Wednesday, August 1, 2012

පොඩි උන්ගේ පිහිටෙන් රෙපා පාර්ලිමේන්තුවෙන් රාවණ යුගයට

අවුරුද්දකට අධ්‍යාපන චාරිකා දෙක තුනක් සැට් වීම පොඩි කාලයේ  පටන්ම රෙපාට අරුමයක් වුයේ නැත. ඒ රෙපාගේ මවු තුමිය පාසලක ටීචර් කෙනෙක් වීම හේතුවෙනි. රෙපා පාසල් යන කාලේ අම්මා ඉගැන්වූ පාසලෙන් යන සියලුම අධ්‍යාපන චාරිකා රෙපාට සෙට් විය. ඒ කාලේ සිටම රෙපාට කිලෝ මීටර් අදාළ නැත. කෙසේ උවත් දැන් අවුරුදු ගණනාවකින් ඔය වගේ ගමනක් යාමට රෙපා සැට් වුයේ නැත. මොකදැයි කියනවා නම් හැමදාමත් අධ්‍යාපන චාරිකා විනෝද චාරිකා අනම් මනං නම් කියාගෙන යන හැම තැනක්ම රෙපාට මෙලෝ රහක් නැති ස්ථාන විමමය. පහු ගිය අවුරුදු කිහිපයකම රෙපාගේ ජීවිතය ගෙවී ගියේ ලංකාවේ හැම අහුමුල්ලකම අවිදිමින්ය. දැන් ලංකාවේ එහා කොනට ගිහින් ආවත් රෙපාට ඒ ගමන නිකම්ම නිකම් සාමාන්‍ය සිද්දියක් පමණක්මය.


පෙරේදා දිනයේ ඔය වාගේ චාරිකාවකට රෙපාට නැවතත් ආරධානාවක් ලැබිණි. ඒ ගමනට සහභාගී වීමට සිටි  ගුරුවරයෙකුට හදිසි කාරනාවක් මත එම ගමන යාමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ අඩුව පිරවිමටය. මේ වන විට රෙපා සිටියේ නැවත ජිවිතයේ කිලෝමීටර් නැති කර ගන්නේ නැතිව පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා යන අවංක චේතනාවෙනි. නමුත් සිදු වුයේ වෙනකකි. අහෝ ඛේදයකි ඉරකි තිතකි. රාත්‍රි කාලය ගෙවී ගියේ නින්ද නොමැතිව සද කදුළු මිදුමකින් වැසිලාය. රෑ 12 පසුවනතුරු බුකියේ රස්තියාදු ගැසිනි. නිදා ගැනීමට කියා ඇදට වැටුනද  පාන්දර වනතුරු දෑසට ලගා නොවුණු නින්ද නැවතත් රෙපාගේ කිලෝමීටර් නැති කර දැමිය. පෙර දිනයේ චාරිකාව යාමට බැහැ කියූ රෙපා පාන්දර 3 වනවිට සිටියේ අවදිවී චාරිකාව යාමට සුදානමිනි...


පාන්දර නැගිට ගත්තත් චාරිකාව යාමට සිතුවත් කොහේ යනවාද මොනවා කරන්නද කිසිම අරමුණක් නැත. පහමාරට පමණ නිවස ඉදිරිපිටට පැමිණි බසයේ රෙපාද එල්ලිනි. දක්ෂිණ අධිවේගය හරහා බසය කොලොම්පුර බලා ගමන් ඇරඹිය. 
පිස්සු හැදෙනවාය දිනකට හෝ රෙපාද පාසල් ගුරුවරයෙකු වී ඇත. ඉස්කෝලේ යන කාලේ ගුරුවරුන්ට අප කොතරම් කරදර කර ඇතිදැයි රෙපාට වැටහීමට පටන් ගත්තේ ගෝල් පේසිය අසල නැවැත්වූ බසයෙන් පොඩි උන් එකා දෙන්නා බිමට බසින විටය. මුන් නම් කොල්ලන් නොව කොලු තාත්තලාය. සමහර උන් ජීවිතේට මුහුද දැක තිබුනේ ඊයේය. උන් මෙලෝ සිහියක් නැතුව ජිවිතේ පළමු වරට දුටු හෝ ගාන පොකුණ නරබන්නට දුවනවාය. කොහොමින් කොහොමට හරි ගෝල් පේසිය මුලින්ම ගියේ අසලම ඇති ලංකා බැංකු මුලස්ථානයටය. එතැනදී 28 වන මහලට ගෙන ගොස් පොඩි උන්ට මුහුද පෙන්නනු ලැබිය. කිරි පැකට්ටුවක්ද ලැබිණි. අනතුරුව ලේක් හවුස් ආයතනය නරඹා ගියේ පාර්ලිමේන්තුවටය.


