Friday, April 19, 2013

සයිබර් සිහින උළෙල - රට තොට කතා බහ


රටේ තොටේ විතරක් නෙවෙයි මේ දවස් වල පිට රටවල් වල වගේම වෙන වෙන ලෝක වලත් කතා වෙන්නේ එකම දෙයක් ගැන. ඒ තමයි සයිබරයේ මහා සැණකෙළිය. සයිබර් සිහින බක්මහ උළෙල.  රටේ තොටේ ඇවිදිනකොට අපේ පැපරාසි කණ්ඩායමට අහන්න දකින්න ලැබුණු සහ අපට ලැබුණු තොරතුරු කිහිපයක් තමයි මේ....




 (කොට්ටාව පිටකොටුව 138 බස් රථයක් තුල මැදි වියේ කාන්තාවන් දෙදෙනෙක් )

 "බලන්නකෝ සුජාතා, මේ කොල්ලෝ කෙල්ලෝ ටික ඉන්ටර් නෙට් එකෙන් බ්ලොග් අවකාශයේ මිතුරෝද මොකක්ද එකක් අටවාගෙන අවුරුදු උත්සවයක් තියන්න හදනවලු නේ. අපේ කෙල්ලත් දැන් දවස් ගානක ඉදන් ඕක ගැනමයි කතාව"

"අනේද  කියන්නේ. අපේ ලොකු පුතත් උදේ ඉදන් මහ රෑ වෙනකම් කම්පියුටර් එක ඉස්සරහ වාදී වෙලා ඉඳගෙන ඔය බ්ලොග් එකක්ද මොකක්ද එකක් ලියන එකමයි වැඩේ. අවුරුදු උත්සවයක් ගැන කතා වෙනවා මටත් ඇහුනා "

"අනේ මම දන්නේ නැහැ. ඔය අවුරුදු උත්සව අරක මේක කියලා ගිහිල්ලා අපේ කෙල්ල විභාගේවත් හරියට කරගන්න එකක් නැති වෙයිද කියලා."

"එහෙම කියන්න එපා අනේ.  හැමදාම පාඩම් කරන එකේ ඒ ළමයින්ටත් කියලා සතුටක් තියෙන්න එපැයි. මම නම් අපේ පුතාට කිව්වා යන්න කියලා."

"හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි. එහෙනං අපේ කෙල්ලවත් එවන්නං. කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා එදාට හොද පිස්සුවක් නටයි එහෙනං"

............................................................................................................................

ඇඹිලිපිටිය ටවුම ආසන්නයේ නිවසක් - පොඩි කොලුවෙක් සහ මව 

කොලුවා : අනේ අම්මේ මට කොහොම හරි මේ අවුරුදු උත්සවේට යන්නම ඕනේ .

අම්මා: උඹව තැනකට යවන්න පුළුවන් එකෙක්ද බං. අනික තාත්තා කොහොමටත් කැමති නැහැ මේ විභාගේ කට ළඟ තියාගෙන උඹව ඔය තැන් තැන් වල  යවන්න.

කොලුවා: අනේ අම්මේ එහෙම කියන්න එපා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේම ඉන්න යාළුවො ගොඩාක් එදාට එනවා. ආයේ කවදාවත් මෙහෙම චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ නේ.

අම්මා: අනේ උඹට ඉන්න ලෝකේ වටේ යාළුවො. අර කෙල්ලත් එක්ක කොහේ හරි රවුමක් ගහන්න තමයි මේ අවුරුදු උත්සවයක් කියලා කියාගෙන දගලන්නේ.

කොලුවා : ඇයි අම්මේ ඉන්ටර්නෙට් එකෙන් මට හම්බ උන යාළුවො. 

අම්මා : දැන් උඹ ඕකට යන්නේ අවුරුදු කුමාරයා වෙලා  අවුරුදු කුමාරි වෙන එකීව ගෙදර උස්සගෙන එන්නද?

කොලුවා: අනේ අම්මේ, මට අවුරුදු කුමාරයා වෙන්න ඕන නැහැ :/ අම්ම දන්නවනේ ඉතින් මගේ සිංදු.....

