Saturday, February 9, 2013

රෙපා සිංහල බ්ලොග් අවකාශයෙන් සමු ගනී. අවසාන ලිපිය

සෑම ආරම්භයකම අවසානයක් ඇත. දැන් සියල්ලම සිදු වී අවසානය. සිදුවූ දේ අනුව තව දුරටත් ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයට මුහුණ දීමට තරම් හැකියාවක් නොමැත. සියල්ල හෙළිදරව් කිරීමට කාලය එළඹ ඇත. සිදුවූ සියල්ලම පවසා බ්ලොග් ලෝකයෙන් සමු ගනිමි.

රෙප් මහත්තයා යනු ලැජ්ජා බයට හැදුනු අහිංසක නිරහංකාර අවංක එල කොල්ලෙක් බව ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාසයම අවිවාදයෙන් පිළිගන්නා බව මට සහතිකය. එහෙත් වෙනත් පුද්ගලයකු ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් එම නිර්මල නොකැළැල් චරිතයට හානි සිදුවීම දරා ගත නොහැක්කේමය. පඳුර වටේ තල තලා හිටියා දැන් හොදටම ඇතිය සියල්ල හෙළි කල යුතුය. මිය ගිය පසුව වුවද රෙපා යන නාමය සිරි ලාංකීය බ්ලොග් ඉතිහාසය තුල යුනිකෝඩ් වලින් සටහන් වී තිබිය යුතුමය.

පසු ගිය දිනවල  ගං  5  පැත්තේ මල් වත්තක ගේට්ටු ගෙදරක් තිබුනා කියා ඔබ සැම දන්නවා ඇතිය.එයට රෙප් මහත්තයා සහභාගී වුවා යයි ඔබ සැම සිතා හිටියත් සත්‍ය එය නොවේ. එදින පැමිණියේ රෙපාගේම නිවුන් සහෝදරයාය. ඔහු නමින් අරුණ හෙට්ටිආරච්චි ය. උගේ නම අරුණ උවත් රෙපා ඔහු අමතන්නේ අරු + නයා කියාය. අරින තරමක් අරින්නේ නයි ය. රෙපාගේ නම විකුණාගෙන එදින ගෙට්ටුවට සහභාගී වී ඔහු නිකම් සිටියේද නැත. එදින සිදුවූ  යයි කතා ගොඩාක්  කරමින් පැවසිය. සිංහල බ්ලොග් කරුවන් ගැන හොදින්ම දන්නා මා ඔහු එසේ අරින්නා වූ නාග රාජයන් පිලිබදව කෙසේ විස්වාස කරම්ද. ඒ කතාව ඇසු මට  සියල්ල එපා විය. තව දුරටත් බ්ලොග් අවකාශයට කෙසේ මුහුණ දෙන්නද. ඔබම තීරණය කරන්න අදින් පසුව මාමා සමු ගනිමි.  මේ එදා අරුනයා පැවසු කතාවයි. (ඔහුගේ නයි ඇරිල්ලෙන් කාගේ හෝ සිත රිදුනේ නම් සමාව භාජනයකට දමන්න.) 

ඔන්න් ඉතින් මම එදා  පාතක් නැතුව කොටුවේ ඉස්ටේසම ඉස්සරහ කැරකි කැරකි ඉන්න කොට කස්ටියක් සෙට් වෙලා ඉන්නවා දැක්කා. උබේ එකවුන්ට් එකට හොරෙන් ලොග් වෙලා මල් කඩනකොට දැකපු මුණු ටිකකුත් තිබ්බ නිසා ඉතින් මමත් එතනට ලෑන්ඩ් කළා 

මොකක්, මගේ එකවුන්ට් එකට හොරෙන් රිංගලා 

ඔව් ඔව් බං 

හයියෝ විනාසයි වෙලාවට ඒක මකලා දැම්මේ නැත්තම් උඹ තව මොන මගුලක් කරයිද මන්දා ඒකේ 

හරි හරි බං කෑ නොගහ හිටපන්කෝ විස්තරේ කියන්න 

ඉතින් මම දැනගත්තා මුන් ටික කොහේ හරි පිස්සුවක් කෙලින්න තමයි යන්නේ කියලා. උඹේ නම විකුනලා මමත් සෙට් උනා ඉතින් එතනට. 

