Thursday, September 6, 2012

ධාතු බිස්නස්




මේ දවස් වල හැම තැනම කථාව සර්වඥ්ඥ ධාතු වන්දනාව ගැන හින්දා රෙපාටත් හිතුනා පහු ගිය දවස් වල මළගෙදරක නයිටක්‌ ගහද්දි එහෙං මෙහෙන් ඇහුනු ධාතු බිස්නස් කරන සිස්ටම් එකක් ගැන ලියලා දාන්න. වැඩි වල් පල් වැඩක් නෑ මෙන්න මෙහෙමයි ස්ටොරිය.

ඔන්න ඔය ඈත පිටිසර පලාතක පන්සලක දායක සභාවේ පිරිස එකතු වෙලා දාගැබක් හදලා. දාගැබ හදලා ඉවර උනාම තමයි ඒකෙ නිදන් කරන්න ධාතුන් වහන්සේලා ඕන කියන එක මතක් උනේ. ඉතිං මේ දාගැබේ නිදන් කරන්න ධාතුන් වහන්සේලා හොයන කොට කොළඹ පැත්තේ ඉදලා ඒ ගමට ආව එක උපාසක මහත්තයෙක් ධාතුන් වහන්සේලා හොයලා දෙන්න පොරොන්දු වෙලා. හැබැයි ඉතිං නිකන් නෙවෙයි ගානකුත් දෙන පොරොන්දුව පිට.

කියපු දවසට ධාතුන් වහන්සේලා පන්සලට ලැබුනේ නැති උනාම කලබල වෙච්ච ගමේ දායක සභාවේ ඇත්තොයි ලොකු හාමුදුරුවොයි උපාසක මහත්තයා හොයාගෙන ආවලු කොළඹ උපාසක මහත්තයාගේ ගෙදර. හාමුදුරුවෝ ගෙදරට එනකොට උපාසක මහත්තයා ගෙදර ඉදලා නැහැ. උපාසක මහත්තයාගේ පොඩි පුතා විතරයි ඒ වෙලාවේ ගෙදර ඉදලා තියෙන්නේ.

හාමුදුරුවෝ උපාසක මහත්තයා නැති බව දැනගෙන පොඩි එකාගෙන් අහලා තියෙනවා තාත්තා පන්සලට දෙන්න කියලා ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වද කියලා.

පොඩි එකා ගත්ත කටටම කිව්වලු.

"සාදු ධාතු නම් තියෙනවා, තාම බැදලා නෑ" කියලා

ධාතුන් වහන්සේලාගේ බදින්න තියෙන්නේ මොනවද කියලා හොයලා බලනකොට මේ උපාසක මහත්තයාගේ ගෙදර ධාතු කර්මාන්ත ශාලාවක්. බුවා ධාතු හදනවා කියන්නේ මෙන්න මෙහෙම.

අවශ්‍ය ද්‍රව්‍ය 

හරක් අං තට්ටුවක් 

වංගෙඩියක් සහ මෝල් ගහක්

කියතක්

හාල් කුඩු 

තාච්චියක්  සහ පොල්තෙල් 

මුලින්ම අං තට්ටුව කුඩා කැබලි වලට කපා ගන්න, ඉන්පසු සහල් කුඩු සමග එකට වංගෙඩියට දමා අං කැබලි රවුම් වනතුරු හොදින් කොටා ගන්න. හාල් කුඩු රවුම් අං කැබලි වලට හොදින් කාවැදීමෙන් ඒවාට අපුරු පෙනුමක් ලැබෙනු ඇත. එසේ සකස් කර ගත් අං කැබලි හොදින් රත්වූ ගැඹුරු තෙලේ දමා රන්වන් පැහැය ලැබෙන තුරු හොදින් බැද ගන්න. 

සර්වඥ්ඥ ධාතුන්වහන්සේලා වැනිම අගනා ධාතුන් තෙලෙන් ගොඩ ගැනීමට ඔබටලැබෙනු ඇත. සමහර විට අපේ ඔබේ පන්සල් වලද මෙසේ නිර්මාණය කරගත් ධාතුන් වහන්සේලාට ඔබ අප වන්දනා කරනු ඇත. අප විසින් සැදැහැ සිතින් වන්දනා කරන්නේ නම් අප කර ගනු ලබන පිං වල වෙනසක් නොවනු ඇත. බුදුන් වහන්සේගේ ධාතු නම විකුණාගෙන හරක් අං විකුණන සුදු රෙදි ඇදගත් උපාසක මහත්තුරු පන පිටින්ම අපාගත වනු ඇත...

