Thursday, October 25, 2012

කොටු පැනිල්ල

දකුණේ අගනුවර දිස්ත්‍රික්කයේ    කොනක
යුවලක් පෙමින් සිටියයි පෙර       කාලයක
ගැසුවා අකුණු ගසටත් ඒ පැණි          වරක
සොදුරිය ගියා හැරදා ඔහු පිට            ගමක

කාලය ගත උනා කාටත් හොර       රහසින්
සිටියා ඔහුත් හොද රැකියාවක්       කරමින්
සැමදා සිටි නිසා හොද කල්     කිරියාවෙන්
ලැබුනා මාරුවක් ඔහුටත්        රැකියාවෙන්

අවුරුදු කිහිපයට පෙර බිද වැටුණු      පෙම
ඇය සිටිනා සුන්දර ගම් පියසේ       මෙමෙ
දැනගත් දා පටන් ඇයගේ නිවසේ        ඉම
සිතුවා ඇයව හමු වන්නට ඔහුගේ       ලැම

පෑයූ පුන් සදකි ඇය සිටි ඒ              කාලේ
සිටියත් ලබා මවු පදවිය මේ            කාලේ
වෙනසක් නැහැ වෙලා  රුපය ඇගේ බාලේ
තවමත් මැකී නැහැ ඉස්සර බැදී        ආලේ

දෙමහල් නිවස ඇය සිටිනා           මනහරය
පොඩි කඩ පිලක් නිවසේ පැත්තට      බරය
කැෂියර් එකේ ඉන්නා ඇය          මනහරය
දින  කිහිපයක් ඔහු එ පෙදෙසේ  මහ මගය

ස්වාමියා ගෙදර නැත කිසිදා         දහවලට
ඇය පමණයි නිවසේ එ               වෙලාවට
කෙලෙසක හෝ ඇගේ නිවසට    රිංගන්ට
සිහිනම දකියි ගිය දා සිට ඒ              ගමට 

පසු ගිය දිනෙක මහ වැස්සකි ඇද    හැලුනේ
සුපුරුදු පරිදි ඔහු ගේ අසලින්           ඇදුනේ
නවතා වාහනය ඇයගේ ගේ            අයිනේ
හෙමි හෙමිහිට ඔහු ඒ නිවසට           ඇදුනේ

ඇගේ දරුවා වඩා සිටී  නැන්දම්මා
මස්සින ඇවිත් ඇහුවා ඔබ කවුද කියා
ෆෝන් රි ලෝඩ් කිසිවක් නැතිද කියා
ඇසුවා අහිංසක ලෙස ඔහු සිනහ සලා

කාඩ් රී ලෝඩ් නැත අප දැන්       විකුනන්නේ
ෂොප් එක වසා ඇත ඒ බව නොපෙනෙන්නේ
ටියුෂන්  පන්තියකි දැන් මෙහි      පවතින්නේ
මස්සින ඔහුට ඒ විදියට                 පවසන්නේ

කාඩ් එකක් නැත්තම් මට      හදිසියට
බෝඩ් ගහන් ඉන්නේ මොන මගුලටද
කතා නොකර බිම බැලුවට ඵල    වේද
පෙර කාලේ බැදී ආලය       අමතකද?

අයියේ උඹේ සම්පුර්ණ      කැරැට්ටුව
මගේ නෑනා මින් පෙර මට කියා ඇත
කාඩ් රී ලෝඩ් දෙන්නට නැත   නුඹට
පිං සිදු වෙයි පලයන් නුඹ ආ     අතක

මොකක්ද බල උඹ කියනා       කැරැට්ටුව
කියපං බලන්නට මාගේ          කැරැට්ටුව
සිතුනත් දිග අරින්නට ඇගේ    කැරැට්ටුව
ආවලු කිසිත් නොකියම ගැන   කැරැට්ටුව

කේන්තියි ලැජ්ජාවයි සිතේ දරා
ඔහු පිට උනා ඇගේ නිවසින් දුරස් වෙලා
රටේ සිටින උන් කිවත් කවර කථා
යනවා තව දිනක් ඇගේ ආදරය පතා

කොටු පනිනා උන් කවදත් කොටු          පනිති
දන්නෝ දනිති නොම දන්නෝ නොම    දනිති
කමෙන්ටු වලට රිප්ලයි නම් නොම     වැටෙති
එහෙනං රෙපා තව කලකට සමු               ගනිති


දැන් ඉතිං කට්ටියම මේක රෙපාට සිද්ද වෙච්ච එකක් කියලා මඩ ගහන්න පටන් ගනිල්ලා. ආයේ කාලෙකට රෙපා එන්නේ නෑ ඔව්වට උත්තර බදින්න. ඕන එකක් කියපල්ලා මට පාන්ද ඈ. කට්ටියටම ජය වේවා........