ඉතින් ඉතින් 

මුං යන්නේ ගං 5 පැත්තේ මල් වත්තකට කියලා තමයි කතා බහෙන්  තේරුනේ. මල් බලන්න බැරි නම් කඩන්න හරි කමක් නෑ කියලා එතන ඉන්නකොට ලොම් හැලිච්ච පුසෙකුයි පිස්සු දොස්තර කෙනෙකුයිත් ආවා කියනවා ඇහුනා . වාහන ගොඩක් තියාගෙන පයින් ඇවිදින බැංකුවක වැඩකරනවා කියන එකෙක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව මටත් නොමිලේම ටිකට් එකකුත් දුන්න නිසා මමත් ගිහින් නැග්ගා උන් එක්කම කෝච්චියට 

අම්මට සිරි ඉතින් ඊට පස්සේ 

ඊට පස්සේ තමයි ආතල් එක. කෝච්චියේ ගෑනු ළමයෙකුට යන්න බැහැ. රත්න පුරේ ජංගි මලයා ගේ මුනෙන් පැණි බේරෙනවා. එෆ් බි ඉන්නවද අහනවා. බ්ලොග් ලියනවද අහනවා. ලැප් එක දිග අරගෙන කෝච්චියේ ගිය ගෑනු ළමයි දෙතුන් දෙනෙකුට බ්ලොග් දෙක තුනකුත් හැදුවද කොහෙද ගමපහ යන අතරමග.

මදැයි ගුටි කෑවේ නැතුව ගියා 

මගුලක් කතා කරනවා ඒ අස්සේ අර  කාටුන් එකේ ඉන්න බලු කුක්කයි පැරිසියේ කෙල්ලෙක් ගැන බයිලා ගගහ විලක්කු පත්තු කරගෙන දගලන එකයි පොඩි උන්ගේ නලාවක් අරගෙන එකෙන් අක්ෂර අල්ලනවා. වෙලාවට අර විකාරද බිමා කොල්ලා ක්ලාස් ගිහින් හිටියේ. අහල පහලක හිටිය නම් මුන් දෙන්නව මරාගෙන කනවා කෝච්චිය ඇතුල්ම.

ඔහොම ගිහිල්ලා ගිහිල්ලා යාන්තම් මිනිස්සුන්ගෙන් ගුටි නොකා ගම්පහ මල් වත්තට ගියා කියමු. ඊට පස්සේ තමා වැඩේ. ජේ වී පි කාරයා බව ලෝකෙට පෙන්නන්න රතු පාට ෂර්ට් එකෙක් ගහගත්ත එකෙකුට මයික් පොල්ලක් අහු වෙලා අර රිලවට මොකක්ද අහු උනා වගේ  අතාරින්නෙම නැතුව කියවනවා කියවනවා. 
ඔය අස්සේ මිනිහා එතන හිටපු එක එකාව අදුන්වා දෙන්න ගත්තා 

"මේ ඉන්නේ සිංහයා සහ සිංහ දෙනුව, මෙන්න පිළිගන්න ඔබේ හිතාදර පුසා "

ඇයී යකෝ අහල පහල  හිටපු උන් හිතුවද දන්නේ නැහැ මේ සිංහයෝ යි පුසොයි ගැන කියනකොට සත්තු වත්තකට ඇවිත් කියලා 

කියවලා අදුන්වලා දීලා ඉවර වෙලා පොර අපිත් එක්ක ගියා රබර් ගහක් පෙන්නන්න. මිනිහා ටෝක් එක දුන්නේ නිකන් මිනිහා ඉන්දලා පොර දාල හදපු ගහක් වගේ. ෂුවර් එකටම දවස් දෙක තුනක් තිස්සේ කතාව පාඩම් කරලා තියෙනවා 