ප. ලි 

එහෙං මෙහෙන් කනට වැටුණු දෙයක් පමණි. සත්‍ය අසත්‍යතාවය ගැන වගකීමක් නැත. දෙයියෝ බුදුන් හැම දේම විකුණන විකිනෙන ලෝකේ ධාතුන් වහන්සේලාද මේ ආකාරයට විකිනෙන්නේ නැතැයිද කිව නොහැක.....

ප. ප.ලි 

පෝස්ට් එක ලියන්න කලින් හරියට කතාවේ ඇත්ත නැත්ත දැනගෙන නොහිටියත් පෝස්ට් එක කියවූ කිහිප දෙනෙකුම පැවසු පරිදි මෙය දකුණු පළාතේ පිහිටි පන්සලක සිදුවූ සත්‍ය සිදුවීමකි ....


 

58 comments:

  1. කොහොමත් මචං කුනු නැති හිතින් කරන දෙවල් වලට යහපත උදාවෙනව. මොනා උනත ධාතු වන්දනාව ජයටම යනව නේව සාදු සාදු. අහවල් එව්වටත් ධාතු කියන්නේ නිකමටද ඔව්ව මිලයි හරිය හික්ස්

    ReplyDelete
    Replies
    1. චේතනාහං භික්කවේ කම්මං වදාමි කියනවා නේ බං. ඒ ධාතු නම් විකිනෙන්නේ බර ගණන් වලට :)

      Delete
  2. වදාපු අම්මවත් විකුණන කාලේ මේව කම්පාවෙන්න දේවල් නෙව්යි රෙපෝ..... උන් කරපුව උන් ගෙනියාවි

    ReplyDelete
    Replies
    1. රෙපෝ හැබැයි උඹ සන්තෝෂ වෙයන් උඹ ඔය ගමන නොගිය එක ගැන ...බැරිවෙලාවත් ගියානම් .. යද්දි අර බුවත් හිටියනම් .. අනිවා ඌ උඹව අල්ලගන්නවා.... උඹගාවත් අර ඕන කරන අමු ද්‍රව්‍ය වල පළවෙනිම එක තියනවනේ

      Delete
    2. ඔය තේරුනේ මි ගොඩයට මි හරකට වගේ :P

      Delete
  3. සර්ධාව තියෙනවනං එච්චරයි...බුදු පිළිම හදන්න කලිං මිනිස්සු වැන්දෙ බුදුන්ට ඉන් පුලුවං විදියෙ ආසනවලට...

    ReplyDelete
    Replies
    1. පිං පවු ඔක්කොම තියෙන්නේ හිත ඇතුලෙනේ බං ..

      Delete
  4. අනේ මන්දා පුදුම මිනිස්සුනෙ නේද..

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට ඕන දෙයක් විකුනනවා..

      Delete
  5. මේ කථාව නම් අදමයි ඇහුවෙ... මාර සීන් එකක් නොවැ මේක...

    ReplyDelete
    Replies
    1. මාර සීන් නෙවෙයි ඇත්ත සීන් එකක්

      Delete
  6. අනේ සාදූ... සාදූ...!!!!

    ReplyDelete
  7. හැබෑමයි රෙපෝ ඒක එහෙම වෙන්න බැරි කමකුත් නෑ අදකාලේ වෙන දේවල් බලාගෙන ගියාම. ඕවගේ මුදලාලිලාගෙන් ධාතු ගන්න මොලේ නැති හාමුදුරුවොත් ඉන්නවද අප්පා.

    ReplyDelete
    Replies
    1. මුදලාලි කෙනෙක් වගේ නෙවෙයිනේ මෙයා පෙනී සිටින්නේ ශ්‍රද්දාවන්ත උපාසක මහත්තයෙක් වගේනේ. මොලේ නෙවෙයි දරුවා ශ්‍රද්දාව ...

