Thursday, January 16, 2014

නෙතු දහසක්

ෆේස්බුක් ෆේක් මිතුරන්ගේ ලේ දන් දීම අතිසාර්ථක ලෙස පසු ගිය දින ගම්පහ දී පැවැත්විණි. ඒ සඳහා ෆේස්බුක් මිතුරු මිතුරියන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාවගෙන්ද නොමද සහයෝගයක් ලැබිණි. නමුත් මේ ලිපිය එම වැඩසටහන පිළිබඳව නොවේ 

මෙලොව උපදින සෑම සත්වයෙක්ම අනිවාර්යයෙන් මරණයට පත් වේ. නමුත් අප මරණයට පත් වුවද අපගේ දෑසින් තවත් අයෙකුට මෙලොව එලිය දැකීමට හැකියාවක් ලැබේ නම් එය ඉතා වටිනා පින්කමක් වනවා ඇති.


ජිවිත කාලය පුරාවට අපට ලෝකය පෙන්වූ අපේ දෑස් වෙනත් අයෙකුට පරිත්‍යාග කිරීම ජීවිතය දන් දීමට පමණක් දෙවැනි වූ මහාර්ග පුණ්‍ය කර්මයකි. ශ්‍රී ලංකා  අක්ෂි දාන සංගමය සමග සම්බන්ධ වීම මගින් ඔබටත් මේම පිංකමට දායක වීමට හැකියාව පවතිනවා. තම මරණින් පසු තමන්ගේ දෑස් වෙනත් කෙනෙකුට ලෝකය දකින්න දන් දීමට කැමති බොහෝ දෙනා සිටියත් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයත් ඔවුනුත් සම්බන්ධ වන ඉඩකඩ සහ ඒ පිළිබඳව සමාජයේ පුද්ගලයන් අතර පවතින දැනුවත් භාවය පවතින්නේ ඉතාමත් පහල මට්ටමක. 

"නෙතු දහසක්" ව්‍යාපෘතිය යනු ශ්‍රී  ලංකා අක්ෂිදාන සංගමයත්  මරණින් පසු තමන්ගේ අක්ෂි සහ පටක දන් දීමට කැමති පුද්ගලයනුත් යා කරන එක්තරා ව්‍යාපෘතියක්. මෙමගින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ තමන්ගේ දෑස් දන් දීමට කැමති පුද්ගලයන් සහ අක්ෂි දාන සංගමය අතර සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා පහසුකම් සැපයීම සහ ව්‍යාපෘතිය සමාජයෝජනය කිරීමයි... 

මේ ව්‍යාපෘතිය පිළිබඳව සහ මේ දිනවල සිදු කරනු ලබන අනෙකුත් සමාජ සේවා ව්‍යාපෘතීන් පිළිබඳව තොරතුරු 077 3366488 දුරකථන අංකය හරහා   

Danesh Maduranga Edirisooriya ෆේස් බුක් ගිනුමින් හෝ 

නෙතු දහසක් ෆේස්බුක් ඉවෙන්ටුවෙන් ලබාගන්න හැකියාව පවතිනවා. 


ඔබගේ ෆේස්බුක් කවර් පින්තුරයේ පහත බැනරය ප්‍රදර්ශනය කිරීමෙන් මේම වැඩසටහන සඳහා සහයෝගයක් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමු.

11 comments:

  1. මමත් මනාපයි.. හැබයි ගොඩක් උන් කියන්නේ මේකෙන් පේන්නෙම නුහුරට කියලා..

    ReplyDelete
  2. මට මේකෙ වැඩිදුර විස්තර ටිකක් දැනගන්න පුලුවන් වෙයිද?

    ReplyDelete
  3. ගොඩක් හොද වැඩක් ..මටත් අවුරුදු 3 කට කලින් මේ පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් උනා. යාලුවන්ව හැකි පමණින් දැනුවත් කරන්නම්

    ReplyDelete
  4. විස්තර ටිකක් මදි වගේ සහෝ.මාත් ඕකට එකතු වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්

    ReplyDelete
  5. ඇත්ත තව විස්තර ටිකක් තිබ්බ නං හොදා..

