Thursday, May 3, 2012

තවත් කෙනෙකුගේ හිතක් කියවමුද?





ඔන්න අදත් එහෙම නම් රෙපාගෙන් කට්ටියටම වැදගත් වෙන කාරණයක් සම්බන්දයෙන් තවත් ලිපියක්. අද කියන්න යන්නේ පරචිත්ත විජායනය එහෙමත් නැත්තම් වෙනත් කෙනෙකුගේ හිතේ තියෙන දෙයක් දැනගන්නා ක්‍රමය ගැන. මේ කුණ්ඩලිනි හොයාගෙන ගිය ගමනේ දී හම්බ උන අතුරු ඵලයක්. අතුරු ඵලය උනත් තනියෙන් කන්නේ නැතුව බෙදාගෙන කන ඒක හොද හින්ද ඔන්‍න‍ මේ ටිකත් බ්ලොග් එකේම දැම්ම. මේ දේවල් ගැන අපි එච්චර උනන්දුවක් දැක්වුවේ නැති උනාට මේක ඔය සාස්තර කියන පේන බලන ගොඩාක් අය අනුගමනය කරන සිස්ටම් එකක්. මේ කියන කාරනා වලින් 100 % ක්ම අනුන්ගේ හිතේ තියෙන දෙයක් ගැන දැන ගන්න බැරි උනත් බොහෝ දුරට කෙනෙකුගේ හිතේ වැඩ කරන්නේ මොනවගේ දේවල්ද කියන කාරණය ගැන කියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉතිං අද ඉදන් කට්ටිය හොරෙන් හොරෙන් ඔය එක එක දේවල් ගැන හිතුවත් හමාරයි කියලම හිතාගෙන ඉතුරු ටික කියවන්නකෝ......


මෙතන තියෙන්නේ මම හොයාගත්ත දේවල් එහෙම නෙවෙයි. මිනිස් සිතේ හැසිරීම පිලිබදව අධ්‍යයනය කරපු  මනෝ විද්‍යාඥයන් නවීන විද්‍යාව අනුව හොයා ගෙන ඉදිරිපත් කරපු කරුණු කාරනා ටිකක්. ඔන්න  කට්ටියම මේක කියවලා කැමති කෙනෙකුගේ හිතක් කියවලා චෙක් කොරලා බලන්නකෝ මේ සිස්ටම් එක හරිද කියලා.....


ඕනෙම කෙනෙකුගේ හිතේ පහල වෙන සිතුවිලි ඔහුගේ හෝ අයගේ බාහිර ගති ලක්ෂණ වලින් ඉදිරිපත් වෙනවා බොහෝ දුරට. මනසට කෝපානුකුල හැගීමක් ඇති උන විගස නොදනිම අත මිට මෙලවීම, දැඩි සන්තෝසයක් දැනුන විගස තනියම හිනාවීම වගේ දේවල් බොහෝ දුරට අපේ පාලනයෙන් තොරවම සිද්ද වෙන දේවල් විදියට පෙන්නන්න පුළුවන්. කෙනෙක් මේ හැගීම් සගවන්න උත්සාහ කලත් මේ සම්බන්දව අධ්‍යයනය කරපු කෙනෙකුට බොහෝ වෙලාවට මුහුණේ මාංශ පේශිවල වෙනස් වීම මගින් සිදුවන ඉරියව් වෙනස් වීම මගින් හිතේ ඇති වෙන හැගීම සම්බන්දව අදහසක් ගන්න පුළුවන් කම තියෙනවා.


ආදර සම්බන්ධතාවයන්ට සුදානමින් සිටින කාන්තාවක් මේ සම්බන්දයෙන් ලක්ෂණ දුසිම් ගානක් ඉදිරිපත් කරනවා කියල තමයි මානසික විද්‍යාඥයන් කියන්නේ. තමන්ගේ සිත් ගත් පුරුෂයා දෙස දීර්ඝ වෙලාවක් එක දිගට බලා සිටීම, ජනාකීර්ණ ස්ථානයක තම සිත් ගත් පුද්ගලයා සිටි නම් අහඹු සිදුවීමක් ලෙස පෙනෙන පරිදි සිරුරේ හැපීම, හිද ගෙන සිටින විට ලිහිල් ලෙස දෙපා විහිදා සිටීම, කෙනෙකුගේ අතක තම අතේ ගෑවුන විට වහා අත ඉවතට ඇද ගැනීම, පිරිසක් සමග කතා කරන විට ඔවුන්ගේ බැල්මට හසු නොවන පරිදි ඉවත බලා කතා කිරීම, සිය ඇදුම වලින් තම සිරුර මනාව ආවරණය වී පවතින්නේදැයි නිරන්තරවම පරික්ෂා කිරීම මේවාට උදාහරණ විදියට පෙන්නලා දෙන්න පුළුවන්. 


