Friday, December 28, 2012

ගණිකාවෝද මනුෂ්‍යයෝය .......

හායි කොහොමද ඉතින්

හොදින් ඉන්නවා

බරටම වැඩ වගේ

එහෙමටම වැඩක් නැහැ ඇයි එහෙම අහන්නේ?

වැඩි කතා බහක් නැහැ නේ 

ඉතින් කියන්න මොනවද වෙන්න ඕනේ

ඔයාට මොනවද ඕනේ. කැමති දෙයක් තියෙනවා අපි ලග 

මොනවද තියෙනවා කිව්වේ 

බලන්න මගේ ප්‍රොෆයිල් එක



හ්ම්ම් 

මොනවද තියෙන සර්විස්

ඔයිල් මසාජ්, ක්‍රිම් මසාජ් 

තව

සෙක්ස් ඕන නම් ඒවත් 

හ්ම්ම් 

කොහොමද ඕක වෙන්නේ 

කැමති තැනක් කියන්න මම එන්නම් වැඩි ගානක් නැහැ පැයට 1000 යි.

.
.
.
.
හායි

හලෝ කොහොමද

දැක්කම හායි කියනවා. ඔයාලට ඉතින් අපිව මතක නැහැ නේ 

එහෙම අමතක වෙනවද ඔයාව

ඒක නෙවෙයි, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

අහන්න 

පිරිමි ඇයි @#@ මේ තරම් කැමති

ඔයාල වගේ අයත් ජිවත් වෙන්න ඕන නිසා 

ඒ කිව්වේ 

පිරිමි ඔයාලට #@#2 නැත්තම් කොහොමද ඔයාල ජිවත් වෙන්නේ 

හ්ම්ම් එකත් ඇත්ත තමයී
.
.
.
.
හායි

මොකද අද පෝය දවසෙත් නිවාඩුවක් නැද්ද

නැහැ අද තමයි ගොඩක් වැඩ තිබුනේ. නිවාඩු දවසනේ අද 8 දෙනෙක් 
එක්ක ගියා.


මදි නැද්ද 

මදි නම් තමයි. එත් ඇගට අමාරුයි

මේ පෝය දවසෙත් ඕකම කරන්නේ පන්සලකට ගිහින් පිනක් කරගන්නවකෝ අද වත්

පිරිමි කියන්නේ මහා ආත්මාර්ථකාමී ජාතියක්, අපිත් එක්ක කරන්න ඕන ඒවා ඔක්කොම කරලා දැන් කියනවා පන්සල් ගිහින් පින් කරන්නලු, අනේ මගේ කට

උඹලා ඉස්සර පව් කරපු නිසා තමයි අද ඔහොම හැම එකා එක්කම යන්න වෙලා තියෙන්නේ. පිරිමි පින් කරලා තියෙන නිසා තමයි සැප ගන්න කියලා උඹලව අරන් යන්නේ. ඕකෙන් ලබන ආත්මේ හරි ගැලවෙන්න තමයි මම දැන්වත් පින් කරන්න කියලා කිව්වේ

හ්ම්ම් ඔයා හරි, මම මහා පව් කාරියක් තමයි. ඔයා මේකේ මොනවා හරි එකක් ලියනවා නේද? මම මගේ ඇත්තම කතාව කියන්නම් ඔයා ලියන්න. අපිට උන දේවල් තව කෙනෙකුට සිද්ද නොවෙන්න ඔයා මගේ කතාව ලියන්න. ඒක කියවලා එක කෙල්ලෙක් හරි බේරෙනවා නම් ඒක ලොකු දෙයක්....

දින කිහිපයක් තිස්සේ බුකියෙන් පැවසු ඇගේ කතාව ළඟදීම ......   


කවුරු මොන කතාන්තර කිව්වත් 2013 බ්ලොග් කරුවන්ගේ සුහද හමුව ජනවාරි 27 වෙනිදා ගම්පහ මල් වත්තේදී   පැවැත්වීමට සැමා සිරා ඇතුළු ගම්පහ ප්‍රදේශයේ බ්ලොග්කරුවන් දැනටමත් සුදානම්.....






