Wednesday, May 1, 2013

සයිබර් පුවත්

පපර පපර පං පං පපර පපර පං පපර පං පං පං

ටක් ටික් ටික් ටික්

ආයුබෝවන් මේ සයිබර් මඩ වාහිනී සේවයයි. මෙන්න ප්‍රවෘත්ති,

පුවත් සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ ....

මී මුර ප්‍රදේශයෙන් ආනයනය කරන ලද උසස්ම තත්වයේ අනර්ඝ කිතුල් රා දිවයින පුරා බෙදාහරින අබේපාල ඩිස්ට්‍රීබියුටර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
ඔබට රා බී වෙරි වීමට අවශ්‍ය නම් අදම ඇනවුම් කරන්න. අබේපාල ඩිස්ට්‍රිබියුටර්ස් කොට්ටාව, පන්නිපිටිය.


  මුලින්ම පුවත් සිරස්තල,

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්.

සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ.

තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා

බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින්

සවිස්තරාත්මක පුවත්

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ගතියක් ඇති වන බව නවතම පර්යේෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මේ අනර්ඝ සොයා ගැනීම සිදු කර ඇත්තේ පසු ගිය දිනක පවතී සයිබර් සිහින බක් මහ උළෙලට සහභාගී වූ බ්ලොග් කරුවන් පිරිසක් විසින්. බක් මහ උළෙල අවසන් වී සතියකටත් අධික කාලයක් ගත වී ඇති නමුත් කිසිදා මත් පැන් පානය නොකරන්නේ යයි පවසන ඔවුන් කිහිප දෙනෙකු තවමත් වෙරි මතින් පසු වීම මෙයට හොදම සාක්ෂියක්.



මිට අමතරව රෙඩ් බුල් පානය නිසා අධික ලෙස වෙරි වූ රං ගොජෙක් රුපියල් 240 කට වෙරි වීමට හැකියාව තිබියදීත් තම පරිබෝජනය උදෙසා රැගෙන ආ අරක්කු බෝතල් බෝතල් සදහා වියදම් වූ මුදල් පිලිබදව දුක කියමින් සයිබරය පුරා ඇවිදින බව සයිබර් පුවත් සේවයට වාර්තා වෙනවා. එම රජාගේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයකු සයිබර් පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ එසේ ඇති වූ දුක නිවා ගැනීම සදහා ඒ අරක්කු බෝතල් කිහිපය ප්‍රමාණවත් වූ බවයි .


අරක්කු වලට  වූ  මුදල් පිලිබදව සොවින් තැවෙන රජා 

තම  ආයතන මගින්   ඉදිරි කාලයේදී විකාශය කිරීමට බලාපොරොත්තු වන සියලුම රියලිටි වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලය ලෙස සයිබර් සිහින බක් මහ උළෙලේ ජන ගී තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල වැපා, ඕනයා ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරගයක් ඇති වී තිබෙනවා. සයිබර් පුවත් සේවය එම විද්‍යුත් නාලිකා නියෝජිතයන් ගෙන් කල විමසීමකදී ඔවුන් සදහන් කලේ තම අරමුණ එදා සයිබර් සිහින උළෙලේදී තරගකරුවන්ගේ දක්ෂතා පිළිබඳව ඔවුන් දැක්වූ අදහස් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව එවන් දැනුමක් ඇති සම්පත්ධාරීන් ගේ සේවය ලබා ගැනීම තුලින් තම වැඩසටන් වල ගුණාත්මක භාවය වර්ධනය කරගැනීම බවයි.

දැන් කෙටි විරාමයක්..

ඔබගේ අනාගතය කෙසේද ?

සිකුරා නලලේද? සුදු කොඩි පේනවාද?
කේන්ද්‍රය පරික්ෂා කර ගැනීමට යාමට වෙලාවක් නැද්ද?
ස්කයිප් මගින් අන්තර්ජාලයෙන් 
ජෝතිෂ්‍ය ශාස්ත්රානුකුලව නිවැරදි පලාපල විස්තරයක් ලබා ගැනීමට ඔබටත් අවශ්‍යද?
එසේ නම් අදම මැසේජ් කරන්න 
මාර කුමාර ජෝතිෂ්‍යය සේවය 
ෆේස් බුකිය 
සිරි ලංකාව 