කොපමණ කොලොම්පුරේ ඇවිද්දත් දියවන්නාව ඉදිරියෙන් කොතෙකුත් වාරයක් ගමන් කලත් කිසිම දිනක රෙපාට පාර්ලිමේන්තුව ඇතුලට යාමට චෑන්ස් එකක් වැදුනේ නැත. අද මේ පොඩි උන්ගේ පිහිටෙන් රෙපාටද පාර්ලිමේන්තු යාමේ චෑන්ස් එක සැට් වී තිබේ. පොලිස් මාමලාගේ පරික්ෂා කිරීම් වලින් අනතුරුව පාර්ලිමේන්තු බස් රථයක පටවා පාර්ලිමේන්තුවට යාමට ලැබිණි. පොඩි උන්ගේ පිහිටෙන් හෝ රෙපාද දැන් පාර්ලිමේන්තු පැමිණ තිබේ.

බසයෙන් බසින විටම දැක පුරුදු මුහුණකි. කිලෝ මීටර් නැති එකා කොහේ ගියත් දන්නා මොකෙක් හෝ එකෙක් සෙට් වේ. මේ සිටින්නේ එවැනි බුවෙකි.

 "හලෝ මචං උඹ " 


ඔහු මා හදුනා ගත්තේය. පරණ මිතුදම් අලුත් විය. බලාගෙන යනවිට යාලුවා රස්සාව කරන්නේ පාර්ලිමේන්තුවේය.
පොඩි උන් පඩි පෙළ දිගේ නගිද්දී විදුලි සෝපානයෙන් ඉහල මහලට යාමේ චෑන්ස් එක ඔහු නිසා මටත් මා සමග අහල පහලින් සිටි කිහිප දෙනෙකුටත් සෙට් විය.
නරඹා පහලට පැමිණෙන විට යාලුවා අතකින් පාර්සලයක්ද රැගෙන පැමිණියේය. 


"මචං මෙතන පාර්ලිමේන්තුව ගැන පොත් සෙට් එකක් තියෙනවා. ඉගන ගන්න උන්ට ගොඩාක් වටිනවා ගනින් "
 ඔහු මට පාර්සලය දිගු කළේය.


පාර්ලිමේන්තුව ගැන ඉගනීමට මට කිසිම අවශ්‍යතාවයක් නැත. නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හෝ ගත යුතුය.
 මට වැඩක් නැති උනත් කවුරුන්හෝ ඉගන ගන්නා කෙනෙකුට මෙය ලබා දීමටවත් හැකි නිසා මම පාර්සලය තැන්කුවක් සමගින් භාර ගතිමි.


කොහොමින් හරි ඊළගට කට්ටිය ආවේ නෙලුම් පොකුණ බලන්නටය. නාට්‍යයක් නැරඹීමට නොහැකි උනත් රගහල තුලට ගොස් වටයක් ගසා ඉහලම මාලයට නැග බිමට බසින්නට පමණක් ලැබිණි. 




