Thursday, December 25, 2014

මහින්ද සමග මෛත්‍රී එදා අද සහ හෙට



යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා. 

යුද්දේ ඉවර කරපු ගමන් රටේ ජනාදිපතිවරයාට එරෙහිව හමුදාපතිවරයාව බලයට ගේන්න එදා දැගලුවෙත් අද දගලන සෙට් එකම තමයි. අද ඒවා ඔක්කොම අමතක වෙලා අහසින් පාත් උනා වගේ කලගුණ සලකන්න මහින්දට රට භාර දුන්න වගේ කතා කිව්වට 2009 දීත් පැත්තක හිටපු මනුස්සයෙක්ව බල ලෝභයෙන් අන්ධ කරවලා ඒ මනුස්සයාගේ අනාගතේ විනාස කරලා දැම්මේ රට කොටින්ගෙන් බේරගත්ත එකට කල ගුණ සලකන්න වෙන්න ඇති. යුද්දේ දින්නට ඔය කියවන තරමට කල ගුණ සලකන්න එදත් සැදී පැහැදී හිටිය කියන මිනිස්සු එදා මොන මගුලකටද රටේ සේනාධිනායකයයි හමුදා නායකයයි කෙටෙව්වේ. එහෙමත් කරලා බැරි වෙච්ච තැන අදත් හොරකම භිෂණය දුෂණය ඒකාධිපති පාලනය වගේ ලොකු ලොකු කතාන්තර සෙට් එකක්ම කියාගෙන මහින්ද එලවන්න හින දකිනවා.

මහින්දගේ හොරකම දුෂණය භිෂණය ගැන කතා කරන්නේ අවුරුදු එකොළහක් යුද්දේ වවාගෙන කන ගමන් රටත් කාපු ගෑනියෙක්. ආයුධ ගේනකොට එහෙන් හම්බ වෙන කොමිස් කුට්ටිය කාටවත් පේන්නේ නෑ, රටේ පොදු පහසුකම් සංවර්ධනය වෙනකොට තමයි ඉස්සර පෙනුනේ නැති දේවල් උනත් හැම එකාටම පේන්න පටන් ගන්නේ.
එදා ගහපු කොමිස් කරපු හොරකම් කොච්චරද කියල මිනිස්සුන්ට පෙනුනේ නැත්තේ අන්න උතුරේ මිනි මරනවෝ කියලා යුද්දයක් කියල එකක් රටේම උන්ට පේන්න තිබුන නිසා. එදා කොච්චර කොමිස් ගැහුවත් හොරකම් කලත් කාටවත්ම පෙනුනේ නැත්තේ ඒකයි. අද ඉන්න නායකයන්ට එහෙම පෙන්නන්න මොකුත් නෑ. ජනතාවට පෙන්නන්න ප්‍රශ්නයක් නැති නිසා හොරකම වංචාව තමයි එක පාරටම පේන්න පටන් ගත්ත ලොකුම ප්‍රශ්නේ.

ඕනෑම මිනිහෙක් දේශපාලනේට එන්නේ නිකම් අත පිහදාගෙන යන්න නෙවෙයි. බලයට එන්න කලින් මොන ධර්මය දේශනා කලත් බලය අතට ගත්තට පස්සේ මුලින් කියපු කතාන්තර එකක්වත් මතක නෑ, ඒක මනුස්සයෙක් උනාම ගොඩ දෙනෙකුට පොදුයි.

