Tuesday, May 21, 2013

මුහුණු පොතේ ෆේක් මිතුරෝ

 මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් පවත්වා ගෙන යන ගිණුම් එහෙමත් නැත්තම් ෆේක් එකවුන්ට්ස් ගැන සමාජයේ තියෙන්නේ විවිධාකාර මත. එක එක්කෙනා මේ වගේ ෆේක් ගිණුම් නිර්මාණය කරන්නේ තම තමන්ට තියෙන විවිධාකාර අරමුණු ඉෂ්ට කරගන්න. ඒ අතරේ තමන්ගේ පාළුව කාන්සිය නැති කරගන්න වගේම විවිධ සමාජ විෂමාචාර කටයුතු වලට එන උදවියත් ඕන තරම්. ඒ අයට සමාජයේ තමන්ට තියෙන ප්‍රතිරූපයට කැළලක් ඇති කර නොගෙන තමන්ගේ අරමුණු  ඉෂ්ට කර ගන්න තියෙන පහසු මගක් බවට මුහුණු පොත එහෙමත් නැත්තම් ෆේස් බුක් ගුගල් ටුවිටර් වැනි සමාජ ජාලයන් මේ වෙන කොට පත් වෙලා ඉවරයි.

ඒත් දැන් මේ කතා කරන්න යන්නේ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි. මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් ගිණුම් පවත්වා ගෙන යන මිතුරන් පිරිසක් එකතු වෙලා කරන්න යන වැඩක් ගැන.  ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆේස් බුක් හා ජංගම දුරකථන වලින්ම පමණක් සංවිධානය කෙරුණු මහා අයිස් ක්‍රීම් දන්සල ..


මේ සදහා හැකියාවක් තියෙනවා නම් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.



මුදල් වලින් ආධාරයක් කරනවා නම්,

නම:- W.N.S.S. Fernando

ගිණුම් අංකය:- 10-2642-180-980

බැංකුව:- සම්පත් බැංකුව

ශාඛාව:- පානදුර

කියන එකට හරි 0777615332 නම්බරේට ez කෑෂ් කරන්න හරි 

පුළුවන්.


වැඩි විස්තර සඳහා 078-3862214 ගිණි කුකුළා සම්බන්ද 

කරගන්න


ඔබ ජිවත් වෙන්නේ කුරුනෑගල අවට ප්‍රදේශයක නම් එදාට 

අනිවාර්යෙන්ම සාරගම වැව ලගට ඇවිත් අයිස් කෑමෙන් හරි අපේ 

කොල්ලෝ කෙල්ලෝ සෙට්  එකට සහයෝගයක් දෙන්න පුළුවන්. 

ඔබ කුරුනෑගල ප්‍රදේශයේ කෙනෙක් නෙවෙයි නම් මෙන්න එතනට

එන මැප් එක 



කුරුනෑගල පුත්තලම් පාරේ සාරගම වැව ලග.

ඔයාලා එන්නේ බස් එකේ නම් කුරුනෑගල ටවුන් එකේ ඉදන් 

වාරියපොල, හංහමුණ, කටුපොත, කනෝටුව, කීණගස්පිටිය, 

තිත්තවැල්ල හරහා ගෝනගම.......... ඔය ඕනෙ බස් එකක එන්න 

පුලුවන්.


එහෙම නම් මෙතුවක් කාලයක් මුහුණු පොතෙන් අන්වර්ථ නාම වලින් 

හදුනාගෙන හිටපු ලෙන්ගතු යාළුවො ටිකක් හැබැහින් දැකගන්න. කතා 

කරන්න සතුටු වෙන්න. වෙසක් මාසේ 25 වෙනිදා (පුන් පෝයදාට 

පසු දින) උදෑසන 10 සිට කුරුණෑගල එන්න.




මුහුණු පොතේ ෆේක් මිතුරන් මිතුරුකම පිළිබඳව නිර්මාණය වූනු වීඩියෝවක් පහල ලින්කුවෙන් ගිහින්  බලන්න පුළුවන්.


යාළුවො අපි යාළුවො 

අවවාදයයි.

මැයි 25 උදෑසන 5.45 ට සහ 9 ට කොළඹ කොටුවෙන් කුරුනෑගල දෙසට පිටත් වන දුම්රිය මැදිරි වල ප්‍රවේශමෙන් ගමන් කරන්න. අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටින මිනිසුන් විසින් ඔබව රැවටීමට ඉඩ ඇත 

16 comments:

  1. ගොඩක් පින් සිද්ධ වෙනවා බන් මේ කරපු උදව්වට

    ReplyDelete
  2. තෑන්ක්ස් මචෝ

    ReplyDelete
  3. 078 34 51 340
    අති ගරු හොර කුකුළා
    .
    077 196 0 145
    අවලන් කටා (ආරච්චි බබිසේන)

    ReplyDelete
  4. එල වැඩක්. ඒත් අපි නම් දුර බැහැර නිසා එන්න නම් වෙන්නෙ නෑ මචෝ.

    ReplyDelete
    Replies
    1. මේක දැම්මෙත් වැඩේ කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට සපෝට් එකට තමයි මචෝ :)

      Delete
  5. එකවුන්ට් ෆේක් වුනාට වැඩේ ෆේක් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. අපිත් කාලෙකට කලින් බුකියේ හිටියේ ඔය ෆේක් බෝට්ටුවේ නේ. මේ අයට ඉතිං අපිත් සහයෝගයක් දෙන්න ඕන කියලා හිතුනා. මේ වැඩේ නම් ෆේක් නෙවෙයි :)

      Delete
  6. හොඳයි හොඳයි.
    ඒ උනාට කුරුණෑගල ඉඳල මෙච්චර දුර ගේන්න බෑනෙ අයිස් ක්‍රීම් දියවෙනවනෙ. :D

    ReplyDelete
  7. හොද වැඩවලට අපි කවදත් හෙල්ප් තමා රෙප් මහත්තයා..

    ReplyDelete
  8. අම්මටසිලි දැන් දනල් වලට සල්ලි එකතු කරන අලුත්ම ක්‍රමයද බ්ලොග් වලින් ඉල්ලන එක?
    සැක් මට අමතක වුනානේ ඕක.ලබනපාර මාත් ඔහොම සල්ලි එකතු කරනවා අපේ බත් දන්සලට!

    මේ තැපෑලෙන් අයිස්ක්‍රීම් එවන්න බැරිද?දුර වැඩියි බන් නැත්තම්.මෙහෙ ඉඳන් ඔහේ එනවා කියනේ අයිස්ක්‍රීම් කන්න! O_o

    ReplyDelete
  9. තැන්ක්ස් ඈ... අපි වෙනුවෙන් අපි.

    ReplyDelete
  10. අළුත් වැඩක්. එත් මුදල් අරවිදියට send කරද්දී සැකයක් උපදිනේ නැද්ද?.

    ReplyDelete
  11. ඒකෙත් හැටි ... :(

    මහා එපා කරපු එකෙක් ඕක මට කිව්වා. මම හිතුවේ නම වගේම ඕකත් Fake කියල :P

    ආයේ කුරුණෑගල මොකුත් තියෙනවනම් කල් ඇතුව කියන්න :D

    ReplyDelete