Saturday, May 5, 2012

තවත් කෙනෙකුගේ හිතක් කියවමුද? 02 කොටස







සෑම දෙනාගේම සිත් සතන් නිවී පහන් වෙන පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රෙපාගේ අම්බලමට ගොඩ වෙන සෑම සියලු දෙනාටම.... 

ඔන්න මේ පින්බර වෙසක් දවසෙත් රෙපා ආවා තවත් කෙනෙකුගේ හිත කියවන හැටි කියන තවත් ලිපියකුත් අරගන.

මම කලින් ලිපියේදී කිව්වා තවත් කෙනෙකුගේ හිතේ තියෙන දේවල් ගැන දැන ගන්න ඕන කමක් තියෙනවා නම් ඔවුන්ගෙන් පිළිබිඹු වන සලකුණු පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන කියල. ඒක කියෙව්වේ නැති අය මෙතනින් ගිහින් ඒක කියවලා එන්න.


එහෙනම් අද අපි බලමු මේ කියන සලකුණු  ගැන තවදුරටත් විස්තර සහිතව සහ ඒ හා සම්බන්ද රීතින් කිහිපයකුත් තියෙනවා මේකේ ඒ ඔක්කොම ලියන්න බැරි උනොත් තව ලිපියක් ලියන්න වෙයි සමහර විට:( 


01. ඇස් වලින් ලබා දෙන සලකුණු
තමන් ආශා කරන දෙයකින් දෙනෙත් ඉවත් කරලා වෙන අතක රදවන්න පුළුවන් උසස් ආත්ම දමනයක් තියෙන කෙනෙකුට විතරයි. ගෑනු ළමයෙක් එක්ක හරි තමන්ගේ භාර්යාව එක්ක හරි අලංකාර ඇදුම් පැළදුම් තියෙන වෙළද සැලක් අසලින් ගිය පිරිමි කෙනෙක් මේ කියන අත්දකිම් ඕන තරං දැකල ඇති. :P අදාළ ස්ථානයෙන් ඇස් ඉවතට ගන්න ඇය කොයි තරම් නම් උත්සාහයක් ගන්නවද? 


මේ කතාව පහු ගිය දවසක අඩවි රජාත් ලියල තිබුනා. තමන්ගේ භාර්යාව එක්ක ෂොපින් යන පිරිමි අය වෙනුවෙන් එයාගේ තහනම් අඩවියේ ඉදිකරන්න බලාපොරොත්තු වෙන දෙයක් ගැන. කැමති අයට මෙතනින්  ගිහින් බලල එන්න  පුළුවන්. (වයස 16 ට අඩු උන් ඔතනට කොටනවා එහෙම නෙවෙයි ඕන්)


අනිත් අතට තමන්ගේ හිතේ තියෙන රහස් අදහසක් සගවන්න උවමනා කෙනෙක් කරන්නේ තමන් ආශා කරන දෙය දිහා නොබලා තදින්ම ඉවත බලා ගැනීම. හිතේ ඇති අදහසට සම්පුර්ණයෙන්ම විරුද්ද දිශාවකට නෙත් යොමු කිරීමට යාමේදී මුහුණේ ඇතිවන මාංශ පේශි වල වෙනස් විම තුලින් තමන්ගේ හිතේ ඇති අදහස අනිත් අයට කියා පානවා. නෙත් වෙනත් දිශාවකට යොමු කිරීමෙන් පැහැදිලි වෙන්නේ අදාළ දෙය පිලිබදව හිතේ ඇතිවෙන දැඩි කැමැත්ත.


02. වෙව්ලීම
ආදරයකට මුල පුරන්න උත්සාහ දරන යුවතියක් තුල හෝ අනාචාරයේ යෙදීමට සිතන භාර්යාවක තුල ඒ පිලිබදව ඇති වන උහතෝකොටික හැගීම් නිසා මේ කියන වෙව්ලීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිර කරලා දැඩිව රදවා ගත් කෝපය පාලනය කර ගැනීමට යාම වැනි කරුණු නිසාත් වෙව්ලීම ඇතිවෙන බවයි කියන්නේ


03. නොසන්සුන් බව
යම් කිසි අවස්ථාවකින් ගැලවී යාමට උත්සාහ කරන කෙනෙකු තුල ඇතිවන හැගීම් මුහුණේ පේශි ක්‍රියාකාරීත්වයෙන් දැනගන්න පුළුවන් ඒ වගේම තමයි යමකු කාමරයේ වේගයෙන් එහා මෙහා සක්මන් කරයි නම් ඔහුට උවමනාවී ඇත්තේ එතනින් පිටත් වී යාම කියල හිතන්න පුළුවන්.




