Sunday, July 28, 2013

ඔබටත් ජනප්‍රිය බ්ලොග් තරුවක් විමට අවශ්‍යද?

දන්නෙම නැතුව බොග කොටන්න පටං අරන් අවුරුදු  දෙකකුත් ඉවර වෙලාය. හිතට දුක අවරුදු දෙකක් බොග දමලාත් තවමත් පෝස්ට් සියක් දමා ගන්නට බැරි උන එක ගැනය. පහුගිය ලියපු එව්වා බලාගෙන යනකොට වැඩිපුරම ලියලා තියෙන්නේත් බයිලා නිසා ඒක නම් එච්චර අවුලක් නැත. ඒ ලියු බයිලා පෝස්ට් අතරිනුත්  බ්ලොග් ලෝකයට පැමිණෙන  හුදී ජන හිත සුව පිණිස  කෙටූ පෝස්ටුව සහ සිංහල බ්ලොග් අවකාශය එදා සිට අද දක්වා  පැමිණි ගමන් මග පිලිබදව ලියු ලිපි වලට අදටත් දවසකට දෙතුන් දෙනෙක් පැමිණෙනු දැකීමද සතුටකි. අප බ්ලොග් ලියන්නේ ආත්ම තෘප්තියක් පිණිස මිස මුදල් හෝ යම් කිසි වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. සිංහල බ්ලොග් කෙරුවාවෙන් උපයනවා නම් උපයන්නේ හිට්ස් කමෙන්ට්ස් වැනිදේ සහ ආත්ම තෘප්තිය පමණකි.

අද මේ පෝස්ටුව ලිය වෙන්නේ ගෙවුණු අවුරුදු දෙක තුල බ්ලොග් අවකාශයේ අහන්න දකින්න ලැබුණු එව්වාගෙන් ලබාගත් අත්දැකීමෙනි. ඒ සිංහල බ්ලොග් අවකාශයේ සිටිනා විට උපයන එකම ආදායම වන හිට්ස් කමෙන්ට්ස් වැඩි කරගන්නා හැටි නොහොත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් කරුවකු/ බ්ලොග් කාරිනියක විමට උපයෝගී කරගත හැකි මාර්ග  කිහිපයක් ගැනය. 


(මෙම උපදෙස් සිංහල බ්ලොග් අවකාශය සදහා පමණක් වලංගු වන උපදෙස් පමණක් බව කරුණාවෙන් සලකන්න )



තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම සිංහල බ්ලොග් අවකාශයට දිනපතා බොහෝ දෙනා පැමිණේ. එම ප්‍රමාණය දිනපතාම ඉහල යනවා මිස අඩුවක් වන්නේ නැත. අපට ඒ අය ප්‍රධාන වශයෙන් පහත පරිදි හදුනා ගත හැක.


01. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවා කමෙන්ට්ස් දමන අය.


02. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියත් අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවන කමෙන්ට්ස් නොදමන අය.  


03.බ්ලොගර් /ගුගල් ප්‍රොෆයිල් එකක් හිමි නමුත් දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන නොයන මුත් බ්ලොග් කියවන වැටෙන පෝස්ට් සදහා තම ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට්ස් දමන අය.


04.බ්ලොග් ලියන කියවන නමුත් තම අනන්‍යතාවය සඟවා කමෙන්ට්ස් දමන අය (ඇනෝ)


05.බ්ලොග් කියවීම පමණක් කරන අය.


06. වෙනත් 


ඉහත සදහන් කල කුමන අය තම බ්ලොග් අඩවියට පැමිණියද තමන්ගේ බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරේ ඉහල යනු ඇත. නමුත් නම කියූ පමණින් බ්ලොග් අවකාශයම දන්නා හදුනන  ජනප්‍රිය බ්ලොග් කරුවකු විමට එය ප්‍රමාණවත් නැත. ඒ සඳහා කල යුතු බොහෝ දේ තිබේ. 

01. ඔබ බ්ලොග් අඩවියක් ආරම්භ කිරිමට අදහස් කරන්නේද?


එසේ නම්  ඔබ මුලින්ම අන්වර්ථ නාමයකින් හෝ තමන් අනාගතයේදී බ්ලොග් ලොවට පිවිසිමට අදහස් කරන නමින් ප්‍රොෆයිල් එකක් හදා ගත යුතුය.  


(එකකට වඩා ඇති නම් එයද වාසිදායකය. නමුත් වැඩේ අල කර නොගැනිමට තමන් වග බලාගත යුතුය)


දැන් ඔබට එසේ සාදා ගත් ප්‍රො‍ෆයිල් එක භාවිතා කර අන් අයගේ බ්ලොග් ‍ෆලෝ කිරීම කමෙන්ට්ස් දැමීම දැන් ඔබට ආරම්භ කල හැකිය. 