ඊට පස්සේ ඒකාධිපති පාලනේ ගැන කියවන්නේ පක්ෂයේ ඉන්න  ඔක්කොම ප්‍රභල නායකයෝ ටික ආණ්ඩුවට එකතු වෙනකම් උඩ බලාගෙන ඉදලා ජිවිත කාලෙටම පක්ෂ නායකත්වය තමන්ට රැක ගන්න පුළුවන් විදියට පක්ෂයේ ව්‍යවස්ථාවේ ඉදන් වෙනස් කරගත්තු එකෙක්. භිෂණය ගැන කියවන්නේ කුරුඳු පොලු හමුදාවේ ලොක්කා.
ඒ මදිවට මේ හැම එකෙන්ම රට ගලවගන්න කියල ඉදිරිපත් වෙලා ඉන්නේ  තමන් ඉදිරිපත් කරන්න හදපු සෞඛ්‍ය පනතේ වත් එක කොපියක් පරිස්සම් කරගන්න බැරි වෙච්ච මෙච්චර කාලයක් ඇමති ධුර දරාගෙන ඉදලා කරා කියන එක වැඩක් පෙන්නන්න බැරි වෙච්ච පතෝල නායකයෙක්.

එහෙම කියනකොටත් බුකියේ කට්ටිය නම් කියන්නේ ඝෝටාභය වැඩක් කරන්න දුන්නේ නෑ. මහින්ද පවුල් පාලනයෙන් වියරු වැටිලා වගේ හිනා යන කතා සෙට් එකක් විතරයි. මොකද සිරිසේන කියන්නෙත් වැඩ බැරි මනුස්සයා උනත් කතාන්තර කියන්න පුළුවන් එකෙක්. නැත්තම් මෙලෝ වැඩක් නැතුවට අවුරුදු හතලිස් ගානක් දේශපාලනේ කරයියැ. තමන්ට වැඩක් කරගන්න ආණ්ඩුවෙන් ඉඩක් හම්බ උනේ නැත්තම් මෙච්චර කල් ඔය කියන ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා බකන් නිලාගෙන හිටියේ අහවල් බම්බුවකටද? ඒ දවස් වලම ආණ්ඩුවෙන් එලියට බැහැලා විපක්ෂයේ වාඩි වෙන්න තිබුන නේ.

අනික මහින්දගේ කෘර පාලනය යටතේ ඇමති කෙනෙකුට එහෙමවත් වැඩක් කරගන්න දුන්නෙම නෑ කියමු. චන්ද්‍රිකාගේ කාලෙත් සිරිසේන කියන්නේ 2001 ඔක්තෝබර් ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේඛම් ඒ වගේම 2004 පාර්ලිමේන්තු සභා නායක වගේම  2004 දී නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය තුළ ගංගා නිම්න සංවර්ධන හා රජරට සංවර්ධන ඇමති. ඒත් කරපු වැඩක් නම් නෑ. එහෙම හිටපු ඒ මනුස්සයට 2007 ජනවාරි මස කැබිනට් සංශෝධනය මගින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සංවර්ධන ඇමති විදියට පත් කරලා නග්ගලා ගත්තෙත් මහින්ද රාජපක්ෂම තමයි. 2010 මේ සිරිසේන අප්‍රේල් මාසයේ ඉදන් රටේ සෞඛ්‍ය ඇමති විදියට හිටියත් ජනතාවට දැනෙන්න වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.

1995 මහින්ද වෘත්තීය පුහුණු අධිකාරිය හැදුවේ ජනාධිපති වෙලා නෙවෙයි. ඒ මනුස්සයා රටේ  මිනිස්සුත් එක්ක හිටිය මිනිස්සුන්ගේ ප්‍රශ්න අදුන ගත්ත කෙනෙක් වෙච්ච නිසා. එදා ඒ කරපු නිර්මාණයෙන් කාර්මික අධ්‍යාපනය ගමට ගිහින් ගමේ හිටපු තරුණ තරුණියන් රැසකට තමන්ගේම රැකියා ආරම්භ කරන්න අවස්තාව සැලසුණා කියන එක අද කාටවත් මතක නෑ. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත්  කරලා ඉදිරිපත් කළත් චන්ද්‍රිකා රජය යටතේ එය ක්‍රියාත්මක උනේ නෑ.

