Monday, February 6, 2012

රෙපා සහ දේ.පා - කාලින දේශපාලන සංවාදය (සජීවී විකාශය)

රෙපා: සුභ සන්ද්‍යාවක් ප්‍රිය දේශපාලන රසික රසිකාවියනි. අද අපි මේ සුදානම් වෙන්නේ රෙපා සහ දෙ.පා සමා වෙන්න දෙපා නෙවෙයි දේ. පා වෙන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලක තුමා කියන එක කෙටි කරලා තමයි දේ.පා කිව්වේ. කටේ හුරුවට කියවෙන්නේ රෙපා සහ දෙපා කියලා තමයි. රෙපා සහ දෙපා දේශපාලන වැඩසටහන ආරම්භ කිරීමටයි...


අද අපේ මුල්ම වැඩ සටහනට අපගේ ආරාධනය පිළිගෙන මේ මැදිරියට පැමිණ තියෙනවා. අපේ රටේ කතාබහට ලක්වන ජනප්‍රිය දේශපාලන චරිතයක්. සුහද හදක් ඇති, ජන හද හදුනන මෙතුමාගේ නම කියූ සැනින් රටේ ජනතාව  හදුනන නිසා අද අපි ඔහුගේ නම කියන්නට යන්නේ නැහැ.


රෙපා: ආයුබෝවන් ඇමතිතුමා


දේ.පා: ආයුබෝවන් ආයුබෝවන් රෙපා මහත්තයටත්, රටේ සියලු ජනතාවටත් මේ චැනල් එකේ වැඩ කරන හැමෝටමත් මගේ ආසනේ මට ඡන්දය දුන් නොදුන් හැම දෙනාටමත්....


රෙපා: ඉතින් ඇමතිතුමා ඔබතුමා දැනටමත් දන්නවා ඇති අපේ මේ රෙපා සහ දෙපා වැඩසටහනෙන් කරන්නේ අපේ රටේ ජනප්‍රිය දේශපාලන චරිත මෙතනට ගෙන්නලා රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ චරිතයේ නොදකින පැත්ත ගැන සාකච්චා කරන එක කියලා.


දෙපා: නොදකින පැත්ත කියල කිව්වේ?


රෙපා: නොදකින පැත්ත කියල කියන්නේ ඇමති තුමා මේ රටේ ජනතාව දන්නේ ඔබතුමාගේ දේශපාලන කටයුතු ගැන විතරයිනේ?


දෙපා: ඉතිං


රෙපා: ඉතිං අපි කැමතියි එතනින් එහාට ගිහිල්ල ඔබතුමාගේ පුද්ගලික තොරතුරු ටිකක් ජනතාවට ඉදිරිපත් කරන්න.


දෙපා: මගේයි මගේ පුතාගෙයි පුද්ගලික ජිවිතේ ගැන ඔය මාද්‍ය වලින් අම්බානක වර්ණනා කරන්නේ තව මොනවද ඔකේ දැනගන්න තින්නේ රෙපා මහත්තයෝ....


රෙපා: එහෙම නෙවෙයි ඇමතිතුමා මම ඇහුවේ ඔබතුමාගේ ගම පළාත, කුඩා කාලය, දේශපාලනයට පිවිසිච්ච ආකාරය වගේ තොරතුරු ටිකක්. මම හිතන්නේ ඒක අනාගතේ දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ තරුණ තරුණියන්ට ආදර්ශයක් වෙයි


දෙපා: අන්න එහෙමනේ ඕක අහන්න ඕනේ. මම හොද ආදර්ශවත් කෙනෙක් තමයි.


රෙපා: ඉතිං ඇමති තුමා අපි පටන් ගනිමුද ඔබ තුමාගේ කුඩා කාලයෙන්ම?


දෙපා: හ්ම්ම්ම්... රෙපා මහත්තයට කියන්න. මම ඇවිල්ලා දකුණු පළාතේ පොරක්. මම  පුංචි කාලේ ඉදලම බොහොම ගුණ යහපත් ළමයෙක්. හතර පෝයටම සිල් ගත්ත අපේ අම්මත් එක්ක ගිහින්. ඉතිං මගේ මේ ගුණ යහපත් කල ක්‍රියාව අපේ ගමේ ඉන්න ඉරිසියාකරයින්ට දරා ගන්න බැරි උනා. උන්ට මා එක්ක තිබුනේ තද බල වයිරයක්‌. ඉතිං ඒ අය මාව විනාස කරලා දාන්න මැරවරයෝ ටිකක් එව්වා අපේ ගෙදරට.  


