පස් අදින සෙට් එක

Wednesday, October 9, 2013

මට හිතෙන එව්වා මෙව්වා ටිකක්

අනාගත අගනුවර පදිංචියට ආවට පස්සේ මේක දිහා ඇහැක් ඇරලා බලන්න බැරි උනේ වැඩිපුරම කම්මැලි කමට. හිතට එන දේවල් ඒ වෙලාවේම බුකි බිත්තියේ දාන කොට බ්ලොගක් තියෙන බව අමතක වෙලා යනවා. ජොබයි බෝඩිමයි අතර ගෙවෙන ජිවිතේ අතරතුර පළාතේ  හැම තැනම කිලෝ මීටර්නැතුව ඇවිද්දත් අතේ කැමරාවක් නැති නිසා පින්තුරයක්වත් ගන්න බැරි උනා. මේ පෝස්ට් එක ලියන්න හිතුවේ මේ ටිකේ මිනිස්සුන්ගේ දැක්ක දේවල් ගැන කියන්න.

මම මේ ටිකේ වැඩ කරන්නේ ළමයින් එක්ක වැඩ කරන්නේ තංගල්ල හම්බන්තොට ප්‍රදේශ වල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක හිංදා ඒ පළාත් වල මිනිස්සු එක්ක ගොඩාක් ගැවසෙන්න සිද්ද වෙනවා. ගොඩක් වෙලාවට ඒ ගොඩාක් මිනිස්සු අඩු ආදායම් ලාභී කියන ලේබලය ගහලා තියෙන අය. අපේ ආයතනය මගින් සිද්ද වෙන්නේ ඒ ජනතාවගේ දරුවන්ගේ ජිවන තත්වය උසස් කිරීමට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ආධාර කිරීම වගේ වැඩසටහන්.

නිකන් හම්බ වෙනවා නම් දෙමල පත්තරේ උනත් භාර ගන්න ජනතාව, අපේ ආයතනය හරහා ඒ අයගේ දරුවන්ට ලැබෙන ආධාර මුදලත් ඔවුන්ගේ අයිතිවාසිකමක් විදියට හිතන්න පුරුදු වෙලා.  අපිව මුණ ගැහෙන්න එන්නෙම නැති බැරි කම කියාගෙන. ඒත් මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කෙනෙකුට පිනට යමක් දෙනවා කියන්නේ ඒ මනුස්සයා අනුන්ගෙන්ම යැපෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. ඒ මනුස්සයා කවදාවත්ම හිතන්නේ නෑ තමන් මහන්සි වෙලා කියක් හරි උපයා ගන්න. කෙනෙකුට සල්ලි දෙනවට වඩා ඔහුට යම් කිසි වෘත්තිය පුහුණුවක් ලබා දෙන එක මගින් රටට බරක් නැති පුද්ගලයෙක් බිහි කරන්න පුළුවන්.

අපි දරුවන්ට ඉගන ගන්න ලබාදෙන ආධාර ඒ දරුවාගේ තාත්තගේ මත්වතුර පිපාසය නිවන්න යොදාගන්න හැටි මම ඕන තරං දැකලා තියෙනවා. සල්ලි කෙලින්ම දරුවාගේ බැංකු ගිණුමේ තැන්පත් කරන්න වැඩ පිළිවලක් යෝජනා කලාම දෙමාපියෝ එන්නේ රෙද්ද උස්සගෙන. ඒ අයගේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න හදනකොට විරුද්ද වෙන්නේ ඒ දරුවන්ගේම දෙමව්පියෝ. අපේ ආයතනය යම් කිසි දරුවෙක් උදෙසා වියදම් කරන්නේ ඒ දරුවා ඉගනගෙන තමන්ගේ අනාගතය සාර්ථක කර ගනියි කියන බලාපොරොත්තුවෙන්. ළමයා වෙනුවෙන් ලබා දෙන මුදල නිස්කාරනේ එදිනෙදා කටයුතු වලට වියදම් කරනවා දකින කොට ඇත්තටම හිතට ඇති වෙන්නේ දුකක්. මේ ඉන්න යැපුම් මානසිකත්වයෙන් මිනිස්සු ගලවන්න ලේසි නෑ. 

