Friday, December 5, 2014

ගලක් නොවන සිතක්


අඩන හිනැහෙන උඹේ අභියස 
කිසිත් නොදැනෙන සෙල් රුවක් ලෙස
ඉන්න සැරසුන පෙම්වතා මම

නොදැනුනා නොව උඹේ හැගුමන් 
නොසිතුවා නොව උඹ ගැනම මං 
රෑ දිවා මුළු හද පුරා


යන්න බැහැ මට උඹත් අරගෙන
අදුර පිරි දුර අනාගතයට 
උඹේ දිවිමග සරසවන්නට 
ඒවී කුමරෙකු එලිය අරගෙන

සුරත බැඳ උඹේ පෝරුවක හිඳ
මනාලිය වී ඔහුගේ තුරුලට
ගියත් දවසක මගෙන් ඈතට 
දුරින් ඉද මං සිනාසෙන්නම්
උඹේ සතුටත් එක්කලා.........

10 comments:

  1. දුර ඉදන් හිනා වෙලා සුබ පතන්න පුළුවන්නම් අන්න ඒක තමයි කරන්න පුළුවන් හොදම දේ අයියේ...

    ReplyDelete
  2. පට්ටයි අරුණ
    ජයවේවා

    ReplyDelete
  3. පිහියෙන් අනින්න යන්නෙ නැතුව ඔය විදියට ඉවර කරගන්න පුලුවන්නං ලොකු දෙයක්.

    ReplyDelete
  4. සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්.. :D

    ReplyDelete
  5. රෙපා............. පට්ට කයිය අෑ................. නියමයි

    ReplyDelete
  6. ඔව් ඒකත් හොඳා... සැබෑ ආදරය යනු අත්හැරීමයි කියලත් කියනවානේ...

    ReplyDelete
  7. මෙහෙම හිතන්න පුළුවන්නම් කොච්චර හොඳඳ ඉතින්..

    ReplyDelete
  8. api nathi tika kaleta meyath hugak wenas wela.................

    kawith liyanna purudu wela niyamayine.......

    ReplyDelete