ඊළග ගමනාන්තය එතනම එහා ඉඩමේ තිබු ජාතික කෞතුකාගාරයයි.  ඔතන නම් රෙපාට අමුතුවෙන් බලන්නට කියා දෙයක් ඇත්තෙම නැතිය. ගෙදර වගේ වෙච්ච පොට් එක. ඒත් මොනා කොරන්නද? නිකම් හම්බ වෙන ටිකට් එක අපරාදේ නිසාම ඇතුල් විය. අමුතුවෙන් බලන්න කියලා  දෙයක්ද නැත. නිකම් කැරකෙමින් සිටින විට රෙපාට මි ජයා මැති තුමා මතක් විය.


රෙපා පැමිණ ඇත්තේ අපේ ඉතිහාසය සම්බන්ද ස්ථානයකටය. මෙහි අනිවාර්යයෙන්ම රාවනා රජ තුමාගේ කිසියම්ම හෝ භාණ්ඩයක් තිබිය යුතුමය. අප රාවණා පරපුරේ හෙළුවන් වෙමු. රාවනාභිමානය රෙපාගේ ඉහින් කනින් වැගිරීම ආරම්භ විය. මෙතක් පටන් මේ පොස්ටුවද හෙලුවෙන්ම වැනෙනු ඇත.


කටුගෙයැ පුරාම සෙවුවත් මේ රෙපානන්ට රාවණාවන්ට අදාළ කිසිම පුරාවස්තුවක් සොයා ගැනීමට නොහැකි විය. රාවණාවන්ගේ ඉතිහාසයෙන් බිදක් කටුගෙයින් සොයා ගත නොහැකි වූ සොවින් පිඩිත වෙමින්ම රෙපා කටු ගෙයින් එලියට බටුහ.


සොවින් එලියට බට විටම රෙපාගේ නෙත ගැටුණු දසුන් රෙපාගේ සිත ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන ඒමට සමත් වීයැ. අනිවාර්යයෙන්ම මේවා නම් රාවණා යුගයේම භාණ්ඩ විය යුතුයි කියන සිතුවිල්ලම රෙපාගේ සිතුවිලි සියල්ලම කලම්බා ප්‍රීතියෙන් මනමත් කලෝය.





මේවා යම් කිසි සොයාගත් යුගයකට අයත් පුරාවස්තු නම් කටු ගෙය තුල අදාළ යුගයට අයත් කුටියක තැන්පත් කර ප්‍රදර්ශනය කල යුතුය. නමුත් මේවා එසේ නොවේ. නිකම්ම අව්වට වේලෙන වැස්සට තෙමෙන ආකාරයට ඔහේ දමා තිබේ. මෙය තනිකරම මේ පුරා වස්තුන් විනාශ කර හෙළ තාක්ෂනය වල දැමීමට සිදු කරන ලද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් ඉතාම පැහැදිලිය.

සුද්දා ගුවන් යානය නිර්මාණය කලේ රාවනාවන්ගේ දඩුමොනර තාක්ෂනය කොපි කර බව පසුගිය දිනක වගපුර්නිකාවේ මි ජයා මහතා පැහැදිලි කර තිබුනා රෙපාට හොදටම මතකය. එසේ නම් දැන් මේ විනාශ වී යාමට දමා තිබෙන්නේ රාවනා යුගයේ තිබු හෙලිකොප්ටර් දඩුමොනරයක සුළං පෙත්තක්ම විය යුතුය.

තව දුරටත් මේ මහා විනාශය බලා සිටිය නොහැක. වහාම මේ මහා විනාශය නතර කල යුතුය. රාවනාවන්ගේ හුලං පෙත්ත මෙසේ විනාශ වී යාමට කිසි සේත් ඉඩ දිය නොහැක. වහාම මේ විනාශය බොගයේ පෝස්ටුවක් ලෙස කෙටිය යුතුය. රාවන හිතෙයිෂි හෙලුවකු වශයෙන් බොග දමා  රාවනයන්ට හිතැති හෙළුවන් සියලු දෙනා එක් රැස් කර මේ මහා විනාශයට එරෙහිව පෙළ ගැස්විය යුතුය.