55 comments:

  1. හත් වලාමේ අවුරුදු ගානකින් බ්ලෝගෙකට ගොඩවැදුනේ... වැරදි එක්කටද මංදා ආවේ..

    ඒක නෙවේ රෙපෝ මොකක්ද බං මේ ගෙට්ටු කතාව?

    ReplyDelete
    Replies
    1. කණියව දැකපු කල්.. :)
      බ්ලොගර්ස්ලගේ ඊලග ගෙට් එක ජනවාරි 27 ගම්පහ මල්වත්තේදී. මේ සැරේවත් එනකොට ටිකක් පරිස්සමින් කල්පනාවෙන් වරෙන් කොල්ලෝ :)

      Delete
    2. අනේ ඔව් නැත්නම් අහක ඉන්න බයිසිකල් කාරයෝ අමාරුවේ.. මේකා එදා බොරුවක් කීවාද හිතමින්..

      Delete
    3. ඔන්න ඉතින් ඕකනේ උබලා...

      Delete
    4. බයිසිකල් කාරයෝද ත්‍රිවිල් කාරයෝද? අනේ මන්දා :/

      Delete
  2. කතාව ඇත්ත නම් ඉතාම ජනප්‍රිය එකක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කියපු කෙනාගේ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්ම තමයි දාල තියෙන්නේ බන් :)

      Delete
  3. මූට කොච්චර වඳින්න උනාද මේ බිලොගේ මකුළු දැල් කඩන්න... හි හි

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මේ මාසෙට ඔය පොස්ට් 3 ක් ම දාල තියෙන්නේ ඒ මදැයි... :) හි හි

      Delete
  4. විටෙන් විට අටු කොස් දදා ඉඳලා මෙන්න බොලේ රේප් අයියා පොස්ට් එකක් දාලා. හා හා කියමුකෝ බලන්න ඇගේ කතාවත් අපිට අහන්න.

    ReplyDelete
    Replies
    1. තවම ඇයත් කතාව ඔක්කොම මට කියලා ඉවර කලේ නැහැ බන්. අද හෙට ඉතුරු ටිකත් කියලා දායි. :)

      Delete
  5. තිත්ත ඇත්ත බලමු කතාවත්

    ReplyDelete
  6. හප්පටසිරි.. ලියපං ලියපං බලන්න... උඹගෙ හොඳට ඈ කියන්නෙ... කෙල්ලෙක් නෑ කියලා උන් එක්ක එහෙම පැටලෙනවා නෙමෙයි :P

    ReplyDelete
    Replies
    1. හරි හරි ලෙක්චර් බිමා ඔන්න අවවාදේ පිළිගත්තා :P

      Delete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... කතාව ලියන්න අයියේ!! හැම ගනීකාවක්ම එහෙම වෙලා තියෙන්නෙ එයාගෙ කැමැත්තෙන්ම නොවෙන්න පූලුවන් නෙ, අපි බලමුකො එයාගෙ කතාව...

    ReplyDelete
    Replies
    1. එයාට මෙහෙම උනේ කැමැත්තෙන්ද නැද්ද කියලා මටත් තවම හිතා ගන්න බැහැ. කියවලා ඔයාලම තීරණය කරන්න...

      Delete
  8. රෙපෝ නියමයි කතාව පටන් ගනින්.....
    ගෙට්ටුවට අපි එනවා අනිවා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ලියමින් පවතී. :)
      ගෙට්ටුවේදී සෙට් වෙමු එහෙනම් :)

      Delete
  9. අදයි කමෙන්ටුවක් මෙහෙ කොටන්නේ. රෙපා....අනිවා කියහං. නොදන්න එවුන් වගේම දැන ගෙනත් නොදැන වගේ ඉන්න එවුන් වැඩි කතාවක් තමා ඔය කියන්න යන්නේ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..