රෙපා:  ඔය කාලේ ඔබ තුමා පොඩි ළමයෙක වෙන්න ඇති නේ. ඉතිං උන් ඔබතුමාට පහර දුන්නද?


දෙපා: මට ගහල එහෙම පැනල යන්න කපනවා හු @##@# පුතාලව කෑලි කෑලි වලට.


රෙපා: ඇමති තුමා ටිකක් සන්සුන් වෙන්න. මේක සජීවී සංවාදයක්. රටේ ජනතාව බලාගන ඉන්නවා.


දෙපා: මේක ලයිව් කියලා කලින් කියන්න එපායැ. එතකොට පහළොවක් දාසයක්‌ විතර ඇති මයේ හිතේ. එදා මම ඒ මැරයින්ට අහු උනා නම් අද මේ වගේ අවංක සත්ගුණවත් දේශපාලකතුමෙක් එක්ක ඔබ තුමාට අද මේවගේ සාකච්චාවක් කරන්න ලැබෙන්නේ නෑනේ....


රෙපා: ඉතිං ඊට පස්සේ මොකද උනේ ඇමතිතුමා.


දෙපා: ඊට පස්සේ මට ගමේ ඉන්න බැරි තත්වයක් උද්ගත උනා. මම ගමෙන් පැනලා කොළඹ ආව.


රෙපා: දිගින් දිගටම ඒ මැරයෝ ඔබතුමාට කරදර කරන්න එන්න ඇති නේ?


දෙපා: මම වගේ දෙයියෝ බුදුන් අදහාගන පාඩුවේ ජිවත් වෙන කෙනෙකුට කරදර කරලා ඒ අය යහතින් ඉදියි කියලා හිතනවද? අනිත් ඒක බුදුහාමුදුරුවන්ටත් හතුරුකම් කරන්න දෙවදත්තරයෙක් හිටපු එකේ මට නැති වෙයිද? ඒ උනාට දෙයියෝ උන්ට දඩුවම් දුන්නා. එදා රාත්තිරියේම උන්ගේ ගෙවල් දොරවල් කව්දෝ ගිනි තියලා. ගහන්න ආව උන්ගේ ඔලු පැලිලා. ඉතිං ඒක කලේ මම කියලා හිතලා උන්ගේ හත්මුතු පරම්පරාවම මගේ පස්සේ පැන්නුවා. මම කොළඹට පැන ගත්තා.


රෙපා: ඉතිං උන් කොළඹ ආවේ නැද්ද ඔබතුමාව හොයාගන. ඔබ තුමාගේ කොළඹ ජිවිතේ ගැනත් දන ගන්න අපේ ප්‍රේක්ෂක ජනතාව කැමති වෙයි මම හිතන්නේ?


දෙපා: උන් කොළඹ ආවනම් උනුත් පන පිටින් යන්නේ නෑනේ. දෙවියෝ දඩුවම් දෙනවා. අනික එදා උන්ට අහු උනා නම් අද මමත් මෙතන නෑනේ රෙපා මහත්තයෝ....


රෙපා: ඉතිං අපි දැනගන්න කැමතියි ඔබ තුමාගේ කොළඹ ගත කරපු ජීවිතය ගැන


දෙපා: රෙපාට කියන්න මම කොළඹදී කෑවේ අම්බානක කට්ටක් බං. අඩු ගානේ මලක් ගහන්නවත් අතේ සතේ නෑ බං.


රෙපා: මලක් ගහනවා කිව්වේ ඇමති තුමා


දෙපා: හුටා ලයිව් නේද? මලක් ගහනවා නෙවෙයි මම කිව්වේ බුදුහාමුදුරුවන්ට පුජ කරන්න මල වට්ටියක් ගන්න තරම් වත් සල්ලියක් ඒ දවස් වල මගේ අතේ තිබුනේ නෑ කියලා.....


රෙපා: ඉතිං මන්ත්‍රී තුමා කියන්නකෝ ඔබතුමාගේ කතාව.


දෙපා: මම ඔය දවස් වල නිදා ගත්තේ කොහේ හරි බස ස්ටෑන්ඩ් එකක පත්තර කොලයක් දාගන. කියක් හරි හොයා ගත්තේ කාට කාට හරි ඔය මොන මොනවා හරි වැඩක් කරලා දීලා. ඉතිං ඔන්න ඔහොම ඉන්න ඒක දවසක තමයි මට පුෂ්පකුමාර යුව රජ්ජුරුවන්ව මුණ ගැහුනේ?


