Monday, August 27, 2012

කිලෝමිටර් නැති චාරිකා 01




කලින් ලියපු එව්වා 

මෙන්න යකෝ පාන්දරම අල්ලපු ගෙදර මිදුලේ වෙසක් කුඩුවක්


කියෙව්වේ නැතිනම් කියෝලම එන්න 











කොම්පැනියට යනකොට හොදටම පරක්කුයි. බොසා බලාගෙන ඉන්නවා පරක්කුවට. 

" මොන මගුලක් කලාද බං මෙච්චර වෙලා "

" හදිසි ඕඩර් වගයක් තිබුනා සර්, ඒක දෙන්න යන්න උනා. ඒකයි ටිකක් පරක්කු උනේ"

"හරි හරි බං ඉක්මනට ගිහින් කිර්ති සර්ව හම්බ වෙයං"

මමත් ඉක්මනට ගිහින් (අප)කිර්ති බොසාගේ කාමරේට ඇතුල් උනා 

"ගුඩ් මෝනින් සර්"

"ගුඩ් මෝනින් , දන්නවාද අද එන්න කිව්වේ මොකටද කියලා"

"නෑ සර් "

"අපි ලංකාව වටේම පොඩි රිසර්ච් එකක් කරනවා අපේ නිෂ්පාදන ගැන. හෙට ඉදන් ඒ සමීක්ෂණයට යන්න වෙනවා. සේල් එක ගැන මනෝජ් බලාගනියි. අපි කම්පනියෙන් බයික් එකක් එක්ක අන්ලිමිටඩ් පෙට්‍රල් හොටෙල් බිල් එක්ක එක්ස්පෙන්සස් ක්ලේම් කරනවා. අනිත් විස්තර නුවන් මහත්තයා ගෙන් අහගන්න. දැන් V.M.D එකට ගිහින් බයික් එකක් අරන් ඇවිත් නුවන් මහත්තයා හම්බ වෙන්න"

බොසා කියාගෙන කියාගෙන ගියා. එකම ඒරියා එකකට කොටු වෙලා ජිවිතේ ගෙවනවාට වඩා කොම්පනිය ගානේ කාල බිලා රට වටේ ඇවිදලා එන්න චාන්ස් එකක් හම්බ වෙච්ච එකට පට්ට හැපියෙන් V.M.D එකට ගිහින් බොසා දුන්න ලියුම දුන්නා. හම්බ උන බයික් එකේ රට වටේ යනවනං ඊට කලින් අන්තිම කැමති පත්තරේ ලියලා  ඉන්න ඕනේ.

" මොකක්ද බං ලොක්කා මහ ලොකුවට කිව්වේ අලුත් බයික් එකක් දෙනවා වගේනේ. මේකේ යන්න පුලුවන්ද? ටිකක් හොද එකක් දියන්කෝ"

" අලුත් ඒවා ඕන නම් උඹලගේ බෝසාගෙන්ම ඉල්ලා ගනින්. උඹ තව පැයකින් වරෙන් මේක යන්න පුළුවන් ගානට හදලා තියන්නම්"

බයික් එක හදන්න දාලා නුවන් ලොක්කව හම්බවෙන්න ගියේ හෙට ඉදන් කොයි ලෝකේ යන්න වෙයිද කියලා දැනගන්න ඕන නිසා.

" බයික් එක ගත්තද"

"බයික් එක නම් හම්බ උනා නුවන් මහත්තයෝ. කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා තමයි සැක."

"ගණන් ගන්න එපා ඕක හදලා දෙයි. ලබන සතියේ ආවාම මාරු කරලා දෙන්නම් දැනට වෙන බයික් නෑ "

" දැන් හෙට මම කොහෙද යන්න තියෙන්නේ, මොකක්ද අප්පා මේ කේස් එක "

"අපේ තව සෙට් එකක් දැනට බලංගොඩ ඉන්නවා. උඹ හෙට උදේ 8 වෙනකොට එහෙට පලයන්. එයාල  කරන වැඩේ කියලා දෙයි. තියෙන ෂොප් වලට ගිහින් මේ ෆෝර්ම් එක ෆිල් කරගෙන එන ඒකයි තියෙන්නේ. දවසකට එක්කෙනෙක් ෂොප් 20 ක් විසිට් කරන්න ඕනේ. බයික් එකේ තව එක්කෙනෙක් යනවා දෙන්න ෂොප් 40 යි. "

"දැන් මම තනියමද යන්නේ."

අනිත් කෙනා එහෙට එයි. දැන් බයික් ඒක අරන් ගිහින් හෙට උදේ යන්න ලැස්ති වෙන්න.