අම්මා: හරි හරි මම තාත්තට කියලා බලන්නම්. එතකං නාහෙන් අඩන්නේ නැතුව ඉන්නවා.

කොලුවා: මගේ හොද අම්මා . උම්ම්ම්මා ...

අම්මා : ඇති ඇති නවත්තගන්නවා ඔය නාකි හුරතලේ

...........................................................................................................................

 අපාය - යම රජු හමු වීමට යමපල්ලෙක් පැමිණෙයි

යමයා : පස්වාන් දහසකට බුදුවන්න උතුමාණනි ලොකු ප්‍රශ්නයක්

රජු: මොකක්, කවුද යකෝ මේ අපායටත් ප්‍රශ්න දාන එකා  මොකක්ද දැන් ඔය ප්‍රශ්නේ 

යමයා: මේ 21 ඉරිදා යාම පල්ලන් හැම දෙනාම නිවාඩු ඉල්ලනවා ස්වාමිනි. 

රජු: ඒ මොන මගුලකටද යකෝ ඒ? මුන් වෘත්තීය සමිතියක්වත් අටවගෙනද ඒ පාර

යමයා: අවසර ස්වාමිනි. එහෙම දෙයක් නම් නෙවෙයි.

රජු: එහෙනම් මොන මගුලක්ද?

යමයා : අවසර රජතුමනි. මනු ලොව සිංහල බ්ලොග් අවකාශේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් එදාට අවුරුදු උත්සවයක් තියනවලු නේ. මේ කට්ටියම සෙට් වෙන්නේ ඒක බලන්න යන්න.

රජු: අම්මට සිරි. බ්ලොග් අවකාශේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකේ අවුරුදු උත්සවේ නේද එදාට. මමත් එදාට ඒක බලන්න යන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් ඉතින් හැම එකාම නිවාඩු දාගෙන යන්න දගලනවා නම් එහෙම ගිහින් බැහැ නේ.

යමයා : ඒක නේන්නම් රජතුමනි. 

රජු: එදාට ඔය උත්සවේ හැම දෙයක්ම බස් රේඩියෝ එකෙන් ලයිව් දෙනවා කියලා ඔය යමයෝ එකෙක්වත් දන්නේ නැද්ද? එදාට හැමෝගෙම නිවාඩු කැන්සල්. එදා දවසෙම අපායේ හැම බෆල් එකකින් ස්පිකර් එකකින්ම බස් රේඩියෝ එක ඇහෙන විදියට තමුන් වැඩ සලස්වන්න ඕන තේරුනාද?

යමයා : එහෙමයි ස්වාමිනි

රජු: එදා දවසෙම අර හොටු අයිසාගේ ටකරන් වොයිස් එක අහන්න වෙන එකට වඩා වෙන දඩුවමක් තව තියෙනවද? 21 දවසෙම සියලු පවු කාරයන්ට වෙන දඩුවම් දෙන එක අත ඇරලා බස් රේඩියෝ අහන දඩුවම ක්‍රියාත්මක කරන්න මම නියෝග කරනවා.

යමයා: එහෙමයි ස්වාමිනි  


............................................................................................................................

දෙව් ලොව ශක්‍ර භවන - මාතලී සමග සක් දෙවිඳු 

සක් දෙවිදු : කෙසේද රථය සුදානම්ද මාතලී

මාතලී: රථය නම් සුදානම් ස්වාමිනි, ඒත්

සක් දෙවිඳු: ඇයි මොකක්ද ප්‍රශ්නේ මාතලී ?

මාතලී: දෙවගනන් සියලු දෙනාම අප සමග යාමට සුදානමින්. 

සක් දෙවිදු: ඔවුන් කොහේ යන්නද මාතලී 

මාතලී: වෙන කොහි යන්නද දෙවිඳුනි 21 බ්ලොග් අවකාශයේ මිතුරෝ අවුරුදු උත්සවේ නැරඹීමට යාම පිණිස මිස.

