Wednesday, January 7, 2015

මොහොතක් සිතන්න



ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියවන හැමෝටම දැන් අමතක වෙලා තියෙන කාරණය උඹලා ඔය ෂොපින් යන සොරිසෙනත් මෙච්චර කාලයක් මේ ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා හිටියා කියන එක්. අන්තිම මොහොත වෙනකම් ආණ්ඩුවේ ඇමතිකමක් කරගෙන හිටපු එකා ආණ්ඩුවෙන් පැන්න ගමන් සියලු පව් සේදු පාරිශුද්ද චරිතයක් වෙලා ආණ්ඩුවේ දැනට ඉන්න අය විතරක් හැම දේටම වග කියන්න ඕන කියලා කියන්නේ කොහොමද?

මේ කියන විදියට සාරුව සුනිල් ගෑනු දුෂණය කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ අහවල් එකෙන්. පාර හදනකොට වැඩ කරපු එකා සිමෙන්ති කොට්ටයක් විකුණුවා නම් එකේ ගාන ගිහින් තියෙන්නෙත් මහින්ද රාජපක්ෂගේ බෑන්ක් එකවුන්ට් එකට. පාර කොන්ත්‍රාත් ගත්ත එකා ඒක ගන්න කාට හරි කොමිස් එකක් ගෙව්වත් එකත් අන්න තියෙනවා මහින්ද රාජපක්ෂගේ එකවුන්ට් එකේ. ඉස්පිරිතාල වලට බේත් ගන්නකොට හම්බ වෙච්ච කොමිස් එකත් මහින්ද ලග
.
පක්ෂ විදියට ගත්තත් දැනටත් ඔය ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ යු ඇන් පි එකෙන් පැනපු අය. ඒ නිසා ඔය යහපාලකයෝ බනිනකොට ආණ්ඩුවට බනින්නේ නැතුව මහින්ද රාජපක්ෂ මෙන්නමේ පාරෙන් මෙච්චර හොරකම් කළා මෙන්න මේ ව්‍යාපෘතියෙන් මෙච්චර ගැහුවා කියලා බනින්න. මේක ආණ්ඩුව පෙරලන මැතිවරණයක් නෙවෙයි. මෙතන තරගය තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති කවුද කියල තෝරාගන්න. මොකද ආණ්ඩුවට බනින්න බනින්න අනිවා මේ ඊයේ පෙරේදා වෙනකම් ආණ්ඩුවේ ඇමතිකම් කරපු සොරිසෙන දත් දොස්තර ඇතුළු ගෙම්බෝ ටිකටත් ආණ්ඩුව කරපු ඒ වැරදි වලට වග කියන්නම වෙනවා..

මේ මොහොතේදී අපි හැමෝම හිතන්න ඕනේ තිස් වසරක යුද්දය නිමා කරලා රට සංවර්ධනයේ මාවත වෙත ගෙනියන්න උර දීපු නායකයා තොරගන්නවද එහෙමත් නැත්තම් කොහෙවත් ඉන්න සෙට් එකකගේ රූකඩයක් බවට පත් වෙච්ච මෙච්චර කල් දේශපාලනයේ ඉදලත් රටට දැනෙන්න වැඩක් නොකරපු තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න ආණ්ඩුවෙන් ඉවත් වුනු බලල් අතකට රට භාර දෙනවද කියන කාරණය විතරයි

ඒ නිසා අප්‍රේල් වල තියේන මහා මැතිවරණයේ දී ආණ්ඩුවේ වැරදි ඕන තරම් කියලා විවේචනය කරලා සර්ව සම්පුර්ණ කිසිවෙකු නැති ලෝකයේ වැරදි නොකරන හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්න කටයුතු කරමු. හැමෝටම සුභ උදෑසනක් සුභ අනාගතයක් ..................