නුවන් ලොක්කා කිව්වේ ඒරියා මැප්‍ ඒකයි ෆෝම් තොගේකුයි මෙසේ උඩට ඇදලා දාන ගමන් 

මේකේ බලංගොඩ කදු අදින්න නම් අද ඉදලම යන්න වෙයි. කියාගෙනම මම V.M.D එකෙන් බයික් එකත් අරන් එහෙමම ගෙදර ආවා. දැන් ඉතින් හෙට අට වෙනකොට හිටපන්කෝ බලංගොඩ..

ගෙදරින් පිටත් උනේ පහුවදා උදේ පාන්දර හතරට විතර. බදුරලිය කලවාන, නිවිතිගල ටවුන් එකෙන් වටාපත පරණ රේල් පාරට දාලා කහවත්ත ස්ටෑන්ඩ් එක හරහා ඕපනායක හරහා බලංගොඩට එනකොට උදේ හතයි පනහයි. එහේ ඉන්න උන්ගේ නම්බර් එකට කෝල් කරලා බැලුවා.

"බස් ස්ටෑන්ඩ් එක ලග හිටපන්කෝ අපි එන්නම් "

කැලුම් අයියා වැඩි කතා නැතුව ෆෝන් එක තිබ්බා. දෙයියනේ කියලා පැය බාගයක් විතර ස්ටෑන්ඩ් එක ලගට වෙලා ඉන්නකොට මෙන්න එනවා බයික් සෙට් එකක්ම. 

"ගුඩ් මෝනින් මල්ලි, මේ කම්පනියේ ඉන්න @@# පුතාලට පිස්සුද බං"

"ඒ මොකද අයියා"

"අපි මේ ඒරියා එක ඉවර කරලා යන්න බලාගෙන ඉන්නවා. මුන් තව තව උන් එවනවා. හිටපන් මං නුවන් ලොක්කට කෝල් එකක් දෙනකං"

කැලුම් අයියා කම්පනියට කෝල් කරලා මොන මොනවද කියවනවා අපි පැත්තකට වෙලා බලාගෙන හිටියා.. 

" කට්ටියටම ආයෙත් ඔෆිස් එන්න කියන්නේ. පිස්සු මුන්ටද නැත්තම් මේකේ වැඩ කරන අපටද?"

ඔෆිස් එකට දීපු කෝල් එක ඉවර කරලා කැලුමා අපේ පැත්තට ආවේ කොම්පැනියේ ඉන්න උන්ගේ අම්ම අප්පට පින් දෙන ගමන්.

"මොකද බං කේස් එක?"

"ඒ ගමන කියනවා මෙහේ වැඩ ඉවරනම් කට්ටියට ඔෆිස් එකට එන්න කියලා. ඇයි බං මුන් හොදටම දන්නවනේ මෙහේ වැඩ ඉවරයි කියලා. බලපන් මෙයා අද පාන්දර ඉදන් ඇවිල්ලා දැන් ආයෙත් කොළඹ එන්න කියනවා."

කතාවෙන් කතාවෙන් කට්ටියම ආයෙමත් බයික් වල නැගලා කොළඹ එන්න පිටත් උනා.  

 රත්මලානේ ඔෆිස් එකට එනකොට දවල් එකට විතර ඇති.

එනකොටම මගදීම නුවන් බොසා ඒරියා මැප් 3 ක් අරගෙන එනවා. මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ. ඔය හය දෙනා එක ඒරියා එකක ඉන්නේ නැතුව ඒරියා 3 කට යන්න. මිගමුව, කුලියාපිටිය, පුත්තලම මේවයින් ඔයාල කැමති තැනකට යන්න පුළුවන්. දැන්ම පිටත් උනොත් රෑ වෙනකොට යන්න පුළුවන්. ගිහින් කෝල් කරන්න.

උදේ පාන්දර ඉදන් කිලෝමීටර් දෙසිය ගානක් බයිසිකල් පැදලා හුස්මක් ගන්නත් කලින් ආයේ පලයන්කෝ. මා එක්ක යන්න හිටියේ ප්‍රසන්නයා. කුලියාපිටියේ එයාගේ යාලුවෙක් ඉන්න නිසා එයාට කෝල් එකක් දුන්නේ දැන් ගිහින් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නැති නිසා රෑට නවතින්න තැනක් හොයාගන්න. දෙක වෙනකොට අපි කට්ටියම ආයෙත් ඔෆිස් එකෙන් පිට උනේ කුලියාපිටියේ යන්න. ජා ඇලට වෙනකම් කට්ටියම ආවේ එකට. 