අද අපේ ව්‍යාපෘතියට සම්බන්ධ එක්තරා පවුලක උත්සවයකට අපේ කාර්ය මණ්ඩලයට යාමට සිද්ද උනා. අතේ සතේ නැතුව නැති බැරි කමම කියාගෙන අපේ ලඟට වෙනදට එන ඒ පවුලේ පුද්ගලයන් මේ උත්සවය සඳහා වියදම් කරලා තිබුනේ හිතාගන්නවත් බැරි විදියට. ඩි ජේ, අරක්කු, බයිට්, කෑම බිම, සඳහා ඒ අය සමහර විට වියදම් කලේ කාට හරි ණය වෙලා වෙන්නත් පුළුවන්. ණය වෙලා රටේ ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න, ආතල් දෙනවට වඩා ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඒ සල්ලි වියදම් කළා නම් අඩු තරමේ අනාගතයේ ඒ දරුවෙක් වත් යැපුම් මානසිකත්වයෙන් ඈත් වෙච්ච පුද්ගලයෙක් වෙයි.

ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර කරන රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රාජ්‍ය සංවිධාන බහුතරයක් තියෙන ප්‍රදේශයක් වශයෙන් කලින් තිබුනාට වඩා මේ ප්‍රදේශ වල ජනතාවගේ ජිවන තත්වය නම් ඉහල මට්ටමක මේ වන විට තියෙනවා කියලා කියන්න පුළුවන්. සමහර විට ඒ රජයෙන් මේ ප්‍රදේශයේ කරගෙන යන සීග්‍ර සංවර්ධන කටයුතු එක්ක වෙන්න ඇති. විපක්ෂයෙන් බුකියෙන් බ්ලොග් වලින් කවුරු මොනවා කිව්වත් හම්බන්තොට ප්‍රදේශය අද වෙනකොට සෑහෙන වෙනස් වෙලා ඉවරයි. නැව් එන්නේ නෑ කියපු වරායේ නැව් කිහිපයක් නවත්වලා තියෙන ආකාරය බොහෝ විට පාරේ ඉදන් දක්නට පුළුවන්. සංවර්ධනය කියන එක එක පාරටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක කාලයත් එක්කම සිද්ධ වෙන්න ඕන දෙයක්. 

හැමදේම වෙනස් වෙන ලෝකේ මේ ප්‍රදේශ නම් වෙනස් වෙන්නේ හිතා ගන්නත් බැරි තරං වේගයෙන්. ඒ වගේම වේගයෙන් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගති ගුණ හැම දේම වෙනස් වෙනවා. හැමදෙයක්ම විකිනෙන්නේ සල්ලි වලට. ජාතිය ආගම මනුස්සකම් හැමදේම විකිණිලා ඉවරයි. දැන්
තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.......

21 comments:

  1. මිනිස්සුන්ට දෙන්න ඕනේ මාළු නෙවේ බිලී පිති... ඒත් මිනිස්සු ඉල්ලන්නේම මාළු ...

    "රෝලේ නැත්නම් දාගන්න .. මගේ බ්ලොග් එක ".

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ප්‍රශ්නේ. :)
      බ්ලොග නම් දන්නවා. හච් කනෙක්ෂන් වලින් නෙට් එනකොට ෆලෝ ගැජට් එක පෙන්නන්නේ නැති නිසා බ්ලොග් ෆලෝ කරන්න බැරි එකයි අවුල, :/

      Delete
  2. ඔන්න ඉතිං උඹත් කට්ටියකගේ මහා වෛරයට පාත්‍ර වෙන්ට හදන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. \\\\නැව් එන්නේ නෑ කියපු වරායේ නැව් කිහිපයක් නවත්වලා තියෙන ආකාරය බොහෝ විට පාරේ ඉදන් දක්නට පුළුවන්. \\\

      මේ ටිකම ඇති ආයුබෝවන් ...

      Delete
    2. ගොඩක් දවසට උදේ හවස දකින එකනේ බං. වෛර කරන අයට ඇවිත් ඇස් දෙකෙන් බලන්න කියමු :)

      Delete
    3. හුප්..මේ මාරයා වෙන මල්ලියකුට කියල දාපු පෝස්ට් එකක්.
      මම නොදන්න වැයි අම්බන්තොට ගුවන් යානා/නැව් ගැන.....