රෙපා: යුව රජතුමා ඇමති තුමාට සහයෝගයක් දෙන්න ඇතිනේද?


දෙපා: රෙපා මහත්තයට කියන්න අන්න මිනිස්සු. නෙවෙයි දෙවියෝ (අසුනින් නැගිට අහස දෙසට අත් දිගු කර වදියි) හුටා මේ ප්‍රෝග්‍රෑම් ඒක අපේ මිහිදු රජ්ජුරුවෝ බලන එකක් නෑ නේද? බැලුවොතින් නම් ජුලි හතයි. (වහා පැමිණ අසුනින් වාඩිවෙයි)


රෙපා: එතුමා මේ වැඩසටහන නොබලත්වා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඇමතිතුමා යුව රජතුමා ඔබ තුමාට  මොන වගේ සහයෝගයක්ද දුන්නේ කියල මතක කරනවා නම්?


දෙපා: එතුමා පුදුමාකාර හදවතක් තිබුන පුද්ගලයෙක්. මගේ සහජ දක්ෂතා සියල්ල අදුනගත්තා. ඒ නිසාම මට එතුමා ලග එතුමා වෙනුවෙන් වැඩ කරන්න චෑන්ස් ඒක ලැබුනා...


රෙපා: මොනවද ඉතිං ඔබතුමා එතුමා ලග කරපු වැඩ රාජකාරි එහෙම?


දෙපා: ආයේ වෙන මොනවද බං. පෝස්ටර් ගැහුවා. අනිත් පැත්තේ උන්ගේ කොඩි වැල් කපුවා, ගහ මරා ගත්තා, ඔලු පලා ගත්තා,
නෑ නෑ නෑ වැරදුනා, මම තමයි එදා ඉදලා එතුමාගේ සම්බන්දිකරන ලේඛම් තුමා. අපි කොච්චරනම් සමාජ සේවා කටයුතු කලාද? පාරවල් පාලම් හැදුවා, පන්සල් පල්ලි හැදුවා. ගොඩාක් ඔය සමිති සමාගම් වල වැඩ කළා.


රෙපා: එතකොට ඔය අතරේදී තමා ඔබතුමාගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිද්ද වෙන්නේ?


දෙපා: මට ඔය බර වචන තේරෙන්නේ නෑ බං. මම මෙහෙම දේශපාලනේට ඇවිල්ල මේ තත්වෙට එයි කියලා ඔය කියන කාලේ මම හීනෙන වත් හිතුවේ නෑ බං. ඒක තමා මගේ ලක් ඒක කියන්නේ ....


රෙපා: ඉතිං කොහොමද ඔබ තුමා දේශපාලනේට පිවිසුනේ?


දෙපා: ඉතිං මම ඔය යුව රජතුමා ගාව සමාජ සේවා කටයුතු කරගන ඉන්න අතරේ ආවනේ මහා කතිර වරණයක්. ඔය කතිර වරනෙට අපේ පැත්තෙන්ම ආව එක්කෙනෙක් එක්ක පරණ කෝන්තරයක් තිබුනා අපේ යුව රජ්ජුරුවන්ගේ හිතේ.


රෙපා: දේශපාලන කුමන්ත්‍රණයක් කරලා වගේ?


දෙපා: පැනල දෙන්නේ නැතුව ඉන්නවකෝ මට මේක කියන්න දීලා.


රෙපා: හරි හරි ඇමතිතුමා කරගන යන්නකෝ කතාව


දෙපා: මම ඉතිං යුවරජතුමාගේ අවංක සුචච කීකරු ගෝල බාලයා හින්දා එතුමා මාව දැම්ම අනිත් පැත්තෙන්. එතුමා මට වියදම් කළා මම දිනුවා. අර යකා පැරදුනා 


රෙපා: අම්මට හුඩු, මාර චෑන්ස් පාරක්නේ වැදිලා තියෙන්නේ.. 


දෙපා: මාරයිද කියලත් අහනවා. මේක මගේ ලක් ඒක බං ලක් ඒක. පරණ පිනක් මගේ ඉහේ කඩාගන වැටුනා.....
(ඇමති තුමා ගීතය ගායනා කරමින් අසුනින් නැගිට නැටීමට සුදානම් වෙයි)


රෙපා: මොනවද ඇමතිතුමා ඔය කරන්න හදන්නේ? මේක සජීවී වැඩසටහනක්. මිනිස්සු බලන් ඉන්නවා. 