අපි දෙන්නා එතනින් කැලුම් අයියලාගෙන් සමුගෙන කුරුණෑගල පාරට දාගත්තා. බස් එකේ ගිහින් තිබුනට දෙන්නගෙන් එක්කෙනෙක්වත් කුලියාපිටි යන්න පාරක් හරියට දන්නෙත් නෑ. හතර වටේටම කෝල් කර කර පාරවල් අහගෙන දෙයියන්ගේ පිහිටෙන් කුලියාපිටිය ටවුමට එනකොට රෑ නවයහමාරත් පහු වෙලා. ප්‍රසන්නගේ යාළුවා බුක් කරලා තිබුණු රුම් එක හොයා ගෙන යනකොට අපි දෙන්නටම සංසාරේ එපා වෙලා තිබුනේ එදා දවසට ලොකු ඇදුම් බෑග් දෙකකුත් උස්සගෙන කිලෝමීටර් පන්සියකට කිට්ටු වෙන්න බයික්  පැදලා තිබ්බ හින්දා. රුම් එකට රිංගපු ගමන් වොෂ් එකක් දාගෙන නොකා නොබීම ඇදට වැටුනා 
කිලෝමීටර් නැති පළමු දවසේ නිමාව....


50 comments:

  1. හුටාම තමා... සැප කනේ වගේ...

    ReplyDelete
    Replies
    1. කොහේද බං සැප. පැදලා බලපංකො සැප :(

      Delete
  2. අම්මේ.. කොහොමද බයික්කේ ඔච්චර දුරක් පැද්දේ???

    ReplyDelete
    Replies
    1. දෙන්නා එක්ක මාරුවෙන් මාරුවට පැද්දා. ගිහින් ගිහින් නැවතුනාම තමා සැප ..

      Delete
  3. අප්පා...
    සංචාරේ හෙන කටුකයිනේ...

    ReplyDelete
    Replies
    1. ඔය ගියා වගේ ලංකාව වටේම යනකොට කොහොමද සැප ඈ

      Delete
  4. හප්පා................. ඇඩෙනවනෙ බං..

    ReplyDelete
  5. අපේ ගම් පලාතටත් ඇවිත් ගිහින් තියන්නේ. ඔච්චර දුරක් බයික් පදින කොට දැනෙන ෆන් එක නම් කියල වැඩක් නෑ.:/

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං බලංගොඩට ආව ගමන් එහෙමම පල්ලම් බහින්න උනා. නිකං ගිහින් ටවුම බලලා ආවා :(

      Delete
  6. අන්න මං ආස ජාතියේ කතා පොජ්ජක්... බයිසි මොටෝ පැදීම මගේ විනෝදාංසේ වගේම ටික කාලයක් මං ඔය සමීක්ෂණ වැඩ වලට ගියා අර LMRB එකේ... වැස්ස කලෙට ඇර ඔය වැඩේ ගති...

    කියාගෙන යංකෝ...

    ReplyDelete
    Replies
    1. රස්තියාදු ගහ ගහ කමෙන්ට් ද දා ඉන්නෙ ගිහින් පෝස්ට් එකක් දාහංකො මාරෙ....

      Delete
    2. @මාරයා : අව්වට වේලීලා වැස්සට තෙමිලා රට වටේ ඇවිදින එකත් ආතල් :))

      @අලුත් කොල්ලා :))

      Delete
  7. බදුරලිය කලවාන, නිවිතිගල ටවුන් එකෙන් වටාපත පරණ රේල් පාරට දාලා කහවත්ත ස්ටෑන්ඩ් එක හරහා // වටාපොත අපේ ගම වෙච්චි මෙයා ගිහින් තියෙන්නේ අපේ ගේ ඉස්සරහින්මනේ..හි හි..

    ReplyDelete
    Replies
    1. වටාපත තියෙන අර හාඩ්වෙයාර් එක වගේ ටයර් කඩේට නම් මම දවස් දෙකක්ද කොහේද ගියා :))

      Delete
  8. Replies
    1. හෑ.. ඔය පටන් ගත්තා විතරයි මචං. හොද හොද පරිප්පු තව ඉස්සරහට

      Delete
  9. අර මට කිව්වනං පාර කියනවනේ ටිප් ටොප් එකට :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය ගමන් යන කාලේ මං දන්න රජෙක් නෑ බං :/

      Delete
  10. හොද රවුමක් ගහල ඇවිත් තියෙන්නේ එහෙනම්... බලමුකෝ ඕළග විස්තරත්.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් බාගෙකට වඩා බයිසිකලෙන්..

      Delete
  11. //හතර වටේටම කෝල් කර කර පාරවල් අහගෙන දෙයියන්ගේ පිහිටෙන් කුලියාපිටිය ටවුමට //

    ඇයි බං පාරෙ මිනිස්සු නැද්ද පාර අහන්න :)


    එල එල.. ලංකාවම ආවරණය කරපං !

    පරිස්සමෙන් පැදපං.

