Wednesday, June 12, 2013

නිකිණි වැස්ස

උදේ පාන්දරම මහා වැස්සේ කළුතර ටවුන් එක පැත්තට ආවේ පොඩි ඉන්ටර්විව් එකකට. කොහොමින් හරි දෙතුන් දෙනෙක්ගෙන්ම පාර අහගෙන අදාළ තැනට යනකොට හිටියේ අදාළ කොම්පැනියේ ක්ලාක් මහතැන් කෙනෙක් විතරමයි.

"අද හදිසි වැඩක් කියලා බොස් හෙඩ් ඔෆිස් ගියා. අද එන කට්ටියට දෙකෙන් පස්සේ එන්න කියලා කිව්වා" 

කාල වරෙන්කෝ දැන් වෙලාව 10 යි. මොනවා කරන්නද? කාලෙකින් කළුතර නගර සිරි නරබන්නත් බැරි උන එකේ හිමින් සැරේ ටවුම පැත්තට ආවා.  

කොහොමින් හරි නතර උනේ කාලෙකට කලින් සුමනා අක්කලා රගපෑව සිංහල චිත්තරපටි, ඇමරිකාවේ, සම්බාව්‍ය චිත්තරපටි පෙන්නන්නම  වෙන් වෙලා තිබුණු ෆිල්ම් හෝල් දෙක ඉස්සරහ. අම්මට සිරි මේ කොහෙද මේ ? 

ඉස්සර තිබ්බ නම් දෙකත් මාරු වෙලා. වායු සමනය කරන ලද, D.T.S සවුන්ඩ්ස්, සුවපහසු ආසන ... හෝල් එක ඉස්සරහා බෝඩ් එකේ කතාන්තර ගොඩයි.  ඒ හෝල් දෙකටම වෙලා තියෙන සැබෑ වෙනස දැක්කම ඇතුලට නොයා ඉන්න හිතුනෙම නෑ. අනික දවල් දෙක වෙනකම් කරන්නත් දෙයක් තියෙන්න එපැයි. කාලෙකට කලින් මේවයේ පෙන්නපු සම්භාව්‍ය එව්වා බලන්න මකුණෝ පිරුණු ආසන වල වාඩි වෙලා වින්ද දුක මතක් කරකරම හෝල් එක ඇතුලට ගියා. 
ටිකට් දෙන්නත් ඉස්සර හිටපු කොල්ලව එළවලා ලස්සන ගැහැණු ළමයෙක් දාලා.

" මොනවද නංගි අද පෙන්නන්නේ "

" උඩ නිකිණි වැස්ස යට පීටර් වන්"

"උඩ එකට දෙන්න" 

"ඕ. ඩී. සී.  70 යි."

රුපියල් 70 ට බෝඩ් එකේ විස්තරේ අනුව සුපිරි ඒ සී හෝල් එකක ෆිල්ම් එකක් බලන්න හම්බ වෙච්ච චිත්තප්‍රීතියෙන්ම මම උඩට නැග්ගා නිකිණි වැස්ස බලන්න. හෝල් එක ඇතුලේ සු ගාලා දෙතුන් දෙනෙක් හිටියා. වායු සමනය කරන ලද කියලා බෝඩ් වල තිබුනට මුළු හෝල් එකටම එක ෆෑන් එකක් වැඩ කරනවා පේන්න තිබුනා. ඇතුල් වෙනකොටත් ස්ක්‍රීන් එකේ භාචි සුසාන් උගේ අවසාන මොහොත ගැන කියලා බෙරිහන් දෙනවා. එකත් ෆිල්ම් එකේම කෑල්ලක් කියලා හිතා ගෙන හිටියත් ටික වෙලාවකින් බෙල් දෙකක් වැදිලා ලයිට් නිවලා චිත්‍රපටිය පටන් ගත්තා. 




කතාව පටන් ගන්නේම මිනියක් එම්බාම් කරන දර්ශනයකින්. පස්සේ තේරෙන විදියට ඒ මැරිලා තියෙන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි  මල් ශාලාවේ අයිතිකාරයා. මිනිය එම්බාම් කරන්නේ එයාගෙ එකම දියණිය. තාත්තාගෙන් පස්සේ මල් ශාලාව කරගෙන යන්නේ මේ දුව තමයි . මෙයා තවම අවිවාහක තරුණියක්. මේ තරුණියගේ බලාපොරොත්තුව තමන් කරගෙන යන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරන එක. ඒ සදහා එයාට තියෙන සැලැස්ම ආදාහනාගාරයක් තමන්ගේ ගම ප්‍රදේශයේ ඉදි කරලා නගරයේ මල් ශාලා වලට යන අවමංගල උත්සව කටයුතුත් තමන්ගේ මල් ශාලාව වෙත ලබා ගන්න එක.