පවු බං අර සිරා කොල්ලා. ඔහොම කියන්න එපා 

අනේ පලයන් බන් යන්න ඊට පස්සේ එක්ක ගියා ලොකුම රබර් කදක් කියලා එකක් පෙන්නන්න. කද දැක්කා විතරයි අර ගාල්ලේ ලි මෝල් කාරයා තඩි බනියා ගහ වටේටම ගිහින් පොටෝ ගහනවා. ෂුවර් එකටම හෙට අනිද්දට බුවා පටෝනවා ඔය ගහ උගේ ලි මෝලට 

එහෙමවත් කරලා උගේ හයිබ්‍රිඩ් එකට තෙල් ගහගන්නේ නැතැයි අහිංසක කොල්ලා ඉතින් ඊට පස්සේ 

ගහයි කදයි බලලා පිට්ටනියට ආව කියමුකෝ 

.................. අදාළ පුද්ගලයා බ්ලොගයද වසා දමා බ්ලොග් අවකාසයෙන්ම අතුරුදන් වූ නිසා මෙම කොටස ඉවත් කර දමන ලදී...........................

ඊට පස්සෙ මුන් ටික පටන් ගත්තා ක්‍රිකට් ගහන්න. අම්ම මුත්තා කාලේවත් දැකල නැහැ එහෙම එකක්. පිස්සු හැදෙනවා. වල් රජා පාක් එකේ ඉන්න කපල් වලින් උගේ අන්තප්පුරේට කෙල්ලෝ හොයනවා. ස්කුබියා එහෙට දුවනවා මෙහෙට දුවනවා. රත්ගමයා සෙලිනව පරිස්සම් කරනවා දිනේල්කයා විලක්කු පත්තු කරනවා බැට් එක පැත්තක බෝලේ තව පැත්තක සෙල්ලම් කරන උන් උන්ගේ ලෝක වල 

මැච් එක බාගයක් ඉවර කරලා කන්න හම්බ උනා. ඒක නෙවෙයි නෙවෙයි අප්පා ඉවසන්නම  බැරි උනේ ගෙදර ඉන්නකොටත් අර බස් එකේ හොටු චොයිස් අහනකොට ඇහෙන අයිසා ගේ ටකරන්  සද්දේ. ඒකි එතනත් හොටු චොයිස් කරන්න හදනවා.

පවු බං අහිංසක කෙල්ලට ඔහොම කියන්න එපා.

ඔව් ඔව් කෙල්ලෙකුට මොනවා හරි කියනකොට උඹටත් අනුකම්පාව පහල වෙනවා. හිටපන් මගෙන් මොකුත් අහන්නේ නැතුව.

ඊට පස්සේ ගෑනු ළමයින්ට තොප්පි මාරු කරන්න ගත්තා. එකෙන් නම් දිනුවේ අර හැමදාමත් අහක යන තොප්පි ඇදලා අරන් දාගන්න හදන චතුවා තමා. තොප්පි කොතනද චතුවා එතන

ඉතින් ඉතින් 

කොල්ලෝ ටික මැච් එකේ ඉතුරු කොටස පටන් ගත්තා. කාපු බීපු තැන් වල වැඩි වෙලා ඉන්න හොද නැති නිසා මට ගෙදර එන්න හිතුනා. එන්න පිටත් වෙන හදනකොට පැත්තක ජංගම ඉස්කාගාරම දෙක තුනක් රජා, පවනි නංගියා. සුලගිල්ලා සෙට් එකම ලග නවනවා, මලියා සිතියමක් දිග අරගෙන ගෙදරට යන පාර හොයනවා. උගේ හිතේ ඒක ගුගල් මැප් එක කියලා. සුම් කරන්න ගිහින් තව ටිකෙන් දෙකට ඉරනවා සිතියම
 
පට්ට ආතල් නේ ඕයි දැන් නම් මටත් අපරාදේ කියලා හිතෙනවා 
ඒ උනාට උඹ කියන ඒවා තඹේකට සුවර් නැහැ නේ. හරි හරි උඹ පිලි ගැනේ නැත්තම් නිකන් හිටපන්. අන්න අප්‍රේල් 21 තියෙනවා උඹලගේ සයිබර් සැණකෙළිය. එදාට මිට වඩා ආතල් ගන්න පුළුවන් උඹ පලයං එදාට ඕන නම් 