      හ්ම්ම් වැඩි දෙනෙක් දන්න නොදන්නවා වගේ ඉන්න හදන කතාවක් වෙන්නත් පුළුවන්. කවුරුත් නොහිතන කතාවක් වෙන්නත් පුළුවන්. බලමු :)

      Delete
  10. // උඹලා ඉස්සර පව් කරපු නිසා තමයි අද ඔහොම හැම එකා එක්කම යන්න වෙලා තියෙන්නේ. පිරිමි පින් කරලා තියෙන නිසා තමයි සැප ගන්න කියලා උඹලව අරන් යන්නේ. ඕකෙන් ලබන ආත්මේ හරි ගැලවෙන්න තමයි මම දැන්වත් පින් කරන්න කියලා කිව්වේ //

    කිසිසේත්ම එකඟ විය නොහැක..

    ReplyDelete
    Replies
    1. ඔය කතාව නම් පෝය දවසේ 8 දෙනෙක් එක්ක ගියා කියපු වෙලාවේ මම ජෝක් එකට කියපු කතාවක්. මේ ගැහැණු කෙනා සුද්දවන්තියක් කරන්නවත් පවු කාරියක් කරන්නවත් කිසිම උවමනාවක් මට නැහැ. එයා මොන වගේ කෙනෙක්ද කියලා තීරණය කරන එක භාර ඔයාලට.
      මෙයා කියන කතාව එහෙමම ලියන්න ගියොත් මාව සින්ඩි වලින් එලවනවා. ඒ නිසා කතාව පොඩ්ඩක් සංස්කරණය කරලා තමයි ලියන්න වෙන්නේ

      Delete
  11. පවු බන් එකී... සිරාවටම පවු

    ReplyDelete
    Replies
    1. එයාද එයාල එක්ක යන අයද පවු කියලා මම කල්පනා කර කර ඉන්නේ බන් ...

      Delete
  12. හ්ම්ම්.... බලමුකෝ එහෙනම් ඇගේ කතාව......

    ReplyDelete
  13. ඔහොම කස්ටිය එක්ක chat කරන් නෑ. ඒකට හේතු ගොඩක් තියෙනව, ඒ උනාට ඔහොම කෙන්ක් එක්ක chat කරද්දි video call එකක්වත් අරන් ගෑනුමද කියල දැන ගන්න එක තමන්ට හොඳයි. තමන්ගෙ තත්වෙ නැති කරන්න එන අයත් ඉන්නවනේ.

    මෙහෙම කෙනෙක් FB එකෙ නෑ

    ReplyDelete
    Replies
    1. මේක එක දවසකින් වෙච්ච කතාවක් නෙවෙයි මල්ලි. මට මේක එක්ක නිදාගන්න යන්න උවමනාවක් තිබ්බේ නැති නිසා වීඩියෝ කෝල් අරගෙන චෙක් කරන්න උවමනාවක් තිබුනෙත් නැහැ. මේ තියෙන ස්ක්‍රීන් ෂොට් එක දැකලම දෙතුන් දෙනෙක් මේ කියන්නේ කා ගැනද කියලත් හොයා ගත්තා. උඹට උවමනාවක් තියෙනවා නම් මේ කතාවේ චැට් හිස්ට්‍රි එකේ ස්ක්‍රීන් ෂොට් එකකුත් අරගෙන දෙන්නම් :P

      Delete
  14. ගොඩ දවසකින් වගේ ලියන්නේ... ලියමු ලියමු ඉතුරු ටිකත් ඉක්මනටම.............

