Thursday, November 10, 2011

පොළොන්නරු සංචාරය

මේ සතියේ මගේ සංචාරක ප්‍රදේශය උනේ අයිතිහාසික පුලතිසි පුරවරය එහෙමත් නැත්තම් පොළොන්නරු පුරවරය. කකුල් දෙක අස්සේ ගහ ගත්ත මෝටර් බයිසිකලයක් උඩ නැගලා රට වටේ ගිය බොහෝ දුරට මේ සතියෙන් අවසන් වෙන්නත් ඉඩ තියනවා. පොළොන්නරුවට මුලින්ම ඇතුල් වෙනකොටම ඇස් ඉදිරි පිටම දකින්නට ලැබුනේ බොහොම දුක්බර සිදුවීමක්. අපේ ඉස්සරහට තරමක වේගයෙන් ආව බයිසිකලයක් තව බයිසිකලයක හැපිලා එක බයිසිකලයක් පැදගෙන ආපු කෙනා වැටුනේ බුස් රථයක පිටිපස්සේ රෝදේ ඉස්සරහට. බස් එක නැවතුනේ ඒ කෙනා දාගන හිටපු හෙල්මට් එක කුඩු වෙන සද්දෙට. එතකොට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ගෙදර ඉන්න පොඩි දරුවට කිරි දෙන්න පරක්කු වෙන නිසා වේගෙන් ආවා කියලයි කියන්නේ. හේතුව මොනවා උනත් පරිස්සමින් වාහන අරන් යන්න අපටත් මේක හොද පාඩමක් උනා. 
ගිය සතියේ දාපු පින්තුර ටිකට ආව කමෙන්ට් වල හැටියට මට පෙන්නේ මේ බ්ලොග් ලියන කියවන අය කවදාවත් ආසාවටවත් ට්‍රිප් එකක් වත් යන අය නෙවෙයි වගේ. මේ සැරේ අපේ සංචාරක කටයුතු ගොඩාක් කලේ වැඩ ඉවර කරලා හවස් වරුවේ නිසා සමහර ෆොටෝ වල නම් තියෙන්නේ කළුවර විතරයි. මේ තියෙන්නේ එතන තිබුණු ටිකක් හරි හොද ෆොටෝ ටිකක්  


මේ තියෙන්නේ පොළොන්නරුවේ සදකඩ පහන අනුරාදපුර සදකඩ පහනට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි ගවයාගේ රුපය සදකඩ පහනින් ඉවත් කර තිබීම. හින්දු බලපෑම නිසා හින්දුන්ගේ පුජනිය සත්වයකු වන ගවයා පයට පෑගීමට  නුසුදුසු වීම හේතුවෙන් සදකඩ පහනින් අයින් කළා කියලා තමයි කියන්නේ.




මේ පොළොන්නරු ගල්විහාරයේ සමාදී පිළිමය හිටි පිළිමය හා පිරිනිවන් මංචකය පිළිම 



මේ තියෙන්නේ මැදිරිගිරිය වටදාගය


මේ මැදිරිගිරිය වටදාගය අනුරාදපුර යුගයේ රජකම් කල කනිෂ්කතිස්ස රජතුමා විසින් කරවන ලද්දක් කියලා තමයි කියන්නේ 




පොළොන්නරුවේ නෙලුම් පොකුණ 



මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ නෙලුම් මලක ආකෘතියකට  ඒ නිසා නෙලුම් පොකුණ කියලා කියනවා කියලා තමයි දැනගන්න ලැබුනේ.







මිට අමතරව මහවස්සේ තෙමිගෙන සෝමාවතී චෛත්‍යය වන්දනා කරන්න ගියත් ඒ එකකවත් ෆොටෝ නම් නෑ. තියෙන්නේ කදුරුවෙල නගරයේ ඉදන් 40 km විතර ඇතින්.  සෝමාවතී දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජානන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කරලා කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරියක් විසින් කියලයි කියන්නේ.ඒ සෝමාවතියේ නිසා අයිතිහාසික වටිනාකමින් ඉහලම ස්ථානයක තියනවා. එත් මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න වම් දන්ත දාතුන් වහන්සේට තියන සැලකිල්ල වනාන්තරයක් මැද තියන මේ දාගැබට තියනවාද කියන එක නම්  ප්‍රශ්නයක්,

2 comments:

  1. මම අන්තිමට පොළොන්නරු ගියේ 2006.. ඊට පස්සේ යන්න බැරි උනා.. ඊළග පාර ලංකාවට ගියාමවත් ආයෙම යන්න ඕන...

    ReplyDelete
  2. "මේ තියෙන්නේ පොළොන්නරුවේ සදකඩ පහන අනුරාදපුර සදකඩ පහනට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි ගවයාගේ රුපය සදකඩ පහනින් ඉවත් කර තිබීම"

    ඒ ඇරෙන්න තියෙන තව වෙනස්කම් තමා සතුන් වෙන වෙනම පේළිවල දක්වා තිබීමත් අනුරාධපුර සඳකඩ පහණ තරම් කලාත්මක බවක් දැකගත නොහැකිවීමත් කියන ඒවා

    ගල් විහාරයේ විජ්ජාධර ගුහාවේ පිළිමේ ගැන කියන්න අමතක වෙලා වගේ

    "සෝමාවතී දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජානන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කරලා කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරියක් විසින් කියලයි කියන්නේ"

    කාවන්තිස්ස රජතුමාගේ සොයුරිය වුණු සෝමා දේවිය සහ ඇගේ සැමියා වුණු ගිරි අභා කුමරු තමා මේ සෑය කරවන්නේ

    ReplyDelete