අරු නයා කියූ කතාව අවසානය. මු කිව්වේ අමු කෙබර බව මම හොදාකාරවම දනිමි. මෙවන් බොරු කාරයෙකුගේ සොහොයුරෙකු වශයෙන්  තව දුරටත් බ්ලොග් ලෝකයට මුහුණ දීමේ හැකියාවක් මට නැත. මම ඔබෙන් සමු ගනිමි. ඔබ සැමට ජය

ප.ලි 
උඹලා ආතල් එකේ බලාගෙන ඉන්න ඇති නේද රෙපා මේකෙන් තොලොංචි වෙලා යනකං. රෙපාට ඇති නිවුන් සහෝදරයෙක් නැත. එයද රෙපා විසින් ඇරී නාග රාජයෙක් බව සලකන්න. හිත රිදුනු එකෙක් ඉන්නවා නම් සමාව භාජනෙකට දාගන්න. දිග වැඩි උනා වාගේ නිසාත් අනුන්ගේ කොම් එකකින් ලොග් වී හදිසියේ කෙටු නිසාත් පොඩි පොඩි අවුල් ඇත. කෙටුවේ හුදෙක්ම මඩක් ගැසීමේ පරම පිවිතුරු චේතනාවෙන්ම පමණි 
 කමෙන්ටු වලට රිප්ලයි නැවත කොම්පියුටර්  කටුවක් ලැබුණු දිනක බව කරුණාවෙන් සලකන 





52 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම නම් දැන ගත්තා මුල කියවන කොටම මුලාවක් කියලා.මවුස් එක අරගෙන කෙලින්ම පහළට ගියාම මට නයාගේ මුලාව හිතා ගැනිමට පුළුවන් විය.
      මෙහෙමත් නයි ඉන්නවද?

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
  2. නොදකින් මම හිතුව උබ යයිමයි කියල , :P
    අඩෝ කවුද අර බ්ලොග් එක වහල ගියා කිව එකා ?

    ReplyDelete
  3. රෙපාගෙ නයාව නටවන්න,දිනෙල්කයගෙන් නලාව ඉල්ල ගනින්!

    ReplyDelete
  4. අපරාදෙ එතකොට උඹ සමු ගන්නෙ නැද්ද බන් ? චික් ආවටත් පාඩුයි මේක කියවන්ඩ !

    ReplyDelete
    Replies
    1. අම්මපා.. මාත් හිතුවා නමට අල්කිරීමක් වැඩි වෙච්ච එක හින්දවත් මෙයා සමුගන්න හදනවා කියලා.. හි හි

      Delete
  5. අඩෝ පට්ටටමට ලියල තියෙනව.... මමත් හිතුවෙ උබ මකබෑවිලාම යාවි කියල... අය්යෝ....

    ReplyDelete
  6. මේක නිදහසේ කියවන්න ඕන මඩක්... :)

    ReplyDelete
  7. මාරු මඩ පාර ... එත් මඩ මදිවගේ

    ReplyDelete
  8. අපෝ ඌ නං හෙන නයා තමා...
    මං දැක්කා හිමිජ්ජා වගේ ඉදගෙන අහල පහල කෙල්ලංට ඇහැ දදා ඉන්නවා...

    ReplyDelete
  9. අඩේ....ඌ නම් උඹේ සහෝදරයෙක්ම තමා. කිසි වෙනසක් නෑ. ;)

    ReplyDelete
  10. මුලින්ම මාගේ කෘතඥතාවය... !! පසුව අඩේ ඔන්න මඩ දීලා නොකියා දීලා.. :D

    ReplyDelete
  11. අප්පේ..ඒ උඹේ නිවුන් එකාද..එකා උඹ වගේම නයෙක් නේ බං!

