Sunday, March 10, 2013

තනිකඩයාගේ අඳෝනාව



මේ කවි පන්තිය මුහුණු පොතේ මිතුරකු වන කනිෂ්ක දසනායක 

මිතුරාගේ නිර්මාණයක්. 


(මෙව්වට රෙපාව ගාවගෙන එහෙම කමෙන්ට් 

දාන්න එපා ඈ. රෙපා අහිංසකයි රටක් වටි. ඌ මේවගේ එව්වා ලියන්නේ නැහැ ;) 

එහෙනං කියවලා බලලා කමෙන්ට් එකකුත් දාන්න හොදේ...)
...................................................................................................

වැලන්ටයින් දිනට අපේ ගමේ කොලු ගැටව් 

තැන් තැන් වල රඟන රැඟුම් දකින විට බොලව්
අඬෙන අයුරු තනි ඇහැකට කෙල්ලනේ බලව්
අපිට කොයින්දෝ ලස්සන බූල් බලු පැටව් ..............

දෙකට ගණින්නට දන්නැති සූකිරි කොල්ලන්
පෙම් ලෝකයෙ සුවය විඳියි දාගෙන කෙල්ලන්
හැට පනින්න කිට්ටු උනත් තනිකඩයෙකි මන්
වරෙන් මල්සරා, ඇවිදින් අපිටත් විදපන් ..............


පෙම් ලෝකයෙ මිහිරි සුවේ අප හට අහිමිද
මල් සරාගෙ හී කොපුවේ ඊතල ඉවරද
එහෙමත් නැතිනම් කරුමෙට මා මඟ හැරුනද
මල් සරාගෙ මල උලව්ව විදින්නෙ කවදද









වළළු ලූ අතින් බත් උයලා කන්න
 
සඳ ඇති රැයක මිදුලේ දොඩමලු වන්න 



දැන්නම් කල හොඳයි මට මිනිහෙකු වන්න

හිමි කල මැන ළඳක් දෙවියනි උඩ ඉන්න...


මෙතරම් කලක් තෙමි තෙමි ගිය මහ වැස්සේ

ආසයි යන්න ළඳකගෙ කුඩයක් අස්සේ

තනිකඩ හිතේ නෙක නෙක සිතුවිලි ගැස්සේ

යන්නට හිතයි මේ දැන් කෙල්ලක් පස්සේ....


මොකද තමුසෙ මෙච්චරටම අපිළිවෙල

නාගන වරෙන් දැන්වත් කපලා රැවුල

කියමින් ළඳක් හඬවා සිය මිණි මෙවුල

කවදද ඉතින් එන්නේ වී මගෙ පවුල...


මත්පැන් වලට දුම් වැටියට තිත තියලා

උන්නොත් ළඳක් ගයි මා මිනිහෙකු කරලා

මගෙ දුක ලඳුණි ඔය රන් සවනින් අහලා

පින් සිදු වෙයි වරෙව් මගෙ පැල වෙත දුවලා....


ගේ දොර ඉඩ කඩම් වස්තුව ඇත එමට

කන්නට දිය හැකියි මිය යන තුරු නුඹට

නැතුවත් කමක් නෑ දෑවැදි නම් මෙමට

දැන්වත් වඩිනු මැන කෙල්ලෙක් මගෙ හදට....


......................................................................................................


සයිබරයේ සිහින සැණකෙළිය 2013 ලග ලගම එනවා කියලා 

දන්නවනේ . 

දවස අප්‍රේල් මාසේ 21 

තැන මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගනය.

උදැසන 9.00 සිට 

එහෙම නම් 

එදාට එන්න දැන්ම ඉදලම ලෑස්ති වෙන්න.

වැඩි විස්තර සයිබර් සැණකෙළියේ නිල බ්ලොග් අඩවියෙන්







37 comments:

  1. රෙපාට එකෙන්ම ගැලපේ..(කියන එක හරිද මන්දා ) වෙන කෙනක් පිට දමා ලිවුවාද මන්දා... හා හා .. හොඳයි හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ යකෝ අනුන්ගේ කවිය උනත් මගේ බ්ලොග් එකේ දාගත්තේ :3

      Delete
  2. "මොකද තමුසෙ මෙච්චරටම අපිළිවෙල
    නාගන වරෙන් දැන්වත් කපලා රැවුල"

    රෙපා....කව්ද උබට එහෙම කිව්වේ.............