ඔබට උවමනා ආකාරයට ඔබේ අදහස් කමෙන්ට්ස් මගින් ඉදිරිපත් කරන්න. මත ගැටුම් ඇති කර ගන්න. එවන් අවස්ථා වලදී ඔබට ඔබ සතුව ඇති අනෙකුත් ප්‍රොෆයිල් ද භාවිතා කර ඔබගේ මතය අන් අය වෙත රැගෙන යාමට හැකියාව ඇත.


උදාහරණයක් ලෙස,

ඔබේ නම සුනිමල් නම් ඔබ යම් බ්ලොගයක 

"සුනිමල් වන මට ඔලුවක් නැත" 


යනුවෙන් කමෙන්ටුවක් දැමුවා යයි සිතන්න. ඔබට ඔලුවක් තිබෙන බව ඔබට ප්‍රතිවිරුද්ද අදහස් කරන අය පවසනු ඇත. නොසැලෙන්න. ඔබේ අනිත් ප්‍රොෆයිල් වල සහයද ලබා ගන්න. ඒවායින් ලොග් වී ඔබට ඔලුවක් නැති බවට තර්ක කරන්න. අසභ්‍ය වදන් භාවිතා කර හෝ ඔබට හිමි සෑම ප්‍රො‍ෆයිල් එකකින්ම ලොග් වී ඔබට ඔලුවක් නැති බව අන් අයට පැහැදිලි කර දෙන්න. සුනිමල් යන නම අන් සියලු දෙනාගේ මතකයේ කාලාන්තරයක් රැදෙනු ඇත ^_^ 


නිතරම තමන්ට අන් අයගෙන් තර්ජන ඇති බව පෙන්වීමට උත්සාහ කිරීම තුලින්ද ඔබට අන් අයගේ අවධානය දිනාගැනීමේ හැකියාව ඇත. උවමනා නම් ඒ සදහා ඔබටම  හිමි වෙනත් බ්ලොගර් ප්‍රොෆයිල් එකක් භාවිතා කිරීමේ හැකියාව ඇත. (නමුත් වැඩේ අල කර නොගැනීමේ වගකීම ඇත්තේ ඔබ සතුවය.) ඒ ප්‍රොෆයිල් එක භාවිතයෙන් වෙනත් බ්ලොග් අඩවියක් ආරම්භ කර ඔබ ඔබටම පහර ගසන්න.


උදාහරණයක් ලෙස ඔබට ජනප්‍රිය කරගත යුතුව ඇති ප්‍රොෆයිලය  සුනිමල් නම් ඔබගේ අනිත් ප්‍රොෆයිලය සිරිසේන නම් 


සිරිසේන ප්‍රොෆයිලයෙන් මඩ බ්ලොග් අඩවියක් ආරම්භ කර සුනිමල්ට ඇති වනතුරු පහර ගසන්න. ඕනෑම තර්ජනයක් කරන්න. සිනි ඇති තැනට කුහුඹුවන් පැමිණෙන්නා සේ වලියක් ඇති තැනට අනිවාර්යයෙන්ම බ්ලොග් කරුවන් පැමිණෙන ආකාරය ඔබට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයින් නොනවතින්න. ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතයෙන් සුනිමල්ගේ ගිනුමින් ලොග් වී සිරිසේනගෙන් ඔබට තර්ජන ඇති බව ලෝකයට පවසන්න. බ්ලොග් ලොවින්ම අනුකම්පාව ඔබට ලැබෙන අතර වලිය ඇවිලවිමට සහ සමාදාන කිරීමට කමෙන්ටු සිය ගණනින් වැටෙනු ඇත. ඒ අතර ඇනෝ පහසුකම භාවිතයෙන් ඔබටම තව තවත් ගින්න ඇවිලවීමේ හැකියාවද ඇති නිසා  කාලාන්තරයක් යනතුරු ඔබට හිට්ස් කමෙන්ට්ස් වලින් අඩුපාඩුවක් නොවනු ඇත. 


‍මේ ආකාරයෙන්ම ෆේස්බුක් ගිණුම් කිහිපයක් භාවිතා කිරීම තුලින් ඔබට අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබේ. ඔබ බ්ලොග් කාරිනියක් නම් ඒ ආකර්ෂණය දෙගුණ තෙගුණ වනු ඇත.

