Wednesday, March 13, 2013

විවාහකයාගේ අදෝනාව








සිසිවන උවන පුළුලුකුලැ'ති සුකුමාලී 
පොළ ළඟ බත් කඩේ වැඩ කල මනලෝලී
හිත මිතුරන්ද සමඟින් ගොස් පෙලපාලී
කැන්දන් ආමි ඈ කරගෙන මනමාලී.....

පෙම් කල සමේ ඈ ළඟ තිබු කෝල ගතී
නිවසට ආ දිනේ සිට දැන් කොහෙද නැතී
බැඳි වෙස් මුහුන හැර පෙන්වා නියම ගතී
මේ ටික දොහට දුන් වද හොඳටෝම ඇතී.....



අල්ලපු නිවස හා පැටලෙන ගිණිගෙඩිය
ඕපාදූප දොඩමින් බෙදමින් දෙයි පච වඩිය
කියනා ලොකු කථා ඇගෙ පමණට වැඩිය
ඈ හන්දාම කෘෂ වී ඇත මගෙ බොඩිය......



ගේ දොර එළිය වන සිරියක් ඇත ඈගේ
දැන්නම් අතේ පැළවෙයි බොරු කපුවාගේ
පෙර කල කරුමයක් පලදුන්නද මාගේ
මොනවා කරන්නද ඇදගෙන යමි දීගේ....



මේ ලෙස විඳවන්න වෙන බව බැන්දාම
දැන උන්න නම් තනිකඩ වෙමි හැමදාම
බැඳගත් බෙරේ ගලවනු බැරි හන්දාම
පසු තැවි තැවි එල්ලන් ඉමි මම තාම......

                   -  කනිෂ්ක දසනායක  -


හෙට දින විවාහ දිවියට පිය මනින පිටිගල විත්ති  බ්ලොග් අඩවියේ චමිත් මධුරංග  සොයුරාට අපේ සුභ පැතුම් !!!!!

34 comments:

  1. චමිත් මධුරංගට ලියපු කවියක් වගේ.වැටුණු වලේ වැටෙන්න ඒපා කියනවද?
    අපිත් සුභ පැතුවා කියන්න.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ එයාට ලියපු කවියක් නෙවෙයි. තනිකඩයාගේ අදෝනාවට පස්සේ ඉතින් අනිත් ඒකා ගැනත් ලියන්න ඕන නේ. හෙට චමිත් ගේ විවාහේ වෙනම කතාවක් ;)

      Delete
  2. විවාහ ප්‍රාප්ත වීමට නියමිත චමිත් සොයුරාට මගෙනුත් සුමබ සුබ සුබ පැතුම්.. මෙවන් විපතක් නම් කිසිකලෙක ඔහුට නොම වේවා

    ReplyDelete
    Replies
    1. කවියේ අයිතිකරයම එහෙම කියපු එක හොදා ;)

      Delete
  3. මම නම් කියන්නෙ විවාහ වෙනවා කියන එක විපතක් නොවෙ කියා

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ නැහැ. එහෙම කියපු එකා ඔන්න උඹට උඩින් කමෙන්ට් කරලා තියෙනවා. ඌව අල්ලගනින් ;)

      Delete
  4. පිටිගලයාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. හප්පට සිරි...ඒකත් එහෙමද

    ReplyDelete
  6. ඔව්වා ගැන අපි මොකුත් කියන්නෙ නෑ...

    අර බඳිනවයි කිව්ව යාලුවට සියළු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව සපිරි සුභ මංගල්ලයක්..

    ReplyDelete
  7. ජය වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  8. යස කවි ටික.. එල ආ. (මේ ටික කවි ලියපු එකාට)

    විවාහ වෙන එකාට... සුබ පැතුම් නව දිවියට..!!

    රෙපාට... :D (ඔන්න තියන විදිහට බෙදල හදල කමෙන්ට් එකක් දැම්ම)

    ReplyDelete
    Replies
    1. චන්දන මහත්තයාට බොහෝම ස්තූතියි... මේ වගේ අකරතැබ්බයක් ඔබට නොවේවා කියල පතනවා මම

      Delete
    2. මූ බැඳලා දැන් පොඩි දෝණි කෙනෙකුත් ඉන්නවා...!!!

      Delete
  9. Mevva dakkama badinna inna ekata baya hithevi :)

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා අප්පා... හැම ඇගිල්ලම එක වගේ නෑනේ

      Delete
  10. කලින් දැක්කද මන්දා..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  11. අගේ ඇති කවි පංතිය... තුන් වෙනි කවියේ දෙවෙනි පේලියේ "දොඩමින්", "බෙදමින්" කියන වචන දෙකෙන් එකක් අයින් වෙන්න ඕනේ නේද?

    එළිසම රැකලා ලියන තියන නිර්මාණශීලී සඳැසක්.

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තූතියි තිසර මහත්තයෝ... තුන් වෙනි කවියේ පොඩි අවුලක් තියෙනවා තමයි... බ්ලොග් එක කරන අරුන අයියට මම එවන කොට වෙච්ච මිස්ටේක්කුවක්.. බෙදමින් කියල තමයි එන්න ඕනි...

      Delete
  12. ජය වේවා දෙන්නටම... නෑ තුන්දෙනාටම

    ReplyDelete
  13. බලන් ගියාම තනිකඩයටයි, විවාහකයටයි දෙන්නටම තියෙන්නේ අදෝනානේ, පිරිමි ඔහොම්මමයි...:P

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයි ඉන්න කල් ඉතින් අඳෝනාම තමයි අප්පා

      Delete
  14. //බැඳගත් බෙරේ ගලවනු බැරි හන්දාම

    පසු තැවි තැවි එල්ලන් ඉමි මම තාම......//
    සිරාම තමා....

    ReplyDelete
    Replies
    1. දුක තමයි දෙයියනේ.. මොනා කරන්නද

      Delete
  15. ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ටම බොහොමත්ම ස්තූතියි.. ඒ වගේම අරුන අයියටත් මගේ අදහස් එළි දක්වන්න අවස්ථාවක් ලබා දීම ගැන මගේ හද පිරි බොක්කෙන්ම ප්‍රණාමය

    ReplyDelete
  16. හැක් හැක් අපි නම් ෆ්‍රී බර්ඩ් ලා

    ReplyDelete
  17. මරු කවි ටික ඈ...... හැබැයි ඉතිං බලන් ගියාම සතුටු වෙන එකෙක් නෑනේ......

    ReplyDelete
  18. මේ ඔක්කමගෙම අදෝනා අහලා මට හිතෙනවා දැන් බැන්දත් 1000යි නොබැන්දත් 1000යි කියලා...

    ReplyDelete
  19. පට්ට බං.."අදෝනාව" කියලා රීඩරේ දැක්කම මම හිතුවේ පරණ එකමයි කියලා. බැලින්නම් අලුත් එකක්නේ. අර වලේ වැටෙන සොයුරාටත් මගේ සුභපැතුම් කිව්වා කියහන්. මේ වගේ කවියක් නම් උන්දැට කියන්ඩ හම්බෙන්න එපා කියල මම බොක්කෙන්ම පතනවා ඈ

    ReplyDelete
  20. දැන් කාට හරි කෙල්ලෙක්ට කියලත් තනිකඩ කෙල්ලකගේ දෝනාව සහ විවාහක ස්ත්‍රියකගේ අදෝනාව කියල කවි ලියවගෙන පෝස්ට් දෙකකුත් දාපන්....

    ReplyDelete