Wednesday, March 5, 2014

බුකි ප්‍රේමය






රිලේෂන්ෂිප් වී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
බුකියෙන් මාගේ යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
බුකියේ ඔබගේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

චැට් නොකරම මම ඉන්නම්
එය හදවත හඬවයි නම් //
ලොග් නොම වී ඔබ ඉන්න
ප්ලස් ගුගල් වත් යන්න
ප්ලස් ගුගල් ගොස් ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි...

ආදරයක් තියනව නම්
ස්කයිපෙන් පිළිතුරු දෙන්නම් //
අන්ෆ්රෙන්ඩ් වී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
රියලෙන් යන්නම් දුරට
ෆේක් එකෙන් බෑ යන්න

ප්‍රේමය පුද දී //

24 comments:

  1. ලැයික් එකකට ලැයික් එකක් දාන්න විදියක් නැද්ද ඕකේ..

    ReplyDelete
  2. කාලෙකින් රෙප් මහත්තයා කරලියට ඇවිත්

    ReplyDelete
  3. තට්ටුවක් දලා කියලා බලන්න ඕන ..,

    ReplyDelete
  4. මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා :-D

    ReplyDelete
  5. තාලේ මොකක්ද ;)

    ReplyDelete
  6. බුකියට කෙලවී ඇද්ද....
    සාපය වැදුනා වත්ද...
    ගුගල් ප්ලස් ඒ වගේද...
    පිස්සුකෙලින්නේ ඇයිද....

    ReplyDelete
    Replies
    1. බුකියෙන් කෙල වී නැද්ද
      සාපය වැදුනේ නැද්ද
      ගුගල් ටුවිටර් වගේද
      බුකියේයි අපි හැමදාම

      Delete
  7. රෙපාට සපත්තු පාරක් වැදී ඇත, දුකට කියන විරහ ගීත :D

    ReplyDelete
  8. ඕව කරගත්තට කමක් නෑ,

    සාරි පාවිච්චි කරනව නෙවෙයි :/

    ReplyDelete
    Replies
    1. පැනඩෝල් එහෙම අවුලක් නැද්ද දන්නේ නෑ :P

      Delete
  9. මමත් මුනුපොතේ පිටුවක් ඇර ගන්න ඕනා

    ReplyDelete
  10. හා හා, සාරි පාවිච්චි නොකර කවි ලියලා හිටියට නම් කමක් නෑ රෙප් අයියේ..

    ReplyDelete
  11. මොකද අප්පෙ මේ......

    ReplyDelete
  12. කෝ මේ සාරි ගැන?

    ReplyDelete
  13. හිකිස්.. රෙපා අයියට හිතෙන දේවල්..
    අර කියුවත් වගේ සාරි නම් මතක් කරන්න එපා :)

    ReplyDelete
  14. ලයික් එකක් දාන්න විධියක් තිබුණානම්......

    මේ පැත්තට ගොඩ වුණේ අදමයි මගෙ හිතේ.

    ReplyDelete
  15. රිලෙශන්ශිප් දැම්මාට
    සින්ගල්නේ ඔබ තාම
    බොරුවක් මට නොකියන්න
    බුකියෙම පෙම ගෙනියන්න

    ReplyDelete