    ReplyDelete
    Replies
    1. ගොඩ දවසකිනුත් නෙවෙයි වගේ. මේ මාසේ 3 වෙනි පොස්ට් එක බන්.
      ඉතුරු ටිකත් ලියන ගමන් මේ .. :)

      Delete
  15. මචන් එයාගේ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන් ෂොට් දාන්න එපා බන්.
    එහෙම උනොත් වෙන්නේ උබත් ඒ අයගේ කඳුළු විකුණන් කන
    එකම විතරයි...මතක තියාගනින් පටචාර ආවත් පඳුරකට වහන් වෙන උන්
    ඉන්නේ මේකේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔන්න ඒක අයින් කළා. ස්ක්‍රීන් ෂොට් එක නිසා දෙතුන් දෙනෙක්ම ඔය ප්‍රොෆයිල් එක හොයාගෙන තිබුනා. ඒ නිසා අයින් කලේ. ඕක තිබුන නම් ඒකෙන් වෙන්නේ මම මෙයාගේ කදුළු විකුණගෙන කන එක නෙවෙයි. මේක කියවන උන් දෙතුන් දෙනෙකුත් ඔය ගැහැණු කෙනා කියන විදියට එයාගෙන් සැප ගන්න යනවා කියන එක.....

      Delete
    2. මචන් කරුණාකරලා පුද්ගලික අමනාපයක් ඇති කර ගන්න එපා
      මන් මේක කිව්වට හොදද ?
      ///ගණිකාවෝද මනුෂ්‍යයෝය .......///


      කියල මාතෘකාව දාල


      //මේක කියවන උන් දෙතුන් දෙනෙකුත් ඔය ගැහැණු කෙනා කියන විදියට එයාගෙන් සැප ගන්න යනවා කියන එක//

      ඔහොම කියන්න පුලුවන්ද මනුස්සයෙකුට ?


      හැමෝම කරන්නේ ඔය දේ තමා රෙපා තේරුම් ගනින්.අති විශාල
      කරුණාවකින් ලං වෙලා හනේ හපොයි කියල , එකම එක දෙයක් කරලා
      පුරුදු විදිහට ගරහන එක විතරයි.

      කාටවත්ම ඔවුන් මනුෂ්‍යයෝය කියන හැගීම දැනෙන්නේ නැහැ.
      කරන්නේ බොරුව ලන් වෙන්න විතරක්!

      Delete
    3. මේ බ්ලොග් පොස්ට් එකක කමෙන්ට් එකක් නිසා කා එක්කවත් අමනාප වෙන්න මට පිස්සුවක් නැහැ බන් :)......

      //මේක කියවන උන් දෙතුන් දෙනෙකුත් ඔය ගැහැණු කෙනා කියන විදියට එයාගෙන් සැප ගන්න යනවා කියන එක//

      ඔහොම කියන්න පුලුවන්ද මනුස්සයෙකුට //

      මේ සමාජයේ ජිවත් වෙන සාමාන්‍ය ගැහැනියකට උනත් බඩුව, ගෙඩිය වගේ නම් වලින් ආමන්ත්රණය කරන සමාජයක ජිවත් වෙන මිනිස්සුන්ට ගෑනියෙක් ගෙන් සැප ගන්නවා කියන වචනේ කියන්න බෑ කියලා උඹ හිතාගෙන ඉන්නවා නම් ඒක විහිළුවක් මචන්. අනික ඔය සැප ගන්න වචනේ මගේ එකක් නෙවෙයි ඔය ගැහැණු එක්කෙනාගේම වචනයක්.

      මට මෙතැනදී මේ ගැහැණු කෙනාවවත් එයාගේ ඇසුර පතාගෙන එන උන් වත් සුද්ද කරන්න කිසිම උවමනාවක් නැහැ. අනික මේ ගැහැණු කෙනාටත් උවමනා වෙන්නේ සමාජයේ අනුකම්පාව නෙවෙයි. මොකද ඔය වගේ සමාජයේ හැමෝම ඉස්සරහා මහා සුද්දවන්තයෝ වගේ පෙනී ඉන්න ගොඩක් දෙනාගේ ඇතුලත ජීවිතය ගැන ඒ අය උඹලට අපිට වඩා හොදට දන්නවා.