    ReplyDelete
    Replies
    1. කියන්න කලින්ම රෙපා රැවුල කැපුවා :P

      Delete
  3. මුකා ලීවත් මේ කවිය,,අපූරුයි පද ගැලපීම..

    ReplyDelete
    Replies
    1. කවි පන්තියේයේ සම්පුර්ණ හිමිකම කනිෂ්ක මලයාගේ :)

      Delete
  4. ""මොකද තමුසෙ මෙච්චරටම අපිළිවෙල
    නාගන වරෙන් දැන්වත් කපලා රැවුල""

    මේ නම් කියන්නේ රේප අයියටම තමයි.... දැන්ම ගිහින් කපා ගන්න :D

    ReplyDelete
    Replies
    1. තව මොනවා කපන්නද බං :/ ඔය ප්‍රොෆයිල් පින්තුරවල බ්ලොග් ගෙට් වලදී කට්ටිය අදුනගන්නවට රැවුල වවාගෙන හිටියට අපි රැවුල එහෙම කපලා මනුස්ස පාටට ඉන්න හොද ළමයි. :D

      Delete
  5. අඩේ...මේක බං අපේ ජාතික උදාන ගීතය කරමු බං රෙපා අයියේ....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මෙහෙම අනුන්ගේ කවියක් හරි අරගෙන මේකේ දාල තිබ්බේ :D

      Delete
  6. නාන එක සරීර සව්ක්යට හොදයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගෑනු ළමයෙක්ම ලඟින් ඉන්න එපායැ ඔව්ව මතක් කරන්න ;)

      Delete
  7. හී හී .. නියම කවි ඩින්ග...

    ReplyDelete
  8. අප්පා... මරු කවි පන්තිය ඈ..... කවුරු උනත් ලස්සනට ලියල....

    ReplyDelete
    Replies
    1. විවාහකයාගේ අදෝනාවත් ළඟදීම එනවලු ;)

      Delete
  9. මම හිතුව උබ ලියල කියල. මේ ටිකේ හැබැයි තනියෙන් නෙවේ වගෙ ඉන්නෙ :)

    ReplyDelete
  10. හඬ කාගෙ උනත් අදහස රෙපාගෙ! :-)

    ReplyDelete
    Replies
    1. අදහස මටම ගැලපෙන නිසානේ බං කවි තොගයක් අස්සෙන් මේකම තෝරලා අරන් බ්ලොගේ දැම්මේ ;)

      Delete
  11. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. මේක නම් ලියපු එකා උඹ වෙනුවෙන්ම ලියපු සිංදුවක් වගේ....

    ReplyDelete
  13. මගේ අඳෝනාවත් ඕකම රෙපෝ..ගිය ආත්මේ කරපුවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං. උඹටත් ඉතින් ලබන සුමානේ අරෙහෙම එකක් බඳින්න වෙන්නේ නැහැනේ නැත්තම් ;)

      Delete
  14. මට වුනත් මේක ගැලපෙනවද මන්දා :)

    ReplyDelete
    Replies
    1. මට වඩා මේක උඹට ගැලපෙනවද මංදා,

      //මත්පැන් වලට දුම් වැටියට තිත තියලා
      උන්නොත් ළඳක් ගයි මා මිනිහෙකු කරලා//

      ඔය කොටස අදාලම නැහැ නේ බං මට ;) :P

      Delete
    2. මටත් ඕක අදාළ නැහැ බොල :/

      Delete
  15. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. :O ඇයි ඔයා එහෙම එකක් කලෙ :\

      Delete
    2. ඔය අභිතයා නෙමෙය බන් , අර මංගල්ලේ කොමෙන්ට් කරලා තිබ්බ ෆේක් එකක්

      Delete
  16. අඩේ අපේ ප්ලේස් එකනේ යූත් එක...
    එල එල ඈ...
    අපි එනෝ...

    ReplyDelete
  17. කෙල්ලන් වැඩිලු මේ ලොව කොල්ලන්ට වඩා
    සෙල්ලම් නෙවෙයි වැඩිපුර වුව තියෙයි අඩා
    තෙල් මල් නොතිව්වට සැමදා හවස කඩා
    ගල්, මුල් නොමැත සුපිරියි කවි, වුවත් කුඩා

    ReplyDelete