ඒ විතරක් නෙවෙයි කම්කරු ඇමති විදියට මහින්ද රටට අලුත් දේවල් දෙනකොට ඒ කාලෙම තමන්ට තර්ජනයක් වෙයි කියල දැනුන නිසාම චන්ද්‍රිකා කලේ මහින්දව ධිවර ඇමති බවට පත් කිරීම. වැඩක් කරපු මනුස්සයෙකුට මාළු අල්ලන්න භාර දුන්න වගෙයි කියල ඒ කාලේ මිනිස්සු කිව්වේ ඒ නිසා. ඒත් මාළු අල්ලන්න හම්බ වෙච්ච ඇමතිකමේ ඉදගෙනත් සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් එක්කම වෙරළ ආරක්ෂණ අංශයක් ඇති කරන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කලේ ජනාධිපති විදියට නෙවෙයි.

හොරකම දුෂණය ගැන මොන තරං කතා කිව්වත් ඔය එකක්වත් ඔප්පු කරන්න සාක්ෂි තියෙන චෝදනා නෙවෙයි. හොරා හොරා කියල කෑගැහුවට මහින්ද මෙන්න මෙතන මේ විදියට ගසාකාල තියෙනවා කියල සාක්ශි එක්ක කතා කරන්නවත් නෑ. ගිරව් වගේ මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඔහේ කියවනවා විතරයි. දැන් රටේ කියන කතා වල හැටියට නම් පේන්නේ පාරේ වැඩ කරන මනුස්සයෙක් සිමෙන්ති කොට්ටයක් හොරෙන් අරගෙන ගෙදර ගියත් ඒකත් කරලා තියෙන්නේ මහින්ද. ජීවිතේට මොකුත්ම හොරකම් කරලා නැති මිනිස්සු වගේ මහින්දගේ දුෂිත පාලනයට එරෙහිව බනින්න ඉදිරිපත් වෙලා ඉන්නේ පාරෙන් සිමෙන්ති කොට්ටේ උස්සගෙන ගෙදර ගියපු එකා. රට තනිකරම සංවර්ධනය කරලා තියෙන්නේ චීනෙන්. ආණ්ඩුව මොකුත්ම කරලා නෑ. චීනෙන් ඇවිත් ඔක්කොම කරලා යනකම් ආණ්ඩුව ඔහේ නිදාගෙන ඉදලා.

දැන් මෙච්චර කල් රට කන්න ආසාවෙන් ඉදලත් ඒකට චෑන්ස් එකක් හම්බ උනේ නැති සෙට් එකටත් රට කන්න චෑන්ස් එකක් හදලා දීපන් කියල නොවැ ඔය කියන්නේ. කියන්න තියෙන්නේ තව එකම එක දෙයයි. මහින්ද හොරෙක් නම් මහින්දගේ හොර රංචුවේ මෙච්චර කාලයක් එකට හිටපු හොරුන්ටත් ඒ හොරකම් වලින් අත පිහදාගෙන මම විතරක් හොද මනුස්සයා කියල කියන්න බැහැ. මොකද හොරකම වරදක් නම් ඊට අනුබල දීමත් වැරද්දක්. එකම අරමුණ මහින්ද එළවීම උනත් ලොකු හොරා පන්නලා පොඩි හොරා පත් කරගත්තා කියල වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඊයේ සිරිකොත ඉස්සරහ වෙච්ච දේවල් වලින් ඇති කරන්න හදන යහපාලනය කොහොම එකක්ද කියල රටේ ජනතාවට ඡන්දයට කලින්ම ඔප්පු වෙලා ඉවරයි. මෙච්චර කාලයක් ඇස් කන් පියාගෙන ඉදලා එක පාරටම දුෂණයෙන් භිෂණයෙන් තොර යහපාලනයක් ගැන ගිරව් වගේ කියවන්න පටන්ගත්ත සෙට් එකේ පැටිකිරිය ගැනත් හොයලා රටේ අනාගතය කාට භාර දෙනවද කියල තීරණය කරන එක රටේ ජනතාවටම භාරයි

සුභ අනාගතයක් මෛත්‍රී පාලනයක් 

17 comments:

  1. සුභ අනාගතයක් රෙපා.. :)
    මෛත්‍රී පාල ණයක් ;)

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී පාල ණයක් ද නයෙක් ද බං ;)

      Delete
  2. KAW DA ME PAKKALIYA

    ReplyDelete
  3. තව ඕකට අඩුයි එක කොටසක්.. කේපී කරුණා ගැන ගහන බයිලේ... ඒකත් පැහැදිලි කරලා මේකට පසු වදනක් එල්ලහං... ආයේ කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. පල්ලෙහා තියෙන පැහැදිලි කිරීම මරු. කියවන්න අමාරුයි වගේ නිසා ඒකම සිංහලෙන් දැම්ම නම් ඒකත් හරි :)

      Delete
    2. Np, sorry phone eken mage sinhala wadinne na - Chaminda

      Delete
  4. ඔබේ අදහසට ගරු අපි ද කරන්නෙමු......................... මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවැ.......... (ප්‍රජාතන්ත්‍රවාදය නැතුවට)

    ReplyDelete
    Replies
    1. දැන් නම් නිදහසේ අදහස් දැක්වීමේ අයිතිය හරි තියෙනවා, ඒත් බුකියේ ඉන්නකොට නම් පේන්නේ අනාගතේ ඔය එනවා කියල හිතාගෙන ඉන්න යහපාලන ආණ්ඩුවේ නම් ඒකත් නැති වෙයි වගේ :v

      Delete
  5. එක්කො උඹ මෝඩයි, නැත්නම් ඉන්නෙ හීන ලෝකෙක
    තව අවුරුදු දෙකක් තියෙද්දි ඇයි ආයෙත් ඡන්දෙ ඉල්ලනෙ, ඇයි බයද? වෙන මුකුත් නෙමේ බල තණ්හාව නිසා

    මහින්ද යුද්දෙ දින්නයි කීවට, එදා හෙළ උරුමෙයි, ජවිපෙයි බලපෑම නැතිනම් යුද්දෙ කරන්නෙ නෑ.
    බලපන්
    https://www.facebook.com/video.php?v=312169398981649
    උඹ කියන්නේ රටේ හමුදාපතිට කරපු දේ හරිද? අන්තිමට හමුදාපති කෙනෙක් නැතිවයි යුද්ද කරලා තියෙන්නේ.
    කරුණා, පිල්ලෙයාන් , කේ. පී ට සමාව දෙන්න පුළුවන්නම්, හමුදාපතිට බැරි ඇයි?

    රතුපස්වල,සෙල්ලම් පිස්තෝල, විහින් ගස් බැඳගත්තු හැටි, විහින් ගහගත්තු හැටි, අමතක වෙච්චි හැටි, රොශාන් චානුක, අනික් මැරවැඩ උඹට අමතකද?
    මේ රටේ අගවිනිසුරු පැන්නුව හැටි උඹට අමතකද?
    https://www.facebook.com/video.php?v=706757979432006

    අද මේ රටේ බදු ආදායමෙන් 99% ක් රාජපක්ෂලාගෙ අමාත්‍යාංශවලට ගන්නේ. තව කරපු දූෂණ, වංචා බලපන්
    https://www.youtube.com/watch?v=O5owJ1Uifh0

    කැසිනෝ, කුඩු, එතනෝල් රට පුරාම,
    සංවේදී නායකයා කුඩුකාරයො රැක්ක හැටි අමතකද?
    මේ රටේ මෙච්චර ඇමති මණ්ඩලයක් තියාගන්නේ මොන ලබ්බකද?
    මැතිවරණ නීති අමු අමුවෙම උල්ලංඝණය කරන එකෙක්ගෙන් යහපාලනය බලාපෙරොත්තු වෙන්න පුළුවන්ද?

