Sunday, July 14, 2013

හිතවත් උදේනි අයියා වෙත ලියමි ..




ඊයේ වනතුරුම සිටියේ මේ ගැන වචනයක්වත් කියන්නේ ලියන්නේ නැහැ කියලා හිතාගෙනය. මේ ටික මෙහෙම හරි ලියන්න හිතුනේ ඊයේ ඉරිදා ලංකාදීප පත්තරේ උඹ ගැන තිබුණු පිටු බාගේ ආටිකල් එක කියෙව්වාට පස්සේය. එදා ඉදලාම දේසපාලනය කියන මාතෘකාව  ඇලජික් ය. මොන දේශපාලනය කලත් උඹ අපේ ගමේ මිනිහාය. මේ ටික ලියන්නේ උදේනි අතුකෝරල කියන ප්‍රාදේශීය සභා සභාපති තුමා  නෙවෙයිය. පොඩි කාලේ ඉදලාම දන්නා කියන උදේනි අයියා වෙනුවෙන්මය.



මොකා දේශපාලනය කලත් ඒ කරන්නේ අත ලෙවකන්නට නොවන බව ගොඩක් දෙනෙක් නොදන්නවා  හිටියාට හැමෝම දන්නවය. උඹ හිටපු පුටුවේ සිට ඉහලට ඉන්න හැම එකාම මුලින්ම කරන්නේ තමන්ට හම්බ කර ගන්නා එකය. රටේ ජනතාව හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෑය. මේ ලියන මම උනත් නිකන් හම්බ වෙන සල්ලියක් තිබේ නම් නොගෙන ඉන්නේ නැතිය. අනිවා ගන්නවාමය. සල්ලි දැක්කාම පැනලා ගන්න එක මනුස්ස ස්වාභාවයය.

පත්තරේ තිබුන හැටියට උඹට ඔය අල්ලස දුන්නාය කියන කෙනාද ප්‍රාදේශීය සභාපති වරයෙක්ය. උඹට බය නැතුව ලක්ෂ විස්සක් ජරාව දෙන්නට කැමති  වෙන්නට නම් අදාළ පස් කොන්තරාත්තුවෙන් ඔහුට හිමි  ලාභයද සුළු පටු එකක් විය නොහැක්කේමය. පත්තරේ ඔහුම කියන පරිදි ඔහු ඔබට පලවෙනි ලක්ෂ පහ ලබාදී ඇත්තේ අල්ලස් කොමිසමට හොරෙන් ය. නීතියට අනුව අල්ලස් දීම මෙන්ම ගැනීමද වරදක් බව ඒ මොහොතේ දී ඔහුට මතක තිබී නැතිය. දැන් උසාවියේදී උඹ ඔය කාරණය ඔප්පු කරන්න ගියොත් නම් උඹ කලිනුත් අල්ලස් ගත්තා කියා නිකම්ම ඔප්පු වෙනවාය. ඒ නිසා ඉක්මනට ගෙදර එන්න ඕන නම් උඹට ඒවා අමතක කරන්නට වෙනවාය. ජනතාවට සේවය කරන්න ඔහුටත් අවංක උවමනාවක් තිබුනේ නම් අහක තියෙන පස් කොන්තරාත්තු පස්සේ යන්න ඔනෑ නැතිය. සභාපති වරයාට ලැබෙන සොච්චම් වැටුපෙන් දිවි ගැට ගසා ගත හැකිය.
   
මොකා මොනවා කලත් නිතිය ඉදිරියේ ඔප්පු වෙනතුරු ඔහු හොද මනුස්ස්සයෙක්ය. මොන සෙල්ලම දැම්මත් ඇතිදා ලග ඉන්නා උන් නැතිදා හොයා ගන්නවත් නැතිය. දැන් උඹට ඒ ටික නම් හොදටම තේරෙනවා ඇතිය. උඹව අල්ලාගෙන ගියපු දා වැඩිපුරම සතුටු වුනේ රතිඥ්ඥා පත්තු කලෙත් ලක්ෂ ගණන් වියදම් කොට පාටි දැම්මෙත් උඹේ ලගින්ම සිට එකට කෑ උඹේම හිත මිතුරන් මිස අපි නොවේ ය. මිතුරා කවුද සතුරා කවුද යන්න උඹට මේ සැරේ නම් හොදටම අවබෝද වන්නට ඇතිය. 

මොන දේශපාලනය උනත් උඹ හොද අනාගතයක් තිබුණු කොල්ලෙක්ය. දැන් දැන් ලැබෙන ආරංචි අනුව පළාත් සභා නාම යෝජනා ලබා ගැනීමේ තරගයක්ද මේක අස්සේ තියෙනවාලු ය. ඒවායේ ඇත්ත නැත්ත මොනවා උනත් දැන් වෙන්න ඕන දේ වෙලා අහවරය. දෙතුන් දෙනෙක් මැරුවත් මාස දෙක තුනෙන් එලියට  රටක ජරාව  කෑ වරදට සදහටම හිරේ ගිය දේශපාලකයින් ගැන අපි නම් අසා නැත. උඹත් ඒ විදියට ඉක්මනටම එලියට එනවා ඇතිය. ඒ ඇවිල්ලාවත් ආයෙත් ඔතනට නොයන විදියට වැඩ කරනවා නම් එච්චරය. 

තව උඹ ගැන ලියනවා නම් ලියන්නට බොහෝ දේවල් ඇත්තේය. මේ ටික මෙහෙම හරි උඹ වෙනුවෙන් ලියන්නට හිතුනේ මොන තැන සිටියත් අනිත් උන් මෙන් නොසිට දැක්ක තැනකදී මල්ලි කියා කතා කරන්නට තරම් වත් නිහතමානි වූ ගමේ කොල්ලා නිසාය. ඇතිදා සීනි නැතිදා ගෝනි යන ලෝක ධර්මතාවය උඹට මට වෙනස් කල නොහැක්කේය. ඒ නිසා ඉක්මනට නිදහස් වී ගෙදර එන්න හැකි වෙන්න කියා පතමින් මම නවතිමි. උඹට තෙරුවන් සරණයි....



15 comments:

  1. අපියි කියල මක්ක කරන්නද

    ReplyDelete
    Replies
    1. වැලිකඩ පැත්තේදී එහෙම මුණ ගැහුනොත් මම මතක් කළා කියපන්කො ;)

      Delete
  2. 'සභාපති වරයාට ලැබෙන සොච්චම් වැටුපෙන් දිවි ගැට ගසා ගත හැකිය.'

    එහෙව් සභාපතිවරුන් මේ ලංකාවෙන් සොයාගැනීම අපහසුය.

    ReplyDelete
    Replies
    1. ඉතිං එහෙව් රටේ අල්ලසක් ගත්තා කියලා හිරේ යවන එක යවන එක හොදද මං අහන්නේ :/

      Delete
  3. මෙලෝ දෙයක් තේරුනේ නෑ !!!!

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා හරි ප්‍රවෘත්තියක් අහලා පත්තරයක් බලපන්.බං ;)

      Delete
  4. මාර ෆොටෝ එකක්. නිකං මැඩම් තුසෝඩ් ඉටියෙන් අඹපු එකක් වගේ!

    ReplyDelete
    Replies
    1. උදේනි අයියගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පිංතුරේ. ;)

      Delete
  5. ඔය කෝකත් එකයි බං.

    ReplyDelete
  6. ඔහොමවත් දෙයක් නොකර හොද දෙශපාලුවෙක් වෙන්නෙ කොහොමයි

    ReplyDelete
  7. දේශපාලනයට කැමතියි. හැබැයි දේශපාලුවන්ට කැමති නැහැ. මට ඕකුං පේන්න බෑ..

    ///මොකා මොනවා කලත් නිතිය ඉදිරියේ ඔප්පු වෙනතුරු ඔහු හොද මනුස්ස්සයෙක්ය. මොන සෙල්ලම දැම්මත් ඇතිදා ලග ඉන්නා උන් නැතිදා හොයා ගන්නවත් නැතිය. ///

    සත්‍ය කතාවකි. මෙහෙ වරෙන් උබේ කට්ට මට සතේ කාසි ටිකක් දාන්ට.. :D

    ReplyDelete
  8. උඹලෑ අයිය තාම ඇතුලෙද? අපේ බාප්පට නම් ඇප දුන්න.

    ReplyDelete