24 comments:

  1. ෂුවර් එකට මේ පාර ගුටි කෑවත් කමක් නෑ කියල කොට්ට පනින්න හදන්නෙ මේකා... :)

    ReplyDelete
  2. ඒ මොකද එන්නැත්තෙ?

    ReplyDelete
  3. හරි හරිබන් අපි උබට මොකුත් කියන්නේ නෑ... මේ අර කෑල්ල උබ කලින් යාලුවෙලා හිටිය එක නේ

    ReplyDelete
  4. ගානට කොටුව පනිනා හැටි රෙපා දනී.....
    ආලේ තරම පෙන්නා එනු මැන සොදිනි.....

    ReplyDelete
  5. හරි පව්.. අම්බානක කන්නත් ඇති. ඒවා මේකේ ලියන්න බෑනේ..

    ReplyDelete
  6. කොටුවක් පනින්න යන නිසාද එන්නේ නෑ කියන්නේ..?? ;) ;)

    ReplyDelete
  7. රෙපා මොකද බොලන් බොට වෙලා තියෙන්නෙ... දැන් ඉදලා හිටලා නොවැ දකින්න ලැබෙන්නෙ...

    පනින්න පෙර සිතා බලනු
    කියා කිව්වෙ මක්කැයි සිතනු
    අන් සතු වී දැන් ඒ රුව තුනු
    අත් ගහපන් විටෙක නැගුනු

    ReplyDelete
  8. එන්නේ නෑ!!!!! ඇයි කොටු පන්න යනවද ????

    ReplyDelete
    Replies
    1. හුටා ඒක වෙන් කෙනෙක් අහල නේද ....... ඔනේ කොටුවක් පැනගනින්

      Delete
  9. උඹත් නිකන් අර මොකාද එකා වගේ උනානේ බං. :) හිටපු ගමන් මතු වෙනවා, ආයේ කොයි ලෝකේ ගියාද නෑ. :D
    කවි ටික එල!!!

    ReplyDelete
  10. ඔක්කොමත් හරි.මොකෝ සමුගන්නේ??

    ReplyDelete
  11. පනින්න පෙර සිතා බලනු

    ReplyDelete
  12. පනින කොටුවක් පරිස්සමෙන් රෙපා. කොටු පැනිල්ල හරි අවධානම්

    ReplyDelete
  13. එක ඒක කොටු පනින්න ගිහින් වැඩ වරද්දගන්නේ නැතුව ආපහු වරෙන් ඈ.

    ReplyDelete
  14. පිස්සු හැදෙයි සඳ බොඳ වෙයි .. නොතේරේ නොවැටහේ

    ReplyDelete
  15. කොටු පැනලා රෙපා ගියා හෙහ් හෙහ්...

    ReplyDelete
  16. පනින එක කොහොමත් පනිනවා තමයි.

    ReplyDelete
  17. කොටු පැනලා ගුටි කාලා ඉස්පිරිතාලේ..!!

    ReplyDelete
  18. එහෙනම් දැන් මේ පේනන නැත්තෙ ඕක තමයි රාජකාරිය.....යසට හිටපු රෙපා දෙයියනේ

    ReplyDelete
  19. ඇයි එන්නෙ නැත්තෙ :ඔ 

    ReplyDelete
  20. උඹ එන්නේ නැති නිසා මම කමෙන්ට් කරන්නේ නැහැ..

    ReplyDelete
  21. උබ එන්නැත්තේ කොටු පනින්න යන නිසාද ?

    ReplyDelete
  22. ඔන්න රෙපෝ මමත් ආවා. යකෝ මම ආව දවස් වලමද කොටු පනින්නත් ගියේ.......?

    ReplyDelete