Thursday, November 14, 2013

චෝගම් ෆන්




එහා කඩේ අයියා :

අපේ මහින්ද මහත්තයාගේ මොලේ තමයි මල්ලි 
මොලේ. බලන්නකෝ මේ වැඩෙන් අපේ රටට ලැබෙන කිර්තිය. මේ 
පැත්තට වරායක් ගුවන් තොටුපලක් හම්බ උනා. ඒ මදිවට තව 
කොච්චර සංවර්ධනයක් වෙලා තියෙනවද? පිටරට කොම්පැනිකාරයෝ 
ඇවිත් මෙහේ කර්මාන්ත ශාලා එහෙම පටන් ගත්තම අපේ කොල්ලන්ට
කෙල්ලන්ට කි දෙනෙකුට රස්සා හම්බ වෙනවද මල්ලි 

බෝඩිමේ අක්කා: 

ඔය එනවා කියන උන් එනකම් තමයි ඉන්නේ මමත් දෙකක් කතා කරන්න. බලන්න රට ළුණු කිලෝ එක 220 යි. අල 220 ගම්මිරිස් 600. ඒ මදිවට වෙරළේ හැමදාම බෑන් චුන් ගහලා ආතල් දෙනවා. මොන සල්ලියක්ද මේ යක්කු මේ නාස්ති කරන්නේ .........

අහල පහල කොල්ලෝ: 

පිට රට රාජ්‍ය නායකයන්ටයි කොල්ලන්ටයි බල්ලන්ටයි මෙහේ ඇවිල්ලා #@$ක් ගහලා ආතල් එකක් අරගෙන යන්න දෙනවා නම් අපට මෙහෙම ආතල් එකක් දුන්නම මොකෝ. මේකට මේ වියදම් කරන සල්ලියේ හැටියට අපට මෙහෙමවත් ආතල් එකක් දුන්නේ නැත්තම් මුංට හෙන ගහනවනේ බං 

බුකියේ උන් : 

හෙන ගහපං මහ රජාට

වැඩ කරන උන් :

අතට කියක් හරි හොයාගන්න පුළුවන් මෙහෙමවත් වැඩක් සෙට් උනොත් විතරයි. අනික අපේ පලාතට මේකෙන් හම්බවෙච්ච දේවල්. අනේ අපේ මහින්ද මහත්තයව සියලු දෙවියෝ බුදුන් රැක දෙන්න ඕනේ. 

මං :


සුං පෙත්ත කැරකෙනවා 


වෙරළේ ආතල් දෙනවා 



ටි.වී එකේ සුරංගනා 



කතා කියනවා .....


ආශ්චර්ය ළඟ එනවා 



බඩු මිල ඉහලට යනවා 



චෝගම් ෆන් ගන්න දිහා 



බලා ඉන්නවා ...




29 comments:

  1. ඔක්කෝමත් හරි අර මියුසිකල් ෂෝ ගැහිල්ලයි පේන්න බැරි.

    ReplyDelete
    Replies
    1. මේකට මේ වියදම් කරන සල්ලියේ හැටියට අපට එහෙමවත් ආතල් එකක් දුන්නේ නැත්තම් මුංට හෙන ගහනවනේ බං ^_^ ^_^

      Delete
  2. අඩේ හම්බන්තොට එහෙම සීන් එකකුත් යනවැයි.. ආසාවේ බෑ ඇවිත් බලන්න.. එතකොට නවතින්නේ රෙපා ගාවද??? රාජ් ගාවද?? උභතෝකෝටික පුරස්නයක් නෙව දැං.. ඕනනැ නැවිත් ම ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. අද අවසාන දවස. එනවා නම් දෙකක් දාගෙන සළු වෙලා නවතින්න තියෙන්නේ මුහුදු වෙරලේම තමා. -_-

      Delete
  3. සෙනග සූ ගාලා... ආතල් ගන්න කස්ටිය එන්නේ නෑ වගේ.. මැච් දෙකත් වේලුනා..

    ReplyDelete
  4. හනේ හනේ .. හම්බන්තොටට වෙලා ඉන්න ගමන් මු කියන ඇවටියෙල් කතා හැබෑට

    ReplyDelete
    Replies
    1. මම මොකුත් කියන්නේ නෑ බං. බලා ඉන්නවා විතරයි. වටේ ඉන්න උන් නේ මේ එක එක එව්වා කියලා තියෙන්නේ :(

      Delete
  5. කාලකන්නි දේශප්‍රේමීන්ට ජය වේවා...

    රට කන දේශපාලුවොන්ට ජය වේවා...

    ReplyDelete
    Replies
    1. උඹටත් ජය වේවා...

      මටත් ජය වේවා...

      Delete
  6. රටේ අනාගත අගනුවර නේද? මේ දවස් වල කැම්පස් වහලා නිසා අපිටත් ලෙසටම ෆන්.. අයියෝ කාලය!

    ReplyDelete
  7. අඩේ ඔහොම කතා කියන්න එපා රෙප් අයියේ..

    ReplyDelete
    Replies
    1. මෙව්වා රට්ටු කියන කථානේ අප්පා :/

      Delete
  8. හෙ හෙහ්..දැං මං කියන්නෙ මොකද්ද කියලා කල්පනා කොලා... ආවේ නෑ නෙව කිසිවක් ඔලුවට...

    ReplyDelete
    Replies
    1. රජාගේ බ්ලොග් එක පැත්තේ ගියා නම් හරියන කමෙන්ටුවක් බලාගෙන එන්න තිබ්බා. :v

      Delete
  9. තාම හම්බන්තොට නම වෙනස් කරල නැද්ද?

    ReplyDelete
    Replies
    1. ටවුමේ නම නෙවෙයි. තියෙන එව්වා ඔක්කොම ඉස්සරහට රුහුණු මාගම්පුර කෑල්ල තියෙනවා. ඒවායේ හම්බන්තොට නම නෑ.
      රුහුණු මාගම්පුර වරාය
      රුහුණු මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව වගේ. ;)

      Delete
  10. රෙපෝ.........හිනාවෙමුද? අඬමුද? අනේ මන්දා බං.............

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඇහුනේ නෑ දැක්කේ නෑ පෙනුනේ නෑ වගේ ආතල් එකේ ඉම්මු බං. ;)

      Delete
  11. ඒ මනුස්සයගේ ග්‍රහ චාරය හොඳයි ... අපේ නරකයි.. ඒකයි මේ .

    ReplyDelete
  12. ඔව ඔම තමයි බං.. දෙන දෙයක් කාල වෙනදෙයක් බලාං ඉමු :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. නිකං ලේ පුච්චගන්නේ මොකටද?

      Delete
  13. This is an advertisement
    /-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-//-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/
    ශර්මා එයි,සිංග් නැත
    /-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-
    Thanks

    ReplyDelete
  14. උඹට තිබුනේ ඔය ලොකු රූං පෙත්තක් ගලෝ ගන්න. කවදා හරි ළමයි ඉන්න කාලෙක වැදගත් වෙනවා ඕවා.

    ReplyDelete
  15. මේ සීන් එකනං මාත් දැක්ක. සිකුරාද දවසක්... හෝ සඳුදා දවසක්.

    ReplyDelete
  16. ඇතුවත් බෑ ඕව නැතුවත් බෑ :D

    ReplyDelete