04. ගොත ගැසීම
අසාධ්‍ය ගොත ගැසිල්ල කියන කාරණය මානසික වෛද්‍යවරයකුගේ අවදානයට යොමුකළ යුතු ගැටළුවක් උනත් සෑම දෙනෙක්ම යම් යම් අවස්තාවලදී ගොත ගසන්නේ සිය අදහස් ඉදිරිපත් කිරීමේදී ඇතිවන යම් කිසි බියක් නිසා. මෙයින් හැගවෙන්නේ මම යම් කිසි දෙයක් ඔබගෙන් සගවමි. ඉන් මිදෙන මගක් සිතා ගන්න තුරු මදක් ඉවසන්න කියන කාරණය


05. අමතකවීම
යම් කෙනෙකුට බොහෝ විට අමතක වෙන්නේ ඔහුට හෝ ඇයට අමතක කරලා දාන්න උවමනා දේවල්. තමන්ට ලැබෙන්න තියෙන දෙයක් ඉල්ලා සිටීම, ගෙදර යන්න තියෙන දුම්රිය අල්ලා ගැනීමට වෙලාවට දුම්රිය නැවතුමට යාම වගේ තමන්ට ගොඩක් උවමනාවක් තියෙන ඒවා කෙනෙකුට අමතක වෙන්නේ ඉතාමත් කලාතුරකින්.
බොහෝ විට මිනිසා අමතක කරන්නේ තමන්ට නොරිසි උවමනාවක් නැති දේවල් බවයි පෙන්නේ. දැකපු ලස්සන ගැහැණු ළමයෙක්ව කෙනෙකුට, කඩවසම් කොල්ලෙක්ව  අමතක වෙන්නේ අමතක වෙන්නේ කලාතුරකින්


06. හදිසි ගැස්ම
කෙනෙකු තුල හදිසි ගැස්මක් ඇතිවෙන්නේ සැක කටයුතු වැඩක යෙදි ඉන්න අවස්ථාවකදී කියලයි කියන්නේ


07. එකම වචන නැවත නැවත කීම
මිනිසුන් කියන නොකියන දේවල් පවා ඔවුන්ගේ මනස වටහා ගැනීමට උපකාරී වෙනවා. කෙනෙක් යම් කිසි නමක් වචනයක් දිගින් දිගටම පැවසීම ඒ වගේ. උදාහරණයක් විදියට කෙනෙකුට තමන් ඉතාමත් ආදරේ කරන කෙනෙකුගේ නමක් නිතර නිතර කියවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.


08. කටින් ඉබේ පිටවෙන වචන
කෙනෙකුගේ අදහස් හෙළිකරන ඉතාමත්ම වැදගත් දෙයක් තමයි ඉබේ කටින් පිටවෙන වචන කියල කියන්නේ. එහෙම ඉබේ කටින් පිටවෙන්නේ බොහෝ දුරට කෙනෙකුගේ හිතේ තදින්ම වැදිලා තියෙන ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි


කෙනෙකුගේ හිත ඇතුලේ සැගවුන සෑම දෙයක්ම නියමාකාරයෙන් දැනගන්න මාර්ගයක් නැති උනත් ඔවුන් පෙන්නුම් කරන විවිධ සලකුණු ආශ්‍රයෙන් යම් තාක් දුරකට ඔවුන්ගේ සිත තුල තියෙන දේවල් ගැන වටහා ගන්න පුළුවන් කම තියෙනවා.


මේ කියපු කරුණු වලින් කෙනෙකුගේ හිතේ තියෙන දේවල් වටහා ගන්න උවමනා කරන රීතින් කිහිපයක් ඊලග පොස්ට් එකෙන් බලාපොරොත්තු වන්න....



