Wednesday, July 27, 2011

මේක කට්ටියට තක්කාලියි බෝල්ට් ඇනයි වගේ කතාවක් වෙයිද දන්නෙත් නැ. එත් මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුනා කතාව  උනේ යාළුවො සෙට් එකක් හවස් වරුවකදී සෙට් උන වෙලාවක 
එකෙක් ඉන්නවා මිනිහා කතාව බෝතල් වලින් වැඩ මුඩි වලින් තවම කසාද  බැදල නැති උනාට ළමයි 4, 5 කගෙ  තාත්තා වගේ තමයි. උබලා දන්නවද මේ ලෝකේ ඉස්සෙල්ලම පහල උනේ කිකිලිද බිත්තරේද කියලා . මු ඇහුවේ බයිට් එකට ගෙනාපු ඔම්ලට්          එකෙන් කැල්ලක් අරන් කටේ ඔබා ගන්න ගමන්. බිත්තරේ , කිකිළි   කට්ටිය එක එක උත්තර දෙනවා. 
හරි උබම කියපන් උත්තරේ කට්ටියම ප්‍රශ්නේ අහපු එකා දිහාවටම ආයෙත් හැරුනා. මොන උත්තරද ? මු දාපු එක වීදුරුවෙන්ම ඔලුව සාක්කුවේ දාගෙන දොයි,,,
ඔයාල කව්රුහරි දන්නවනම් උත්තරෙත් දීල තවත් මොනවා හරි ඔයාලට හිතෙන දේකුත් ලියලම යන්න.

1 comment:

  1. සහෝ... ඔයාගේ බ්ලොග් එක සින්ඩියකට දාගන්න. SBU එකේ නම් ටිකක් පරක්කුයි. ඔයා ලාංකීය සිතුවිලි / හත්මාලුව / කොත්තු වගේ එකකට රිංගගන්න බලන්න. බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න, හොඳ දෙයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සුභ පතනවා... ජයවේවා...!!!

    ReplyDelete