Saturday, February 1, 2014

මෝල් වීමට කලින් පර්ස් එක බලන්න 18 + ද මංදා

අපි කනවා බොනවා ජොලි කරනවා තමයි. ඒත් ඒ හැම දේකම මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. කතාව කියවලා ඔයාලට මොනවා හරි හිතෙන දෙයක් ලියල යන්න. (ආයෙමත් කියන්නේ මේක ලිව්වේ කට්ටිය ආතල් ගන්නවට විරුද්ද වෙන්න හිතල නම් නෙවෙයි ) සල්ලි තියනවනම් කාපල්ලා බීපල්ලා ආතල් ගනිල්ලා අපට 
මොකෝ...............  



මේක දැනට වසර කිහිපයකට කලින්මට සිද්ද උන ඇත්තම සිද්දියක්. මේ ලිපිය මිට කලින් ඔය සිද්දිය වෙච්ච කාලෙදිම වගේ සිතුවිලි පවුරට ලියපු ලිපියක්. මේ දවස් වල සිතුවිලි පවුර වැඩිපුර ඇක්ටිව් නැති නිසාත් ආයෙමත් මගේ බ්ලොග් එකේම මේක පල කරලා දාන්න හිතුනා. 

මේ සිද්දියට අදාළ පුද්ගලයන්ගේ අහල පහල දන්නා කියන අය වත් සිංහල බ්ලොග් කියල ජාතියක් තියන බව වත් දන්නේ නැ කියල මට විස්වාස හින්ද නම් ගම් එක්කම ඉස්ටෝරිය ලියල දානවා.

මේකේ ප්‍රධාන චරිතයේ නම තමා මයුර කියන්නේ . මගෙත් පරණ ෆිට් එකක්. ගම දබුල්ල පැත්තේ උනාට ඉන්නේ මැද පෙරදිග රටක. මේ කියන දවස් වල පොර  අවුරුදු ගානකින් ලංකාවට ගොඩ බැහැලා ආතල් ගන්නවා. මෙන්න හිටපු ගමන් මගේ 4 න්  එකට එනවා නොදන්නා නම්බරෙකින් කෝල් එකක්.  

"හලෝ ඔය අ......නේද? , මාව  අදුනන්න පුලුවන්ද?"

මම: "කටහඩ නම් පුරුදුයි, ඒත් හරියට මීටර් නැ , කව්ද බන් ඔය?" 

"මයුරයා බන් දබුල්ලේ මතක නැද්ද?"

මම: "අම්මට උඩු, මයුරයා කවදද බන් ගොඩ බැස්සේ ? දැන් කොහෙද උඹ ඉන්නේ?"

"යාලුව්ක් හම්බවෙන්න කොළඹ ආව බන්. හෙට ඒජන්සියට යන්නත් ඕන  දැන් අපි ඉන්නේ කඩවත. උඹ මේ පැත්තේ ගැවසෙන බව දන්නා හින්දයි කෝල් කලේ .. කොහෙද ඉන්නේ පොඩ්ඩක් සෙට් වෙමුද?"

මම: "හරි මචන් මම දැන් ගනේමුල්ලේ. උඹ කැන්ඩි එක පිටිපස්සේ පොට්‌ එකේ උඩ තට්ටුවට පලයන් විනාඩි දහයෙන් මම ඔතන".

ඔන්න ඉතින් ගනේමුල්ලේ කර කර හිටපු වැඩෙත් මග තියලා මේ රෙපත් විනාඩි දහයෙන් කඩවත අදාළ ස්ථානයේ...

මයුරයයි උගේ කඩවත අනිත් යාළුවයි ඒ වෙනකොටත් වැඩ පටන් අරගනයි තිබුනේ. දැන් ඉතින් රෙපත් සෙට් වෙලා තුන් දෙනාත් එක්කම වැඩ... බලන් යනකොට මයුරයාගේ යාලුවා ඒ පැත්තේ ආණ්ඩුවේ දේශපාලකතුමෙක්ගේ ලග ඉන්න ගෝල බාලයෙක්ලු. 

බෝතලේ පටන් ගන්නකොට පටන් ගත්ත සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ කතාව පතුල පේනකොට රටේ දල ජාතික ආදායමේ වැඩිවීම දක්වාම කතාව ඇදිල ගිහිල්ලයි තිබුනේ.. 