      Delete
  8. ඔයවගේම සීන් එකක් මම පත්තරේක දැක්ක. එතනදි ධාතු වෙනුවට ගන්නෙ මාළුවෙකුගෙ ඇහැක්.

    ReplyDelete
    Replies
    1. මෙච්චර මහන්සි වෙන්න ඕනත් නෑ

      Delete
  9. මොකද වෙන්න බැරි. අගේට වෙන්න පුළුවන් දෙයක් තමා මේකත්.

    ReplyDelete
  10. ඇත්ත මචෝ ඔය කතාව මාත් අහලා තියෙනවා. අපේ උන්ට ඕවා සිම්පල් වැඩ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ තවත් ඇසු දුටු පුද්ගලයෝ

      Delete
  11. පව්කාරකමක මහත..!!!

    ReplyDelete
    Replies
    1. තම තමන් කර ගත්තු දේවල් තම තමුන්ට

      Delete
  12. අපි නම් අළුතෙන් මෙහෙට..
    අනේ මන්දා..මේ මිනිස්සු මෙච්චර පව් කරගන්නෙ මොකටද කියලා..

    ReplyDelete
    Replies
    1. ඔන්න අපිත් ආවා ඒ පැත්තේ.
      සල්ලි වලට මිසක් වෙන මොකටද?

      Delete
  13. ධාතු නෙමෙයි දැන් මොනවද නොවිකිණෙන්නේ...? අබුද්දස්ස කාලේ කජ්ජේන පුහුලං කිව්වලු. (ඒ කියන්නේ කජ්ජ ගහේ තියෙද්දි පුහුලනේ බිම වැටෙනවා)

    ReplyDelete
    Replies
    1. දෙයියෝ බුදුන් දෙකේත් තව විකුනන්න දේකුත් ඉතුරු වෙලත් නෑ නේ කජ්ජෙන පුහුලන් තමා :/

      Delete
  14. නියමිත වත් පිළිවෙත් කරලා අධිෂ්ඨානයක් ඇති කරගෙන ධාතූන් වහන්සේලා වැඩම කරවා ගත් ගෙදරක් ගැන මම දන්නවා

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම කතාවක් අහලා නම් තියෙනවා.

      Delete
  15. පන්සල් හැදෙන තරමට ධාතු කොයින් ද ? සාධාරණ ගානක්නම් ගන්නෙ වැඩේ නරක නෑ. පරහකට තිබුණෙ බදින්න බැරිවෙච්ච එකනෙ....
    මැටිමතුක්ගෙ තත්වය අනුව වඩාත්ම ගැලපෙන්නෙ හරක් අං තමයි, ඒත් ජනප්‍රියම ධාතුව මාළු ඇහැ.

    ReplyDelete
    Replies
    1. මාළු ඇහැ ලේසියි. ඒත් මේක බැදලා ගත්තට පස්සේ වතුරට දැම්මාම උඩ පා වෙනවලු. ප්‍රාතිහාර්ය පානවා කියලා ඒ වතුරේ පාවෙන ඒකත් මාකට් කරනවා කියලයි කියන්නේ

      Delete
  16. ආගම වුනත් විකුනන් කන උන් බං ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් හැම තැනම සිද්ද වෙන එකනේ බං

      Delete
  17. ඔන්න වැඩේ!මුන්ව....**&*&&%^%^%$##!

    ReplyDelete
    Replies
    1. ගාල්ල පැත්තේ තියෙනවද පැකෙජින්ග් මැටීරියල් ගන්න තැනක්? යෝගට් කප්ස් වගේ ඒවා?

      Delete
  18. ඊයා... ගොන් ධාතු??? =(

    ReplyDelete
    Replies
    1. බැදලා තිබ්බා නම් ඉතිං සර්වඥ්ඥ ධාතු කියලා තමයි ඔලුව උඩ තියාගෙන වඩම්මන්නේ...

      Delete
  19. යකො මෙහෙමත් හොරු

    ReplyDelete
  20. හච්චෝ..හච්චෝ..

    ReplyDelete
  21. මං මුලින්ම හිතුවේ කොන්ද කලා සීන් එකක් කියල.

    ReplyDelete
  22. හොරු සමග හෙළුවෙන්.