    අද මේ රටේ රාජ්‍ය මාධ්‍ය අල්ලගෙන සිරිසේනට මඩ ගහනව ලජ්ජා නැතිව.
    බලපන් මේ විඩියේ දෙකම එතකොට එයාර්පෝට් කතාවේ ඇත්ත පැහැදිලිවෙයි.
    https://www.youtube.com/watch?v=7KyLhQ4JDtQ
    https://www.facebook.com/video.php?v=829668373743014
    පුදුමෙ කියන්නේ අපේ සංවෙදී නායකයාත් මේ එයාර්පෝට් කතාව තමන්ගෙ රැස්වීම්වල කියනවනේ.
    මෙහෙමත් බංකොලොත් නායකයෙක්.

    උඹ කියන්නේ මේවට තවත් ඉඩදෙන්න ඕනෙ කියලද?තවත් ඕන්නම් කියන්නම්.
    හිතලා බලලා පුළුවන්නම් උත්තරයක් දීපන්. මේක අභියෝගයක් මගෙන්.

    ReplyDelete
    Replies
    1. මම මේක දැම්මේ සයිබරේ උන් එක්ක වාද කරන්නවත් කාටවත් කඩේ යන්නවත් නෙවෙයි. ඇහැට දැක්ක දේවල් සහ මේ අමුතුම සෙට් එකක් සෙට් වෙලා මේ නටන්න යන නාඩගම ගැන මට හිතිච්ච දේවල්. ඒත් මේ කියල තියෙන ඒවාටත් උත්තර දෙන්නම එපැයි.

      01. හෙළ උරුමය අවුරුදු ගානක් ආණ්ඩුවත් එක්කම ඉදලා දැන් එයාලට එක පාරටම ගේන්න ඕන වෙච්ච පාලකයාට බලය ලබා දෙන්න ඕක මාකට් කරන්න දගලන්නේ ඇයි.
      ඔය කියල තියෙන සමහර කාරනා වලදී ආණ්ඩුව වැරදියි තමයි, ආණ්ඩුවෙන් වැරදි වෙලා නෑ කියල මම කොහෙවත් කියලත් නෑ ඒ වැරදි යටපත් කරන්නවත් ඒවා නිවැරදි කරන්නවත් මෙතැනදී මට කිසිම අවශ්‍යතාවයකුත් නෑ.

      නමුත් මේ මොහොතේදී සිරිසේන මහත්තයා දිනුවා කියලා ඒවා නිවැරදි වීමක් සිද්ද වෙන්නෙත් නෑ. මේ එක පාරටම අහසින් කඩා වැටුන සෙට් එකේ එකම බලාපොරොත්තුව ඔලුව මාරු කරන එක මිසක් කිසිම ප්‍රශ්නෙකට විසදුම් දෙන ඒකත් නෙවෙයි. මේකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්න තව තවත් සංකීර්ණ වෙන එක විතරයි.

      මොකද ඔය සයිබරේ ඉන්න උගතුන් නුවනක්කාරයන් කියල හිතාගෙන ඉන්න අයට අනුව නම් කොට්ටය මාරු කලාම ඔලුවේ කැක්කුම හොඳ වෙන්න ඕනේ. ඒත් ඇත්තටම ඔලුවේ කැක්කුම හොද කරගන්න ඕන නම් එකට බෙහෙතක් දෙන්න ඕනේ. ආණ්ඩුවේ වැරදි වලට දෙන්න පුළුවන් හොදම බෙහෙත තමයි ප්‍රභල විපක්ෂයක් ඇති කරන එක. විපක්ෂය හෝදගෙන යනකම් කිසිම ගානක් නැතුව උඩ බලාගෙන හිටපු මනුස්සයෙක් විපක්ෂ නායක වෙලා ඉන්නකං සිරිසේන නෙවෙයි දෙයියන් වහන්සේ රජකමට ආවත් ආණ්ඩුවේ වැරදි හදන්නත් බෑ