නමුත් මේ මොහොතේ බොග දැමීමට ලැපා ලග නැත. තවත් ප්‍රමාද විය නොහැක. වහාම බසයට නැගුනේ හැකි ඉක්මනින්ම නිවසට ඒමටය. මා හට උවමනා වේගයෙන් බසය ධාවනය නොවේ. කෙසේ හෝ නිවසට පැමිණෙන විට රාත්‍රී 11. 30 පමණ විය. වහාම ලැපා ලගට ගෙන බොග දැමීම අරඹන ලදී. පෙරදා රාත්‍රීයේ නොමැති වූ නින්ද ගමන් මහන්සිය සමගින් රෙපා සොයා ආවේය. අවදි වනවිට පට්ට දහවල්ය. එවක්‌ පටන් බොග දැමිණි. ආරම්බය එක් පසකය අවසානය තවත් පසකය. මේ දිනවල කිලෝ මීටර් නැති රෙපාගේ මීටරය නම් පොඩ්ඩක් අවුල්ය. සමාව දෙන සේක්වා.


හෙලුවනි අවදිවවූ....


රාවණ යුගයේ පුරාවස්තු විනාශය වලකා ගැනීමට පෙළ ගැසෙවූ...


සැමට ශ්‍රී රාවණ සිද්ධම්෴ 







48 comments:

  1. පාර්ලිමේන්තුව බලන්න ගියාම නිකම් පොත් set එකක් හම්බෙනවාද නියමයිනේ :D

    ReplyDelete
    Replies
    1. වෙන අයට නම් හම්බ වෙනවා දැක්කේ නෑ. ඒත් මට නම් ලැබුනා :))

      Delete
  2. හ්ම්.......ලංකාවේ සාඩම්බර අතීතය අනාගතයේ.......

    ReplyDelete
    Replies
    1. අනාගතයේදී අතීතය සිහිනයක් පමනයිලු ............

      Delete
  3. මං නං කියන්නේ කැවුතු-කා-ගාරය කියලයි!

    ReplyDelete
  4. පාර්ලිමෙන්තුවෙනම් බලන්න හොදම, කැන්ටිම තමා ...

    ReplyDelete
    Replies
    1. ෂිට්. රිංගන්න බැරි උනානේ ඒකට :((

      Delete
  5. හෙලු කොලුවනි නැගිටිව්
    රාවණාගේ හුලං පෙත්ත බෙරාගනිව්

    රාවණා සිද්ධම්!!!

    ReplyDelete
    Replies
    1. හෙලුවනි අවදිවව්
      රාවණා විරෝදි කැවූතු කා ගාර පළුවන්ගෙන් ගෙන් හුලං පෙත්ත බේරා ගනිව්..

      Delete
  6. ගොඩ කාලෙකින් ට්‍රිපක් යන්න වුනේ නෑ. සික් එකම විදිහට ගෙවිලා එපා වෙනවා ලයිෆ් කට්ට !

    ඇඃ රාවණාගේ උෂ්නේ බඹර පෙත්තේ තිබිල රෙපා අයියගේ ඇඟටත් කාවැදිලාද කොහෙද !! රාවනා ආව දාට ඕව ඔහොම විනාස වෙන්න දාල තියන උදවියට සම්බුව දෙන්නේ නැතෑ !!

    රාවනා පිහිටයි !!!

    ReplyDelete
    Replies
    1. රාවණාවන් නැවත පැමිණි දිනක රාවණා විරෝදින්ට සම්බුව ලැබෙනු ඇත.
      රෙපා යනු නියම හෙලුවෙකි
      හෙලු අභිමානයෙන් රෙපා ඔද වැඩි ඇත
      උඹටත් ශ්‍රී රාවණ සිද්ධම්෴

      Delete
  7. රෙපා පාර්ලිමේන්තු ගිහින් තියෙන්නෙ විපක්සෙ පැත්තෙන්ද කොහෙද. නැත්තං මෙහෙම රාජද්‍රෝහී කතා කියයි යැ. ජය...!