    ReplyDelete
  12. ලොල් මේ දවස් වල හඳ පායන්නේ නැහැනේ බන් :D

    ReplyDelete
  13. අනේ අපේ පව තවම ගෙවිලා ඉවර නෑ. මං හිතුවේ මීට පස්සෙවත් පාඩුවේ ඉන්න පුළුවන් වෙයි කියල. සික්....!

    ReplyDelete
  14. හික්.... මටත් හිතුනා මේක නම් බේගලයක් තමා කියලා.....
    මඩ ටික හොදයි.....

    ReplyDelete
  15. මඩ මදියෝ.......................................................................................................................................................................................................................................................................................................................................................................................................................... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. තොප්පි කොතනද චතුවා එතන.. :P ඒ තොප්පිය මට හරි ලස්සනයි නේ...:D බොලාට තියෙන රුසියාව තමයි ඉතින් ඔය..

    ReplyDelete
  17. මූ මහ නයි රෙපෙක්නේ....

    ReplyDelete
    Replies
    1. ඉහත කොමෙන්ටුව දමන ලද්දේ මාගේ නිවුන් සොහොයුරා විසින් බව කරුණාවෙන් සළකන්න.. :P

      Delete
  18. බොලාල දන්නවද, එදා සෙපා ගම්5 ගිහින් ආපහු යනකොට බස් එකෙ ගෑල්ලමයෙක් ලග වාඩිවෙලා ඉදල....... ඉතුරු ටිකත් මෙතන කියල දාන්නද රෙපෝ?

    ReplyDelete
  19. ෂික්.. මම උඩ පැනගෙන ආවා උබ යනවා බලන්න..

    අද එන්න බැරි වුණා මීටින් නිසා. මම චතුට කිව්වා. ඒකි ප්‍රදීප් අයියට කියල නැත්ද මන්ද බං මීටින් අස්සෙ කෝල් කලා. මාව කයිද ?

    ජය වේවා. කතාව නම් අමුතුයි. මසුරන් ඈ !

    ReplyDelete
  20. මඩ රජාවත් සත්ගුණවත් සිරා කොලුවාට මෙතරම් මඩ ගසා නැත...මට අතේ තියෙනවා නම් කීයක් හරි ණයට දීපන්කො පොලිඩෝල් කුප්පියක් ගන්න...

    ReplyDelete
  21. ෂැක්..එතකොට යන්නෙම නැද්ද ? මම නම් හිතුවේ රෙප් මහත්තය " රේප් මහත්තයා" උන හන්දාවත් යාවි කියලා..හි හි හී

    ReplyDelete
  22. උඹට දෙකක් කියන්න හිතාගෙන ආවේ හෙඩිම දැකල.

    මේක නම් අමුතුම තාලේ පෝස්ට් එකක් මචෝ.. එල..! :)

    ReplyDelete
  23. //තව දුරටත් බ්ලොග් අවකාශයට කෙසේ මුහුණ දෙන්නද. ඔබම තීරණය කරන්න අදින් පසුව මාමා සමු ගනිමි. //

    මේකත් හරියට මී ඇස්දෙකපල්ලා වගේ.....මා නෙවෙයි සමුගන්නෙ මාමා..... ;)

    ReplyDelete
    Replies
    1. හපොයි මගේ දුප්පත් ඇස්දෙක !!!

      Delete
  24. නෙද්දකිං. එතකොට සමුගන්නේ නෑ. රෙප් බාලගිරි මහතා කියලා නම වෙනස් කරගනිං. මදැයි කොලා...

    ReplyDelete
  25. ඇයි බං බලාපොරොත්තු දීලා ,,, නැතිකරන්නේ ...

    ReplyDelete
  26. නොදෝමකින්.......................... ෂිට් හිතුවා එකත් ඉවරයි කියලා... මොනවා කරන්නද තව තියනවා අපිට මේ පව ගෙවන්න එහෙමනම්....

    ReplyDelete
  27. රෙපා බොහොම දක්ෂ විදියට නයෙක් පටෝල නේ . මරු කොල්ලෝ.

    ReplyDelete
  28. එහෙම දෙයක්ද සිද්ද වෙලා තියෙන්නේ.