      ඒ නිසා මෙච්චර දුක් මහන්සි වෙලා එක එක උන්ගේ වොයිස් කට් දාල හදපු වීඩියෝ හොය හොය දුක් මහන්සි වෙන්නේ නැතුව පවත්නා ආණ්ඩුව නිවැරදි මාවතකට යොමු කරවන්නේ කොහොමද කියන එක කල්පනා කලොත් නේද හොඳ. මොකද මේ ප්‍රශ්නේ මහින්දගේ ආණ්ඩුව හෝ අනාගතේ බිහි වෙනවා කියල කට්ටිය හින දකින සිරිසේනගේ ආණ්ඩුව හරි හැම ආණ්ඩුවකටම අදාලයි

      Delete
  6. Well done machan mama mekata parage blog eke comment ekak damma.. KP Karuna gana part eka kiyanawanam- Mahinda koti parajaya karapu gamanma api dakka koti diasporawa kochchara game gahuwada kiyala thaman parajaya wune na, thamange aramuna wana eelama kara thaman kohomath yanawa kiyala pennanna- mathakada 'ratin pita eelam rajyaya' -exile government' e wagema eelam parliament eka- me diaspora eka dan ko? Nathiwela gihillada? Na yaluwane, diaspora eka thamange wairaya pirimahagaththe na, parajaya weemen lada awamanaya sahitha wairaya owungen jeewitha kaalaya puraama nathiwenne na. Me diaspora eka dan wadath sookshama lesata api langatama awillayi thiyenne- mowunge pradhana sathura wairakkaraya mahinda and gota. 'Lankaenews' eka kiyawanna. Meka thama me gollange pradhanama prakashanaya. Mama eda indalama LEN kiyawanawa- mama hondinma dakala thiyenawa mowun koyi tharam wayirayak MR ta saha me anduwata pennanawada kiyala- Balanna e gollo meeta masa kihipayakata issella Champikata banna widiha- lingika jeewithaya adala anthima pahath widihata, rathana hamuduruwanta chodana ella kala widiha- dan kohomada champika rathana gana katha karanne- thamange prathiwaadiya thamange paththata harawa ganna puluwan weema kiyanne itha ihala yuda jayagrahanayak- eka hama pendatama karanna ba- Karuna, KP wage ihala LTTE nayakayin thamange paththata harawa ganimen Mahinda DiAsporawata ella karala thiyenne maru paharak- kala inna bari ekak- oya disporawata ahu wunoth Douglas, KP Karuna dutu thana wedi thiyala danna tharam hangimak owunta thiyenne- Balanna Israel Palastina
    Yuddhedi Israel karayo wadiyenma baya wenne mokatada- thamange samanya sebalek wath palastine karayo hostage widihata ganiyi kiyala- hostage wenna yana kena marala danna wunath Israel hamudawa pasubata wenne na- e athin balana kota thamange prathiwadi pradhana nayakayo kihipa denek kamaththenma thamanta adhara karana thaththweta gannawa kiyana eka hama pendatama karanna puluwan deyak nemeyi, api adambara wenna oni ape as pana pitama ewani nayakathwayak apita labila thibima gana--- meka thamayi KP Karuna gana uththaraya- anith prashna walata uththara me post eke thiyenawa - well done- Chaminda

    ReplyDelete
    Replies
    1. කියවන එකෙකුට තේරුම් ගන්න මේක ආයෙමත් සිංහලෙන් කොටන්න පොඩි උත්සාහයක් ගන්නම්.

