Friday, March 8, 2013

ගණිකාවෝද මනුෂයෝය - පසු වදනක් 18+

ඇත්තටම මේක කලින් ලියනවා කියලා හිතපු පොස්ට් එකක් නෙවෙයි. කලින් ලිපි දෙකෙන් මේ කතාව නවත්තල දාන්න මම මුලින් හිතාගෙන හිටියත් මුහුණු පොතෙන් ජාතිය අමතපු සද්දාවන්ත උපාසකවරු දෙතුන් දෙනාටත් පුංචි හරි උත්තරයක් දීලම මේක නවත්තන්න හිතුවා. Draft වල මේක පුස් කකා තිබිලා දැන් ගොඩාක් කල්.  ඒ අය අහපු ප්‍රශ්නත් එක්කම මම මේ ප්‍රශ්නේ ගැන දකින විදියත් කියලා මේ පොස්ට් එක නවත්තනවා.

මුල් කතාන්තර දෙක කියවපු නැති අයට

 ගණිකාවෝද මනුෂයෝය

 ගණිකාවෝද මනුෂයෝය (අවසානයක් නොවේ) 18 +



ඔය දෙකේම තියෙන්නේ සමාජය විසින් ගණිකාවක් කියලා හදුන්වන කාන්තාවක් සමග මුහුණු පොතේදී කරපු සංවාදයක සාරාංශයක්. මට මෙතැනදී කියන්න ඕන උනේ ගණිකාවක් කියල කියන්නෙත් මනුස්ස දුවෙක් කියන එක. මේ ඒක වැරදියට වටහාගත්ත උන්ගේ කතාන්තර වලට මම සමාජය ගැන දකින ආකාරයෙන් චුටි උත්තර ටිකක්.

ගණිකාවක් කියන කෙනා බිහිවෙන්න නම් එයාගෙන් සැපයෙන සේවයට සරිලන විදියේ ඉල්ලුමක් තියෙන්න ඕනේ. අදාළ සේවයට මිලක් ගෙවන්න කැමති පාරිභෝගික මහත්තුරුන් ඉන්න තාක්කල් ගණිකා ව්‍යාපාරය කියන එක නවත්තන්නත් බැහැ. මොකද එදා බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන කාලෙත් ඔය කියන නගර ශෝබිනියන් නැත්තම් ගණිකාවන් මේ සමාජයේ ජිවත් වුනා. එදත් මේ අය ආශ්‍රය කරන එක සැලකුනේ පහත් දෙයක් විදියටම තමයි.  නමුත් ඒ කාලේ වගේම අදත් හෙටත් ඒ අයත් අපි ජිවත් වෙන සමාජයේ කොටසක් විදියට හැමදාමත් ජිවත් වෙනවා.

ඒත් අද දකින්න ලැබෙන්නේ ඊට වඩා ගොඩාක් වෙනස් තත්වයක්. ලෝකය දියුණු වෙනවාත් එක්කම ඔය ව්‍යාපාරයත් සීග්‍රයෙන් දියුණුවට පත් වෙලා තියෙන්නේ බටහිර බලපෑම සමාජයට ගලාගෙන ඒමත් එක්ක. කාලෙකට කලින් විදි සරණ ලදුන් ලෙස හදුන්වපු ඒ අය අද ඒක කරන්නෙත් නවීන තාක්ෂනය උපයෝගී කරගෙනම තමයි. මේ සේවාව සපයන අය සමාජයේ ඉහල තත්වයක් ඇතුව ජිවත් වෙන හැටි ඕන තරම් දකින්න පුළුවන්. අදාළ කෙනා කරන රැකියාව පිලිබදව දන්නෝ දනිති,

ගණිකාව පිලිබදව කතා කරනකොට කාන්තාවකට හෝ පිරිමි කෙනෙකුට මේ රස්සාවට සම්බන්ධ වෙන්න ක්‍රම රාශියක්ම තියෙනවා. (ගණිකාවෝ යනු කාන්තාවන්ම පමණක් නොවේ) කොහොම රස්සාවට ආවත් වැඩි දෙනෙක් කියන්නේ තමන් වෙන කෙනෙක් විසින් බලෙන් මේ රස්සාවට යොමු කෙරුවා කියන කතාව. ඒත් සල්ලි කියන එක මුලික වෙලා තියෙන බල්ලෝ මරලා හරි අම්ම අප්ප විකුනලා හරි සල්ලිම පස්සේ දුවන අද සමාජයේ කෙනෙකුට තමන්ගේ ශරීරය විකුනලා යම් කිසි ආදායමක් ලබන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක නොකර ඉන්නවා කියන කතාව බොරුවක්.

කොහොමින් හරි ඒ අය මේ රස්සාවට යොමු උනත් දවල් කාලේදී ඒ අය හොදට ආශ්‍රය කරන සුද්දවන්ත මහත්වරු බණ දේශනා කරන කොට ගේන  මුල්ම තර්කය තමයි තමන්ගේ අම්මා නංගි අක්කා මේ තත්වයට පත් වෙනවට කැමතිද කියන කාරනය. ඇයි එතකොට අද දවසෙත් ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ කාගේම හරි අම්ම කෙනෙක් අක්කෙක් නංගියෙක් කියලා ඒ අයට හිතන්න බැරි.  ගණිකාවකටයි තව මනුස්සයෙකුටයි දාව ඉපදෙන දරුවා ඒ ගනිකවගේ කුසින් බිහි වෙන්නේ අම්මා ගණිකාවක් කියලා දැනගෙනද? කොහොමින් හරි ඒ දරුවා ඉපදුනාට පස්සේ මේ සුද්ධවන්ත සමාජයේ උන් ඔය මොකකටවත් සම්බන්ධයක් නැති ඒ අසරණ දරුවට කතා කරන්නේ කොහොමද? අම්ම ගණිකාවක් උනා කියලා ඒ අසරණ දරුවා පලිද? 


තමන්ගේ කවුරු හරි කෙනෙක් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඒ තත්වෙට වැටුනොත් එයාලට වෙන්නේ මොකක්ද ? වැඩිය ඕන නැහැ. අපි මේ පිරිසිදු ධර්මද්වීපයක් ගැන කොච්චර කයිය ගැහුවත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වැඩ වරද්දාගෙන ගෙදරට ආව කෙල්ලෙක් ගැන ගමේ කොල්ලෝ සෙට් එකකට ආරංචියක් ආවොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. ඊට පස්සේ සෙට් එකම එකතු වෙලා ප්ලෑන් කරන්නේ අර ලමයව කොහෙට හරි අදින්න.


තව තර්කයක් තමයි ඔය රස්සාව කරනවට වඩා හිඟා කන එක හොදයි කියන එක ඒත් ඇත්තටම හිගා කන තරමට දුප්පත් වෙච්ච ගැහැනියකට මුලින්ම කරන්න සිද්ද වෙන්නෙත් ඔය ජොබ් එක තමයි. මොකද මේ දහම් දිවයිනේ උඹ හිතන විදියට හිතුනු ගමන් හිගා කන්න බැහැ. එහෙම හිගා කෑවොත් සිද්ද වෙන්නේ දැනට ෆීල්ඩ් එකේ ඉන්න උන්ගෙන් අම්බානක කාලා අතපය ගලවාගෙන මැරිලා යන්න. අනික එහෙම තනිවුන ගැහැණු කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත ගමන් උදව් කරන්න එන උපාසක මහත්තුරූත් ඕන තරම්.