15 comments:

  1. මචෝ කුඩු කාරයෝ බඩු කාරයෝ ලෝක හොරු හැත්තක් ළඟ තියාගෙන උන්ගේ උපදෙස් වලට වැඩ කරමින් තමනුත් හොරකම් කරමින් රටේ අයවැයෙන් බාගයක් විතර ගසාකමින් සංවර්ධනය නාමයෙන් මහා විශාල කොමිස් කුට්ටි ගිල දමමින් දෙමල මිනිස්සුන්ගේ රත්තරන් විකුණා ඒ සල්ලි ඉතාලියේ මොනාකෝ රාජ්‍යයේ බැංකුවල සහ මැඩගස්කරයේ ව්‍යාපාරවල යොදවමින් හමුදා නිලධාරිනියන් සමග බුදියමින් මං සුදනා කියලා පෙන්නන ඒකා මොන නායකයෙක්ද

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇවිත් මෙහෙම කළා මෙහෙම කළා කියල බයිලා නැතුව කෙලින් කියපන්කො මහින්ද රාජපක්ෂ කියන කෙනා මොන පාරෙන් කියක් ගෙදර අරගෙන ගියාද දෙමල මිනිස්සුන්ගේ රත්තරන් කොච්චර ගෙදර ගෙනිච්චද මෙන්න මේ හමුදා නිලධාරිනිය එක්ක මහින්ද රාජපක්ෂ බුදිය ගත්තා කියලා. කවුරුවත් කියපු කට කතාවක් අහලා මෙහෙම උනා මෙහෙම උනා කියලා බයිලා නැතුව

      Delete
    2. මහින්ද කිසිම දෙයක් හොරකම් නෑ කරා කියමුකෝ. ඒත් දැන් උඹ කියලා තියෙනවා නේ අනික් උන්ගේ වැඩ ගැන. එතකොට එහෙම ඒවා කරන්න උඩ ගෙඩි දෙන එකා තව තියාගෙන ඉන්නද කියන්නේ. හොරකම් දූෂණ කළත් එකයි. ඒවට උඩගෙඩි දෙන එකත් එකයි. හොරු රකින් නායකයෙක් මේ රට පාළණය කරනවා කියලා උඹම පිලිගන්නවා නේ.. තව හේතු ඕන නෑ.. ඇනෝ කොමෙන්ට් දැම්මේ මම නම් නෙමෙයි.. මම කවදාවත් ඇනෝ එන්නේ නෑ.. උඹ ඒක දන්නවා ඇති නේ. මේක ලිව්වේත් ඇනෝගේ කොමෙන්ට් එක යට එල්ලන නිසා....

      Delete
    3. මේ බ්ලොග් එක ලියන්නෙ කවුද කියල අපි හරියටම දන්නෙ නෑ. මේ පෝස්ට් එකේ ලියල හියෙන් කරුනු හැටියට මේක ලියන්නෙ විමල් විරවංශ වෙන්නත් පුලුවන්. ඕන කෙනෙකුට ඕන නමකින් එකවුන්ට් හදාගන්න පුලුවන්නෙ.ඉතිං ඕන කෙනෙක් ඇනෝ ආවාම මොකද? ඇනෝ ඇවිල්ල හරි කියනදේ හරිනං හරි එච්චරයි.

      Delete
  2. WEDIYA KAHINNA OONE NEHE, 8 WENIDATA BALA GATHTHA HAKI

    ReplyDelete
  3. මේ රට මහින්දගෙවත්, සිරිසේනගෙවත්, රනිල්ගෙවත් නොවෙයි. මේ රට අයිති කෝටි දෙකකට ආසන්නව සිටින මේ රටේම ජනතාවටයි. යුද්ධයේදි සියලුම පරිත්‍යාගයන්කලේ මේ රටේ ජනතාවයි.මේ රටේ අනාගතය තීන්දුකලයුත්තේද ජනතාවයි. මේ රට බෙදනවාද නැද්ද යන්න තීරණයකල යුත්තේ ජනතාවයි.අනාගතයේදී එවැන්නක් සිදුකලහොත් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.මේ රටේ ජනතාවට ව්‍යාජ සංවර්ධනයක් මවා පෙන්වමින්, ව්‍යාජ බෙදුම් වාදයක් පෙන්වමින් කරන දූෂණය, වංචාව වහාම නතරකල යුතුයි. මේ ජනාධිපතිවරණය ඒ සඳහා ලැබෙන අවසාන අවස්ථාවයි. නිවැරිදි තීරණයක් ගැනීම ජනතාවගේ වගකීමයි.

    ReplyDelete
  4. ඉතිං සාරුවා සුනිල්ලව මේ ආංඩුවෙ තියං ඉන්නෙ සාරුවා සුනිල්ලගෙ අහවල් එකෙං අහවල් වැඩේ කොරගන්නද ආයිබෝං?

    ReplyDelete
  5. අපි නං 'මරා' ගන්නේ නෑ,'මයිත්‍රී' කරන්නේ හොදේ.