මේ වගේ හැසිරෙන කාන්තාවන් සමග කෙලින්ම ආදර සම්බන්ධතා පවත්වාගන යන්න ආරාධනා කරන්න ගිහින් මොනවා හරි අකරතැබ්බයක් උනොත් මේ රෙපාව නම් ඔව්වට අල්ල ගන්න එපා. මොකද එක බාහිර සලකුණක් කියන්නේ මේ පිළිබද නොවරදින සලකුණක් විදියට හිතන එක සුදුසු වෙන්නේ නැති හින්දා..


තවත් කෙනෙකුගේ හිතක් දැනගන්න ඕන කරන කාරනා වලට ප්‍රධාන වශයෙන් තවත් සලකුණු කිහිපයක්ම පෙන්වලා දෙන්න පුළුවන්. මිට අමතරව සිතේ ක්‍රියාකාරිත්වය පිළිබද රීතින් ගැනත් දැන ගන්න වෙනවා.


සිතේ ඇතිවෙන හැගීම් දැන ගන්න ඕන කරන ප්‍රධානතම සලකුණු විදියට 


01. ඇස් මගින් ලබා දෙන සලකුණු.
02. වෙව්ලීම
03.දැඩි නොසන්සුන් බව
04.ගොත ගැසීම
05.අමතක වීම
06.හදිසි කෝපය
07.වචන නැවත නැවත කීම
08.ඉබේ කටින් පිටවෙන වචන


වගේ දේවල් පෙන්නන්න පුළුවන්.


මිට අමතරව මේ කියපු සලකුණු වලින් කියන දේවල් අවබෝධ කර ගන්න තවත් රීතින් කිහිපයකුත් භාවිතා කරන්න වෙනවා. මේ ලක්ෂණ අදාළ රීතින් සමග ගැලපීම තුලින් යම් කෙනෙක්ගේ සිතේ ඇතිවෙන හැගීම් පිලිබදව සෑම දෙයක්ම නිසි ආකාරයෙන් වටහා ගන්න නොහැකි උනත් ඒ පිලිබදව දල අවබෝදයක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙව්වා ඒක දිගටම ටයිප් කරගන යන්නත් කම්මැලියි අප්පා. මේ කියපු චරිත ලක්ෂණ සහ රීතින් පිලිබදව තව දුරටත් දැන ගන්න ඔයාලට උවමනාවක් තියේ නම් කමෙන්ට් කරන එක තමා කරන්න ඕනේ. ඔන්න එහෙනම් අදට අපි ගියා......

42 comments:

  1. මේවාත් එක්ක තමන්ගේ අත්දැකීම කියන එකත් මේ වගේ වැඩවලදී ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් තමන්ගේ "ඉව" කියන එක

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. මේවා හොයා ගත්ත අයත් ඔය කරුණු හොයා ගන්න මේ කියන ඉව තමයි භාවිතා කරන්න ඇත්තේ. මේ කියන දේවල් වලට තව රීතින් කිහිපයකුත් තියෙනවා. ඒවත් සලකලා බලන්න ඕනේ..:))

      Delete
    2. ඉව නම් හරිම විශේෂ දෙයක්.මගෙනම් හුගක් වෙලාවට ඉව හරියනවා.

      Delete
    3. this is woderfull blog i ever read. i have my own website for my hobby. i like write about manything also chat. i think you will visit my site one day also able to chat with me myown chat room
      www.lankaweb.info

      Delete
  2. මේ වගේ සාමන්‍ය හැසිරීම් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් නේද?.

    ReplyDelete
    Replies
    1. මේවා නම් පුළුවන් ඇති. තව ටිකක් තියෙනවා ඒවත් කියවන්නකෝ.. :))

      Delete
  3. //හිද ගෙන සිටින විට ලිහිල් ලෙස දෙපා විහිදා සිටීම,//
    කිව්වම ගොඩක් කාන්තාවෝ සෑමාට මනාපයි කියල තමා සෑමාට හිතුනේ. මොකෝ කොට සායවල් ගහපු ඇත්තියෝ ‍බහුලව ලිහිල් කොරගෙන ඈත් කොරගෙන ඉන්නව දැකල තියෙනවා. :)

    කුණ්ඩලනී නැගල යනව වගේ ජය !