දෙපා: අම්මට සිරි ( නැවතත් අසුනේ වාඩිවෙයි)


රෙපා: අපි අද රෙපා සහ දෙපා තුලින් සාකච්චා කරමින් සිටියේ අපේ ජනහද හදුනන, සුහද හදක් ඇති ආචාර්ය  mbjnbj skjkj මැතිතුමාගේ ජිවිතයේ ඔබ නොදුටු තොරතුරු පිලිබදවයි. අපි දැන් අනුග්‍රාහක භවතුන් ගේ පණිවිඩ කිහිපයක් වෙත යොමු වීමට ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙමු.
........................................................................................................................................................
වෙළද විරාමය ඔබ වෙත ගෙන එන්නේ "බොකු දිරාස් " ගැහුවොත් ගැහුවමයි


........................................................................................................................................................
(විරාමය අතරතුර මැදිරිය)
ඇමතිතුමාගේ ගෝලයකු ජංගම දුරකතනයක් රැගන මැදිරියට දිව එයි, ඇමතිතුමා පිළිතුරු සපයයි
........................................................................................................................................................ 
(දැන්වීම්)


මේසන් බාස්: මොනවද මහත්තයෝ මේ ගෙනල්ල තියෙන ලනු. මේවයින් පලංචි බැන්දොත් නම් අපට වැඩිකල් අතපය කඩා ගන්නේ නැතුව මේ රස්සාව නම් කරන්න හම්බ වෙන්නේ නෑ.


හිමි කරු: ඇයි බාස් උන්නැහේ  එහෙම කියන්නේ. මම පල්ලෙහා කඩෙන් හොදට තෝරලා බලලා නේ මේවා ගෙනාවේ.


මේ. බාස්: එකනේ කියන්නේ ඒ මුදලාලි මහත්තයටත් දීලා තියෙන්නේ දිරච්ච ලනුවක් නේ. මහත්තයෝ ලනුවක් ගන්න කොට බලන්න ඕනේ මරු සිරා ලාංචනය තියෙනවද කියලා. පලංචි බදින්න, ගස් බදින්න වගේම කාට හරි කවන්න උනත් නියම ලනුව තමයි මරු සිරා..


         " නොකැඩෙන්න බදින්න - මරු සිරා ලනු ගන්න "


එකම නියෝජිතයෝ මරු සිරා ඩිස්ට්‍රිබියුටර්ස් නුවර පාර දළුගම කැලණිය. 
................................................................................................................
( විරාමය අතරතුර මැදිරිය)


දෙපා: (දුරකතනයට) මොන @$##@ යකෝ කියන්නේ මේකෙන් මට තියන ජනතා ප්‍රතිචාරෙට කෙල වෙනවා කියලා. උඹලට බෑ යකෝ මාව මේකෙන් එලවන්න. දැනගනියව් රජ්ජුරුවොත් මා එක්ක දෙයියොත් ඉන්නේ මා එක්ක කියලා . 


( දුරකථනය විසන්දි කොට දමා පැමිණ රෙපාගේ ටයි පටියෙන් අල්ලා ගනී. ඉනේ ගසා සිටි කට පුංචා රෙපාගේ ඔලුවට තබයි. අනෙකුත් පිරිස බියපත්ව බලා සිටියි )


දෙපා: අඩෝ #@#@# උඹල හිතුවද මගේ පරණ කුණු කන්දල් ඇදලා අරගන මට තියන ජනතා ප්‍රතිචාරේ නැති කරන්න. එව්වා සුම්මා යකෝ. උඹව ගස් බදින්න මට මරු සිරා ලනු ඕන නෑ යකෝ. ගැට ගහනවා මේ ටයි පටියෙන්ම ලයිට් කණුවක. 


( රෙපාව අතහැර දමා අනෙකුත් පිරිස වෙත කට පුංචා දිගු කරයි)


දෙපා: අඩෝ දන ගනිල්ලා මා එක්කලා සෙල්ලම් බෑ හරි. යට කරලා දානවා ඔරුගොඩවත්තේ කුණු කන්දට. මේවා ඔක්කොම කුඩු කරනවා යකෝ. මේකෙන් මගේ ජනතා ප්‍රතිචාරෙට මොනවම හරි වෙලා තිබුනොත් බලාගමු හරි....

(අසල තිබු ලයිට් සෙට් එකකටත් පා පහරක් දි ඇමති තුමා සිය පිරිසද සමග පිටව යයි)
.............................................................................................................


