මේ කතාව දැනට අවුරුදු 2,3 කට කලින් මම ලංකාවේ එක්තරා දුෂ්කර පලාතක වැඩ කරනකොට අහන්න ලැබුණු කතාවක්. මේක කියන්නේ කාටවත් මඩ ගහන්න වත් ලංකාවේ සංස්කෘතියට අපහාස කරන්නවත් නෙවෙයි. මට මේ වගේ අහන්න ලැබිලා තියෙන කතා ඔක්කොම හරියටම කියන්න ගියොත් මගේ බ්ලොග් එකත් තහනම් වෙයිද දන්නේ නැ. කොහොම හරි කතාව මේකයි .
මේ පව්ලේ හිටියේ අම්මයි මද්දුම දුවයි පොඩි පුතයි විතරයි. ඒ දුව අවුරුදු 12 ක ආබාදිත ගැනු ළමයෙක්. මම ඒ අම්මට තිලකා කියලා කියන්නම් . තාත්ත ටික දවසකට කලින් නැතිවෙලා තියෙන්නේ ඉඩම් ආරව්ලකට ගිහින් පිහි පාරක් වැදිලා. ඊට පස්සේ එදා වේල හොයා ගන්නත් මේ අය ගොඩාක් දුක් වින්දා. තිලකා පොඩි පුතාව පන්සලේ මහන කරලා තියෙන්නෙත් ආර්ථික අපහසුකම් නිසාමයි. සුමනේව කසාද බැදලා තමන් වෑටිලා ඉන්න ප්‍රපාතෙන් ගොඩ එන්න තිලකා තීරණය කරන්න ඇත්තෙත් කකුල් දෙක පන නැතුව එක තන ඉන්න පොඩි දුවගේ අනාගතය ගැන හිතලා වෙන්න ඇති. එත් ඒ බලාපොරොත්තු ඔක්කොම හුළගට ගහගෙන ගියේ සුමනේ නිසා ඒ ආබාදිත දරුවට බබෙක් ලැබෙන්න ඉන්නවා කියන එක තිලකා දැනගන්නකම් විතරයි. තමන් අමාරුවෙන් ගොඩනගා ගන්න ගිය ලෝකේ පය පාමුලම සුනු විසුනු වෙලා යනකොට ඇති උන අවෙගයටම අතට අහු උන මන්නෙන් තිලකා සුමනෙට කොටා ගෙන කොටා ගෙන ගියා.
සුමනේගේ මරණෙට තිලකාව බන්දනාගර ගත කළා. අහිංසක දරු පැටව් දෙන්නගේ අනාගතේට මොනවා උනාද කියන්න දන්නේ නැ.
මේ වගේ සිද්දි වලට පිළියම් විදියට අපේ රටේ කරලා තියෙන්නේ මොනවද? වරද කාගේ උනත් අසරණ වෙන දරුවන්ගේ අනාගතේට මොකද වෙන්නේ? හිතෙන දෙයක් ලියලා යන්න
අපොයි.දුක හිතෙන ඇත්ත කතාවක. අදමයි මේ පැත්තට ආවේ.ඉස්සරහට දිගටම එන්නම්.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete@නිසුපා : අම්බලමට ගොඩ උනාට තැන්කු හොදේ, දිගටම එන්න
ReplyDelete