    ReplyDelete
    Replies
    1. පාරවල් වල නම් මිනිස්සු ඉන්නවා බං. ඒත් යන්නේ කොහෙන්ද කියලා පොඩි අවබෝදයක් තියෙන්නත් එපායැ. අනික එහෙට ගියෙත් මහ රෑ

      Delete
  12. හනේ....ඒත් මම ආසයි අනේ බයික් පදින්න.ඒත් මට බැහැ තවම :(

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්නේ නැතුව ඉක්මනට ඔය අනූ කෙල්ල වගේ ස්කුටියක්වත් පදින්න පුරුදු වෙන්න අනේ:)

      Delete
  13. කිලෝමීටර් නැති චාරිකාවේ ඊළඟ කොටස ඉක්මණට ලියපං.... මට නම් ඉතින් දෙයියනේ කියල ස්කුටියක් පදින්න පුළුවනි. තාම ලයිසන් එක ආවෙත් නෑ... ඔය ගමනේ හැටියට බස් එකේ ගියානම් තව හොඳයි නේ බං... අඩු ගානේ යන එන ටිකේ හරි නිදාගන්න පුළුවන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි. ඔය ගමන ගියේ ට්‍රිප් යන්න ඕන කමකට නෙවෙයි. රිසර්ච් එකකට. බස් එකේ ගියා නම් නිදාගෙන යන්න පුළුවන් උනාට දකින දකින කඩේට ගිහින් රිසර්ච් කරන්න නම් හම්බ වෙන්නේ නෑ :/

      Delete
  14. අඩේ එල ඇ....... පට්ට රවුමක් ගහල තියෙන්නේ ............ තව යන්නත් තියෙනව නේද ? ලියහංකෝ ලියහංකෝ අපිටත් කියවලා වත් ෆන් එකක් ගන්න ........තිත් දෙකයි ඩී

    ReplyDelete
  15. චාටරයක් කියන්නේ හොදම චාටරයක් ....

    ReplyDelete
  16. මමත් ලංකාව වටේම සිරි නරඹන්න විනෝදෙට බයිසිකල් පදින එකෙක්... ඔච්චර කිලෝමීටර් ගාණක් පැද්දම දැනෙන සැප නම් කියලා වැඩක් නෑ... කිලෝමීටර් නැති කථාව නම් ඇත්තම තමා.... ඔය කියන කොම්පැණිය බිස්කැට්ටු හදන එකක්ද ?

    ReplyDelete
    Replies
    1. පැදලා නිකං ඉන්නේ දාපන්කෝ අර මාර අයියා වගේ පෝස්ට්. මේ බිස්කට් කොම්පැනිය නෙවෙයි හාඩ්වෙයාර් බඩු :))

      Delete
  17. මෙන්න මම ආසම ජාතියෙ කතාවක්! මාත් ඔහොම යනවා ඉස්සර. මගදි පොඩ්ඩක් බැස්සම ආයෙ ඉඳගන්න හිතෙන්නෙත් නෑ සීට් එකේ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  18. වැඩේ හොඳයි, ඒත් හරි පරිස්සමට යන එපැයි. දුවිලි, මඩ, දුම. ඒ ඔක්කොම කන්න වෙනවා. බස් එකේ ගියානම් හොඳ නැද්ද? අර කිව්වා වගේ පොඩ්ඩකට වත් ඇහැ පියාගන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ගමන් එපා වෙන්නේ ඒ වෙලාවට තමයි

      Delete
  19. අනේ පව් රෙපා.. තව කොයි තරම් නම් පදින්න තියෙනවද?

    ReplyDelete
  20. මොටො සයිකල් පදිනවා කියන්නේ මහ එපාකරපු වැඩක් බං

    ReplyDelete
  21. මොනවා උනත් ආතල් ගමන් ඔවා......

    ReplyDelete
  22. මේ පැත්තෙත් එනවදෝ...:D

    ReplyDelete
  23. කුලියාපිටියේ තව යාලුවෙක් උබෙත් උන්නා කියන එක අමතක උනාම ලොකු දෙයක්............

    ReplyDelete
    Replies
    1. මේ ගමන් යන දවස් වල ඔය අනිත් යාළුවාව දන්නේ නෑ දෙයියන්ගේ පිහිටෙන් :))

      Delete
  24. ඈ රෙපා. ඔය කොම්පැණියෙ ඉන්න මහ උං ඔච්චරටම හරක්ද බං. ඔය වගෙ උන් නිසා තමයි කොම්පැණියයි රටයි ඔක්කොම අගාධයට යන්නෙ. ඉතිං බලාපං කාලයයි, උඹලගෙ ශ්‍රමයයි, ගමන් වියදමුයි කාට වැඩක් ඇතුවද වියදම් වුනේ කියලා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මම කාලෙකට කලින් රට හරකෙකුට අං තට්ටුවක් උවමනා කර තිබේ කියලත් පෝස්ට් එකක් දැම්මේ ඔය කොම්පැනියේ ඉන්න රට හරක් ගැන තමයි :)

      Delete