    ReplyDelete
    Replies
    1. ඔය දෙපා විහිදාගෙන සිටින කතාව නම් අර ස්ත්‍රින් ගේ මායම් 64 කියන එකෙත් තියෙනවානේ. කියන්න බෑ බොල ඔය කිව්වට පුරාණේ හිටපු අයත් ඔය කතාව කියල තියෙන එකේ පොඩ්ඩක් පරිස්සමින් හිටපං..... :D :D ජය වේවා....!!!

      Delete
  4. ශා මරු !!! හැබැයි මටනම් සමහරුන්ගෙ හිත් කියවන්න පුලුවන් දකින්නෙ නැතුව, මූණේ ඉරියව් නොබලාම.:) ;) :p

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගැනත් කියල දාන්නකෝ පොස්ට් එකක්. සිස්ටම් එක දැනගන්න අපටත්...... :)) :P :P

      Delete
  5. හාපෝ ඒවුනාට ඔය ඉව කියන දේ වරදින අවස්ථාත් තියෙනවෝ.......;)

    ReplyDelete
    Replies
    1. ඕව් ඒත් සියයට අනුවකට වඩා හරි :P

      Delete
  6. ඉතිරිටිකතුත් තියේනම් දාපිය බොල ඉක්කන්ට :ප
    "මේ වගේ හැසිරෙන කාන්තාවන් සමග කෙලින්ම ආදර සම්බන්ධතා පවත්වාගන යන්න ආරාධනා කරන්න ගිහින් මොනවා හරි අකරතැබ්බයක් උනොත් මේ රෙපාව නම් ඔව්වට අල්ල ගන්න එපා" ඒ ටික කිවේවේ ආරාධනා කරනවා කරනවා කරනවමය් :D
    වැදගත් පොස්ටුවක්
    ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. මේක ටයිප් කොරලා එපායැ දාන්න. පොඩ්ඩක් ඉවසලා හිටු :P මාව ඔව්වට අල්ලන්නේ නැතුව කෙලින් බැරි නම් ඇදෙන් හරි ගිහින් වැඩේ කර ගනින් එච්චරයි..... :))

      Delete
  7. මුණ බලලා සාත්තර කියන කියන උදවිය පාවිච්චි කරන්නේ මේ න්‍යාය වෙන්න ඇති . ඉතුරු ටිකත් කියන්න ඕනේ. එක්කෙනෙක් ඉන්නවා මට එයාගේ හිත කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒ අයත් බොහෝ විට පාවිච්චි කරන්නෙත් මේ වගේ දේවල් තමා...:))

      Delete
  8. කෙල්ලන්ගෙන් ප්‍රකාශ වන ඉරියව් නම් ඇත්තටම ඇත්ත ඒ ඉරියව් කනාවට වගේ තේරුණු හින්දා අවශ්‍ය වෙලාවේ වචනේ දැම්මා වැඩේ ගොඩ...මේවා පිළිපදින්න බය වෙන්න ඕනේ නෑ ලමායි

    ReplyDelete
    Replies
    1. ඔයාට තේරුන නිසා හොදයි.සමහරුන්ට තේරෙන්නෙ නෑ නෙ ඕවා.ඇගිල්ලෙන් ඇනලා කියනකල්ම ඉන්නවා.හයියෝ සල්ලි කිව්වලු....

      Delete
    2. ආන්න හරි මේ ගැමියටයි නිසුපටයි තේරුනාට මේවා ඇගිල්ලෙන් ඇනල කිව්වත් තේරෙන්නේ නැති අය කොච්චර ඉන්නවද? අර කතාවට ගෑනු ළමයෙකුත් මෙන්න සාක්කි ....:D

      Delete
  9. මේ බ්ලොග් එක කියවන ගෑල්ලමයි රෙප් මහත්තයාව මුණ ගැහෙන්නේ පරිස්සමින්.. :)

    කොහොම උනත් කතාවනම් ඇත්ත.. ගොඩක් දෙනෙක්ගේ මුණේ ඉරියවු දිහා බලාගෙන හිටියම ඒ කෙනා ගැන දල අවභෝදයක් ගන්න පුළුවන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල රෙපා සාස්තර කියන්නේ මේ අය දාන කමෙන්ට් ස්ටේටස් වලින්. ඒත් එකෙක් වත් කියන ඒවා ඇත්ත කියල පිළිගන්න කැමති නෑ නේ බං. සත්‍යය වසං කොරන්නම තමා දගලන්නේ :((((

      Delete
    2. අනික උඹ ඔය පරිස්සම් වෙන්න කියන ගෑල්ලමයි ගේ හිතේ මොනවත් වැරදි දේවල් නැත්තම් මොකටද ඒ අය අමුතුවෙන් පරිස්සම් වෙන්නේ මම හිත කියෙව්වා කියලා ......:P බය වෙනවනම් බය වෙන්න වෙන්නේ කෙනෙක් මුණ ගැහෙන්න නෙවෙයි. කෙනෙක් වරදට පොළඹවන තමන්ගේම හිතට............

