Saturday, December 10, 2011

රට හරකෙකුට අං තට්ටුවක් උවමනා කර තිබේ

විදේශීය රටකින් ආනයනය කල විදායක ශ්‍රේණියේ හරකෙකුට සුදුසු අං තට්ටුවක් සදහා මිල ගණන් කැදවනු ලැබේ. (මිල ගණන් ඉදිරිපත් කිරීමේදී කොමිස් සදහාද සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට කාරුණික වන්න)
සියලු විමසීම් 
මිලදී ගැනීමේ නිලදාරී,
බොරුපන රත්මලාන.

රැකියා ඇබෑර්තු   
බල්ලාගේ රාජකාරි කළහැකි බුරුවන් කිහිප දෙනකු අවශ්‍ය කර තිබේ. ස්වාමියා දුටු විගස දෙකට නැවී නගුට වැනීමට හැකි අය සදහා ඉක්මන් උසස් වීම්. වෙනත් සුදුසුකම් අනවශ්‍යයි. ආහාරයට තණකොළ සහ වතුර සමගින් ආයතනයෙන් නඩත්තු කරන වාහනයක්.   
 
පුද්ගලික ලේකම් වරියන් අවශ්‍යයි
අප ආයතනයේ විදායක නිලදාරීන් සදහා පුද්ගලික ලේකම් වරියන් අවශ්‍ය කර තිබේ. ඔබත් අවුරුදු 16 ත් 22 ත් අතර සුරූපී යුවතියක් නම් ඉහත තනතුර ඔබ සදහාමයි. ආහාර නවාතැන් රට සවාරි සමග. අද්යාපන සුදුසුකම් අවශ්‍ය නැත.  හැකියාව සහ උනන්දුව මත වර්ෂ අවසානයේ දරු පැටියෙක් තෑගි.
සියලු විමසීම්
මානව සම්පත් කළමනාකරු
බොරුපන රත්මලාන
 
මංගල යෝජනා 
පෙම්වතියක් සදහා ඇබැර්තු ඇත 
මුහුණේ ලස්සන එච්චරම නැති උනාට 
හිත ගොඩාක් ලස්සන
ඕනවට වඩා බොරු සෝබන නැති උනාට
ඕන වැඩක් පිලිවලකට කරන්න පුළුවන්
බොරු කයිවාරු නැති උනාට
කෙලින් කතා කරන
හුගාක්ම තැන්පත් විනීත නැති උනාට 
චුට්ටක් විතර දගකාර විසේකාර
ආදරේ කරනකොට බොලද උනාට
ජීවිතය ගැන බොලද විදියට නොහිතන
සල්ලි කියන්නේ කියන්නේකියලා නොහිතන
ආදරේ හදුනන ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්
ජීවිතේට එන ප්‍රශ්න වලදී පැනලා යන්න උත්සාහ නොකරන
අවුරුදු 22 ත් 26 ත් අතර අවංක අවංක කෙල්ලෙක් නම් 
අදම කමෙන්ට් කරන්න 
තෝරාගන්නා අයදුම් කාරියන් පරිවාස කාලයකින් පසු භාර්යා තනතුර දක්වා උසස් කිරීම පිළිබදවද සලකා බලනු ඇත 
සැලකිය යුතුයි 
මෙම දැන්වීම විනෝදය පිණිස නොව විවාහය සදහා බව සලකන්න

නම් වෙනස් කිරීමයි
සිංහල බ්ලොග් අවකාශය තුල මෙතෙක් කාලයක් අම්බලම නමින් පෙනී සිටි මම අද පටන් රෙප් මහත්තයා යන නම බාවිතා කරන බවත්, මෙතෙක් කාලයක් ලියන ලබා බ්ලොග් සියල්ල තව දුරටත් එම නම් වලින්ම පවත්වාගන යන බවටත්  බ්ලොග් අවකාශයේ මිතුරන් සියලුම දෙනාටත් මෙතුවක් කල් සහය දුන් සියලුම සින්ඩි වල පාලක වරුන්ටත් පොදු මහජනතාවටත් මෙයින් දැනුම් දැනුම් දෙනු ලැබේ. (නම දිග වැඩි කියලා හිතෙනවා නම් රෙපා කිව්වත් මගේ නම් තරහක් නැ )
මිට විශ්වාසී
රෙප් මහත්තයා 
 


7 comments:

  1. උඹට අහවල් එකක්ද උනේ... මොනා වුනත් අම්බලම කියන නමට වඩා රෙපා කියන එක එල..

    ReplyDelete
  2. මොකෑ බන් උනේ.. හීනියට කැපිල්ලකුත් දාලා තියෙනවා මොනවා උනත්.. රෙපා.. ලස්සනයි ඒ නම්..

    ReplyDelete
  3. @ සාතන්
    බ්ලොග් පොස්ට් දෙක තුනක් දාන්න තරමට දේවල් උනා බන් ටික ටික ඒවත් දාන්නම්.

    @මාතලන්
    හි හි හි ලොක්කෝ අපිව කපනකොට අපිත් හීනියට හරි උන්ට කපන්න එපායැ.

    ReplyDelete
  4. මොකෑ මේ වෙලා තියෙන්නේ.. කමක් නෑ රෙපාත් හොදයි වගේ...

    ReplyDelete
  5. අං තට්ටු ගොඩක් තියෙනව පාර්ලිමේන්තුව පැත්තේ

    ReplyDelete
  6. @ Dinesh
    අලුත් මුහුණකින් රෙපා කරලියට

    @ අසරණයා
    පාර්ලිමේන්තුවේ ගොන්නු මුට වඩා හොදා, මු ඌට හයි කරන්න ගේන අන්තට්ටුවෙනුත් කොමිස් ගහන්න හදන එකෙක්.

    ReplyDelete
  7. 'චොප්පෙ' පොස්ට් එකට කොමෙන්ට් එකක් දාල තියෙනව දැකල, කව්ද මේ 'රෙපා' කියල බලන්න, ප්‍රොෆයිල් එක හරහ, හොයාගෙන ආවෙ.
    මං නම් බ්ලොග් වලට අලුත්, රෙප් පරණ පොරක් වගේ, අනිත් අයගෙ කොමෙන්ට් වලින් තේරෙන්නෙ.

    පොස්ට් එකේ ඇඩ් වලින් අන්තිම එක තමා වැඩියෙන්ම හිතට ඇල්ලුවෙ...හෙහ්...හෙහ්...නැවත හමුවෙමු.

    සුභ පැතුම් ...!!! අලුත් බ්ලොගේට.

    ReplyDelete