33 comments:

  1. වටිනා පොස්ට් එකක් ....

    ReplyDelete
  2. ම් ම්.....බලමුකෝ බලමුකෝ....

    ReplyDelete
  3. මූනේ මාංශපේශි වෙනස්වීම නම් හොඳටම පැහැදිලි වෙනවා කැමති දෙයක් කරන්න නොලැබුනොත්..

    ගෑණු ලමයා පන්ති යද්දි එයත් එක්කම බස් එකේ නැගලා ක්ලාස් එකට ගිහින් බස්සවන්න ආවා.අධික මාර්ග තදබදේ නිසා පන්ති පටන් ගන්න වෙලාවට වඩා පැය බාගයක් පරක්කු වුනා.ඒත් මම පන්තිය ගාවටම එක්කන් ගිහාම කිව්වා අනේ ක්ලාස් යන්න බෑ පරක්කු නිසා කියලා.ඉතිං මම කිව්වා එහෙනම් මල් වත්තට යංද කියලා.ඒ ඇහුවාම මූණ කරත්තෙට අහුවෙච්චි අඹ ලෙල්ලක් වගේ උනා....හැබැයි මල්වත්තේ යන්න ආවා.පස්සේ දවසක කටින් පැන්නා ක්ලාස් යන්න කැමැත්තෙන් හිටියත් කාලෙකට පස්සේ හම්බුනු මගෙ හිත රිදෙයි කියලා එහෙම දෙයක් කිව්වා කියලා....බැලින්නම් කෙල්ල බලන් ඉඳලා තියෙන්නේ මම එයාට ක්ලාස් යන්න කියලා බලකරනකං.කවුද අප්පා ඕවා දන්නේ.මේවා කලින්නේ දාන්න තිබුනේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ තල්ලී,,

      Delete
    2. @ගැමියාගේ පත් ඉරුව
      ඒ වෙලාවේ නම් ඕක තේරුනේ නැති තරමට හොදයිනේ බං. නැත්තම් කොහොමද උඹ එදා මල් වත්තේ ගිහින් මල් කඩන්නේ. වෙච්ච දේ හොදයි කියලා හිතපන්...:)))

      @Naughty (සුරේෂ්)
      :D :D

      Delete
  4. ඇත්ත බොහෝ දුරට..

    ReplyDelete
  5. කලින් එකේ දාපු ටික විස්තර කරල දාල වගේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. මෙයාලට ඉතින් ඔක්කොම ඇගිල්ලෙන් ඇනලම කියාදෙන්න ඕනනේ බං. ඒ හින්දා සවිස්තරාත්මකවම දැම්ම. ජය වේවා !!!!

      Delete
  6. අහ්හ්හ් තවත් හොද විස්තරයක්... ම්ම්..වැදගත් වෙයිවගේ.. හැබැයි හුඟාක් උදවඉයට ආත්ම දමනය අඩුයි මම හිතන්නෙ නම්..

    ReplyDelete
    Replies
    1. :O ආත්ම දමනය. කොහෙද නංගි එහෙම එව්වා තියෙන්නේ. ටැංකු ටැංකු ...:D :D

      Delete
  7. හෙන වැදගත් හොඳේ :) ඇත්ත තමය් ඉතින්, ඉතිරි කොටහත් දැම්මනම් :ප
    වෙලාවට මට 16 ය් නැත්තම් අර රජා ගේ පොස්ටුව මිස් වෙනවා නෙව :ඩ්
    ජය ශ්‍රී !!

    ReplyDelete
    Replies
    1. වෙලාවට 16 උනේ නේද මල්ලි. :D :D ජය වේවා !!!!

      Delete
  8. වැඩි විස්තරයක් එක්ක මේක දාපු එකනම් හොදයි.. අර කියපු හදිසි ගැස්මනම් ඉතින් අපි කාටත් වෙනවනේ... කරන හොර වැඩ නිසා..