වෙළද විරාමය අවසන් කලේ දන්කොටුව ස්පෙෂල් වෙතින් - දන්කොටුව ස්පෙෂල් ලෙඩා මලත් බඩ සුද්දයි 


.............................................................................................................


රෙපා: ඔව් විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් රැදී සිටින්නේ රෙපා සහ දෙපා වැඩසටහන සමගයි. කනගාටුවෙන් උනත් ඔබට දැනුම දීමට විශේෂ දැනුම දීමක් තියෙනවා. හදිසියේම ලැබුන ආරාදනයකට අනුව අපගේ විශේෂ ආරාදිත අමුත්තා වූ ඇමතිතුමා මිට සුළු මොහොතකට පෙර මැදිරියෙන් පිටත්ව ගියා. ඒ එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොත් වහන්සේ නමක් පලද වීමේ උත්සවයකට සහභාගී වීම සදහා. එතුමා පිනට දහමට ඉතාමත් ලැදි පුද්ගලයෙකු වීම නිසාම මෙම අවස්ථාවට සහභාගී වීමට පිටත්ව යාම නිසා ඔබට ඇතිවූ අපහසු තාවය පිලිබදව අප ඔබගෙන් සමාව අයදිනවා. මේ මියුරු ගීතයක් සමගින් තවත් දිනකදී දේශපාලන ලෝකයේ තවත් පෙරළිකාර චරිතයක් සමග හමුවන තුරු අදට අපි රෙපා සහ දෙපා වැඩසටහන තුලින් අපි ඔබගෙන් සමු ගන්නවා.  ඔබට සුබ රාත්‍රියක් .....


කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් අපට
මොන කෙන්ගෙඩියද තව ඕනෑ කියන්නේ ......//
කන්න දුන්නේ නැතත් අපට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ ...//
කියන දෙයක් ඒ හැටියට කොරාන්නම් ,
අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නාම්...............




රෙපාගේ සාටරේ 1  දාලයි තියෙන්නේ. 2 කොටසත් ලගදීම ..........


ප. ලි : අනුරාධපුරයේ පැවැත්වෙන දැයට කිරුල ප්‍රදර්ශනය නැරබීමට හෙට එනම් (07/02/2012) රාත්‍රියේ හෝ ඊට පසුදා එනම් (08/02/ 2012) පාන්දර කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් පිටත්ව යාමට අප සුදානම්. අප සමග එම ගමනට සෙට් වීමට කැමති අය සිටි නම් බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එකේ ඇති ස්ටේටස්  එක බලන්න.


ප.ප.ලි : අද එනම් (07/02/2012) රෑ 10.15 ට පිට කොටුවෙන් අනුරාධපුරේ යන කෝච්චියේ අපි යනවා. එනවනම් එනවලා. එහෙනම් මම ගිහිල්ලා එනකල් කස්ටිය මේ පැත්ත ගැන පොඩ්ඩක් බලා ගන්නවලකෝ. ටටා බායි....



35 comments:

  1. කව්ද මේ දෙපා තුමා??
    ඇම්ඩන් සිල්වා ද??:-/

    ReplyDelete
  2. කට, කට, ඔන්න සුදු පාට වෑන් එකක් එනෝ .....

    ReplyDelete
  3. පලවෙනියටම කමෙන්ටුවෙන්ම කිසිවක් නොකියමි.මක්නිසාදයත් කලු පාටින් ටින්ටෙට් කරපු සුදුපාට වාහන වලට අකැමති බැවිනි. ඊලග කමෙන්ටුවේ සිට වැදගත් යමක් දමමි..

    ReplyDelete
  4. ලෙසටම ලියා ඇත... ඔය වගේ අය ගොඩක් ඉන්නවා.. මොකාද කියලා හිතා ගන්න බෑ.. ගොඩක් අයට ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. බලං යනකොට ඔය ඔක්කොම ඉතිං දේශපාලන කුමන්ත්‍රණකාරයොනේ මාතලන් අයියා..

      Delete
  5. රෙපා ලගදිම දෙපා අහිමි කරගන්න බවනම් සුවර්...

    ReplyDelete
    Replies
    1. තාම මගේ දෙපා නම් යහතින් තියනවා මචන්. උඹේ පාදෙට කොහොමද දැන්?

      Delete
  6. පොඩි මෑන් ගේ කතාව සහතික ඇත්තය.. ඔය යන විදියට නම් දෙපා නොව වෙන කුමක් හෝ අහිමි කර ගැනීමටද බැරි නැත...