    ReplyDelete
  6. වටින වැඩක්, තව විස්තර ටිකක් දාන්න... :)

    ReplyDelete
  7. කුමන හෝ පුරවැසියෙකුට තමන්ගේ ඇස් දැන් දීමට අවශ්‍ය නම් ලගම ඇති අක්ෂි බැංකුව වෙතට ගොස් ඇස් දැන් දීමට කැමැත්ත පල කල හැක.එවිට ඔබට කල යුතු වන්නේ ඇස දැන් දීමට කැමැත්ත ප්‍රකාශ කල යුතු වු පෝරමය ගෙන එය නිවැරදි විස්තර සහිතව පිරවීමයි. එහිදී ඔබ ඔබව සම්බන්ද කර ගත හැකි ආකාරය පැහැදිලිව සදහන් කල යුතු අතර ඉන් පසු එය විශ්වසන්ත සාක්ෂිකරුවන් (ඔබගේ යහළුවන් හෝ ඔබගේ ඤාතීයකු හෝ පවුලේ හිතවතකු ) 1ක් හෝ 2ක් ලවා අත්සන් කර ගෙන යලිත් අක්ෂි බැංකුව වෙත ලබා දිය යුතුය. ඉන් පසු බැංකුව මගින් ඔබට සහතිකයක් (දායක පත්‍රයක්) පිරිනමන ලද අතර ඔබ කල යුතු වන්නේ එය ඔබට සහ පවුලේ සැමට පහසුවෙන් දර්ශනය වන ස්ථානයක එල්ලා තැබීමයි. හදිසියේ ඔබ මිය ගිය දිනක කල යුතු වන්නේ ඔබට සාක්ෂි සදහා අත්සන් කරනු ලැබූ ඤාතීයකු /යහළුවන් හෝ පවුලේ හිතවතකු මාර්ගයෙන් මිය ගොස් පැය 4ක් ඉක්මවන්නට පෙර ලගම ඇති අක්ෂි බැංකුවට හැකි ඉක්මනින් දුරකතනයෙන් දැනුම් දීමයි.
    මෙහි ඔබ දැන ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඇස් දැන් දීම සදහා කැමති වීම යනු මේ මුළු ක්‍රියාවලියෙන්ම 20% ක කොටසක් පමණක් බවයි. ඉතිරිය රැදී ඇත්තේ ඔබගේ යහළුවන් හෝ ඤාතීන් මතයි.
    ඔබ මිය ගිය පසු ඒ පිළිබඳව ඔබගේ ඤාතීන් හෝ යහළුවන් නිවැරදිව දැනුවත්වී සිටිය යුතු අතර ඒ සමගම ලගම පිහිටි අක්ෂි බැංකුව සමග සම්බන්ද වීමද කල යුතු වේ. එවිට ඔබගේ ඇස් නිසියාකාරව ලබා ගැනීමට ඔවුනට හැකියාවක් ලැබෙන අතර ඔබගේ ඇස් දැන් දීමේ ක්‍රියාවලියද අවසාන වේ.
    ඇස් දන් දීමේ ක්‍රියාවලිය සදහා,
    කිසියම් පුද්ගලයෙක් කැමැත්ත ප්‍රකාශ කොට නොතිබුනද ඇස දැන් දීමේ ක්‍රියාවලිය කල හැක.
    ඒ සදහා කලින් කැමැත්ත ප්‍රකාශ කොට සිටීම ඇස් දැන් දීම සදහා පෙර විමසුම් ක්‍රියාවලියකි.
    යම්කිසි මොහොතක ඔබ හෝ ඔබගේ පවුලේ කෙනෙක් මිය ගිය පසු මරණය සිදු වී පැය 4ක් අතරතුර දුරකථනය මාර්ගයෙන් ලගම පිහිටි අක්ෂි බැංකුව අමතා ඔබගේ නිවසට ලගා විය හැකි අකාරය ඔවුන්ට දැනුම් දෙන්න
    ඉන්පසු ඔවුන් විසින් අදාළ පරිදී තමන්ගේ ඇස් ලබා ගෙන යනු ඇත.
    මෙය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන අතර මෙම ව්‍යාපෘතියට අදාල තවත් විස්තර ඉදිරියේ බලපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට බොහොම තුති

      Delete
  8. ගම්පහ වැඩක් කරනවා නම් අපිට කියපන් බන්....ඔය ලේ දන්දීම ගැන දැනගෙන හිටියා නම් 20 ක් 30 ක් එවනවා එතනට...

    ReplyDelete
  9. මේවා ගැන දැනුවත් කරන එකත්, ඒවාට සහයෝගය දෙන එකත් බොහොම හොඳ වැඩක්..

    ReplyDelete