මම මෙතැනදී කතා කරන්න උත්සාහ කලේ තව තවත් කාන්තාවෝ ගණිකා වයාපාරයට යොමු කරන්න ඕන කියන ඒක නෙවෙයි. එත් ඒ තත්වයට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පත් උන කෙනෙකුට පිළිගැනීමක් ඇති කලාම ඒකට යම් කිසි ප්‍රමිතියක් එනවා.  ඔය ජොබ් එක කරන අයට සතියකට වගේ සැරයක් මෙඩිකල් රිපෝට් එකක් ඇතුව ලියාපදිංචි කරනවා වගේ දෙයක්. දැනටත් ප්‍රසිද්දීයෙම බෝර්ඩ් එල්ල ගෙන ඉන්න පංචකර්ම සම්බාහන මධ්‍යස්ථාන කියන ඒවා බොහොමයක සිද්ද වෙන්නේ ඕක. ඒවයේ රස්සාව කරන්නේ ලයිෂන් ගණිකාවෝ, කෙලින්ම ගණිකාව කියලා හදුන්වන එක හොද නැත්තම්  ලිංගික ශ්‍රමිකයන් වගේ ලස්සන නමකුත් දුන්නොත් ඒ අයටත් සමාජයේ ලස්සනට ජිවත් වෙන්න පුළුවන්.

කෙල්ලෙක් කොල්ලෙක් බුට් පාරක් තිබ්බම සිගරට් අරක්කු බීලා තමන්ගේ ජිවිතේ නාස්ති කරගන්නවාට වඩා සමාජයෙන් හැන්ගෙන්නේ නැතුව ආරක්ෂිතව මෙහෙම කෙනෙක් ආශ්‍රය කරලා  ඒ අයවත් ජිවත් කරවලා තමන්ගේත් ආසාව සපුරා ගන්න එක හොද නැද්ද?. "රුවක් ඇදෙනවා කවුදෝ එනවා "  "අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ " වගේ ගීත වලින් කියලා' තියෙන්නේත් ඔය වගේ බුට් පාරවල් කාලා ගණිකාවෝ ආශ්‍රය කරලා නන්නත්තාර කර ගත්ත ජිවිත ගැන. මේ කියන කොටු පැනිල්ල සමාජයේ සුලබවම සිද්ද වෙන දෙයක් නිසා තමයි ඒ වගේ ගීත අදටත් ජනප්‍රිය. අඩුම ගානේ ආදරේ නැතත් සතුටක් හරි ජීවිතේට තියෙනවා.ඒ වගේම මේක ඇබ්බැහි වීමක් නොකර එක පාරක් දෙපාරක් කරලා ඒ දේ නවත්තලා සැබෑ ආදරේ හොයා ගන්න එක ඇඟට ගුණයි. 


අරක්කු සිගරට් වලට ප්‍රමිතියක් ඇති කරලා නීතිගත කළා නම් ඇයි මේකටත් එහෙම ප්‍රමිතියක් දෙන්න බැරි. ගණිකාවක් වෙච්ච කෙනා ඒ තත්වයට වැටිලා ඉවරයි. ඒත් ඒ අයගෙන් බිහිවන දරුවෝ සදහටම වේ* ගේ පුතාල වෙන්න ඕනද? අන්න  ඒ වගේ කරුණු නිසයි මම කිව්වේ අර වගේ ගණිකා ව්‍යාපාරය නීතිගත කරලා යම් ප්‍රමිතියකින් තියන්න ඕන කියලා. එතකොට අදාළ අවශ්‍යතාවය තියෙන අය ඒ වැඩේ කරගනියි. ව්‍යාපාරය කරන අයත් කියක් හරි හිතේ නිදහසින් හොයා ගනියි. අනික ඒ කාන්තාවට නැති උනත් එයාට ඉපදෙන දරුවෙකුට හරි අනාගතේ ප්‍රශ්නයක් නැතුව යහතින් ජිවත් වෙන්න පුළුවන් වෙයි.