      ගනිකාවොද මනුෂයෝය කියලා මෙතැනදී කියන්න යන්නේ උඹලා බලාපොරොත්තු වෙන ජාතියේ කතාවක් නොවෙන්න පුළුවන්. මොකද එයාලට ඕන පස්සේ කාලෙක භූමිකම්පාවක් බවට පත් වෙන අනුකම්පාවක් නෙවෙයි. වෙන දේවල්....
      මේක ඔක්කොම කියෙව්වට පස්සේ උඹටත් ඒ ටික තේරෙයි :)

      Delete
  16. උඹ කාලෙකින්ද ආවෙ? :-)
    මාත් කාලෙකින් අදයි ආවෙ. කතාව ලියමුකො එහෙනං.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් උනාට උඹ තරම් කාලෙකින් නෙවෙයි බන් ..
      මේ ලියන ගමන් ..:)

      Delete
  17. කතාව ලියමු !අපි බලන්න එන්නම්කෝ ..

    ReplyDelete
    Replies
    1. හෙට බැරි උනොත් අනිද්දා දානවා ඉතුරු ටික :)

      Delete
  18. ඇඟ විකුනන් කන එක නම්බුයි බං අහිංසක මිනිස්සුන්ගෙ දාඩිය කඳුළු විකුණන් කනවට වඩා...

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් ...
      ඇඟ විකුණන් කන උන්ගේ පිහිටෙන් තමන්ගේ බඩගොස්තරේ හොයාගෙන, ලෝකෙට පෙන්නේ සිල් අරගෙන තමන්ට කන්න හොයලා දෙන උන්ටම වල කපන උනුත් මේකේ ඉන්නවා..:/

      Delete
  19. ඇත්තම කතාවක් නම් අනිවා ලියන්න අයියේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එයා කියපු කතාව තමයි :)

      Delete
  20. හොඳ ආරම්භයක් වගේ රෙපෝ... කතාව කියවන්න මමත් එනව ඔන්න..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :)

      Delete
  21. කතාව කොහොම එකක් වෙයිද කියලා කමෙන්ට් රිප්ලයි කියවනකොට හිතා ගන්න බැරි උනා.. එක එක විදිහේ වෙයි වගේ.. එකට විසදුම ඉක්මනට කතාව දාන එක මම හිතන්නේ.....

    ReplyDelete
    Replies
    1. වැඩිය කල් යන්නේ නැහැ. ඉක්මනටම ලියනවා :)

      Delete
  22. ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලදුනේ....පව් ඉතිං කාගෙ හරි දරුවෙක්නෙ...

    සමහරු දෙසැම්බර් 27 මල්වත්තට ගිහිං...මට කථා කොලා....

    ReplyDelete
    Replies
    1. කාගේ හරි දරුවෙක් නම් තමා :)
      එයාලට ඉතින් ලබන 27 වෙනිදත් මල්වත්තට එන්න කියමු :)

      Delete
  23. මම නම් ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් කිසිම නරක දෙයක් කියන්නෙ නෑ. ඔවුන්ට අප්‍රමාණව ගරු කරනවා.
    ගැහැණියක් තමන්ගෙ "ලස්සන" සේල් එකේ දානවා; මුදල් - දේපල තියෙන පිරිමියෙක් ඒක මිළදී ගන්නවා. ගනු දෙනුව ආණ්ඩුවේ ලියකියවිලි හරහා හෝ වෙනත් ඕනෑම ආකාරයකින් සිදුවිය හැකියි.......

    ReplyDelete
    Replies
    1. ඔය අදහස හරි කියලා මටත් දැන් හිතෙනවා සුමිත් අයියා :)

      Delete
  24. කෝ පිංතූර නැහැනේ :P

    ReplyDelete
    Replies
    1. පින්තුරේ තිබ්බ පැය දෙක තුනට එයාගෙයි මගෙයි මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගාන වැඩි වෙනවා වගේ දැක්ක නිසා පින්තුරේ අයින් කළා :) :P

      Delete
  25. අඩේ.....මේ ඇත්තම ස්ටොරියක් නේද ලියන්න යන්නේ! එල එල!

    ReplyDelete