Sunday, October 30, 2011

කාලෙකට පස්සේ



මේ දවස් වල ජොබ් එකත් එක්ක  ජීවිතේම පාරට වැටිලා හින්දා බ්ලොග් එක පැත්ත පලාතක එන්න වෙන්නේ නැ. ඒක නිසා ඔය යන එන අතර මගදී  ගනිපු පොටෝ දෙක තුනක් වත් දාල යන්න හිතුනේ ආයෙත් බ්ලොග් ඒක පැත්තේ කවදා එන්න වෙයිද කියන්න බැරි නිසා. කැමරාව චයිනිස් හින්දා කොලිටිය නම් උපරිමයි. මේ පොටෝ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් ඒවා පහලින් ලියලා යන්න අමතක කරන්න එපා  







මේ තියෙන්නේ නාලන්දා ගෙඩිගේ. දබුල්ල මාතලේ මාර්ගයේ නාලන්ද කියන ප්‍රදේශයේ හැරිලා කිලෝමීටරයක් විතර ගියාම   තමයි මේක තියෙන්නේ. ශ්‍රී ලංකාවේ හරි මැද මේක පිහිටවලා තියනවා කියලා තමයි කියන්නේ.



මේ කැටයම තියෙන්නෙත් නාලන්දා ගෙඩිගේම තමයි. මෙතන ඉන්නවා කියන්නේ පිරිමියෙකුයි ගැහැනියකුයි සිංහයකුයි. මේ තුන් දෙනා මොනවා කරනවද කියලා මම නම් දන්නේ නැ. කොහොමටත් ලංකාවේ තියන මේ ජාතියේ එකම කැටයම කියලා තමයි කියන්නේ.





පිදුරංගල කියන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ ගොඩ නගාපු පන්සලක්. එකේ ඉපැරණි ලෙන් විහාර සංකීර්ණයක් එහෙමත් තියෙනවා. අවාසනාවට එතැනදී ගත්ත එකම ෆොටෝ එකක්වත් හොයාගන්න නැ. මේ තියෙන්නේ ඒ ලෙන් සංකීර්ණයෙන් උඩ තියෙන ගලට නැග්ගාම සිගිරි පර්වතය පෙන විදිය.


මේ තියෙන්නේ රන්දෙනිගල හරී රන්ටැබේ හරී වේලි දෙකෙන් එකක් ඇවිදපු අවිදිල්ලේ හැටියට මටත් මේ මොකක්ද කියලා හරියටම මීටර් නැ. කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද කියලා කියලා යන්න.
මේ දවස් වල තියෙන අයහපත් කාලගුණය එක්ක ගත්ත පොටෝ ටිකක් හරී මෙහෙම ඉතුරු උන ඒක ලොකු දෙයක්. එහෙමනම් තවත් සතියක දෙකක සංචාරයකින් පස්සේ මම අයෙමත් බ්ලොග් ඒක පැත්තට එනවා. එතකම් හැමෝටම ආයුබෝවන්. 

5 comments:

  1. හම්මෝ... කාලෙකින් නේද?? අහ්හ්.. සංචාරයනම් අපූරුයි.. මමනම් හැබැයි වැඩිය ඔය පින්තූර ගැන විස්තර දන්නෙ නෑ.. දන්න කෙනෙක් ඉන්නවනම් ලියන්න.. වැඅදගත් ව්එයි හැම කෙන්ක්ටම.. අපූරුයි...

    ReplyDelete
  2. ශා මමත් ඔය පැත්තේ ගිහින් නැනේ.. පහලට එන දන්න කියන අය ඉතින් කියලා දෙන්නකෝ අපටත්.. මේ අම්බලමේ නවතින්නේ නැතුව ‍රැටත් ඇවිදිනවද බන්

    ReplyDelete
  3. හෆ්ෆේ මටත් ඕකමනේ වෙලා තියෙන්නේ..වැඩ නිසා බ්ලොග් එක පැත්තේවත් එන්න වෙලාවක් නෑ..ම්මත් පිදුරංගල ගිහින් තියනවා..ඒත් තාම නාලන්දාවට ගිහින් නෑනේ..

    ReplyDelete
  4. දේව්දාස් නුත් ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවා... හ්ම්ම් පින්තූර ගැන නම් මුකුත් දන්නේ නෑ... මොකද දේව්දාස් ඔය එක තැනකටවත් තාම ගිහින් නෑ... බ්ලොග් ලියන එක නම් අත අරින්න එපා...

    දේව්දාස්...

    ReplyDelete
  5. නාලන්ද ගෙඩිගේ සම්බන්ධ හොඳ විස්තරයක් මේ ලිපියේ තියෙනවා

    http://eatuwawa.blogspot.com/2012/01/nalanda-gedige-image-house.html

    ReplyDelete