Tuesday, February 3, 2015

Accounts ආදරේ





ශේෂ පිරික්ෂුම 
තුලනය නොවූ විට 
සෙවුයෙමි දාගෙන 
මග හැරුන එන්ට්‍රිය 
මාගේ සැලරිය
හොරෙන්ම අරගෙන 
දාල තිබුනා උඹ 
පර්චස් ඕඩර්ස් අගේට



econ ආදරේ



කෙනෙකු ආදරය පුදයි
තවකෙකු ආදරය යදියි
යදින්නන් හට පුදන්නන්
හමුවූ විට
එතන සෙනෙහස
උපදියි
ඉල්ලුම සැපයුම 
සමතුලිතයි

13 comments:

  1. ඉල්ලුමට සැපයුම දෙන්න ඔ්නේ නැත්තං වටිනාකම බහිනවා.... ටිකක් සැපයුම අඩු කළා නම් තව ටිකක් වටිනාකම වැඩි කරගන්නත් අැහැකි...........

    ReplyDelete
    Replies
    1. සැපයුම අඩු කර මිල වැඩි කර ආදරේ කළුකඩ මිලකට විකුණනු ලැබේ

      Delete
  2. හෙක් ... හෙක්.... හෙක්... අපූරුයි.

    ReplyDelete
  3. ඉල්ලුමට සැපයුම සමතුලිත කර ගන්න එකනේ ඉතින් අමාරුම වැඩේ..

    ReplyDelete
    Replies
    1. උපරිම අවම මිල සිමා දාලවත් මොකක් හරි කරගන්න බලමු :(

      Delete
  4. බලද්දි ආදරෙත් හරියට මගේ accounts පේපර් එක වගේනෙ.හරිගියේ නෑ....ශේෂ පිරික්සුම තුලනය වෙන්නෙම නැතිනිසා අන්තිමට අත හැරලා දැම්ම

    ReplyDelete
    Replies
    1. මම නම් ජීවිතේට මොන විභාගෙකදීවත් ඕක නම් බැලන්ස් කරන්න හිතන්නේවත් නෑ -_-

      Delete
  5. ඒකත් එහෙමයි නෙහ්..

    ReplyDelete
  6. මටනම් හැමදාම ප්‍රභල උනේ අවස්ථික පිරිවැය

    ReplyDelete
  7. ඉල්ලුම් සැපයුම් නියායත් එක්ක දිගටම යන්න ඕන දෙයක් ආදරේ මට හිතෙන විදිහට :) හැබැයි ඔය ආවස්ථික පිරිවැය එනකොට කෝක අරගෙන ඉල්ලුම සැපයුම දෙන්නද කියල පොඩි ප්‍රශ්නයක් :(

    ReplyDelete
  8. සයන්ස් ආදරේ මැත්ස් ආදරේ කොම්පියුටර් ආදරේ වගේ තව ටිකක් ලිව්ව නං හරි බං.

    ReplyDelete