යම් කිසිවකු ඔබට බැන්නා හෝ නොබැන්නා තර්ජනය කළා හෝ නොකලා හෝ ඔබට තර්ජන ඇති බව අන් අයට පවසන්න. තවත් එම තර්ජන ඔප්පු කර පෙන්විමටද අවශ්‍ය නම් ඔබට හිමි ‍ෆේස් බුක් ‍ෆේක් ගිණුම් තුලින් ඔබේ ගිණුමට හොද හැටි බනින්න. තර්ජනය කරන්න. එහි ස්ක්‍රීන් ෂොට් ගෙන අසභ්‍ය වදන් එඩිට් කර හැකිතාක් අහල පහල සිටිනා මිතුරු මිතුරියන් වෙත ටැග් කරන්න. අනිවාර්යයෙන් ඔබට ඔවුන්ගේ අනුකම්පාව හිමිවනු ඇත. ඔවුන් ඔබ ගැන කතා කරන හැම වාරයකදීම ඔබේ  ජනප්‍රියත්වය ඉහල යනු ඇත.

කාලයක් තිස්සේ බ්ලොග් වලට කමෙන්ට් කිරීම තුලින් බ්ලොග් ලෝකය හදුනා ගෙන පසු කාලීනව බ්ලොග් ලෝකයට පැමිණි බොහෝ දෙනා සිටියි. ඒ අතරින් අපේ ආදරණිය ඔබා මාමා අමතක කල නොහැකිම චරිතයකි. ඒ ආකාරයෙන් බ්ලොග් ලොවට පැමිනි පහු ගිය දවස් වල අවුරුදු දෙක පහු කරපු අපේ ලට පට Praසන්ன ගෙ ලොවෙත් නැති බ්ලොගය ඔහු කමෙන්ට්ස් වලින් ලබාගත්  ජනප්‍රියත්වයයි. 


කමෙන්ට්ස් මගින් හෝ බ්ලොග් වලි මගින් බ්ලොග් ලියන කියවන පිරිස අතර නමක් සාදා ගැනීමට හැකිය. නමුත් ජනප්‍රිය බ්ලොග් කරුවකු කාරිනියක වීමට එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත.

ඒ සදහා කල හැකි හොදම දෙය වන්නේ ඔබටම කියා සෙට් එකක් සාදා ගැනීමයි. සෙට් සංකල්පය යනු බ්ලොග් ලොවට අද ඊයේ පැමිණි දෙයක් නොවේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වූ දින සිට පොර, කබ්බෝ දක්වාම පැවති එතනින් නතර නොවී අනාගතයටත් පවතින්නකි. එම නිසා දැනට පවතින සෙට් එකකට හෝ තමාගේම සෙට් එකක් නිර්මාණය කර ගැනීම මගින් තම සෙට් එකේ පිරිස හෝ බ්ලොග් අඩවියට කමෙන්ට් දමනු ඇත.
බ්ලොග් සුහද හමු වලට, සයිබර් සැණකෙළියට සහභාගී වීම, විනෝද ගමන් යාම, විවිද ඉවෙන්ට් වලට සහභාගී වීම තුලින් බ්ලොග් ලොවේ දිදුලන තරුවක් වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ලියන ලිපියේ වර්ගය අනුව ලැබෙන කමෙන්ටු හිට්ස් ප්‍රමාණය අඩු වැඩි වනු ඇත. වර්තමාන සිංහල බ්ලොග් අවකාශයේ වැඩිම හිට්ස් ලැබෙන ලිපි පහත මාතෘකා යටතේ ලියවුනු ඒවා බව බ්ලොග් අවකාශයේ සැරිසැරීමේදී දැකිය හැක.


01. බ්ලොග් අඩවි පිලිබදව සහ බ්ලොග් කරුවන් සම්බන්ධ මඩ


02. 18 + ලේබලය යටතේ ලියවුනු ලිංගිකත්වය සම්බන්ධ කවි කතා ලිපි 

03. ආදරය/ ගොසිප්/ ප්‍රවෘත්ති 

04.තාක්ෂණික  හා වෙනත් 

මේ අයුරින් වැඩි ජනප්‍රියතාවක් ඇති වර්ගයක පෝස්ට් පල කිරීම තුලින්ද බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරය කරකවෙනු ඇත. මුහුණට මොන මොනවා කිව්වත් බහුතරයක් දෙනා අන් කෙනෙකුගේ බ්ලොග් අඩවියක කමෙන්ටු දමන්නේ ඔහුගේ හෝ ඇයගේ බ්ලොග් අඩවියේ අනෙකා කමෙන්ටුවක් දමන්නේ නම් පමණකි. ඔබ ඔබේ බ්ලොග් අඩවියට කමෙන්ටු බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන් අනෙකාගේ බ්ලොගය කියවුවද නැතද අනිවාර්යයෙන් කමෙන්ටුවක් දැමිය යුතුය. නැතහොත් අනෙකා ඔබගේ බ්ලොගය කියවුවද සද්ද නැතුවම යනු ඇත. බ්ලොග් අවකාශයේ කමෙන්ටු ලැබෙන්නේ දමන තරමටය. ඔබ අන් අයට සලකන තරමටම අන් අයද ඔබට සලකනු ඇත. මන්ද ලාංකීය බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවන බහුතරයක් දෙනාට බ්ලොග් අඩවියක් හිමිව ඇත. 