      Well done මචං මම මේකට පරාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා. KP කරුණා ගැන පාට් එක කියනවා නම් මහින්ද කොටි පරාජය කරපු ගමන් අපි දැක්කා කොටි ඩයස්පෝරාව කොච්චර ගේම් ගැහුවද කියලා තමන් පරාජය උනේ නෑ තමන්ගේ අරමුණ වන ඊළමකට තමන් කොහොම හරි යනවා කියල පෙන්නන්න. මතකද රටින් පිට ඊලාම් රාජ්‍යය exile government ඒ වගේම ඊලාම් පාර්ලිමන්ට් එක මේ ඩයස්පෝරා එක දැන් කෝ. ? නැති වෙලා ගිහිල්ලද? නෑ යාලුවනේ ඩයස්පෝරා එක තමන්ගේ වෛරය පිරිමහ ගත්තේ නෑ පරාජය වීමෙන් ලද අවමානය සහ වෛරය ඔවුන්ගෙන් ජිවිත කාලය පුරාම නැති වෙන්නේ නෑ. මේ ඩයස්පෝරා එක දැන් වඩාත් සුක්ෂමව අපි ළඟටම ඇවිල්ලයි තියෙන්නේ. මොවුන්ගේ ප්‍රධාන සතුරා වෛරක්කාරයා මහින්ද සහ ගෝටා. 'Lankaenews' එක කියවන්න. මේක තමයි මේ ගොල්ලන්ගේ ප්‍රධානම ප්‍රකාශනය. මම එදා ඉදන්ම LEN කියවනවා, මම හොදින්ම දැකලා තියෙනවා මොවුන් කොයි තරං වෛරයක් MR ට සහ මේ ආණ්ඩුවට පෙන්නනවද කියලා.
      බලන්න ඒ ගොල්ලෝ මිට මාස කිහිපයකට ඉස්සෙල්ලා චම්පිකට බැන්න විදිය. දැන් කොහොමද චම්පික රතන ගැන කතා කරන්නේ. තමන්ගේ ප්‍රතිවාදියා තමන්ගේ පැත්තට හරවා ගන්න පුළුවන් වීම කියන්නේ ඉතා ඉහල යුධ ජයග්‍රහණයක්. ඒක හැම පෙන්දා ටම කරන්න බැහැ. කරුණා KP වගේ ඉහල LTTE නායකයන් තමන්ගේ පැත්තට හරවා ගැනීමෙන් මහින්ද ඩයස්පෝරාවට එල්ල කරලා තියෙන්නේ මරු පහරක්. කාල ඉන්න බැරි එකක්. ඔය ඩයස්පෝරාවට අහු උනොත් ඩග්ලස් KP කරුණා දුටු තැන වෙඩි තියලා දාන්න තරං හැගීමක් ඔවුන්ට තියෙන්නේ.

      බලන්න ඉස්රායල් පලස්තීන යුද්දෙදි ඉස්රායල් කාරයෝ වැඩිපුරම බය වෙන්නේ මොකටද? තමන්ගේ සාමාන්‍ය සෙබළෙක්වත් පලස්තීන කාරයෝ hostage විදියට ගනියි කියලා. hostage වෙන්න යන කෙනා මරලා දාන්න උනත් ඉස්රායල් හමුදාව පසුබට වෙන්නේ නැහැ. ඒ අතින් බලනකොට තමන්ගේ ප්‍රතිවාදී ප්‍රධාන නායකයෝ කිහිප දෙනෙක් කැමැත්තෙන්ම තමන්ට ආධාර කරන තත්වයට ගෙනාව කියන එක හැම පෙන්දෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ආඩම්බර වෙන්න ඕනේ අපේ ඇස් පනාපිටම එවැනි නායකත්වයක් අපට ලැබිලා තිබීම ගැන,

      මේක තමයි KP කරුණා ගැන උත්තරය. අනිත් ප්‍රශ්න වලට උත්තර මේ පොස්ට් එකේ තියෙනවා, well done- Chaminda

      Delete
    2. අපි ඇහැව්වේ hostage කෙහෙල්මලක් නෙවෙයි. කොටි නිදැල්ලේ හැසිරෙන එකට. මහින්දත් කොටියෙක් නේද

      Delete
  7. පිස්සෙකු ගේ අදුරු නවාතැන්පොල
    Yap. What else we should expect.

    ReplyDelete
    Replies
    1. කවුද දැන් එහෙම නෙවෙයි කියලා කිව්වේ. ;)

      Delete
  8. මේ කමෙන්ට් ටිකත් මෙතනට එකතු කරන්න බැරිද

    http://sithuwili-pawra.blogspot.com/2014/12/blog-post_28.html?

    ReplyDelete