Saturday, August 4, 2012

බලාපොරොත්තුව



දිව ගියෙමි
නිරුදක කතරක
දිය බිදක් සොයාගෙන
හති වැටෙන තුරු
වේගයෙන්

දැනෙන විට
දිවගියේ
මිරිගුවක් දැක බව
සවියක් නැත ගතට
නැවතත් හැරෙන්නට

දිය බිදක් නැතත් පවසට
අහරක් නැතත් බුදිනට
තියේ එකම එක
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පුංචිම පුංචි බලාපොරොත්තුවක්
පමණක්ම
දිවියට



ප.ලි. මෙලෝ රහක් නැතුව බුකියට වෙලා රස්තියාදු ගහනකොට කුරුටු ගෑවුන පද ටිකක්.

38 comments:

  1. ලස්සන අරුතක් ථියෙනෙඅ පද ඩිංගක්....

    ReplyDelete
  2. බලාපොරොත්තුව අරක නේද???????

    ReplyDelete





  3. නෑ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. එකම එක බලාපොරොත්තුවක්!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක් !!!

      Delete
  5. සමහර මිනිස්සු ඔය කියන පුංචිම පුංචි බලාපොරොත්තුවෙන් ගොඩාක් ලොකු දේවල් කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත. දැන් මටත් ඉතුරු වෙලා තියෙන්නේ එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක් විතරමයි....

      Delete
  6. ම්ම්ම්...බ්ලාපොරොත්තුව...ජීවිතය ජීවත් කරන බලාපොරොත්තුව.. ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ජීවිතය ජිවත් කරවන එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක්....

      Delete
  7. කියන්න වැරැද්දක් නෑනෙ රෙපෝ ඔය තියෙන්නෙ අපූරුවට..

    ReplyDelete
  8. රෙපා සෙන්ටිමෙන්ටල් වෙලාද මන්දා :ඩ්
    පද ටික එලය

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලාද මංදා :P
      තැන්කු පුබුදුවෝ :))

      Delete
  9. අපූරුයි හ්ම්ම් :)

    ReplyDelete
  10. මොකක්ද කියමු බලන්න ඔය බලාපොරොත්තුව? ;)

    ReplyDelete
  11. පුංචිම පුංචි බලාපොරොත්තුවකුත් ඇති ජීවිතේට අයියේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකම එක පුංචිම පුංචි බලාපොරොත්තුවක් :))

      Delete
  12. හ්ම්ම්ම්...
    බලාපොරොත්තු..

    ReplyDelete
  13. lassana pada tikak ayya..........ayeth ennamko me patte.......... :)

    ReplyDelete
    Replies
    1. තැන්කු අරලියා. ආයෙත් එන්නකෝ :))

      Delete
  14. හොඳ බලාපොරොත්තුවක් වෙන්න ඇති එහෙනම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වෙන්න ඇති සමහරවිට......

      Delete
  15. ඉක්මනට කසාද බැඳපන්

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා, කසාද බදින්න කලින් ජිවත් වෙලා ඉන්න ඕනනේ බං.

      Delete
  16. දැක දැක මිරිගුව පසුපස දිවයන විට
    එය මිරිගුවක් බව කීවත් නුඹහට
    නුඹ පිළිගත්තත් හිත නොපිළිගන්නා තරමට
    අන්ධවීදෝ නුඹ ආදරේ නාමෙට......

    ReplyDelete
  17. ජීවිතේ ජීවත් කරන්නේ බලාපොරොත්තු තමයි රෙප් අයියේ. මෙලෝ රහක් නැතුව රස්තියාදු ගහන ටයිම් එකක් කියන්නේ ඉතින් කවියන්ට කතාකාරයින්ට රත්තරන් හෝරාවක් කියලයි මම හිතන්නේ. හැම වෙලාවේම නැති වුනාට සමහර වෙලාවට. මොකද මොලේ ඔල්මොරොන්දම් වෙලා ඉන්නකොට තමයි සුපිරි ලයින් කවි ටෝක් හිතට ගලාගෙන ගලාගෙන එන්නේ.

    ReplyDelete
  18. වට්ස් ද බලාෆොරොත්තු ? අරක නේද.. මං දන්න අරක... :) උඹ ගාව කවි වත්තක් තියනවද ? නියමයි නියමයි.

    ReplyDelete
  19. අඩුගානේ බලාපොරොත්තුවක් වත් තියෙන එක කොයිතරම් දෙයක්ද? සමහර අයට එහෙම දෙයක් වත් නැහැ

    ReplyDelete