අනික ගණිකාවක් කියන කෙනා බිහි වෙන්න නම් ඒ අයගේ සේවය ලබන්න තවත් කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙන්න ඕනේ. සේවය ලබාගන්න අය තමන්ගේ වැඩේ කරගෙන ඉවර වෙලා පස්සේ ගණිකාවන්ට බැනලා වැඩක් නැහැනේ. මේක නවත්තන්න ඕනෑම නම් කරන්න තියෙන්නේ ඔක්කොම එකතු වෙලා ගණිකාවන් ආශ්‍රය කරන එක නවත්තන එක විතරයි. ඒදේ සිද්ද වෙච්ච දවසට ඔය උපාසක උපාසිකාවෝ හිතාගෙන ඉන්න සිහින දේශය ගොඩනැගෙයි





37 comments:

  1. අනේ මන්ද බන් , මට නම් මොකවත් හිතෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. උඹේ ඇහැ හික්මුනේ නැති උනාට අනිත් එව්වා හික්මිලා ඇති එහෙනං ;) :P

      Delete
    2. Please remove the photo of the girl !! That's a leaked photo from a phone. Poor girl !!

      Delete
  2. හ්ම්ම්..මමත් නම් හිතන්නේ මේක නීතිගත කල යුතුයි කියලා...

    ReplyDelete
    Replies
    1. භාවිතා කරන ආකාරය පිලිබඳ දැනුවත් කිරීමකුත් සමගම :)

      Delete
  3. මට නම් හිතෙන්නේ ඔකේ දෙපැත්තක් තියෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනවා නම් ඉතින් අපේ රටේ තහනම් කරලම දාන්න ඕන එව්වා තව ගොඩාක් තියෙනවා :)

      Delete
  4. මේක නීතිගත කොට දැඩි නීති රීති යටතේ ක්‍රියාත්මක විය යුතුයි. සේවකයා මෙන්ම සේවා දායකදාද ආරක්ෂා වන පරිදි නීති සැකසීය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. නීතිගත කලත් දැඩි පාලනයක් තියෙන්නම ඕනේ. ඒත් මෙහේ ඒකටත් ජරාවක් අරගෙන නීතියෙන් රිංගන්න ගුල් හදාගන්න පුළුවන් :)

      Delete
  5. ඕකෙ දෙපැත්තක් තියෙනව බන්... අපේ රට වල් වල ඕනිම දේක නරක පැත්ත භාවිතය වැඩි නිසා නීති ගත කලත් ලොකු හොඳක් දකින්න ලැබෙයිද කියල අවුලක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඕක කොහොමටත් හොද දෙයක් නෙවෙයිනේ ඉතින්. වැඩේ කරගන්න එකා හරි හිතේ නිදහසින් ඒ වැඩේවත් කර ගනියි නේ එතකොට :)

      Delete
  6. අනිවාර්යයෙන් නීතීගත කළ යුතු දෙයක්. වරප්‍රසාද අඩු අය, දැඩි පීඩනයකට ලක් වනවා...

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙන අයට එක නීතියකුත් සල්ලි නැති එකාට තව නීතියකුත් නැතුව ...

      Delete
  7. කෝ ඉතිං නීති ගත කරන්න බැහැ ධර්මද්විපය නිසා.

    ඉතිං බං මේ වැඩේ දිගටම හොරාට තමා කරන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් බං මේ නීතිගත කරවගන්න දඟලන්නේ :P