දැමිමට කමෙන්ටුවක් සිතට නො එන්නෙම නම් අපගේ අඩවි රජාගේ වැකිය වැනි //සුභ වේවා රාජ සම්පත් ලැබේවා // වැනි ඔබගේම වැකියක් නිර්මාණය කර ගන්න. බ්ලොග් අඩවිය කියෙව්වද නැති වුවද ඔබ බ්ලොග් අඩවියට පැමිණි ඇති බව තහවුරු වන බැවින් කමෙන්ටුවේ ණය ගෙවිමට හෝ ඔවුන්ද ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනු ඇත 

(උදාහරණයක් ලෙස 
 //සුභ වේවා රාජ සම්පත් ලැබේවා //  වැකිය ගත්තේ රජා බ්ලොග් නොකියවා කමෙන්ට් කරනවා කිමට නොව සැවොම දන්නා වාක්‍යක් නිසා බව කරුණාවෙන් සලකන්න) 


බ්ලොග් අඩවිය ජනප්‍රිය කර ගැනීම සදහා තවත් ක්‍රමෝපායන් බොහොමයක් තිබේ. නමුත් තමන්ගේ සිතුවිලි මතින් තමන්ගේම අදහසක් නිර්මාණයක් ඉදිරිපත් කර ලබන සුළු හිට්ස් ප්‍රමාණය කමෙන්ට්ස් ප්‍රමාණය වංචාවෙන් ලබාගන්නා දහසින් බැදී කමෙන්ටු වලට වඩා සිය දහස් වරක් වටි.

ජනප්‍රියත්වය සදහා මොනවා කලත් තමන්ගේ ක්‍රියා කලාපය පිලිබදව තමන්ට වඩා දන්නා කෙනෙක් නැත. තමන් පිළිබද හොද හෝ නරක ප්‍රතිරූපයක් සමාජය තුල කෘතිමව නිර්මාණය කල හැකි වුවත් ඒ සියල්ලම තාවකාලික වේ. එසේ කෘතිමව නිර්මාණය කරගත් ජනප්‍රියත්වයන් එක්වරම පිම්බි විත් කෙටි කාලීනව විනාශ වී යන ආකාරය පසුගිය දිනවල දකින්නට ලැබිණි. බ්ලොග් අවකාශයට පමණක් නොව සමස්ත සමාජයටම එය එසේමය. කෘතිමව නිර්මාණය කරගන්නා ජනප්‍රියත්වය කෙටි කලකින්ම අප්‍රිය වී ඔබ නැත්තටම නැති වීමටද හැකියාව ඇත.    



87 comments:

  1. මේ වගේ ලිපියක් ලියන එකත් ඉතින් ජනප්‍රිය භාවය ලබාගන්න උප්පරවැට්ටි තමයි....

    ReplyDelete
    Replies
    1. නැත්තම් ඉතින් කට්ටිය දාගෙන බ්ලොග් ලියන්නේ අල කන්නද ඇනෝ :P

      Delete
    2. උදාහරණයක් ලෙස //සුභ වේවා රාජ සම්පත් ලැබේවා // වැකිය ගත්තේ රජා බ්ලොග් නොකියවා කමෙන්ට් කරනවා කිමට නොව සැවොම දන්නා වාක්‍යක් නිසා බව කරුණාවෙන් සලකන්න

      ඒ උනාට ඕක තමා බං වෙන්නේ... නොකියවා මාරු වෙමි!!!

      Delete
  2. හලේ........ බ්ලොග් ඕපන් වෙන්නැතුව තිබ්බා අප්පා,, හැබැයි මගේ බ්ලොග් එක තවම නෑ :/

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට ඒකත් අයි හලේ :)

      Delete
    2. අර ඕපන් වෙන්නෙ.. :D

      Delete
    3. ඔයාලට ඔපන් වෙනවා, මට ඔපන් වුනේ නෑ මගේ බ්ලොග් එකවත්, අද හරි.. ^_^

      Delete
    4. ඕව හදන්න අර නොහික්මුණු කොලුවා දක්ෂයානේ දරුවෝ.