    ReplyDelete
    Replies
    1. පක්ෂ විපක්ෂ භේද රෙපාට නැත
      රෙපා නියම හෙලුවෙකි
      ශ්‍රී රාවණයන්ට ජය වේවා !!

      Delete
  8. ඔන්න මමත් අද ආපහු සති දෙකකට විතර පස්සේ ඇව්ල්ල මුලින්ම ගොඩවැදුනේ අම්මලමට ..... එතකොටමඅඩේ අප්පා .......... රෙපා කොළඹ ඇව්ල්ල ...... (මමත් ඔන්න දැම්ම රාවනා ගැන පොස්ටුවක් )

    ReplyDelete
    Replies
    1. බණ්ඩා කොළඹ පැමිණියා සේ රෙපාද කොළඹ පැමිණෙයි. දුටිමි දුටිමි නුඹගේ පෝස්ටුවත් දුටිමි. ශ්‍රී රාවණ සිද්ධම්෴

      Delete
  9. රෙපා පාර්ලිමේන්තු ගිය වගයි..

    අඩේ අපේ ඡන්දෙ නැතුව කෝමද ගියේ ?

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ලොකු උන් පාර්ලිමේන්තු යනවා වගේ මමත් ගියේ පොඩි උන්ගේ පිහිටෙන් නේ බං. :))

      Delete
  10. මීවනපලානයෙනි..
    මේ ඔබේ අවධානය පිනිසයි..

    ReplyDelete
    Replies
    1. මි ජයාණෙනි මෙදෙසට අවධානය යොමුකර.
      වහා පැමිණ අප දැනුවත් කරනු මැනවි.

      Delete
  11. රෙපා අයියේ ඊළග පාර ඡන්දේ ඉල්ලලා ඇත්තටම පාර්ලිමේන්තු යමු.. :)

    ReplyDelete
    Replies
    1. අහෝ මලය, ඡන්දේ ඉල්ලනවා තබා ඡන්දේ දාන්න ඡන්ද මධ්‍යස්තානයටවත් නොයන රෙපාට කුමන පාර්ලිමෙන්තුද? අප රාවනාවන්ගේ රාජ්‍යයේ වැසියන් වම්හ. රාවණා විරෝධින්ගෙන් කිසිදු ඵලක් නැත්තාහ

      Delete
  12. අර යටම පින්තූරේ මිටි (hammer) වගේ තියෙන්නෙත් ඔය කියන දඬු මොනරේ කෑලිද? රාවණා එය පදවූයේ ඔරුවක් පදවන විලසින්ද කියන ප්‍රශ්නයත් හිතට ආවා ඒ ටික දැක්කාම :D

    ReplyDelete
    Replies
    1. එය නම් රෙපාටදමහා පැනයක්මයැ. මි ජයා මහතා පැමිණියහොත් නිසි පිළිතුරක් ලබා ගත හැකි වනවා ඇත කුමාරිහාමියනි. රාවණ විරෝධී කැවූතු පාලකයින් එලියට දමා ඇති මෙය රාවණාවන්ගේ යානාවෙහි කොටසක්ම බව පමණක් රෙපාට ෂුවර්ය, මදක් ඉවසා වදාරනු මැනවී :))

      Delete
  13. පෝස්ටුවෙ මාත්තුරුකාව දැක්කම මට හිතුනෙ රෙපා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා රටේ දූෂණය/නාස්තිය/භීෂණය නැති කරලා ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේ ලෝකයේ හොදම ගණයේ රටක් කරාවි කියලා.. අයියෝ මගේ සිහින බොද වුනා.. මට දුක වෙනවා...