    ReplyDelete
  6. මේ පෝස්ට් එකම වෙන නමකින් ආපු එකවුන්ට් එකකත් තියෙන්නෙ.
    http://sithuwili-pawra.blogspot.com/

    ReplyDelete
  7. ජයවේවා..... මහින්ද මහත්තයා නැවතත් විජයග්‍රහනය කරවමු!

    ReplyDelete
  8. වත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්‍රචාරන යාන්ත්‍රනයේ ප්‍රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්‍රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි.

    යුද්ධය/ කලගුණ
    සංවර්ධනය
    විදේශ කුමන්ත්‍රන/රට බෙදීම්
    යුද්ධය ගැන කෙස් පැලෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ අප තර්ක කලෙමු. සටහන් කලෙමු. 2009 සිට මේ දක්වා 'ඇර ගත්' ප්‍රස්තූතයන් 'අතර යුධ ජයග්‍රහනයේ සෑබෑ අයිතිකරු කවුද?' ඉහලින්ම සිටී. යුධ ජයග්‍රහනය සඳහා දෙශපාලන නායකත්වය සේම සංග්‍රාමික නායකත්වයද එකසේ වැදගත්විය. ඒ නිසා එහි අයිතිය සමව බෙදී යා යුතු අතර එක් පාර්ශවයක් විසින් පමනක් එහි අයිතිය තමන් සතු කරගැනීම සාධාරන නොවේ!

    ReplyDelete
  9. වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි. ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි,

    ReplyDelete
  10. අලුතෙන් පටන් ගමු කියයි. ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි. මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි. එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප්‍රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ. අනික රට දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ. ඒ නිසා අමුතුවෙන 'කලගුණ' සලකන්නට දෙයක් නැත.ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ!


    සංවර්ධනය ගැන කතාකරන කල්හී සංවර්ධනය මැයින් අදහස් කරන්නේ හුදු භෞතික සංවර්ධනය පමනක් නොවේ. සංවරධනය යනු පුලුල් පරාසයක විහිදුනු එකක් විය යුතුය. එය ප්‍රමානාත්මක මෙන්ම ගුණාත්මක එකක්ද විය යුතුය. ලංකාවේ අධිවේගි මාර්ග මං මාවත් ඉදිවෙන බව සැබෑවකි. නගර අලංකරනය වන බවත් සැබෑවකි. නමුත් එතනින් එහාට ගිය පුලුල් සංවර්ධනයක් මේ රෙජිමය තුලින් අප දකින්නේ නැත. ගුණාත්මක සංවර්ධනයක් නැත. මානුෂීය සමාජීය සංවර්ධනයක් නැත. රටේ නීතිය හා අධිකරණයේ ස්වාධීනත්වය බරපතල ලෙස හෑල්ලුවට ලක් කර තිබේ. ( හිටපු අගවිනිසුරුවරියගේ ඉරණම සිහියට නගා ගන්න. වත්මන් අගවිනිසුරුවරයාගෙ ක්‍රියා කලාප, ජනපති සමග විදේශ සංචාර වලට සහභාගී වීම ආදිය සිහියට නගා ගන්න) නීතියේ ආදිපත්‍යය බල්ලාට ගොසින් බව අමුතුවෙන කිවයුතු නොවේ. ( ස්වයං ගස් බැඳ ගැනීම්, මතකයට නංවා ගන්න. අදිවේගී මාර්ගයේදී නියොජ්‍ය ඇමතිවරයාට දඩ කොලය දුන් පොලිස් නිලධාරියාට අත්විඳින්නට වූ දේ සිහි නංවා ගන්න.) ස්වාධීන පොලිස් කොමිසම් සභාවන් ඈතුලු අනෙකුත් ස්වාධීනකොමිෂන් සභාවලට වෙච්ච දෙයක් නැත. භාෂනයේ නිදහස නැත. මාධ්‍ය නිදහස ඇත්තේ රජයේ මාධ‍ය වලට පමණි. ඔවුන් හැසිරෙන අයුරු අතිශය නින්දිතය. මහජනතාවගේ මුදලින් පඩි ලබන ඒවායේ ඇත්තන්ගේ හෘද සාක්ෂිය ඇත්තේ කොහෙදැයි දන්නේ දෙවියන් පමණී. ලසන්ත වික්‍රමතුංගලා, එක්නැලියගොඩලා, පෝද්දල ජයන්තලා, කීත් නොයෙල්ලාගේ සිද්දීන් මතක ඇතැයි සිතමි. ආගමික නිදහස ගැන අමුතුවෙන් කීමට අවැසි නොවේ.පවුල් දෙකක් අනාථ කරපු, තරුණ කකුල් දෙකක් කපන්න වැඩ සලස්වපු ගෙවල් 160ක් කුඩු කරපු,පල්ලි ගිනි තියපු සිද්දීන් වලට අද වෙනතෙක් වග උත්තරකරුවන් නැත. අධ්‍යාපනයට වෙන්කරනා මුදල් ප්‍රමානය වෙන කවරදාකටමත් වඩා කප්පාදුකොට ඇත. ඉල්ලීම් ඉල්ලා පාරට බසින උදවියට අත්වෙන ඉරණම අමුතුවෙන් මතක් කල යුතු නැත. කටුනායක චානක, මීගමුවේ ඇන්තනීලගේ ඉරණම රතුපස්වල වෙඩි තැබීම් අමතක නැතිව ඇතැයි සිතමි. කොළඹ ආකේඩ් එකෙන්, රේස් කෝස් එකෙන් එහාට ගිය සංවර්ධනයක් තිබේ. එය පෙනෙනුයේ නුවනින් නොව නුවණින් බලනවුන්ට පමනි. කරුමය නම් දෙශපාලන පාට කණ්නාඩි දාගත් කලට උගතුන් පවා නූගතුන් සේ හැසිරීමයි.