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් දිනේෂ්. ගැස්සුනොත් ඔක්කොම හොර මාට්ටු :D :D

      Delete
  9. //ආදරයකට මුල පුරන්න උත්සාහ දරන යුවතියක් තුල හෝ අනාචාරයේ යෙදීමට සිතන භාර්යාවක තුල ඒ පිලිබදව ඇති වන උහතෝකොටික හැගීම් නිසා මේ කියන වෙව්ලීම ඇති වෙන්න පුළුවන්.//

    පිරිමින්ට මේ වෙව්ලීම හැදෙන්නේ නෑලුද? :D:D:D

    ReplyDelete
    Replies
    1. නැත නැත සහෝදරිය එසේ නොවේ... කොල්ලන් මේ සඳහා යොමුවෙන්නේ "ආවොත් අලියෙක්...ගියොත් වචනයක්" යන තියරිය යටතේය.

      Delete
    2. @Podi Kumarihami
      අපෝ නෑ සහෝදරි. ඔය ගැමිය දීල තියෙන්නේ උත්තෙරේ. පිරිමින්ට වෙව්ලිල්ල හැදෙන්නේ ඔය වෙලාවට නෙවෙයි. වෙන වෙලාවකට :P :D :D :D

      @ගැමියා
      අන්න හරි මචං. :D :D

      Delete
  10. ශා.... සෑහෙන්න දියුණු වෙලානේ... අර කුණ්ඩලිනි යෝගෙට මොකද උනේ... මට නම් මෙලෝ හසරක් තේරුනේ නෑ ඒකෙ...

    ReplyDelete
    Replies
    1. ඉස්සර රෙපා මලාට පස්සේ වැඩ බාර ගත්ත එකා මාර දියුණුයි තමා :P මේ තියෙන්නේ කුණ්ඩලිනි යෝගේ හොයන කොට හම්බ උන අතුරු ඵල. මුල ඉදන් හෙමිහිට කියෙව්වොත් තේරෙයි සමහර විට. තේරුනේ නැතත් ගණන් ගන්න එපා ඕවා....:D :D

      Delete
  11. රෙපා මොකාටද එන්නෙ ඒ පාර ?

    ReplyDelete
    Replies
    1. ඔබා මාම අවුරුදු උත්සවේදී දැක්කට පස්සෙ දැක්කේ. ආයේ කැන්ගරු දේසෙට ගිහින් වගේ. අනේ මන්දා ඔබා මාමේ මොකාට එන්න හදනවාද කියලා :D

      Delete
  12. මට මුල ඉදන් ඔක්කොම බලන්න වෙයි

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි එහෙනං මුල ඉදලම බලල එන්නකෝ. රෙපාගේ අම්බලමට වෙල් කං කියල පිළිගත්තා එහෙනං :)))))

      Delete
  13. වැදගත් ගත හැකි දේවල් බෝමයි.

    ReplyDelete
    Replies
    1. ගන්න පුළුවන් නම් ඔක්කොම ගත්තත් මගේ හිතේ නෑ නොව කිසි කහටක්. ජය වේවා අසරනයටත් !!!!! :D :D

      Delete
  14. උබට ජය ගොඩාක් වටිනවා මේක ජීවිතේට

    ReplyDelete
    Replies
    1. අදමද කොහෙද ඉන්නවා දැක්කේ. සාදරයෙන් පිලිගන්නවා. ජය වේවා !!!

      Delete
  15. //තමන්ගේ හිතේ තියෙන රහස් අදහසක් සගවන්න උවමනා කෙනෙක් කරන්නේ තමන් ආශා කරන දෙය දිහා නොබලා තදින්ම ඉවත බලා ගැනීම. හිතේ ඇති අදහසට සම්පුර්ණයෙන්ම විරුද්ද දිශාවකට නෙත් යොමු කිරීමට යාමේදී මුහුණේ ඇතිවන මාංශ පේශි වල වෙනස් විම තුලින් තමන්ගේ හිතේ ඇති අදහස අනිත් අයට කියා පානවා.//

    මේ කතාව නම් 100% ක් ම ඇත්ත.. සම්පුර්ණයෙන් ම එකඟ වෙනවා!

    ReplyDelete
  16. නියම පොස්ටුව රෙපො

    ReplyDelete