    ReplyDelete
    Replies
    1. රාවණාවන් නැවත පැමිණි පසු මෙරට නැවතත් සුඛිත මුදිත වනවා ඇත. සිහින බොද කර නොගන්න. දුක් නොම වන්න මදක් ඉවසා සිටින්න. ලගදීම රාවණාවන් යලි පැමිණෙනු ඇත.:))

      Delete
    2. සිරා අයියේ....සිරාම කථාව හික්ස්

      Delete
  14. අහහ්..පොඩිඋන්ගේ පිහිටෙන් හලි පාර්ලිමේන්තු යන්න ලැබුණ එකත් හොදයිනේ අයියේ...(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ එසේය නැගණියනි එසේය :))

      Delete
  15. මාත් යන්න ඕන දවසක පාර්ලිමේන්තුව බලන්න :)

    ReplyDelete
    Replies
    1. බලන්න විතරක් නෙවෙයි ඡන්දෙන් බැරි නම් ජාතික ලැයිස්තුවෙන් හරි යන්නකෝ ඔතනට :))

      Delete
  16. හික්ස් මමත් හිතුවේ පොඩි එවුන්ගේ පිහිටෙන් කිව්වම දන්නෙ නැද්ද ජනතාව හදුන්වන්නේ පොඩි අය ගැනට දාලනේ ඉතින් රෙපත් යන්න තියෙන අවසාන තැනටත් පැනලදෝ කියලා...

    හික්ස්

    ReplyDelete
    Replies
    1. නැත නැත සොයුරිය. මේ රෙපා ලෙහෙසියෙන් අවසාන තැනට යන කෙනෙකුන් නොවෙමි. රාවණාවන් පැමිණි පසු එතුමා නිර්මාණය කරන නව පාර්ලිමේන්තුවට යාමේ රිසියෙන් පසු වෙමි. :P:P :D

      Delete
  17. රාවණා ගැන ලියන්නේ මම කිව්වා වගේ ජනප්‍රිය වෙන්න නේද? :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. දැන් ඉතිං පටන් ගන්න ඕනේ උඹේ සිස්ටම් ඔක්කොම ෆලෝ කරන්න :)

      Delete
  18. අර ජාතික කෞතුකාගාරය ගෙදර වගේ කිව්ව එක තේරුණා හොරයි වගේ... මොකෝ පිළිමෙකට වත් උන්නද ඈ? :)

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම කරන්න වෙනම පෝස්ට් එකක් දාන්න වෙයි සමහර විට. දැන් එච්චර මහන්සි වෙන්න බෑ අප්පා. හිතක් පපුවක් කියලා එකක් නැති ඒ වගේ ගල් පිලිමයක්වත් උනා නම් කොයි තරම් හොදද....:))

      Delete
  19. අඩේ...බලන්න ඕනේ කටු ගෙයි ඉතුරු ටිකවත් යහතින් තියනවද කියල.....රෙපා ඉතුරු ටිකත් ඉස්සුවද දන්නේ නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ගිහින් බලපන් මචං ඕකා තඹේකට ෂුවර් නෑ :))

      Delete
  20. කොහොමත් පාර්ලිමේන්තු යනවනම් පොඩිඋන්ගේ පිහිටෙන් තමයි.

    ReplyDelete
  21. මම තවම පාර්ලිමේන්තු ගිහින් නැහැ. ගමේ චන්දෙකින්වත් යන්න හිතාගෙන ඉන්නේ.

    මම අහල තියෙනවා පිස්සන්ට හැතැක්ම නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. කොංගෝ පාර්ලිමේන්තුව පැත්තටවත් යන්න ට්‍රයි එකක් දීපං. දියවන්නාව තරණය කරන්න නම් මෙහේ ආවාම බැරියැ :))

      වෙන පිස්සන්ට හැතැප්ම නැති උනාට මේ පිස්සට නැත්තේ කිලෝ මීටර්.

      Delete
  22. කෞතුකාගාරෙ තම යහතින් තියනව ද බාන්z?

    ReplyDelete
    Replies
    1. ඔය ගොසිප් සයිට් එකක වත් පොඩ්ඩක් සර්ච් පාරක් දාල බලපන් බන්zzz

      Delete