච්චි එක්කලා 
යාල් දේවියේ නැගී ඉන්නවා මග බලා

යාල් පානම් වැල්ලේ අත් පටල දිව යන්න
බලාගෙන ඉන්නේ මම ඒ දවස එනකම්ම 
සැදෑවක තුරුළු වී උනුහුමට ඉන්නකොට 
දැනෙයි මගේ ආදරය නංගියාට හරි තදට 

රා කට්ට අතට ගෙන පොවා පලවෙනි උගුර 
යාපනේ වඩේ ගෙන බැදපු මිරිසුත් සමග 
කඩාගෙන එක වඩය බෙදාගෙන කන කලට 
දැනෙයි රාවල මිහිර මි විතක් පරයාන

කාටවත් දුන්නේ නැති ආදරේ පුරෝගෙන 
යාපනේ තල් අරඹ මැද සොදුරු සැදෑවක 
රා කට්ට ආදරෙන් බෙදාගෙන බොන කලට 
අපි අපේ ලෝකයක තනිවේවි සුන්දරව

9 comments:

  1. මේ යන්ද සෙට් එකම දවසක රා කට්ටක් ගහලා එන්න?

    ReplyDelete
    Replies
    1. තල් රා බීල වැඩි වුණාමබඩ යනව... අනික අපේ හුග දෙනෙක්ට තල් රා දිරවන්නෙ නෑ

      Delete
  2. අපූරුයි... ඕන මමත් එකක් ලියලා දැම්මා..

    ReplyDelete
  3. පට්ට කවි පෙල ඈ....
    ඒත්ඇයි ඕකට ඉන්දියන් කොඩිය දැම්මෙ කියල දන්නෑ නේහ්..
    මට හෙන පුස්නයක්

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් ආධාරවලින් නේද ඉතිරි ටික හැදුවේ....අර ඉස්කෝල ළමයි අතේත් ඉන්දියන් කොඩි තිබුනා.

      Delete
  4. මතට තිත තියනකොට රා වලට මොකද වෙන්නෙ බං..?

    ReplyDelete
  5. Indiyan kodiyen kiyanne,Anagathaye wenadee.

    ReplyDelete