      Delete
  3. හිටපන්කො එහෙමවත් කරල බලන්න.. :D

    ReplyDelete
    Replies
    1. එහෙම කල අයට සාර්ථක ප්‍රතිපල තිබේ ;)

      Delete
  4. මගෙ කමෙන්ට් එක දැන් සුළු මොහොතකට පෙර ස්පෑම් විය...

    ReplyDelete
  5. සුභ වේවා තරියාගේ ආශිර්වාදය ලැබේවා...

    එනිවේ මටත් මරණ තර්ජන තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අඩෝ උබට ඔළුවක් නෑ නේ...

      Delete
    2. අනුෂ්කා ශෙට්ටිJuly 28, 2013 at 11:59 PM

      මගේ වස්තුවට බයින්න එපා ඩෝ...
      ගහනවා උස්සලා පොලේ...

      Delete
    3. කෝමද මං පෝස්ට් එකෙං දෙයක් ඉගෙනගෙන නේ????? =D

      Delete
    4. උඹටයි අනුස්කාටයි රෙපාගේම පිහිටයි ආරස්සාවයි තරියෝ. ;)

      උගතමනා සිල්පයමයි මතු රැකෙනා :P

      Delete
    5. අනේ රෙපෝ පිස්ෂු.. දැන් මතු රැකෙනා ශිල්පයමයි උගතමනා..

      Delete
    6. පච කෙලිම හොරකම වගේ එව්වද ;)

      Delete
  6. ගෙවුණු අවුරුදු දෙකට සුභ පැතුම්..... තව කාලයක් ඉන්න ලැබේවා.....

    ReplyDelete
  7. අඩෝ හිට්ස් කවුන්ටරේට වහ වැටෙන්න ඔඳ නෑ අයියො,ඔඳම නෑ!!අව්ව්ව්!

    ReplyDelete
    Replies
    1. ඒකටයි කමෙන්ටුවටයි ඇර වෙන මොකකට වහ වැටෙන්නද බං මේකේ ;)

      Delete
  8. දෙවසරක ගමනට සුභ පැතුම්

    ReplyDelete
  9. PUKA, CHOO, PADA, JEE, JOKKU WAGE TOPICS WALIN LIYANNA HONDA NEDDA?

    ReplyDelete
    Replies
    1. ලිංගිකත්වය සම්බන්ධ කවි කතා කියලා කිව්වේ එව්වට තමයි ඇනෝ ;)

      Delete
  10. සෙල්ලන්ද කොල්ලෝ

    ReplyDelete
  11. රජා ආවොත් නං ඔයා ඉවරයි රෙපෝ... හි හි...

    ඉඳලා ඉඳලා මෙයාටත් හිතෙන දේවල්....

    ReplyDelete
    Replies
    1. රජා නම් තවම ඇවිත් නැහැ වගේ. උදහස් වෙලා අහිංසක රෙපාගේ හිස ගසා දමයිද දන්නෙත් නැහැ. :/

      Delete
    2. ආවා ඩෝ..... ඇත්ත කියලා තියෙන හින්දා මොකුත් කියන්නෑ!

      Delete
  12. මම නම් කියන්නේ මචෝ... අර මාකටින් මෙතඩ් එක ඇප්ලයි කරන කාලේ.. ( ඒ කියන්නේ. ෆේක් ප්‍රෝෆයිල් හදාගෙන, එක එකාට කොමෙන්ට්ස් දදා, ෆේමස් වෙන්න ගත කරන කාළය. කෙලින්ම බ්ලොග් එක ලියන්න යෙදෙව්වනම් තමා වටින්නේ. මොකද අද ලියන්න ඕන දේ අද ලිවිය යුතු නිසා.)

    උඹලා අපි පටන් ගත්තෙ එහෙමනේ... ඊට පස්සෙ නම් අර මෙතඩ් ඇප්ලයි කරාට ගානක් නෑ... ඒත් අවංකව කියන්නේ, ඒ කාළේ මෙහෙම මාකටින් ඇඩ්වයිස් දෙන්න වත් එකෙක් උන්නේ නෑ. ඒ කාළේ බ්ලොග් හිට් උනේ, "කතා" (Kathandara Karaya), "දුකා" (Duka), මාරේ (මාරයා), "ම", කොමෙන්ට් එකක් දැම්ම නම්.