"මල්ලි බිල ගේනවා" 

වේටර් මල්ලිට කතා කරපු මයුරයා 2000?=  කොලයක් ඇදල අරන් මෙසේ උඩට දැම්මා

"ඉතුරු සල්ලි තියා ගනින් මල්ලි"  කියපු මයුරයා වේටර් මල්ලි සල්ලි අරන් ගියාට පස්සේ  ආයෙමත් කට ඇරියා 

"මචන් මම රට ඉදල ආව එකා. ඉතින් දැන් අපි බෝතල් ආතල් ගත්තා ඇතී. මට බඩුවක් සෙට් කරලා දියන්කෝ ගහන්න",

පුහ් !!! මල මගුලයි මේ හදිසියේ වෙරි මර ගාතේ දැන් හොයපන්කෝ මුට ගහන්න බඩු. 
දැන් මොකැ කරන්නේ ?

"පොඩ්ඩක් හිටපන් බන් අපේ ලොක්කා පාවිච්චි කරන භාණ්ඩයක් තියනවා. කෝල් කරලා බලමු." එහෙම කියපු මයුරයාගේ කොළඹ යාලුවා ටිකක් එහාට ගිහින් ගත්තා කාටද කෝල් එකක්.

"හරි මචන් බඩු තියනවා, හැබැයි ටිකක් ගාන සැරයි . ඒත් බඩු කොලිටියි මොකද කියන්නේ" පොර ඇහුවා 

"බඩු කොලිටි නම් ගාන ප්‍රශ්නයක් නැ" මයුරයා කියපි.  බුවා ආයෙත් මොනවද කියලා අපේ ලගට ආවා  

"තව විනාඩි 10 කින් ඉන්ද්‍රා හෝල් එක ගාවට ත්‍රිවිල් එකකින් එන්නම් කිව්වා. සුපිරි කෑල්ල උබලත් දන්නා කියන එකක් බලපල්ලකෝ ආවාම. එහෙනම් අපි අතනට යමුද?" 

ඔන්න ඉතින් මගේ බයිසිකලෙත් එතනම තියලා තුන් දෙනාම පයින්ම ඉන්ද්‍රා එක ලගට ආවා  
රතු පාට ත්‍රිවිල් එකක් ආවා අපේ බුවාට කෝල් එකකුත් ආවා. 

"හරි මචන් අන්න අර ත්‍රිවිල් එකේ බඩු ඉන්නවා. මම 9 කණුවේ පොට්‌ එකත් සෙට් කළා උඹ මේකේ නැගලා පලයන්." 

තුන් දෙනාම ත්‍රිවිලේ ලගට ගියා ඒක ඇතුලෙ හිටියේ ඉදල හිටලා ටි වී එකේ එහෙම දැකල පුරුදු මුණක්. (කව්ද කියලා අහන්න එපා එයාගේ නම නම් මතක නැ )
මයුරයව ත්‍රිවිල් එකට නග්ගලා මමයි අනිත් බුවයි බයික් එක දාල තිබුන තැනට ඇවිත් රාගම පාරේ අපේ බෝඩිමට ආවා. ටික වෙලාවක් බෝඩිමට වෙලා කයියක් ගහගන ඉදලා එයා යන්න ගියා. ඇදට වැටුන මටත් එහෙමම නින්ද ගියා    

රෑ 7 ට විතර මම ඇහැරුනේ කෝල් එකක් ආව නිස කතා කලේ මයුරයා, 

"හලෝ මයුරයා මොකද කරගත්තේ "?

"මචන් පොඩි හදිසියක්".

 ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ?

"4 න් එකෙන් ඔව්ව කියන්න බෑ බන්  ඉක්මනට කොමර්ෂල් ඒක ලගට වරෙන්, 

මොනා කරන්නද  මමත් ඉතින් එතනට ගියා. මෙන්න බුවා ඉන්නවා ෆුල් සෑඩ් මුඩ් එකේ සුපිරි ස්වීට් ඉස්සරහ 

මොකද බන් උනේ ?

මචන් සල්ලි ගන්න ගිහින් කාර්ඩ් එක හිර උනා බන්, දැන් අතේ සතේ නැ 

එතකොට අරක?

මම ඇහුවා 

"පර්ස් එකම හුරලා ඒකිට දීලා යැව්වා. දැන් මට ගෙදර යන්නවත් සල්ලි නැ. හෙට උදේ ඒජන්සියට රුපියල් 30000 /= ක් බදින්න ඕනේ. දැන් රෑ වෙලා නිසා මාලේ වත් උකස් තියන්න කඩයක්වත් නැ.  දන්නා කෙනෙක් ඉන්නව නම් කියපන් බන් ලොකු උදව්වක්....
 
මොනවා කරන්නද? මමත් එහෙම්මම ගත්තා කෝල් එකක් අදුනන මුදලාලියෙකුට මිනිහ පොත් ගැන දැනගත්තත් රත්තරන් ගැන දන්නේ නැ. එත් ඉතින් මාව ඇපේට අරන් අරුගේ මාලෙට සල්ලි දෙන්න මුදලාලිය කැමති උනා.

මයුරයවත් බයිසිකලේ තියාගන ගියා රාගම මුදලාලිගේ ගෙදර

"මල්ලි මේකට මම උපරිම 35000 /=  ක් දෙන්නම්," 

"අනේ තව කියක් හරි දෙන්න මහත්තයෝ මේක පවුම් 1 1/2 ක් විතර තියනවා. දැන් මයුරයා අඩනවා." 

 මට දෙන්න පුළුවන් ගැන තමයි කිව්වේ . අනිත් එක මම මේවා ගැන  දන්නෙත් නැ. මේ අ...... මල්ලිට බෑ කියන්න බැරි හින්දයි මේ උදව්ව වත් කරන්නේ.

කොහොමින් හරි මුදලාලිගෙන් සල්ලිත් අරගන රාගම ටවුමට ආවා 

"මචන් ඔහොම පොඩ්ඩක් නතර කරපංකෝ "

බයික් එක නතර කළා විතරයි මෙන්න මේ යකා දුවගෙන ගිහින් බියර් ටින් දෙකක් උස්සගෙන ආවා. 

"ඇයි හු@#@$ උඹට මෙච්චර දෙයක් වෙලත් ඇතී වෙන්නේ නැද්ද?"

 මම ඇහුවේ මු එක්ක අම්බානක තද වෙලා  

 "මම අද රෑම දබුලු යනවා උබ කට වහගන මාව පුළුවන් නම් මාව කඩවත ටවුමින් බස්සපන්"

"එතකොට හෙට ඒජන්සියට සල්ලි බදින්නේ නැද්ද? "

"රට යන්න නම් කවද බැරිද?  මේ ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනේ"

පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා මම ඌව කඩවත ටව්මට දාල ඇවිත් නිදා ගත්තා. ඊට පස්සේ මම කෝල් කලත් මිනිහගේ 4 න් එකත් වැඩ නොකරන නිසා මොනවා කර ගත්තද රට ගියාද තාමත් මෙහේද කියන්න නම් දන්නේ නැ.  


33 comments:

  1. සිහ් මට මතක් වෙන්නෙම දවසක් පඩි පැකට්එක සාක්කුවෙ දාගෙන දෙල්කද හැන්සීස් කේවු එකට රංගලා වෙච්ච හරිය. පහුවදා උදේ ඔලුව උස්සලා බලද්දි සාක්කුවෙ තිබ්බෙ රුපියල් 500යි

    ReplyDelete
    Replies
    1. රුපියල් 500 ක් හරි ඉතුරු උනා මදැයි.. :)

      Delete
  2. (කව්ද කියලා අහන්න එපා එයාගේ නම නම් මතක නැ )

    අර අරයා නේද මාමි

    අනේ අම්මේ බීපු අස්සේ ඔය මගුලවල් කරන්න ගියාම ඔහොම වෙනවා පුදුමයි පොකට් එක විතරක් හුරලා එවලා හරි එකියකට සෙට් උනා නම් මාලේත් නෑ

    ReplyDelete
    Replies
    1. සිරාවටම හරි හමන් එකියකට අහු උනා නම් මාලේත් නෑ තමා :(

      Delete
  3. බිපුවහම මිනිස්සුන්ට ඌ මිනිහෙක්ද කියලවත් මතක නෑ බං. ඒකයි...