      Delete
  8. කාන්තාවකට රැකියාවක් විදියට කරන්න පුළුවන් ඕනෑ තරම් දේවල් ඇත.ඔය වගේ රැකියාවක් කිරිමට හිතක් හදා ගන්න ශක්තිය තියෙන කෙනෙකුට වෙනත් රැකියාවක් කිරිමට ශක්තියක් නැති වෙන්න හේතුවක් නැ.මෙවැනි රැකියාවක් පිළිබඳව අපි බොහෝ ගැඹුරට ගොස් කථා කළාද මෙම රැකියාව තුල තමන්ට තෘප්තිමත් විමට හැකිද?ජිවිතය අවසන් විමට මත්තෙන් තමන් ලොකයට තමනුත් තවත් බොහෝ පිරිසක් රෝගින් කළ මිය යනවාට වඩා හොඳ නැද්ද ඊට වඩා සැනසෙන්නට පුළුවන් රැකියාවක් කරාම.නිති ගත කරන්න පුළුවන් ඕනෑම දේයක්.ඒත් ඔබත් මමත් සිමාවක් දැන සිටියද බහුතරය එම සිමාව තුල සිටිද?අරක්කු සිගරට් පිළිබඳව කථා කරන්න කලින් මහරගම පිළිකා රෝහල වෙත ගිය කළ එය නිති ගත කිරිම තුල ඇති විපාක තේරුම් ගැනිමට එතරම් අපහසු නැ.පිරිමින් වැඩි පිරිසක් අද මුඛ පිළිකාවලින් පෙළෙති.ඔවුන් දෙස බැලු කළ නිතිගත කිරිමද පාපයක් සේ දැනේයි.

    ReplyDelete
    Replies
    1. මේකේ මුල් ලිපි දෙකේදී අදාළ කාන්තාව එක්ක චැට් කරනකොට එයා මගෙන් ඇහුව දේ තමයි තමන් කරන රස්සාවෙන් තමන් තෘප්තිමත් වෙන්නේ නැත්තම් කෙනෙක් ඒ රස්සාව දිගටම කරනවාද කියන එක. තමන්ට ඒකෙන් සතුටක් ලැබෙනවාට වඩා උපයන්න පුළුවන් මුදල පිළිබඳවත් ඔවුන් තෘප්තිමත් ඇති. කොහොමින් හරි ඔය රස්සාවට වැටුණු කෙනෙක් පිළිබඳව සමාජය දකින ආකාරය අනුව නැවතත් වෙනත් රකියාවකට ගියත් ඔවුන්ට තමන්ගේ අතීතයෙන් ගැලවීමක් නැති වීමේ ඉඩකඩ වැඩියි.
      සිගරට් පෙට්ටියේ දුම්බීම පිළිකා ඇති කරයි කියලා ගහලා තිබ්බත් රුප වලින් පෙන්නලා තිබ්බත් දුම්බීමේ ආදීනව තේරුම් ගත්තේ කින් කීදෙනාද? නීතිගත කිරීම පාපයක් ලෙස ඔබ දුටුවත් නීතිගත නොකිරීමෙන් ලැබෙන ප්‍රතිපලත් භයානකයි නේද?

      Delete
    2. රෙප් ඔබ පවසන පැත්ත සත්‍යයකි.එහෙත් අපට පුළුවන් වෙන්න ඕන එම කාන්තාවන් පිළිගන්න.ඇයි අපි ඔවුන්ව පිළිකුල් කරන්නේ?එහෙම පිළිකුලක් කරනවා නම් ඔවුන් ළඟට යන්නේ ඇයි?මිනිස්සු හරි කුහකයි රෙප්.මුදල් වලින් ඔවුන් තෘප්තිමත් උනාට සිතින් විදවනවා කියලා මම විශ්වාස කරනවා.මොකද ඒ වගේ රැකියාවකින් ඈත් උන අක්ක කෙනෙක් එක්ක මට කථා කරන්න අවස්ථාව ලැබුණා.මිනිස්සු කොයි තරම් අසරණ වෙනවාද කියලත් මට හිතුණා.

      Delete
  9. ගතයුතු බොහෝ දේවල් තියනවා..තවදුරටත් සදාචාරය කියන දේ මත ගිහින් මෙය පසෙක දානවට වඩා නීගිත කිරීම වඩා යෝග්‍යයි..මොකද මිනිස් අවශ්‍යතා කියන දේට මෙයත් අතිරේක අවශ්‍යතාවක් වෙලා..නැතිනම් එය අහිංසක දරුවෙක්ගේ පිටින් යන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. සදාචාරය සංස්කෘතිය කියන වචනත් විකුණගෙන කන එකේ තියෙන අවශ්‍යතාවයන් බලහත්කාරයෙන් නීතියකින් හිර කරලා තියන්න උත්සාහ කිරීම තුල සිද්ද වෙන්නේ ඒක තමයි.