    "ටැබූගේ" (Taboo Subject), කොමෙන්ට් එකක් වැටුනා කියන්නේ, බඩුම තමයි. ඒ කියන්නේ බ්ලොග් එකට පිලිගැනීමක් ඇති වෙනවා. අපි මචෝ බ්ලොග් තියා සින්ඩි කියන්නේ මොනවද කියලවත් දැනගෙන නෙමෙයි පටන් ගත්තේ. සින්ඩි වලිනුයි අපිට ආරාධනා කලේ ඒවල එල්ලන්න කියලා.

    මගේ නම් අදහස... බාල බඩුවේ, හිලක් තියෙනවා. කොලිටි බඩු, ඇඩ් නැතුවත් විකිනෙනවා. කේල්ලකට උපමා කලත් අවුලක් නෑ.

    සුභ පැතුම් රෙපා....!!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මාතලන් අයියා. ඇත්තම කියනවා නම් මගේ බ්ලොගේත් මේක ගැන ගැම්මක් ඇතිවෙන්න ටිකක් හරි කමෙන්ට්ස් වැටෙන්න ගත්තේ ගාල්ලේ ගෙට් එකට ගියාට පස්සේ. ඊට කලින් ඔහේ ලියනවා විතරයි. කියවන්න එකෙක් නැහැ. මාකටින් වලින් ඕනෑම එකක් පුම්බලා පෙන්නන්න පුළුවන්. ඒත් ඒක පිම්බිල්ලක් විතරම නම් බැලුමක් වගේ ඉක්මනටම හුලං බහිනවා. පහු ගිය කාලේ මේකේ ඔය විදියට බොරුවට පුම්බන්න ගිය ගොඩ දෙනෙකුටත් උනේ ඒක. අද එහෙම අය හිටියද කියලා කිසිම කෙනෙකුගේ මතකයේවත් නැහැ :/
      බොහොම ස්තුතියි සුභ පැතුමට :)

      Delete
  13. වසර දෙකට සුභපැතුම්..

    ReplyDelete
  14. අවුරුදු දෙකට සුබ පැතුම්, තව ඉදිරියටත් ලියන්න හැකියාව ලැබේවා !

    කවුද අර 'ලට පට Praසන්ன ගෙ ලොවෙත් නැති බ්ලොගය' ලියන එකා. ඌට ඔලුවක් නැද්ද දන්නෑ.

    ReplyDelete
  15. මම නං අර මුලින් කියපු පෝස්ට් ඒකට් නිතරම එනවා ලින්ක් දාන හැටි බලා ගන්න

    ReplyDelete
  16. කාලෙකට කලිං ජෝන් බාස් ලියපු මේ ලිපියත් කියවන්න

    ReplyDelete
    Replies
    1. දැන් ලැට් එකක් දාගෙන හිටියට ඔය මනුස්සයා වඩුමඩුව කරන කාලේ අපිත් ඕවා කියෝපු නිසානේ අද කාලේ වෙන ඒවත් එක්ක මෙව්වා ලිව්වේ :)

      Delete
  17. දෙකට සුභ පැතුම්!!!! මෙන්න කතාව!

    ReplyDelete
  18. මෙහෙමයි බං හෙඩිම දාන්න තිබ්බේ. අනාගත බොගකරුවෙක් වෙන්න දැම්ම සෙට් වෙන්න කියලා. හැබෑට උඹ ඕවා කලින් කිව්ව නං මාත් අවුරුදු දෙකක් විතර කාල් ගානවා නෙව. අපරාදේ ඕයි 2008 එකවුන්ට් එක හදල 2012 වෙනකං නිකං හිටියේ.. රාජකීය කතාව..

    ReplyDelete
    Replies
    1. අනාගත බ්ලොග් කරුවන්ට විතරක් නෙවෙයි. දැනට ලියන උන්ටත් මේවා ඇප්ලයි කරන්න පුළුවන්. ලකා, අහිංසක කබ්බා වගේ අලුත් නමකින් පටන් ගනිං ;)

      Delete
  19. කාල වරෙන්කො... හා රෙපෝ හා..... අර මඩ සිං එක ඇත්ත නේ.. බලන් යනකොට එක පේනවා... අනික් එක set කතාව එකත් හැබෑව...

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම මේකේ ඇත්තටම සිද්ද වෙන එව්වා තමයි බං ;)

      Delete
  20. අනං මනං ටැක්නිකොල් වැඩ නොදන්න, මොකක් හරි හිතෙන දෙයක් ලියන ,ෂේප් එකයි පාරයි-ටෝච් එකයි පොල්ලයි,ජාතියේ බුවාලත් ඉන්නවානේ නේද?

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹත් එලෙසමද?