      Delete
  10. මාත් අහලා තියෙනවා. ඔය සාස්තර කියන අය අතීතය ගෑන කියද්දී ඒ දේවල් ඈත්ත වගේ තේරුනත් අනාගතය ගෑන කියද්දී බොහොවිට ඒවා නිවෑරදිවෙන්නේ නෑ. ඒ අය අපේ හිත් කියවලා අපේ හිත් සනසවන්න අනාගතය ගෑන කියනවා කියලා තමයි මන් අහලා තියෙන්නේ.

    තව තියෙනවනම් ඒ ටිකත් ඉක්මනටම දාන්නකො...

    ReplyDelete
    Replies
    1. අතීතය අනාගතය ගැන නෙවෙයි මේ කියන විදියෙන් කියන්න පුළුවන් වෙන්නේ අදාළ අවස්ථාවේ හිතේ තියෙන දේවල් ගැන. එක පුද්ගලයෙකුගේ හැසිරීම රටාව ටික දවසක් අධ්‍යයනය කලොත් නම් ඔහුගේ අතීතය අනාගතය ගැනත් කියන්න පුළුවන් වෙයි. මොකද කෙනෙකුගේ වර්තමානය රැදිලා තියෙන්නේ අතීතය මත. අනාගතය තියෙන්නේ වර්තමානය මත .....:)))

      Delete
  11. බලමු ට්‍රයි එකක් දීලා...

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න. කිව්වට පිළිගන්න එපා කරලම බලන්න බලල මතක ඇතුව අපටත් කියන්න ...:)))

      Delete
  12. රෙපාව හමුවීමට යෑමෙන් වලිකින්න මක් නිසාද රෙපා අනුන්ගේ හිත් කියවන බැවිනි

    ReplyDelete
    Replies
    1. අන්න උදාහරණ කණියා තුල ඇති හොර සිත මෙතැනින්ම එලියට පැන ඇත. තමන්ගේ හිත හොද නම් මොකටද කාටවත් බය වෙන්නේ :P

      Delete
  13. අපි නම් ඉතින් බය නැ ඔය කාවවත් මුනගැහෙන්න යන්න.... අපි ලග හිත් දෙකක් නැහැනේ.....

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං. මොකට බය වෙනවද? (Y)

      Delete
  14. මටත් හිත කියවන්න ඕනේ ඒ කෙනාගේ වචන විතරයි.. මූණ නොදැක්කත් ඒ කෙනා කථා කරන විදියෙන්, චැට් එකක නම් චැට් කරන විදියෙන් තේරෙනවා එයාගේ මූඩ් එක.. :D

    ReplyDelete
  15. අර ටික නම් හැබෑටම ඇත්ත කතාව. ඔන්න අද ඉදන් මේ ටික මම ටෙස්ට් කරල බලන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් මේ දවස් වල මේවා ටෙස්ට් කොර කොර තමා ඉන්නේ. කරන එකක් පරිස්සමින් කරපන්. මට තාම වගකීම් සහතික නම් දෙන්න විදියක් නෑ මචං..... :D

      Delete
  16. කෙල්ලො නම් තේරුම් ගන්න අමාරු වෙයි..

    ReplyDelete
  17. ඔන්න රෙපෝ උඹවත් ඕකෙන් ගොඩ යන්න බලාපිය, දැන් බැඳලා දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න වයසෙනේ..
    හිතක් කියවලා කසාදයක් කොරගනින් ඉක්මනටම!

    ReplyDelete
  18. අදින් පස්සේ හොඳ අද්‍යනයෙන් ඉන්න ඕනේ. කි දෙනෙක් මා ඉස්සරහ ඔහොම හැසිරෙනවද දන්නේ නැහැ නේ.

    ReplyDelete
  19. මදි ඈ විස්තර තව ටිකක් ලියන්න ඉක්මනට

    ReplyDelete
  20. අනිවා.. මම බොහොම කැමති දෙයක්.. ජය!

    ReplyDelete
  21. මටත් කෙනෙක්ව හදුනා ගැනීමේ හැකියාව බොහෝ දුරට තියෙනව කියල මට හිතෙනවා...මනෝවිද්‍යාව ටිකක් විතර අධ්‍යනය කරපු නිසාම වෙන්න ඇති..

    ReplyDelete