Monday, August 18, 2014

ඉවසීම

උන් එක්ක තියෙන තරහට 
ගනිං පලි ඇති වෙනකං
මගෙන් හරි කමක් නෑ 
හිත හැදෙනකම්
ගහක් ගලක් වෙලා හරි 
දරාගන්නම් 
හිතක් පපුවක් නැතුව හරි

දුවපං හති වැටෙනකං
ඕන තැනක 
ඒත් ඉන්නම් බලං
වැරදි මග දිව්වොතින් 
පරිස්සම් කරගන්න 
කොහේ කොතන හරි 
නැවතුන වෙලාවක 
වතුර බෝතලයක්වත් අරං 
නිවන්නටවත් උඹේ පවස.

ඒත් 
ගන්න එපා පලි උඹ 
උඹෙන්ම 
සදහටම නොමැරී මැරෙයි මාව
_____

7 comments:

  1. ඕන දෙයක් ඉවසන්න පුළුවන් ඒක ඇරෙන්න... ඇත්ත තමයි..

    දැන් කවි විතරමද ලියවෙන්නේ??

    ReplyDelete
    Replies
    1. නරක කාලෙට ඔව්ව ඔහොම තමයි බං, කවිද මංදා මෙව්වා :D

      Delete
  2. පට්ට ඈ...
    ටික කාලයක් යද්දි හැම හැගීමක්ම ඇල් වෙනව එතකොට ඕහොමකියන්නැති වෙයි..
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එතකොටවත් හොඳ කාලයක් උදා වෙයි නේද?

      Delete
  3. ලෙමන් පෆෟ එකක් දෙන්නේ නැත්ද???

    ReplyDelete
    Replies
    1. ලෙමන් පෆ් නම් ඉතින් මැලිබන් තමයි

      Delete