      Delete
  3. බුදු අම්මෝ, මෙන්න බොලේ ඇන්. ජී. ඕ. කාරයෙක්. ඩොලර් කාක්කෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය විදියට කෑ ගහන කට්ටිය කෑ ගහන්නෙත් ඩොලර් වලට තමා, ;)

      Delete
  4. ඔය පැත්තේ තියෙනවළු ගෙවල් වහලවල් නැති. ඒ අය ආධාර දෙන්න එනකොට ඒ ගෙවල් වල ඉන්නවලු. ආධාර අරගෙන නියම ගෙට යනවළු. කවදාවත් අර ගේ සම්පූර්ණ කරන්නේ නැතිලු. මට කිව්වෙත් එන්.ජී.ඕ. එකක කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. සුනාමි කාලේ එන් ජි ඕ වලට හිතාගන්න බැරි සල්ලියක් ආවා. ඒ ආව සල්ලි වලින් මිනිස්සු අතට ගියේ ටිකයි. ඔය කියන සිද්දි උනෙත් ඒ කාලේ මම හිතන හැටියට. අපේ ව්‍යාපෘති නම් ඔක්කොම වගේ යන්නේ ළමුන් අරමුණු කරගෙන නිසා ගෙවල් හදන්න ආධාර දෙන ඒවා වගේ වැඩ ගොඩක් අඩුයි.
      ඒත් මම අපේ ව්‍යාපෘති වලත් දැකලා තියෙනවා මෙහෙම දෙයක්.
      සනීපාරක්ෂක පහසුකම් සඳහා අපි එක පවුලකට වැසිකිලියක් හදලා දුන්නා කියමු. අර මිනිස්සු ඒ වැසිකිලියට බල්බ් එකක් දාගන්න රුපියල් 75 ක් වියදම් කරන්නවත් කැමති නෑ. ඒ බල්බ් එක ඉල්ලන්න එන්නෙත් අපෙන්. :/

      Delete
  5. ඒ පැත්ත සංවර්ධනය වෙනවා උණාට අගනුවර වගේ තත්ත්වයක් දක්වා ගේන්න නම් ලේසි වෙන්නේ නැතිවෙයි තව කාලයක් යනකල්.

    ReplyDelete
  6. මම මේ අපේ රට යන විදියට කැමති නෑ....

    ReplyDelete
    Replies
    1. කැමති නැහැ කිය කියා ඔයාලම නෙ මෙයා,
      මෙයාලට කතිර ගසන්නෙ.

      Delete
  7. නිකං දෙන එකනං හොඳ දෙයක් නෙමෙයි තමයි. ඒ දෙන ඒවට හරියන්න ඒ මිනිස්සුංගෙනුත් මොකක් හරි වැඩක් ගන්න ඕන.

    ReplyDelete
  8. අනිවා නැව් නම් එනව. නෑ මං දාන්ට ආපු කමෙන්ට් එක නොදා ඉන්ට හිතාගත්ත.

    ReplyDelete
  9. මෙන්න තවත් ඇන් ජී ඕ කාරයෙක්

    ReplyDelete
  10. ඈ..ඔන්න මම දන්නේ නෑ...සුදු වෑන් එකකින් ඇවිත් උඹව උස්සන් යයි...අපිට බකන් නිලන් ඉන්ඩ වෙන්නේ...කෑ නොගහ හිටු...පවු දෙසපාලුවන්ට ඇහෙයි...

    ReplyDelete
  11. මං විශ්වාස කරන්නෙ නැහැ ඔය පැත්ත සංවර්ධනය වෙයි කියලා..
    මොකද කර්මාන්ත කාරයො ඔය පැත්තට ඇවිත් නැහැ.ආන්ඩුවෙන් ගහන හුලං ටික ඉවර වුනාම ඔය තියෙන පිම්බුන ගතිය ඉබේ නැතිවෙල යයි..

    ReplyDelete
  12. වැව් වගේද නැව් නේද? ට්‍රේන්ස් වගේද ප්ලේන්ස් කිව්වාලු.

    ReplyDelete
  13. මේක කොහෙත් වෙන දේ! මිනිස්සු බලන්නේ නිකම් දෙන දේ විතරක් කාල ඉන්න. ඒකත් කාබාසිනියා කරන එක තමා වැඩේ!

    ReplyDelete
  14. නිකං දෙනකොට ඒකෙ අගයක් නෑ :(

    ReplyDelete