මාරයා - කේන්දරේ බැලුවොත් බැලුවාමයි 

දැන් නැවතත් ප්‍රවෘත්ති 

සයිබර් සිහින සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා දැනටමත්  සයිබර් මෙහෙයුම් කිහිපයක්ම ආරම්භ වී තිබෙනවා. කොස් කොලාලංකාරය වැනි ජනප්‍රිය  පද්‍ය රචනා නිර්මාණය කල රුහුණු පුරයෙන් බිහිවූ සයිබරයේ ජනප්‍රිය කවියෙකු සහ නොහික්මුණු ඇසක් හිමි අයකු මේ සදහා මුලික වී ක්‍රියා කරන බවයි  සයිබර් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මේ පිලිබදව සයිබර් පුවත් සේවය කල විමසීමකදී නොහික්මුණු ඇය ඇස විසින් ප්‍රකාශ කර සිටියේ නම කියවන විට දිව ටැපලෙන බ්ලොග්කාරියන් විසින් තම උත්සාහයට කොතරම් තර්ජන ගර්ජන ඉදිරිපත් කලත් බ්ලොගර් ගූගල් ටුවිටර් සමාජ ජාල වලට අමතරව සයිබරයේ සෑම අහු මුල්ලකම ඔවුන් සොයා තම මෙහෙයුම් දියත් කරන බවයි. 

මෑතක් වන තුරු උගේ ඉසව්වක ෆැන්ටසි පුරවරයක ජිවත් වෙමින් ජනයාට රංගනයන් ඉදිරිපත් කල රුහුණු පුර කවියා අද වන විට තම ෆේස් බුක් ගිණුමද අක්‍රිය කොට දමා රෙඩ් බුල් ආයතනයේ රියදුරු රැකියාවක් හෝ සොයා පයින්ම ඇවිදින බව සයිබර් ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරනවා.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් එකක් භාවිතා කරන ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ රට පුරා පැවැත්වීමට අවංක පැට්ටා සහ සමාගම කටයුතු සුදානම් කර තිබෙනවා. එම සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශක ඇල්වින් මදුවන්ත මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකීය සයිබර් වාසි ජනතාවගේ කාලය ඉතිරි කර ගැනීම පිලිබදව දැනුවත් කිරීම සදහා තම සමාගම විසින් මෙම සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරාම ක්‍රියාත්මක කරන බවයි. මේ පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ටොප් ලැට්  එකක සහ ලැප් ටොප් එකක වෙනස පැහැදිලි කරන අවංක පැට්ටා මහතා.


සිංහල බ්ලොග් අවකාශය තුල  පවතින රූමත්  බ්ලොග් කාරිනියන්ගේ අඩු පාඩුව දුරු කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය 2013 සයිබර් සිහින කුමරා පණුවා මහතා  ගේ සංකල්පයක්. සයිබර් පුවත් සේවය සමග කල සාකච්චාවකදී ඒ මහතා පවසා සිටියේ සිංහල බ්ලොග් අවකාශයට පිවිසීමට බලාපොරොත්තු වන රූමත් ගැහැණු  ළමුන් සදහා ඕනෑම උදව්වක් කිරීමට තමන් නොපැකිලව ඉදිරිපත් වන බවත් ඒ සදහා ඕනෑම තරාතිරමක රූමත් ගැහැණු ළමයෙකුට ඉදිරිපත් විය හැකි බවත්ය. ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙසේ උදව් කිරීම සදහා තමන් සතු ඩේටා කොපමණ වැය උවත් කොපමණ දින ගණනක් ගත වුවද තමා එය ගණන් නොගන්නා බවයි. මේ පිළිබද අදහස් දක්වන පනුවා මහතා. 

පුවත් අවසන් කිරීමට පෙර සාරාංශය 

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්.

සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ.

තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා

බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින්

ඒ සමගින් අද දිනට නියමිත සයිබර් පුවත් ප්‍රකාශය මෙතකින් අවසන් වෙනවා. තවත් මඩින් පිරි පුවත් රැසක් සමගින් ඔබ හමු වන තුරු ඔබ සැමට සුභ රාත්‍රියක්, සුභ දවසක් ;)

(ලින්ක් ලබා දී ඇති වීඩියෝ වල අයිතිය තරින්ද දිලිප් සොහොයුරා සතුය.)




50 comments:

  1. :/ කාල වරෙන්කො.... හම්මේ.. අවුලක් නැහැ .. වැඩිය තාම...

