Wednesday, July 17, 2013

සතර පෙර නිමිති

දුටුවෙමි හිමියනේ...





පාට කල දෙතොල සහ 
ඩයි කෙරුණු කෙහෙ රැල්ල 
වියපත් වූ ශරීරය වැසූනු මේකප් තලිය 
සගවයිද මහලු බව කෙලෙසකින් ඒ ලෙසට 


ගිලන් වී එක්තැන්ව තමන් වැදු මහලු මව 
සිටින තුර අසරණව ඒ කිසිත් නොසලකා
නිවන් යන්නට කලින්, අසල්වැසි හැමෝටම 
ලෝකයට පෙනෙන්නට පිං කරන දරු කැලක්.

මහලු වී ගිලන් වී කිසිවකුත් නොසලකා 
විදවමින් ජීවිතය නිමා කල මෑණියන්
යකඩ කටවල් වලින් ඇසෙන ඇගේ ගුණ කථන
නිවස වට කර ඇදුනු ශෝක පණිවිඩ ගොන්න 
ජිවතුන් අතර සිටි කාලයේ දී නොතිබූ
අලුත් වටිනාකමක් අද ඇය ගේ කුණු කයට...... 

හත් දවස තුන් මාසේ දාන බණ පිංකමට 
ඇගේ දු පුතුන්ගේ වරුණාව කියන රඟ 
විසි කරන සල්ලි මිටි වලින් පිට වෙන සුවද 
ඉගි කරයි පිං කමේ තරම මුළු ලෝකයට 

ලොකුම ලොකු පන්සලට 
ලොකුම ලොකු දානයක්...... 

ගමේ පොඩි පන්සලේ වැඩ සිටියි තෙරණුවන් 
කැප වෙමින් සසුන වෙත
 සුරකිමින් ධම් විනය 
ලෝකයෙන් වසන් වී දවල් දානෙත් නැතුව ...
...............








11 comments:

  1. අම්මපා ඇත්ත ! බොරු සෝබන තමයි ඔය වගේ උන් ළඟ තියෙන්නේ ,ජීවත්වෙලා ඉන්න කාලේදී නොපෙනෙන හොඳ ගොඩාක් ගැන මැරුණට පස්සේ කතාවෙනව ..ඇයි බණටත් කියන්නේ වරුනාව .සමහර වෙලාවට හාමුදුරුවෝ මැරිච්ච මනුස්සය ජීවත් වෙලා හිටපු කාලේ ඒ මනුස්සයව දැකලත් නෑ ,ඒකට වරුණා ව නං ඉහට උඩින්.... :D අපේ ගමේ නං පන්සල ලොකු එකක් හන්දා කව්රුවත් පිටට දානේ ගෙනියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ලොකුම ලොකු තැනකට ලොකු විදියට දුන්නට කමක් නැහැ. නැත්තම් ඉතින් නිවන් යන්න පරක්කු වෙයි ඈ ;)

      Delete
  2. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වලු.....

    ReplyDelete
    Replies
    1. ගෙදරට නම් මොනවා උනත් මොකෝ :)

      Delete
  3. ඇත්තම කතාව අයියේ

    ReplyDelete
  4. <<<<<<>>>>>>

    මැරෙන්නට කලින්ම
    ලියන මරණ දැන්වීමට
    දමා ගත්තොත් හොඳයි
    ලැබූ පට්ටම්, පදක්කම් ටික
    හතර වරිගෙම උජාරුව
    පේන්න මාගලක ලෙසටම
    කොටා එල්ලමු පත්තරේ පිටුවක
    පරම්පරාවේම වතගොත

    ReplyDelete
    Replies
    1. ඉංගිරිසි පත්තරේකම ඔය ටික දැම්ම නම් තමා ලකේ :)

      Delete
  5. සහතික ඇත්ත කතාව....

    ReplyDelete