      Delete
    2. අපි වගේ හොද ළමයි නේද මාතලන් අයියා :)

      Delete
  21. දෙවසරට මගේ සුභ පැතුම් ඔබට..!!
    උපදෙස් ටික අලුතෙන් එන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
    ලිපියට වගේම අදාල ලිපියට දමන කොමන්ට් වලටත් සමහරු වචනයක්/සලකුණක් දමන අයත් සිටිනව.

    ReplyDelete
  22. මේන්න මේ උපදේස් රෙප් මහත්තුරුන්ගෙන්ම පමණයි.. රෙපෝ දෙවසරට සුබ පැතුම්...රෙප්....

    ReplyDelete
    Replies
    1. රෙපාට කලින් ජෝන් බාසුත් උපදෙස් ටිකක් දීලා තිබුනා. අපිත් ජෝන් බාස්ගේ ගෝලයෝ. බොහොම ස්තුතියි නලින් අයියා. :)

      Delete
  23. සුභ පැතුම්..

    උබ කලිනුත් බ්ලොග් වලින් ගොඩ යන විදිහ ලිව්වා නේද? :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      මොන ගොඩ යාමක්ද බං ;)

      Delete
  24. අවුරුදු දෙකක්ද දෑන්.එහෙනම් සුභ පෑතුම්.උබ ඉතින් මාකටින් පොරනෙ.ඔන්න කටිටිය ට්‍රයි කරල බලන්න.කාටහරි කියල පලු යන්න බෑන ගත්තත් හරි නේ

    ReplyDelete
    Replies
    1. බැනුම් අහන තරමට තමයි අනුකම්පා හිට්ස් කමෙන්ට්ස් ;)

      Delete
  25. අවුරුදු දෙකට සුභ පැතුම් රෙපෝ...

    ReplyDelete
  26. සික්.. මේකද බං ඊයේ ඔයා වහන්සේ ටයිප් කොරනවා කිව්වේ.. :p කාල වරෙන්කො.. පට්ට කියන්නේ නැහැ. වැඩක්ම නෑ ...

    බිලක් ගහලා අනේ උඹවත් විකුණා ගන්න ඇත්නම් කියලා හෙතෙනවා. :3 අඃ... මේ .. ! අවුරුදු දෙකයි නේ.. සුබ පැතුම්... තවත් බොහෝ දේ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා... !

    මොනා හරි කේස් එකක් ගියොත් ( අර වලි ද මොනාද එව්වා ) බල ඔරලෝසුවයි - බොර දියක ඉඳුවර යි ගුටි කන්න ලැහැස්තියි ඈ.. :3

    ReplyDelete
    Replies
    1. අපි ඔය වලියෙන් තොර සොමියට බර ෂේප් එකේ ඉන්න මිනිස්සුනේ බං ;)

      Delete
  27. දෙකට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජෝ ;) රාජ සම්පත් ඩබල් ත්‍රිබල් වේවා !!

      Delete
  28. *කිසි දිනෙක comments අපේක්ෂාවෙන් තමන්ගේ බ්ලොග් එකට පොස්ට් ලියන්නට එපා.
    *ඒ වගේම තමන්ගේ ලිපි වල හොද අන්තර්ගතයක් තිබිය යුතුයි.
    *කිසි විටෙකවත් අහංකාර වෙන්න එපා.
    *අනෙක් බ්ලොගර්ස් ලත් සමග සුහදත්වයක් ඇතිකරගන්න. තමන්ට හැකි පමණින් ඔවුනටත් උදවු කරන්න.

    ඉහත කරුණු ඔබ අනුගමනය කලෝතින් ඔබත් දිනෙක සාර්ථක බ්ලොග් කරුවෙකු වෙනවා නොඅනුමානයි. ජය!

    ReplyDelete
    Replies
    1. සාර්ථක බ්ලොග්කරුවකු වීම සහ අද කාලයේ ජනප්‍රිය බ්ලොග් කරුවකු වීම කියන්නේ අහසයි පොලවයි වගේ දෙකක්ද මංදා :)

      බොහොම ස්තුතියි අදහසට...:)

      Delete
  29. බුද්ධි අයිය කියල තියෙන දේවල් වලට එකඟයි....! මේ ලෝකෙ ඉතින් වෙන්න ඕනෙ දේ නෙමේනෙ හුඟක් වෙලාවට වෙන්නෙ නොවිය යුතු දේනේ.....