    මට පොඩි පස්නයක් තියනවා ඔය පනුවාගේ පැට්ටගේ කතා යන වෙලේ රේප හිටියේ මාත් එක්කනේ... කොමද ඕව ඇහුනේ.. මාර කනක්නේ... :O

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ දැනුත් බිලද? මම ඒ වෙලාවේ හිටියේ විනිශ්චය මණ්ඩලේ ඉන්න තැන පිටිපස්සේ :3

      Delete
  2. //නම කියවන විට දිව ටැපලෙන බ්ලොග්කාරියන් විසින් // අය්යේ මුකෝ මේ බහු වචන?? තව බ්ලොක් කාරියක් එයයිට තහංචි දාලයි,,

    @බ්ලොග් ගලක් අතට අරන ඇය සොයා යමින්

    ReplyDelete
    Replies
    1. කාන්තා කෙහෙවලු පටලවා ගැනීම් වලට මැදිහත් නොවෙමි. ;)

      Delete
    2. කා එක්කවත් රණ්ඩු වෙන්නෙ නෑ බොලව් මම,, මගේ එකාට පොඩි පාරක් දීලා නිකා ඉන්නවා මිසක් :P

      Delete
    3. එහෙනං බ්ලොක් ගලක් අතට ගත්තේ ගෙවල් හදන්න වෙන්න ඇති O.o

      Delete
  3. මෙන්න හදිසි පුවතක් :
    දිනයක් පුරාම ටිකට් කැඩූ මහතෙකු යන ගමන් බසයේ කොන්දොස්තරගෙන් ද ටිකට් කඩා ඇත ,

    යකෝ ජානුව සිරාවටම ගියාද මට නොකිය

    ReplyDelete
    Replies
    1. වෙලාවට එදා බස් එකේ යන්න උනේ නෑ. රෑ ගෙදරින් වාහනේ අරං ආවා හොයාගෙන. ;)

      ජනා නම් හොරෙන්ම ගිහිං වගේ. බුකියේ නම් නෑ.

      Delete
    2. ඒ එයා අයින් වුනාලුනේ,, O.o

      Delete
  4. ආදරේ බැරුවා.රජාව දරුකමට හදාගන්න හිතෙනවා ෆොටෝ ඒක දැක්කම :D

    ReplyDelete
  5. තව ටික දවසක් ඉවසලා හිටියනං උඹට පැට්ටගෙයි පනුවගෙයි විතරක් නෙමේ අනිත් කට්ටියගෙ වැඩ කිඩ ටිකෙත් ලිංක් දාන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. සතියකටත් වඩා ඉවසුවා. ඒත් ආවේ මෙච්චරනේ. ;)

      Delete
  6. මේ ගල් අමනයා මගේ චරිතය ඝාතනය කරනවනේ..අඩෝ රෙපෝ මම රෙඩ් බුල් වැඩේ සාදිරිස් ගොයියට දීලා පැත්තකට වුනා.මිනිහටත් සිය වෙන්න භාරිගේ තර්ජනය මත බෝඩිමටම වෙලා දුකසේ ඉන්න වෙලා කියලා ආරංචියි.මූණු පොතෙන් යන්න වුනේ පෞද්ගලික හේතු මත යකෝ..ගල් අමනයා

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න බොරු නොකියා. සාදිරිස් ගොයියටත් කොලේ වහලා හොරෙන්ම ගිහිල්ලා මෙතන බයිලා ගහනවා. උඹේ කෙරුවාව සාක්කි එක්කම දාන්න මුණු පොතේ කැරකෙන කොට තමයි දැක්කේ අකුලාගෙන ගිහින් කියලා. ;)

      Delete
  7. මොනවා උනත් රෙඩ් බ්ලු නංගිලා ටික අමතක කරන්න බැරි හැඩයි.

    ReplyDelete
    Replies
    1. රෙඩ් බුල් අමතක කලත් නංගිලාව අමතක කරන්න පුලුවන්ද? ;)

      Delete
  8. හික්ස්... මූට තාම වෙරි වගේ............

    ReplyDelete
  9. ආඩෝ රේපා අන්න මාරයා උබව හොයං එනවලූ :P

    ReplyDelete
    Replies
    1. මාරයාව නම් එදා හම්බ උනා නේ ;)

      Delete
  10. අපෝ... මෙහෙමත් මඩ ගැහිල්ලක්... හොද වෙලාවට අවෙ නැත්තෙ.... නැත්තම් මොනව කියාවිද ලෝකයා....