මේ සිහිනය ඉටු කරගන්න යන ගමනේදී ඇයට බොහෝ දෙනා හමු වෙනවා. උදව් වලට වඩා ලැබෙන්නේ තර්ජන ගර්ජන. මුදල් අල්ලස් ලිංගික අල්ලස් ඉල්ලීම්. මිනි එම්බාම් කරන මේ ගැහැණිය උදේට දකින එකත් මුසල කමක් කියලා හිතන ගම්මු ගැන නොසිතාම මැය තමන්ගේ අරමුණ කරා යන්න මහන්සි වෙනවා. මේ ගමනේ අවසානයේදී ඇයට සිදු වෙන්නේ තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න. නමුත් මරණයෙන් පසුව හෝ ඇගේ සිහිනය ඉටු වෙනවා. එහි වාසිය ලැබෙන්නේ මරණයෙන් පසුව මල් ශාලාවේ හිමිකාරිත්වය ලැබෙන අගේ ගෝලයාට සහ ඔහුගේ සගයාට. 

චිත්‍රපටයේ කැමරා භාවිතය ගැන කතා කරනවා නම් ග්‍රාමීය ප්‍රදේශයක් තුල රූපගත කල නිසාදෝ මා සිතන පරිදි කැමරාවේ දුහුවිලි බැදීම නිසා එහි බොහෝ දර්ශන කහ පැහැයක් ගෙන තිබුනා. නමුත් මල් ශාලා හිමිකාරිනියගේ මරණින් අනතුරුව වැටෙන වැස්සෙන් පසු පෙන්වන අවසාන දර්ශනයේ ඇයගේ ගොලයාත් ඔහුගේ සගයාත් ඒ කහ පැහැයෙන් තොරව ඉතා පැහැදිලිව දැකිය හැකි වන්නේ ඇති වූ වර්ෂාවට කැමරාවේ බැදී තිබු දුහුවිල්ල හේදී ගිය නිසා බව උපකල්පනය කරන්න පුළුවන්.

චිත්‍රපටයේ සංගීතයක් නම් තිබුනාද යන්න පිලිබදව නම් කිසිම මතකයක් නැතත් සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස නදීක ගුරුගේ යන නම නාමාවලියේ දක්නට පුළුවන්.  

අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය තුලින් සමාජයට යම් පණිවිඩයක් දීමට උත්සාහ කරන බව ලාවට මෙන් හැගුනත් ඒ පණිවිඩය මොකක්ද කියලා මට නම් තවම තේරුනේ නැති බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න වෙනවා.

කෙසේ වුවත් මෙම සිනමා පටය තුල මල් ශාලාවේ ගෝලයා සහ ඔහුගේ පෙම්වතිය අල සිටුවන දර්ශන දෙකත්  නැති වුනා නම් අධික නිදිමතක් දැනීම සාමාන්‍ය දෙයක් වීමට බොහෝ සේ ඉඩ තිබුණු බව චිත්‍රපටය නැරබු තුන් හතර දෙනාගේම මුහුණු වලින් පෙනුන බවද කිව යුතුමයි.  

අපේ සම්භාව්‍ය චිත්‍රපටි අපට අගේ නැති උනත් මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගෙන තියෙනවා. ඒ නිසා වත් ඉතිං ගිහිල්ලා බලලා මේකේ බජට් එක කවර් කර ගන්නවත් පුංචි සහයෝගයක් දෙන්න. ස්තුතියි 

30 comments:

  1. හරිම අවංක විචාරයක්..:)
    ඒ නිසා අන්තිම ඉල්ලීම සලකා බලන්නම්..:D

    ReplyDelete
    Replies
    1. හොර බොරු නැති අවංක කොල්ලෙක්ගේ අවංක විචාරයක් ;)

      Delete
  2. යන්න ඕනේ මාත් එහෙනම් බලන්න

    ReplyDelete
    Replies
    1. හැබැයි පුතෝ හෝල් එක ඉස්සරහ ගහලා තිබුනා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා. උඹලව ඇතුලට ගනියිද මංදා :/

      Delete
  3. අපොයි මුංව සල්ලි දීලවත් චිත්තරපටි පෙන්නන්න ඕන ඈයෝ නෙමෙයි.. අල හිටවන එකට ආසයි වගේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔහොම කාලේ කෑමක් සෙට් උනොත් හෝල් වලට ගිහින් බැලුවොත් මිසක් අපි නම් දැන් බලයි ෆිල්ම් හෝල් වල චිත්‍රපටි.
      මනුස්සයෙක් ඔය අල හිටවිල්ලට ආස නැත්තම් ඉතිං මොකක් හරි වෙන අප්සට් එකක් තියෙන්න එපැයි බං ;)

      Delete
  4. ඕක මොකක්ද මේ පැත්තෙ තියෙනව අම්මල දූල පුතාල තාත්තල එකට කරන මල් ශාලාවක්.