      Delete
  10. ගණීකා වෘත්තිය කියන්නෙ කර්මාන්තයක්..ඒ වෘත්තිය ලංකාව තුල නිවැරදිව ස්ථාපනය නොවීම ගැටලුවක්...ඒ නිසා සංචාරක කර්මාන්තය වගේම ලංකාව ලෝක වෙළදපොල තුල කොන්වීමක් සිදු වෙලා තියෙනවා...
    ගණිකාව ගැන කියන ගොඩක් කතාන්දර වල තියෙන ගැටලු ගනිකාවන්ට නැහැ..ඒ අය කාල බීල ජොලියෙ ඉන්නවා...ඒ අය ජීවිතේ සතුටින් ගතකරනවා කියලා දකින්න එක මිනිහෙක් එක්ක විතරක් නිදාගන්න එක ගෑනියෙක් එක්ක විතරක් නිදාගන්න පුරුදුවෙච්චි අපි ගොඩ දෙනෙක් කැමති නැහැ..

    ඉතිං අපේ සිත් තුල හොල්මන් කරන ඒ අඩුව පුරවන්නේ ගණිකාව මහ දුකක් විඳිනවා කියන තැනින්...

    ReplyDelete
    Replies
    1. ඒකත් දැනට නිල නොලත් මට්ටමේ ඉන්න අවසරලත් ගණිකාවන්ගේ මාකට් එක වැඩි වෙන්න එක හේතුවක්..

      Delete
  11. හ්ම්ම ගණිකාවෝද මනුෂ්‍යයෝය..

    ReplyDelete
  12. පැහැදිලිවම මම මීට කලිනුත් කියලා තිබෙනවා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි. මේවාට විරුද්ධ වෙන්න ලේසියි. හැබැයි සමාජයේ මෙවැනි ප්‍රශ්න එක්ක, මිනිස්සුන්ගේ අභ්‍යන්තරය එක්ක කටයුතු කරන වෛද්‍යවරයෙක් ලෙස මම ඒ අඩුව දකිනවා. ඒ විතරක් නෙමෙයි පාසැල්වල නිසි ලිංගික අධ්‍යාපනයක් ද දිය යුතුයි. අම්මෙ අපි අහන දේවල හැටියට හිතෙනවා මිනිස්සු ඉන්නෙ 19 ශත වර්ෂේද කියලා .......

    ReplyDelete
    Replies
    1. පාසල් වල ලිංගික අධ්‍යාපනය සම්බන්ධව විෂය නිර්දේශ තුල තිබුනට බොහෝ අවස්ථාවල ගුරුවරුත් අදිමදි කරනවා උගන්වන්න. ඒක ඔවුන්ගේ සිතුවිලි වල තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්..

      Delete
  13. ගණිකාවන්ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. ඔය ප්‍රශ්නෙට මම කොටස්කාරයෙක් නම් ඔබතුමට හරි තුමියට හරි මේකේ කමෙන්ට් කරන්නත් විදියක් නැහැනේ :)

    ReplyDelete
  15. ගණිකා වුර්තිය නීතිගත කරා කියලා අමුතු වෙනසක් වෙන එකක් නෑ.එකත ධනවත්තු අහිංසක කෙල්ලන් දුෂණය කරලා ගණිකාවක් කියයි

    ReplyDelete
    Replies
    1. දැන් උනත් ඒක සිද්ද නොවී ඉන්නේ නැහැ නේ. මම කියන්නේ දැනටත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඔය තත්වයට පත් වෙලා ඉන්න අයට මොකක්ම හරි සුභසාධනයක් තියෙන්න ඕන කියලා...