    ReplyDelete
  29. සම්පුර්ණ ජනතා මුලා කිරීමක්

    ReplyDelete
  30. හපුච්චියේ මං මේ තකානියෙ දුහගෙන දුහගෙන ආවෙ යන එකට මගෙ සන්තෝසය පුද කරන්න. කොහෙද ඉතිං :P

    ReplyDelete
  31. "රෙප් මහත්තයා යනු ලැජ්ජා බයට හැදුනු අහිංසක නිරහංකාර අවංක එල කොල්ලෙක් බව ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාසයම අවිවාදයෙන් පිළිගන්නා බව මට සහතිකය."

    පළමු වෙනි වතාවට එදා රෙපා අයියා දුටු විට මටත් එසේම සිතුනි. එහෙත් මේ ලිපිය කියවීමෙන් පසු එය එසේම නොවන බව පැහැදිලි විය..

    ReplyDelete
    Replies
    1. "පළමු වෙනි වතාවට එදා රෙපා අයියා දුටු විට මටත් එසේම සිතුනි. එහෙත් මේ ලිපිය කියවීමෙන් පසු එය එසේම නොවන බව පැහැදිලි විය.." , යන්න

      "පළමු වෙනි වතාවට එදා රෙපා මල්ලි දුටු විට මටත් එසේම සිතුනි. එහෙත් මේ ලිපිය කියවීමෙන් පසු එය එසේම නොවන බව පැහැදිලි විය.."

      ලෙස නිවැරදි විය යුතුය..

      Delete
  32. කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.

    ReplyDelete
  33. බලාගෙන ඈ නලඟනට නිවුස් එක ගියොත් අරු නයා උස්සාවි

    ReplyDelete
  34. හොඳ වෙලාවට මෙයින් දෙන්නෙක් හිටියේ.. තව එකෙක් උන්න නම් ඉතින්.. (තිත් තිත් තිත් තිත් තිත්..)

    ReplyDelete
  35. මුලක් මැදක් අගක් මුකුත් දන් නෑ මං..... :/

    ReplyDelete
  36. //වාහන ගොඩක් තියාගෙන පයින් ඇවිදින බැංකුවක වැඩකරනවා කියන එකෙක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව මටත් නොමිලේම ටිකට් එකකුත් දුන්න //

    එවනවා සුදු වැන් එකක් දැන ගනින්.

    ReplyDelete
  37. මඩ නේ??? මං හිතුවා මේ ඇත්තටම යන්න හදනවා කියලා.. ඒකයි දුවන් ආවේ..

    ReplyDelete
  38. .................. අදාළ පුද්ගලයා බ්ලොගයද වසා දමා බ්ලොග් අවකාසයෙන්ම අතුරුදන් වූ නිසා මෙම කොටස ඉවත් කර දමන ලදී...........................

    මේක කිව්වෙ ම‍ට වෙන්න ඕනි......හික්ස්........දැකපු කැතම මඩ ඒක කැත නැතුව කියන්න ඕනි....මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා රෙපාගෙන්........

    හරිම කැත කූජිත පෝස්ට් එකක්............

    ReplyDelete
  39. කුජීතයි ඈ......

    ආයෙ තියෙයිනෙ මේ අන්තිම ගෙට් එක නෙමේනෙ...:/

    ReplyDelete
  40. අපොයි දෙයියනේ බොලා කියන දෙයක්..

    ReplyDelete
  41. "ලැජ්ජා බයට හැදුනු අහිංසක නිරහංකාර අවංක....."

    අන්න වචන :P

    ප.ලි :
    60 පිරුණත් වඳුරෝ බිමින් යන්නෙ නෑ වගේ තමයි.මූ හැරමිට්ට ගහන කාලෙත් බ්ලොග් ලියන්න එන එක සුවර්!

    ReplyDelete
  42. කාර්ටුන් බලු කුක්ක කියන කතාවනම් කුජීතයි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  43. අන්න පුතේ හඳ මාමා.. හොදි ඕනි නැහැ...

    ReplyDelete
  44. හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete