Thursday, November 8, 2012

සයිබර් පොත් මැදුර ඇරඹීමට පෙර

මේක වෙනදා වගේ ලියවෙන සාමාන්‍ය පෝස්ට් එකක් නොවෙන්න පුළුවන්. මොකද මේක ලියන්නේ අපි අලුතින්ම ආරම්භ කරන්න යන අලුත් වැඩක් ගැන ඔයාලට කියන්න. පටන් ගන්න කලින් ඔයාලට මේක ගැන කියන්න හිතුවේ මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ගොඩාක් වටිනා හින්දා. මොකක්ද මේ අලුතින් පටන් ගන්න හදන වැඩේ. ඒ තමයි

සයිබර් පොත් මැදුර 

මොකක්ද ඇත්තටම මේ සයිබර් පොත් මැදුර කියලා කියන්නේ.


බ්ලොග් ලෝකෙට, සයිබර් අවකාශයට පොත් කියන එක නැතුවම බැරි දෙයක්. පහුගිය දවස් වල පැවැත්වුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භුමිය තුළත් සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් ගොඩ දෙනෙක්ම දකින්න ලැබුනේ සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් පොත පතට දක්වන ලැදියාව නිසාමයි. ඒත් කාර්ය බහුල ජිවිතයක් ගත කරන සයිබර් මිතුරු මිතුරියන්ට පොත් අලවිසැල් වලට ගිහින් තමන්ගේ හිතේ හැටියට පොතක් පතක් තෝරා ගන්නවා කියන එකත් අපහසු කටයුත්තක්.
 

අපි මේ කියන සයිබර් පොත් මැදුර ආරම්භ වෙන්න හදන්නේ අන්න ඒ කාර්ය බහුල සයිබර් මිතුරු මිතුරියන්ට යම් කිසි සහයක් ලබා දෙන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ  බ්ලොග් අවකාශයේ පොත් වලට ආදරය කරන අයට අවශ්‍ය කරන පොත් පත් තමන්ගේ නිවසටම ලබාදෙන වැඩ පිළිවලක්. දැනටත් ශ්‍රී ලංකාවේ මහා පරිමාන ග්‍රන්ථ ප්‍රකාශන ආයතන කිහිපයක් තමන්ගේ වෙබ් අඩවි මගින් මේ සේවාව ලබා දුන්නත් ඔවුන්ගෙන් පොත් මිලදී ගැනීමේදී  පොතේ සදහන් මිලට අමතරව සේවා ගාස්තු සමග තැපැල් ගාස්තුවක්ද අය කරනු ලබනවා. නමුත් අප මෙහිදී උත්සාහ කරන්නේ එම සේවා ගාස්තු ආදියෙන් තොරව අඩු මිලට ඔබගේ ඔබගේ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් ඔබ ඇනවුම් කරනු ලබන පොත් ලබා දීමයි.


මිට අමතරව තොග මිලදී ගැනීම් වලදී පොත් සදහා විශේෂ වට්ටම් ලබා දීමටත් අප සුදානම්.

මේ සදහා දැනට විදර්ශන, පදනම, මාස්ටර් ගයිඩ්, ගොඩගේ, වැනි ප්‍රකාශන ආයතන කිහිපයක්ම අප සමග එක්වී සිටිනවා. අදාළ ප්‍රකාශන ආයතනයන්හි ප්‍රකාශනය වන පොත් වල මිල දර්ශනයන් , ඒ ඒ පොත් පිළිබද විස්තර සහ මේ ව්‍යාපෘතිය පිළිබද වැඩි විස්තර ඉදිරියේදී සයිබර් පොත් මැදුර බ්ලොග්  අඩවියේ පල වෙනවා ඇති.


සයිබර් පොත් මැදුර තව නොබෝ දිනකින් බ්ලොග් අවකාශය තුල ආරම්භ විමට සුදානම්. මේ සදහා ඔබගේ අදහස් යෝජනා අපට ඉතාමත් වැදගත්.  එය ආරම්භ විමට පෙර ඔබට ගුණාත්මක සේවයක් සැලසීම සදහා මේ සම්බන්ධයෙන් ඔබගේ යෝජනා චෝදනා සියල්ලම මෙහි කමෙන්ටුවක් ලෙස සටහන් කරන මෙන් ඉල්ලා සිටිනවා.


එහෙනං ලගදීම සයිබර් පොත් මැදුරේදී මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා. ඔබ සැමට ජයෙන් ජය !!! 





47 comments:

  1. (sinhala mokakdda wela) watina wagema prayojanawath wadak, obata sthuthi,e wagema jaya parthana karanwa !!!

    ReplyDelete
  2. වටිනා වැඩක් යාළුවා. සුබ පැතුම්. ජය...!

    ReplyDelete
  3. Replies
    1. බොහොම ස්තිතියි මචං. ඔන්න අපි ඒ පැත්තෙත් ආවා .:)

      Delete
  4. අන්න නියම වැඩේ.....

    සුබ පැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තිතියි සුමිත් අයියා.:)

      Delete
  5. මෙන්න නියම රෙපාලා. මගේ අනුරාධපුරේ ඉන්න යාලුවෙක්ගෙ අම්ම කියන්නේ රෙපයියෝ කියල. :)

    ReplyDelete
    Replies
    1. කුනුහරපයක් නේ බං !

      Delete
    2. ඕන් අපි නම් එහෙම අය නෙවේයි ඈ. අපි රෙප් මහත්තුරු :P
      බොහොම ස්තිතියි මචං:)

      ඔය ඇවිත් ඉන්නේ අනිත් රෙපාත් :P
      කුණු හබ්බ නේන්නම් බං:)

      Delete
  6. වැඩේ නම් එල මචන්..!

    ReplyDelete
  7. නියම, වටින වැඩක් ! ජයෙන් ජයම වේවා.. :)

    ReplyDelete
  8. හොඳ වැඩක් රෙප්, අපි ඉන්නේ ගම්පහ උනත් ගොඩක් පොත් ගම්පහත් ගන්න නැහැ. පොතක් ගන්න කොළඹ එන එක කාලයයි අමතරව මුදලුයි දෙකම වියදම් වෙන වැඩක් ඒක නිසා තැපෑලෙන් ගෙන්න ගන්න තියෙනවනම් හරිම පහසුයි. සරසවි විජිතයාපා දෙකෙන්ම පොත් ගෙන්නගෙන තියෙනවා විජිත යාපා එකේ ලොකු තැපැල් ගාස්තුවක් ගන්නවා සරසවියේ නොමිලේ එවනවා කිව්වට අපි ගෙවන්න ඕනේ ඩොලර් වලින් එතකොට පොතේ ගානට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනවා. ඒක නිසා පොත් වලට දෙන වට්ටම කෙසේවෙතත් අවම වශයෙන් තැපැල්ගාස්තුවෙන් තොරව ගෙන්න ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තැපැල් ගාස්තු වශයෙන් වෙනම මුදලක් අය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ පොතේ වටිනාකමින් 10% ක් තැපැල් ගාස්තු වශයෙන් වෙන් කරන්න. ඒත් තැපැල් ගාස්තුව එම ප්‍රමාණයට වඩා වැඩි උනොත් පොත් මිලදී ගන්නා අයට ඒ වැඩිවන ගාස්තුව ගෙවන්න සිද්ද වෙයි.

      Delete
    2. ඒ පිලිබදව වැඩි විස්තර සයිබර් පොත් මැදුර බ්ලොග් අඩවිය හරහා ලගදීම..
      බොහොම ස්තුතියි මරණේ අයියටත් :)

      Delete
  9. හරිම හොද වැඩපිළිවෙලක්.. විශේෂයෙන්ම කොළඹින් ඈත ඉන්න අයට. අළුතෙන් එන හොද පොත් ගැන දැනුවත් කිරීමකුත් කරන්න පුළුවන්නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එහෙම දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
      බොහොම ස්තුතියි ඔබටත් :)

      Delete
  10. අලුත් වැඩේට සුභ පතනවා... පහුගිය දවස්වල අපි කරපු දේවල් බලන්නත් එක්ක වෙලාවක කාමරේට එන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තිතියි මචං.:)
      සිරාගේ කාමරේ කියන්නේ අපි ඉතින් නිතර යන එන තැනනේ :)

      Delete
  11. අළුත් වැඩේට සුභ පැතුම්..

    ReplyDelete
  12. වැඩේ පටන් ගන්නකෝ. ඊට පස්සේ දෙන්නම් අඩු පාඩු..

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු තමයි වැඩිපුරම වටින්නේ. වැඩේ ලගදීම පටන් ගන්නවා.
      බොහොම ස්තිතියි මාතලන් අයියා.:)

      Delete
  13. හොඳ වැඩක්. තැපැල් ගාස්තු නැති කරදර නැති ක්‍රමයක් තියනව නං සෑහෙන සාර්ථක වේවි කියල මට නං හිතෙනව.

    ReplyDelete
  14. ටෝටල් විසිටර්ස් කියන ගැජට්ටුව හින්දා පෝස්ටුව හරියට පේන්නේ නැහැ බොල

    ReplyDelete
  15. නියමයි රේප් අයියේ. සුභ පැතුම්....නියම වැඩක්. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    මොකක්ද ගැජට් එකක් ලිවිල්ල අහුරනවා තමයි මඩියා කියනවා වගේ.

    ReplyDelete
  16. රෙපා, රටෙන් පිට ඉන්න අපිට නම් ඕකෙන් එච්චර වැඩක් වෙයිද කියලා හිතන්න අමාරුයි. නමුත් වැඩේ සාර්ථක වේවා කියලා පතනවා.

    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම නම් ඔය අනිත් හුඟ දෙනෙක් වගේ අනිත් අය හොඳයි කියන පොත් නෙවෙයි කියවන්නෙ. මට පොතක් පෙරලලා බලලා අතරෛන් පතර කියවලා පිටි පස්සෙ blurb එක කියවලා තමයි ගන්න ඕනෙ.

    මම හිතන්නෙ ඔය අඩවියෙම පොත් වල විස්තරයක්, ඉස්සරහ සහ පස්ස කවරත්, ඒ වගෙම blurb එකත් එක්ක, තවත් හොඳට පලවෙනි පරිඡේදයේ කොටසකුත් එක්ක, පබ්ලිෂ් කලොත් වඩා හොඳ ප්‍රතිඵල තියෙයි කියලා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  17. හොඳ වැඩක්.....
    මේ වැඩේ සාර්ථක වේවා...ඔබට ජය... !!

    ReplyDelete
  18. සෑහෙන්න වටින වැඩක්...

    ReplyDelete
  19. ලිස්ට් එකක් දාපං මචං..

    ජය !

    ReplyDelete
  20. එල එල! මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  21. පොත් කියවන අයට නම් බොහොම වටින කියන වැඩක්... ජය වේවා!!!

    ReplyDelete
  22. හරි සුන්දර වැඩක්. කාර්යබහුල නිසා අපට පොත් ලගය යන්න බැරි හංදා පොත් වලින් අපි දුරස් වෙන එක නවත්තන්න පොත් අපේ ළඟට එන්න හදන්නේ. හොයදයි, ඉක්මනට පටන් ගන්න. පටන් ගත්තම කොහොමද දැනගන්නේ? මේ සයිට් ෆලෝ කරොත් හරි නේද?

    ReplyDelete
  23. මම කලින් මේ පැත්තේ ආවද මන්දා.. :O :O බොහොම හොද වැඩක්..ජයෙන් ජය එහෙනම්..:) :)

    ReplyDelete
  24. හොඳා හොඳා අපිත් ඕං පස්සෙන්


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  25. බොහොම වටින වැඩක්.......

    ReplyDelete
  26. නියම වැඩක් රෙපා එල ආ

    ReplyDelete