    ReplyDelete
    Replies
    1. මොකක්ද නගෝ වෙන කුමක් හෝ කිව්වේ?

      Delete
  7. අපේ ආචාර්ය තුමාට කින්ඩි දාන්න එපා හරි... රෙපාගෙ කෑලි වෙන වෙනම විකුණනව ;)

    ReplyDelete
    Replies
    1. කවුද බං උඹලගේ ඔය ආචාර්ය තුමා කියන එක්කෙනා. මම නම් එහෙම අය ආශ්‍රය කරන්නේ නෑ

      Delete
  8. මටනම් බයයි බන් උඹත් එක්ක ගමන් යන්නත්... මේකේ දාපන් කියල තියෙන කිසිම දේකට මම සම්බන්ධ නෑ කියල....

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා බං. මම යන්න කලින් පොඩ්ඩක් වෙස් මාරු කරගත්තා.

      Delete
  9. උඹ තවම හොඳින් ඉන්නවද.මොනවත් කරදරයක්ද මචං.ඉන්න තැනකින් කතාකරපන් දෙයියෝ.

    ReplyDelete
    Replies
    1. මම තාම නම් හොදින් ඉන්නවා බං..
      කාටද බං දෙයියෝ කිව්වේ මටද?

      Delete
    2. නැතුව බොල...බොට තමා

      Delete
  10. මටත් මතක් වුනේ කැලණියේ ගොය්ය නං තමා.

    ReplyDelete
    Replies
    1. කැළණියේ විභීෂන දෙවියන්ව අයින් කරල, විෂ්ණු දෙවියන්ව වැඩම්මුව එක්කෙනාද ?

      Delete
    2. @ ඔබා: කව්ද අෆ්ෆා ඒ?

      @ සෑම්: දැන් විබිෂණ දෙයියෝ ඉන්නේ කොහෙද කියලා දන්නවද බං? දැක්කේ නෑ කාලෙකින්

      Delete
  11. //අනුරාධපුරයේ පැවැත්වෙන දැයට කිරුල ප්‍රදර්ශනය නැරබීමට හෙට එනම් (07/01/2012) රාත්‍රියේ හෝ ඊට පසුදා එනම් (08/01/ 2012)//

    ජනවාරි තිබ්බ ඒවාට පෙබවවාරි යන්නද හදන්නෙ, හෙම නැත්තං දුමියගෙ ක්‍රමේට කාල තරණයක්ද ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැරදුනාම ඔහොමත් කෑගහන සිරිතක් තියනවද ඇ....

      Delete
  12. මම හිතන්නේ ඔබා මාමේ මාසෙකට කලින් යන්න ලැස්ති වෙලා... ගොඩාක් දුරයිනේ අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. උඹලට නම් මොකෝ. අනුරාධපුරේ කියන්නේ අල්ලපු වැටනේ. අපට නම් ලෑසති වෙන්න මාසෙකුත් මදි වගේ අෆ්ෆා....

      Delete
  13. මේ කියන එක්කෙනා තදයෙක් නොවේ මයැ.. දැන් එකට කාලා දෙගොල්ලේ දෙපැත්තට වමාරනව නොවැ :))

    ReplyDelete
  14. අනිත් අය ඔක්කොටම උත්තර බදින්නම් ගිහිල්ල ඇවිල්ලම. එතකන් මේ පැත්ත පොඩ්ඩක් බලා කියා ගන්නවලකෝ ඇ......

    ReplyDelete
  15. හෙහෙ ලියපු විදියෙන් දෙ.පා කව්ද කියල තේරුනා..

    ReplyDelete
    Replies
    1. කවුද, කවුද......? අපි නම් දන්නේ නෑ...

      Delete
  16. දෙ.පා කවුද කියලා තේරුන නිසාම මුකුත් නොකියා ඉන්නම්...

    ReplyDelete
  17. හයියු දෙපාගේ කට පුංචා රෙපාගේ කට තුලට

    ReplyDelete
    Replies
    1. කාටවත් වරදක් නොකරන අහිංසක කොලුවා හින්ද යාන්තම් පන බෙර ගත්තා බං.

      Delete
  18. දුටුගැමුණු පරපුරේ කැළණි සාමාජිකයා !! :D

    ReplyDelete
    Replies
    1. උඹට ශුවර්මද මල්ලි මේ එයාමයි කියලා.. එහෙනම් කමක් නෑ. ඔන්‍න‍ ඔව්වට මම නම් නෑ...

      Delete