    කවදාවත් කොමෙන්ට්ස් ඉල්ලල අඬලත් නෑ, පස්සෙන් ගිහිල්ලත් නෑ, මගෙ බ්ලොග් එක අඩුම ගානෙ කිසිම සින්ඩියකට දැම්මෙත් නෑ.... එකම එක සින්ඩියකින් ආරාධනයක් ආව.. ඒකෙනුත් මාව අයින් කරන්නකිව්ව කරලද දන්නෙ නැහැ..... මට බ්ලොග් බැලෙන්නෙ නැති නිසා ඉස්සර වගේ කොමෙන්ට්ස් වැටෙන්නෙත් නෑ... ඒවුනාට අවාරෙට අඹ වැටෙනව වගේ ඉඳල හිටල ආසාවට පෝස්ට් එකක් දානව... කොමෙන්ට්ස් තිබ්බත් නැතත් මං මගේ බ්ලොග් එකට ආදරෙයි....මම ලියන්න පටන් අරන් අවුරුදු තුනක් වෙනව මේ අවුරුද්දට....

    අවුරුදු දෙකට සුභ පැතුම්.....^_^

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේවාට අපි මොනවා කියන්නද නේද? වැහි වලා කරන්න ඉරි තලා වලට බ්ලොග් එක හරි තියෙන එක ලොකු දෙයක්!

      Delete
    2. හ්ම්ම් හැම දේම කරන්න ඕනේ ආසාවෙන් තමයි. ස්තුතියි අග්නියෝ

      Delete
  30. හත් අවුරුද්දකින් මොනවත් නොලිව්වත් මගෙ බ්ලොගේට නම් කට්ටිය එනව බං, ඒත් එන්නෙ බබාට නම් හොයන උන්. මුලින් මට දුකක් තිබුන මිනිස්සු රැවටිලා එන එක ගැන. ඒත් පොඩි එකාට නමක් හිතාගන්න බැරි ජාලෙ පිහිට පතන උන්ට හොද වැඩේ කියල නිකං ඉන්නව දැන් නම්.
    අඩේ ඒකත් මේකට එකතු කරපන්. ලිපියට කිසිම සම්භන්දයක් නැතත් මිනිස්සු වැඩියෙන්ම ගූගලේ හොයන වදන් ටොපික් එක විදිහට දැම්මම කට්ටිය එනව ධාතු බලන්න වගේ

    ReplyDelete
  31. බොග් කෙරුවාව ගැන කාරණා කාරණා කියාදෙන අපේ රෙප් ගොයියාට ජය පතමි....

    ReplyDelete
  32. මම නම් ඔය පෝස්ටුවම කියෙව්වා. සුදුමහත්තයා හරහා තමා මේ පැත්තට සේනුදු වුනේ. නිතර නේට් එක දාගෙන ඉන්න අය බ්ලොග් කියවන අතරේ ඔය ඩොලර් ටිකකකුත් උපයන්න උත්සාහ කරනවා නම් හොදයි ඈ...

    ReplyDelete
  33. අපිත් කියෙවුවා... ගත යුත්ත ගත්තා... ස්තුතියි...

    ReplyDelete
  34. ඈ...කමක් නැත්ද දන්නේ නෑ...ඔන්න කරදර කාරය ආව...වසල හමාරයි දැන් උඹ මගේ රෙපෝ....

    ReplyDelete
  35. මේ ඔක්කොම කරනවමයි අප්පා මම ආෆ්ටර් එකසෑම් :ඩී ඉදහල්ලකො මාත් ජන අප්පිරිය වෙනවා.. පස්සේ මිස් ස්‍රී ලන්කා ගියාම බොග් වල යාලුවෝ වත් මට එස් ඇම් ඇස් එවල මාව ජනප්පිරියම මෙව්ව එකෙන් දිනවයිනේ මොනා උනත් මතන් ඌරු මොටෝ..!!ෆට්ට වැදගත් අතිශයින් ප්‍රයෝජනවත් මෙව්ව එකක් මේකනම්

    ReplyDelete
  36. මේකට ඊ-මේල් ඇලර්ට් ඇවිල්ල තිබ්බත් පහුගිය කාලෙ කියවන්න වෙලාවක් තිබුණේ නෑ මොකවත්ම.. අදයි කියෙව්වේ..

    Sarcasm at its best!

    ReplyDelete
  37. තහනම් වචනය.
    බඩ වේවා.. දරු සම්පත් ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අවුලක් ද මල්ලි?

      Delete
  38. හොඳ උපදෙස් මාලාව. එතකොට ආචාර්‍යත් ඔහේගේ ගෝලයෙක්ද?

    ReplyDelete
  39. ගොඩක් වටින ලිපියක්..... ස්තුතියි

    ReplyDelete
  40. දේව වාක්‍ය ටිකක් මේ ලියලා තියෙන්නේ

    ReplyDelete