සක් දෙවිදු: පිස්සු නම් නටන්න හදන්න එපා මාතලී. ඔය දිව්‍යාංගනාවො ඔතනට ගෙනිහින් ඉන්න බ්ලොග්කාරයෝ ටික උන්ට ලයින් දාන්න පටන් ගත්තම මට වෙන්නේ මොකක්ද? අන්තිමට අවුරුදු උත්සවෙත් හබක්.

මාතලී: ඒකත් ඇත්ත තමයි ස්වාමිනි. දැන් අපි මොකද කරන්නේ.

සක් දෙවිදු: ඔන්න ඔහේ අපි දෙන්න වෙස් වලාගෙන ෂේප් එකේ ගිහිල්ලා අවුරුදු උත්සවේ බලාගෙන එමු. මෙයාලට ඕන නම් බස් රේඩියෝ එකෙන් අහන්නේ නැතැයි අවුරුදු උත්සවේ ගැන.

මාතලී: එහෙම නිකන්ම යන්න බැහැ ස්වාමිනි. මුලින්ම යන්න කලිනුත් අපට කරන්න දේවල් තියෙනවා.

සක් දෙවිඳු: අවුරුදු උත්සවයක් බලන්න යන්න කලින් මොනවද කරන්න තියෙන වැඩ?

මාතලී: මුලින්ම මෙන්න මේ ෆෝම් එක පුරවලා අපේ විස්තර දැනුම් දෙන්න ඕනේ. ඊළගට අපි යන වාහන වල විස්තර ටික cybernewyearfestival2011@gmail.com  කියන ඊ මේල් ලිපිනයට යවන්න ඕනේ. ඒක සංවිධායක මණ්ඩලේට ලොකු පහසුවක් එදාට.

සක් දෙවිඳු : වාහන වල විස්තර කෙසේ වෙතත් අර ෆෝම් එක නම් පුරවලා දාපන් මාතලී. නැත්තම් එදාට කාලත් හමාරයි 

මාතලී: එහෙමයි දෙවිදුනි. මේ ගැන වැඩි විස්තර සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවියෙනුත් දැනගන්න පුළුවන් 
...........................................................................................................................

ලංකාවේ ලෝකේ පුරා විතරක් නෙවෙයි. දිවය ලෝකේ අපායේ වගේ වෙන වෙන ලෝක වලත් හැම තැනම මේ දවස් වල කතාව බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ අවුරුදු උත්සවේ පිළිබඳව. ඉතිං බ්ලොග් ලියන කියවන ඔයාල හැමෝටමත් 21 වෙනිදා මහරගම් තරුණ සේවා සභා පිටනියට ඇවිල්ලා අවුරුදු උත්සවේ අසිරිය විදගන්න එන කියලා ආරාධනා කරනවා. එහෙම නම් 21 සෙට් වෙමු. ජය වේවා  








                                                                                     

47 comments:

  1. සුභ පතනවා බක් මහා උළෙල සාර්ථක වේවා කියලා

    ReplyDelete
  2. දැන්ම වැඩ අල්ලලා වගේ.... අපි එනකන් ෂුවර් නැහැ ඈ... :D

    ReplyDelete
    Replies
    1. උඹ ආවේ නැතොත් ඉතින් ඇඹිලිපිටියේ හරි එනවා දැන් නම් :3

      Delete
    2. අනේ ඇඹ්ලිපිටියේ කොල්ල ආවෝ.... හොදට ....වෝ..

      Delete
    3. සුද්දාගේ ආගමනය ගැන කියලා දාන්නද බ්ලොග් පෝස්ට් එකක්ම ඕන නම් ;)

      Delete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් දැන්ම ඉදල ලැබෙන හැඩක් පෙන්න තියනව රජෝ කෝකටත් පරිස්සමින් ඈ ...

      Delete
    2. රජාටත් තෑගී මග එනවලු ;)

      Delete
  4. ඇඹිලිපිටියේ කොල්ලා මේ සුදු මහත්තයා හෙම නෙවේ නේද

    ReplyDelete
    Replies
    1. අනේ පුතේ මේ මමනං නෙවි ඈ.. මාතර ^_^ මේ අර බස් හෝල්ට් දෙකක් තනියම ගිහිල්ල නැති කොලුවා එහෙම නෙවෙයිනේ නේ ..

      Delete
    2. ඔවු ඔවු සුද්දා තාම සුටි බබා ;)

      Delete
  5. හි හි නියම පෝස්ට් එක...වැ‍ඩේ 200% න් සාර්ථක වෙන්න සුබ පතනවා....

    ReplyDelete
  6. ai ban sindu kiyala nawaththuwe ko hawi?

    ReplyDelete
  7. අඩේ මාර ගති ඈ....
    කැළණිය පැත්තෙත් මේ දවස් වල අවුරුදු උස්සවේට එන්න ගෙදට්ට වදිනවා..

    ReplyDelete
    Replies
    1. ඇඹිලිපිටිය විතරක් නෙවෙයි. මුළු රටේම තත්වය මේකයි එහෙනම් :D

      Delete
  8. එදාටත් සෙපාගෙ සහෝදරයලු එන්නෙ.
    මහරගමට දවල්ද හඳ පායනු ඇත.

    සෙපා මේදවස් වල මේ ගැන කියල බෝල බස්සල, ඕඩර් ගන්නව කියලත් ආරංචියක් තියනව ඇ

    ReplyDelete
    Replies
    1. එදාටත් ඔය යකා එයිද කියලා කියන්න බැහැ තමා :/
      දැන් ඒ ඕඩර් අරගෙන විකුණලත් ඉවරයි බං. :3

      Delete
  9. හරි හරි!! එනවා එනවා එනවා!!!!!!

    ReplyDelete
  10. නියමයි ඈ. එහෙනං හෙට මුණ ගැහෙමු.

    ReplyDelete
    Replies
    1. එලස්. ජය වේවා රෙඩ් බුල් සමගින් :)

      Delete
  11. එහෙනං ජය වේවා...!

    ReplyDelete
  12. කොමන්ට් විතරක් කරන එවුවන්ට එන්න අවසර නැද්ද?
    සයිබර් සිහින උළෙල අති සාර්ථක වේවායි පතමි...!!!

    ReplyDelete
    Replies
    1. මොකද අවසර නැත්තේ. ලියන කියවන ඕන කෙනෙකුට :)

      Delete
  13. ජය වේවා!

    අපට බෝ දුරයි

    ReplyDelete
    Replies
    1. ජය වේවා. දුර උනත් පුළුවන් කමක් තියෙනවා නම් එන්න. නැත්තම් සජීවී විකාශය බස් රේඩියෝවෙන් :)

      Delete
  14. වෙලාවට යම පල්ලාට මගෙ වොයිස් ට්‍රැක් වෙලා නෑ...

    ReplyDelete
  15. මම අහුවෙලා නෑ... තැන්ක්‍යු ඇ.. හෙටයි දවස..!

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. ළඟදීම අහුවෙයි :P

      Delete
  16. හි හි එල එල අනිවා සාර්ථක වේවා ...දෙවියොත් බලන් ඉන්නවනේ... :D
    අපායේ උන්ට නියම දඬුවම ...

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු ;)
      එහෙම තමා වැරදි කරපු උන්ට නියම දඬුවම.

      Delete
  17. යමයා තව දෙවිවරු එහෙමත් එනවද?

    බයේ බෑ අප්පා

    ReplyDelete
    Replies
    1. යමයාව එවනවා උඹව අරගෙන එන්න හෙට ආවේ නැතොත් නම් :3

      Delete
  18. අපායේ කට්ටියම ආවද? උඹත් ආවද?

    ReplyDelete
    Replies
    1. අපායේ ඉදන් ආව ඇනෝලා වැඩ පෙන්නයි ලගදීම ;)

      Delete
  19. බලන්න රෙපා සක් දෙවිදු මාව අරන් ආවෙ නෑනේ..................... දෙවගනන් අරන් යන්න බෑ කියල හොරෙන් ඇවිත් සිත්තමී දෙවගනටත් එන්න බැරි වුනා ඉතින්

    ReplyDelete
    Replies
    1. සක්කරයා දන්නවා නේ දෙවගනන් එක්ක ආව නම් වෙන වැඩේ. ඒකයි එයා විතරක් ආවේ ;)

      Delete