      Delete
  16. ඔය කියන විදිහට නීති ගත කලොත් ගණිකාවන්ගේ දරුවන්ට ඔය කියන පිළිගැනීම එයිද..? මේ කඩතුරා බැඳගෙන ඉන්න සමාජයේ ඒ කඩතුරාව බිඳිලා යන්න සෑහෙන කාලයක් යනවා අයියේ..අනික ඒ දේ හිතන තරම් සැලකියයුතු කාලෙකදී වෙන්නේ නෑ. ..මොන නීතිය ආවත් සේවය ලබා ගන්න කෙනා සේවය ලබා ගනීවි. ඒත් එහෙම නැති කෙනා නීතිගත කල දේත් පිළිකුලෙන් හෙලාදකිවී.

    ReplyDelete
    Replies
    1. සමාජයේ උදවිය ගණිකාව දිහා බලන කෝණයෙන් තමයි ඔක්කොම තීරණය වෙන්නේ...ඕක නීති ගත කලත් මිනිස්සු ගණිකාව දිහා බලන විදිහ නතර කරයිද කාලයකට.

      Delete
    2. කොයි තරම් සංස්කෘතිය සභ්‍යත්වයක් ගැන පාරම් බෑවත් දැනට මේ ධර්මද්වීපය බටහිරකරණය වීගෙන යන වෙගේට් වැඩිකල් නොයාම ගණිකා ගණීකා වෘත්තිය පිළිගත්ත රස්සාවක් වෙනවාම තමයි නංගි. දැනටත් ඔය කර්මාන්තය නුතන තාක්ෂනය කියන එකත් එක්කත් බද්ද වෙලා ඉවරයි. කොහොමටත් හොර රහසේ සිද්ද වෙන මේ දේට යම් කිසි ප්‍රමිතියක් ගෙනාවොත් සේවාව සපයන්නා සහ සේවාව ලබන්නා යන දෙන්නටම කුමනම හෝ ආරක්ෂාවක් තියෙනවා. ඔවුන්ගේ දරුවන්ටත් අනිත් දරුවන්ගේ මට්ටමම ලබා දෙන්න කාලයක් ගත උනත් ඔවුන්ටත් අදට වඩා හොද තත්වයක් ලැබෙයි.

      Delete
  17. ගණිකා වුර්තියට ගැහැණිය ඇදල දාන්නෙත් මේ සමාජෙම තමයි බන්..

    ReplyDelete
  18. මොන දේ වුනත් මමනම් හිතන්නෙ අපිටත් සංස්කෘතිය කියල දෙයක් තියනවා බන්,,, හැම දේකෙම දෙපැත්තක් තියනවා.. මම ඉන්නෙ තාමත් ගණිකා වුර්තිය නීති ගත් කරනවට විරුද්දයි කියන මතයෙ.... මේක නීති ගත කරොත් ලොකු ලොකු ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්.. දැනටත් මචන් අපි මොන ලෙසට කිවුවත් තියෙන්නෙ පුරුශ මූලික සමාජයක්.. බිරිඳ ස්වාමි පුරුශයාට බයයි... නීතියෙනුත් මේවට අවසර දුන්නම ගෙදර පතිවත රකින ගැහැණියට සිද්ධ වෙන්නෙ වහකන්න.. ඇරත් ආදරය මත ගොඩ නැඟෙන්න ඕන සම්බන්ධයක් මුදලට පාව දෙන්න හොඳ නෑ..

    ReplyDelete
  19. ලoකාවට කොහොමත් ඔය වගෙ රස්සාවල් හරියන්නැ.. මොකද එත කොට වෙන්නෙ පවුල කියන සoස්තාව නැතිව යනවා..(ගැහැනියක් වන මා කවදාවත් අනුමත කරන්නැ මගේ මිනිහා තව ගැහැනියක් ගාව ලෑගලා එනවාට)) එකත් පිරිමියාට හොද තුරුම්පුවක් වෙවි...

    ReplyDelete