    ReplyDelete
  4. කවුද බං අපි නොදන්න ඔය පැත්තෙ ඉන්න බඩ්ඩ :පී

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඇත්තටම නම මතක නෑ. ඉදලා හිටලා ටි වී එකේ පෙන්න හිටපු එකක් කියලා තමා. මතක. :)

      Delete
  5. හයියො ඔය 35000 මගෙ ගාව තිබ්බනං හොඳ ෆෝන් කට්ටක් ගන්නවා :D

    ReplyDelete
  6. මාලේ රත්තරන්ද ඒක සුවර්ද නැත්නං තෝ ඉවරයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. රත්තරන් එකක් වෙන්න ඇති. ඒකනේ මෙච්චර කාලයක් ගත වෙලත් කිසි සද්දයක් නැත්තේ :D

      Delete
  7. උබ ගණේමුල්ලෙත් හිටියද අයියෙ? :D

    ReplyDelete
    Replies
    1. කඩවත රාගම ගනේමුල්ල කියන්නේ ඒ කාලේ මගේ රූට් එකනේ බං. :D

      Delete
    2. එතකොට බටුවත්ත පැත්තේ ගියේම නෑ...

      Delete
    3. @රෙපා ඒ කාලෙ කිව්වෙ කොයි කාලෙ වගේද?

      @දේශකයා උබයි බටුවත්තයි අතරෙ මොකක්හරි සම්බන්ධයක් තියනවද බන්? :D

      Delete
    4. @දේශකයා. රාගම ඉදන් ගනේමුල්ල පැත්තට යන්නේ ඉතින් බටුවත්ත හරහා තමා.

      @සසිදු 2010 2011 වගේ

      Delete
  8. අපි බොන්නෙත් නෑ... බ* ගහන්නෙත් නෑ.. හොඳ ළමයි ^_^

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්, අපි නොදන්නා සුද්දා :3

      Delete
  9. එතකොට ඔයාව ඇපේට තියල සල්ලි ගත්තේ ඕකටද?
    බිව්වම මිනිස්සුන්ට සිහියක් තියෙන එකක්යැයි ඉතිං :(

    ReplyDelete
    Replies
    1. ඒ ගත්ත සල්ලි වලින් නම් ඊට පස්සේ මොනවා කරගත්තද ඌට මොනවා උනාද කියලා මම නම් අද වන තුරු නොදනී. සමහර විට ඒකත් මගදීම විනාස කරගන්න ඇති

      Delete
  10. මාලෙ බඩුවට දෙන්න උනානං තමයි වැඩේ. මාලෙ බේරගන්නවත් මිනිහ ආවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මමත් ඊට ටික දවසකට පස්සේ ඔය ඒරියා එක අත ඇරලා ආව නිසා මාලේ බෙරගත්තද කියලා දන්නේ නෑ. ඌත් මං කතා කරනකොට ඉස්සුවෙත් නෑ. ඊට පස්සේ මට කෝල් කලෙත් නෑ

      Delete
  11. හි හි ... වෙලාවට රෙපා බිව්වේ නැත්තේ..බිව්වනම් එහෙම බඩුවට දෙන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑ මයුරගේ පොකැට් එකේ... :v :v :v

    ReplyDelete
  12. හම්මෝ රෙපෝ....උඹ යකාගෙ වැඩනෙ කරන්නෙ...බැරි වෙලාවත් පහුවදා මාලෙ ඉමිටේෂන් කියලා කිව්වා නම් යාලුවගෙ ෆෝන් එකත් වැඩ නැති නිසා අතුල ගොයියගෙ ඉමිටේෂන් මාලපොටේ සින්දුව තමා කිය කියා ඉන්න වෙන්නෙ....

    ReplyDelete
  13. පිස්සු යකෙක්නෙ... ඔන්න යාලුවො.. කියල වැඩක් නෑ...

    ReplyDelete
  14. ගානට වැදිලා ඉන්න වෙලාවට නම් මෝල් කලන්තේ ඕකේ. නස්පුක් වෙන්න වැදිලා ගියොත් නම් ෆුල් සුද්දෝධන පාර වල් වලටත් අහුවෙනවා.

    ReplyDelete
  15. නරක වැඩ උනත් කරන්න ඕන වෙන වෙනම. එකට කරන්න ගියාම අවුල්

    ReplyDelete
  16. කව්ද කියලා අහන්න එපා එයාගේ නම නම් මතක නැ
    …අලේ ගූගල් දෙය්යගෙන් අහලහරි කියනෝකො.. අපිට කුතුහලේනෙ අප්පා.. ඇයි ඕම කරන්නේ..

    ReplyDelete