    ReplyDelete
  11. මටත් බැණුම් අහ ගන්න වෙයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. වගකිව යුතු අය නේන්නම් බැනුම් අහන්න ඕනේ ;)

      Delete
  12. මරු මරු මරු මෙන්න මෙව්වටනෙ මඩ කියන්නෙ!

    ReplyDelete
  13. හික්... හික්... කට්ටියගේ වැඩ කිඩ ගැන කියෙව්වම හිනාව නවත්ත ගන්නත් බෑ....

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ ;)

      Delete
  14. රෙපා මේ කාටවත් කියන්න එපා.ඉස්කෝලෙදි ප්‍රවෘත්ති කිව්ව ස්ටැයිල් එකෙන්මයි මට බොලගේ ‍පෝස්ටුව කියවු‍නේ.අපොයි...සාටර් උනාද මන්දා?

    ReplyDelete
    Replies
    1. හික්.. හික්.. හික්.. ඒ කියන්නේ බස්ටියා ඉස්කෝලෙත් ගිහින් තියෙනවා වගේ නේ ;)

      Delete
  15. රෙඩ් බුල් නංගිලා මෙයාල දිහා බලන්නවත් නැතුව ඇති sure එකටම.

    ReplyDelete
  16. මූ සද්ද වහලා හිටියෙ මේ ගේම ගහන්න තමා..

    අර රෙඩ් බුල් අයිටම් එකක් සැට් වුනොත් කියපං !

    ReplyDelete
    Replies
    1. >>අර රෙඩ්බුල් අයිටම් එකක් සැට් වුනොත් කියපං !<<
      තොගෙ වෙන්න භාර්‍යා තුමිය සිංහල කියවන්න දන්නෙ නැද්ද?

      Delete
    2. @සැමා - උඹත් ඔය ඔය බෙහෙත් කොම්පැනිය අතඇරලා පලයන් රෙඩ් බුල් විකුනන්න ;)

      @කෙන්ජි - ;)

      Delete
  17. KITHUL RAA BONNA BAYAI MALLIYE, EWA BEEWAMA APATA PADA, CHOO, JEE ADIYA YANAWA, WEDI VISTHARA BOG SAKKILI KAKKA BUWAGEN ASA GATHA HAKIYA.

    ReplyDelete
    Replies
    1. මෙව්වා ගැන නම් මොකුත්ම නොකියමි ;)

      Delete
  18. ගොං රජාටනම් හොද වැඩේ............මඩ වදියි කියල බයට ඉදිරියට එන්න තිබුන එකම ෆොටෝ කෑල්ල කලින්ම දාගෙන වැඩේ ෂේප් කර ගත්ත හික්ස් ඔය දැන් වෙලා තියෙන්නෙ රජ කම අතාරින්න තරම් දෙයක්.............

    නියමයි වෙනස්ම විදියක් රෙපාගෙන් නරකමත් නෑ

    ReplyDelete
    Replies
    1. මේ රජා නම් රජකම අත අරියි දුම්මල ගැහුවත් :3

      තැන්කු තැන්කු ඔයාටත් ;)

      Delete
  19. මම කිසිත් නොකියමි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  20. අර රෙපා කියන එකා ගැන මුකුත් නිව්ස් එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ අහිංසක කොලුවා ගැන මොනවා ලියන්නද බොල. දැක්කේ නැද්ද අර පැත්තකට වෙලා උගේ පාඩුවේ කොන්දොස්තර වැඩේ කරගෙන හිටපු හැටි :3

      Delete
  21. හරිම සමබර ප්‍රවෘත්ති ප්‍රකාශයක් නේද බං අයියේ....

    ReplyDelete
    Replies
    1. විශ්වාසනීය සමබර පුවත් නිතරම අපෙන් ;)

      Delete
  22. ඇ වෙලාවට මම බේරී ඇත

    ReplyDelete
  23. චාටර් 1st නිවුස් වගේ :D .... මැක්සා

    ReplyDelete
  24. රෙඩ් බුල් නංගි දිහා නාඩි නැතුව නාඩියා බලාගෙන ඉන්න උත්කෘෂ්ඨ දර්ශනයෙන් මම ඔකද වුනා බං...

    ReplyDelete