    විදේශ කුමන්ත්‍රන යුගයේ විහිලුවයි. පචවංශලා කියනා විදිහට ඔබාමලට ලංකාවට එරෙහිව කුමන්ත්‍රණය කර කර ඉන්නවා ඇරෙන්නට වෙන වැඩක් නැතිය. තව අවුරුදු දෙකක් ගෙඩි පිටින් එලියෙන් තියෙද්දිත් ව්‍යවස්ථාව එහෙට මෙහෙටකර තෙවන වාරයකට ඉඩ සලසාගෙන කලින් ජනාධිපතිවරණයක් කැඳවුයේ කවුද? ඒවා රට අස්ථාවර කරන විදේශ කුමන්ත්‍රන නම් එලෙස මැතිවරණයක් කැඳවූ පුද්ගලයාත් ඒ කුමන්ත්‍රනයේම කොටසක් නොවේද?

    වත්මන් රෙජිමයේ ඇත්තන්ගේ මෙන්ටල් සෙටප් එක පහත පරිදිය.

    ආණ්ඩුවෙන් එලියට යන සිංහල මන්ත්‍රීන් - කුමන්ත්‍රනකරුවෝ/දේශද්‍රෝහීන්
    ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රීන් - උන්ට වෙනම රටක් ඕනැ/ ජිහාඩ්කාරයො
    TNA ප්‍රමුඛ දෙමල සංධානය - ත්‍රස්තවාදීන්/ LTTE කාරයින්

    ඉහත දේශපාලුවන්ගේ දේශපාලන සද්භාවය වෙන වෙනම ප්‍රශ්ණ කල යුතුය. නමුත් මෙතන ඇත්තේ කන්න ඕනෑ උනාම කබරයාත් තලගොයා වීමේ න්‍යායයි.ගිය සතිය වෙනකන් ආණ්ඩුවේ ඉන්නකම් හකීම්ලා එක්ක ඇරියස් නැත. ආණ්ඩුවේ ජාතික ලැස්තුවෙන් ආසන දෙකක් සහ අධිකරන ඇමතිධූරය හකීම්ට දෙනකොට, බදියුද්දීන් පනින්න ඔන්න මෙන්න තියෙද්දි තමන්ගේ පැත්තට නම්මා ගන්නට ජාතික ලැස්තු මන්ත්‍රීධූර ඇමතිකම් දෙනකොට අවුලක් නැත. උන්ගේ ජිහාඩ් මතක් වෙන්නේ පැන්නට පස්සේය.
    දෙමළ ජනයාගෙන් 70%ක් පමන දෙනා නියෝජනය කරන්නේ දෙමළ සංධානයයි. අපි ඔවුන්ට තව කොපමන කලක් කොටි ලේබල් ගසා පැත්තකට තල්ලු කොට තබන්නට බලාපොර්තුවන්නේද? මේ රටේ ජාතික දේශපාලන ධාරාවට ඔවුන් පිලිහගන්නේ කවදාද. දෙමළ ජනතාවගෙන් ඇතැම් අන්තවාදීන් අවි ගන්නා තැනට තල්ලු කලේ ඇතැම් සිංහල අදූරදර්ශී දෙශපාලුවන් බවට විවාදයක් නැත. කොටි ලේබල් අලවමින් ඔවුන්ව තවදුරටත් ජාතික දේශපාලනයෙන් ඉවත් කර තැබීම කොතරම් දුරට දූරදර්ශීද. ඔවුන්ට අවස්ථාවක් දී බලන්නට අපිට බැරි ඇයි.

    ReplyDelete

  11. කාතන්කුඩියේ මුස්ලිමුන් 113ක් පල්ලිය ඇතුලේ අමු අමුවෙන් මරාදැමු, අරංතලා සංහාරයට, ශ්‍රී මහා බෝ / දළදා ප්‍රැහාරයට වගකිවයයුතු මහ මොළකරු උපනායකත්වය දරන පක්ෂයකට කතිරය ගසන්නට හිත හදා ගන්න පුලුවන්නම්, ඔහුට ගරු, ඇමතිතුමා යනුවෙන් ගෞරව පූර්වකට කතා කල හැකිනම්. හමුදාවේ ඉහල නිලධාරීන් ඔහුට සැලියුට් ගහනව බලා ඉන්නට හැකි නම්, තමන්ගේ පැත්තට වී තමන්ගේ පිට කහනකම් සද්ද නොකර ඉන්නට පුලුවන් නම්, පැත්ත මාරුකරපු ගමන් උන්ගේ කිල්ලෝටවල හුණු බලන්නට යාමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත.

    රටට එරෙහිව විදේශ බලවේගවල නැගිටීමක් තිබේ නම් එයට මේ ආණ්ඩුවද ඍජුව වගකිව යුතු ඈත. යුද්ධය අවසානයේ ලාංකීය ජනයා 'කළ ගුණ' සලකා වත්මන් ජනපතිතුමා නැවතත් බලයේ පිහිටවනු ලැබීය. ඉන්පසු ඔහුගේ වගකීම වූයේ යුද්ධයෙන් පසු යුද්ධය ජය ගැනීමයි. විදේශ අත්පෙවීම් අනවශ්‍ය බවට පවසමින් ලංකාව තුලම ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පිහිටවූ උගත් පාඩම් කොමිසමේ වාර්තාවට වෙච්චි දෙයක් නැත. ඒවා ආයි මතක් වෙන්නේ ලබන ජිනීවා සැසිය ලංවූ විටයි. එකී නිර්දේශ ක්‍රියාත්මක කොට යුද්දය අවසන් කලාක් මෙන් ඒ හා බැදුනු මානුශීය ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට යාමට අපට සැබෑ ඕනෑකමක් ඇති බව ජාත්‍යන්තරයට පෙන්වන්නට හැකියාවක් තිබුනා නම් තත්ත්වය මේ තරම්ම නරක් නොවන්නට තිබිනි. ඒ වග ජාත්‍යන්තරයට දැනුවත් කල හැකි විදේශ සේවයක් රටට අවැසිය. නමුත් එක් එක් රටට පිටත්කොට ඇත්තේ දේශපාලන හෙංචයියන් පිරිසකි. වැඩක් කරන කල හැකි උන්වත් අටපාස් නැති ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ජනාධිපති දේශපාලන උපදේශකයින් කන පලා ගෙදර යවන වටපිටාවක් නිර්මානය වී තිබේ

    ReplyDelete
  12. //කොහෙවත් ඉන්න සෙට් එකකගේ රූකඩයක් බවට පත් වෙච්ච මෙච්චර කල් දේශපාලනයේ ඉදලත් රටට දැනෙන්න වැඩක් නොකරපු තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න ආණ්ඩුවෙන් ඉවත් වුනු බලල් අතකට රට භාර දෙනවද කියන කාරණය විතරයි// මේ කාරණාව සිහිබුද්ධිය තියෙන මනුස්සයෙක්ට නම් මේ වෙද්දි තේරුම් ගිහින් තියෙන්න ඕන..තේරිලත් නෑ වගේ රඟන්නේ ඩොලර්වලට කහින බඩජාරියෝ ටික තමයි ඉතින්..

    ReplyDelete