    ReplyDelete
    Replies
    1. තාත්තලා දූලා අද රටේ කරන දේවල් වල හැටියට ඔය එම්බාම් කිරිල්ලත් මොකක්ද බං.මේක ඉතින් ෆිල්ම් එකේ කතාවනේ :)

      Delete
  5. නොදන්න වචන ගොඩාලියක් තිබුන හලෝ.........ඔයාට ෆිල්ම් එක තේරුනේ නෑ මට පෝස්ට් එක තේරුනේ නෑ.....හික්ස්

    ReplyDelete
    Replies
    1. ඒ වචන ගැන නම් හිතන්න එපා. ඒවා පොඩි ළමයින්ට හොද නෑ. :P
      තේරුනේ නැහැ කියන්නේ මේකත් චිත්‍රපටිය වගේම සම්භාව්‍ය පෝස්ට් එකක්. :D

      Delete
  6. මගේ ක්මෙන්ට් එක කෝ? :/

    ReplyDelete
    Replies
    1. බට්ටි අක්කට දාපු එකත් ගිහින් නෑ :/

      Delete
  7. මචං උඹ ගෙදර ඇවිත්,
    මේ පෝස්ට් එක දාන්න කළිං,
    නිකමට හරි ෆිල්ම් එක ගැන,
    ගූගල් සර්ච් එකක්වත් දැම්මනං,
    සමහර විට මේක නොලියා ඉන්න තිබ්බා...

    මටනං ඒ ෆිල්ම් එකේ,
    උඹ කියන තරං අවුලක් නැහැ...
    කොහොමත් හැම එකාටම,
    කලාත්මක ෆිල්ම් දිරවන්නෙත් නැහැ...

    මේ තියෙන්නේ,
    උඹ කිව්ව සම්මානේ ගැන විස්තරයක්...
    කියවලා බලහං...
    http://cinema.lk/Movie-detail/nikini-wessa-august-drizzle/


    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක නම් ලිව්වේ බ්ලොග් එකේ මකුළු දැල් බැදිලා වගේ දැක්ක නිසා මිසක් රස වින්දනේ අප්සට් එකකට නෙවෙයි. කොහොමටත් අපේ පැතිවල හෝල් එකකින් ෆිල්ම් එකක් බැලුවට පස්සේ ෆිල්ම් එක කොච්චර හොද උනත් දිරවන්නේ නැහැ වගේ තමා ;)
      සම්මාන කතාව නම් හොයාගත්තේ ඕකෙන් තමයි බං. ෆිල්ම් එක බැලුවට පස්සේ නිකමට හිතුනා මේකට සම්මානයක් දෙකක් හම්බ වෙලා තියෙන්න ඕනේ කියලා :D
      ජයෙන් ජය !!

      Delete
    2. රනා හරි! මේක හඳගමගෙ චිත්‍රපටියකට ලියපු සුනිල්ටීගෙ විචාරයක් වගෙයි :-)
      අවුලක් නෑ මූ ආතල් එකට ලිව්ව එකක්නේ...

      Delete
  8. ඔය අළුත්ම සෙල්ලම තමයි, ජීවීතේට අහලා නැති උළෙලවල් වලින් සම්මාන හම්බ උනා කියන බයිලේ.. මේවත් ෆිල්ම්ද බන්...

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක බලනකොටම මට හිතුනා අනිවා සම්මාන හම්බ වෙලා ඇති කියලා :)

      Delete
  9. Replies
    1. අනිත් කමෙන්ටුවත් දැක්ක නිසා ඉතින් කියන්න තියෙන්නේ මම ඒ කියපු ජාතියේම එකෙක් කියලා තමයි :)

      Delete
  10. ෆිලුම් එක විතරක් නෙමේ, හෝල් එකත් විචාරයට අහු වෙලා.
    අඩේ දූවිල්ලට නෙමෙයි බං කහපාට වෙන්නෙ. සම්භාව්ය කැමරා වල පාට ඒක.

    ReplyDelete
    Replies
    1. හේ හේ එකත් එහෙමයි නේද එහෙනං ;)

      Delete
  11. රෙපා මචං, උඹේ විචාරය මරු. ඒක මට මතක් කරන්නේ ලක්බිමේ තිස්ස ප්‍රේමසිරිගේ විචාර. ඒකෙන් උඩ යන්ඩ එපා. දෙකේ සමානකම තියෙන්නෙ උපහාස රසයේ විතරයි.

    ReplyDelete
    Replies
    1. තිස්ස ප්‍රේමසිරි මහත්තයා ගේ විචාර නම් මම කියවලාම නැද්ද මංදා. කොච්චර උඩ ගියත් ඉතිං ඔය කවුරුත් අන්තිමට වැටෙන්නේ බිමටනේ බං. මේකේ උපහාසයක් තියෙනවා කියලා තේරුනා නම් ඒ ඇති හොදටම :)

      Delete
  12. වර්ෂාවට ගොඩක් වෙනස්කම් වෙනවා ;)

    ඉන්ටර් විවු එකට මක්කැයි උනේ ?

    ReplyDelete
  13. ඇමරිකාවේ සම්භාව්‍ය ෆිලුන්. :p ඔබ තුමාට ආපහු ඉන්ටර්වීව් එකට යන්න මතකයක් තිබුනෙයි. ?

    ReplyDelete
  14. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013 http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
  15. බලාපොරොත්තු කඩ වීම වෙනත් විදියකට එලියට ඇවිත් ද?

    ReplyDelete