    ReplyDelete
  23. මං අන්‍යාගමිකයෙක් නිසා මුකුත් කියන්නේ නැහැ.

    ReplyDelete
  24. දැන් ඉතින් හැම දෙයක්ම විකිනෙනවා.ඕවා විකිනෙන්ණ ගත්තේ නම් අද ඊයෙක නෙවෙයි.අනේ සාධු !

    ReplyDelete
  25. පිලිම කඩලා, චෛත්‍ය කඩලා මුදල් හොයන්න බලන රටේ, බයක් (මෙලෝ වශයෙන් ) නැතිව හදන්න පුළුවන් ධාතු ගැන කවර කතාද.. වඳින අයට නම් පිනේ අඩුවක් නෑ දන්නේ නැති නිසා. කරන අය නම් ආයෙත් මනුෂ්‍යය භවයක් ලබයි ද කියලා හිතෙනවා. අර හසිත කිව්ව ධාතූන් වැඩමවූ සිද්ධිය ම වෙලා තිබුන ලු අපේ මාම කෙනෙකුගේ ගෙදරකත්. මම එතකොට පොඩි එකා නිසා වැඩිපුර යමක් කියන්න දන්නේ නෑ.

    ReplyDelete
  26. අම්මට උඩු.... එහෙමත් සීන් එකක්ද? :0

    ReplyDelete
  27. තමන්ගේ ආගම ගැනවත් හිතන්නේ නැතුව මෙහෙම කරන එකනම් බින්දුවක්වත් හොඳ නෑ. :/

    ReplyDelete
  28. මම මේ කතාව හැමෝගෙම කොමෙන්ට්ස් වල දන්නා හිතුවේ මම මේක මාරයාගේ එකේ දැම්ම මිනිහ ඇත්තට බය නිසා කොමෙන්ට්ස් එක මකල දල සද්ද වහල හිටිය. මේ කතාවේ ඇත්ත හොයා ගන්න ඕනි නම් ලිපිනය අංකය 70 වගේ තමයි මම හිතන්නේ වැව පාර, වැබොඩ නුවර පාරේ නුවර පැත්තේ ඉදන් කඩවත පැත්තට යනකොට කඩවතට කිට්ටුව ඉදිගහමුල හන්දියෙන් හැරිලා යන්න. මාරයාගේ පොස්ට් වලින් 99.9% කම බොරු. රන්ගි ගැන ඇත්ත කතාව රන්ගි කියන්නේ පුංචි අම්මගේ දුව මරය නිසා ප්රෙග්නනට් උන. කට්ටිය එකතු වෙලා වෙන කෙනෙක්ගේ කරේ එල්ලලා බේරුනා. ඇත්ත එලි වෙනකොට ඒ හැම දෙයක්ම ඉවර උන. අම්ම ඒ ගැන හෙව්වේ නැත්තේ අයි කියල කට්ටිය අහල තියෙනවනේ. අම්ම කියන්නේ අංක එකේ බඩුවක්, තරුණ වයසේදී පොඩි උන් දෙඑකුඉ මිනිහයි දල වයස වැඩි කෙනෙක් එක්ක පැනල ඇවිත් තමන්ගේ ඕන එපා කම් පිරිමහ ගන්න ගමේ ඕනෑම කොල්ලෙක් රවට්ටපු අංක එකේ අම්මණ්ඩි කෙනෙක්. ගමේම ඉන්න හොඳ සල්ලි කරයෙක්ගේ ස්පෙයා වීල් එක කියල ගමේ හැමෝම අදටත් හොඳටම දන්නවා. අම්ම රට ගියේ මේ මිනිහගේ ඕනි එපා කම් වලට. මරය කියන්නේ පිළිකාවක් නිසා පපුව ඔපෙරේසන් කරලා ඉන්න ගනියෙක්ගේත් පපුවේ අනිත් පැත්ත මිරිකලා අතල් ගන්න හදපු අංක එකේ වලත්තයෙක්. මල්ලි කියන්නේ සුදු කැප්ටන් කෙනෙක් ඒ වගේම නම්බ වන කසිප්පු මුදලාලි. තව විස්තර ඕනි නම් ලිපිනය තියෙනවනේ කට්ටිය එකතු වෙලා හොයා ගන්න. මරල කුණුහරප කොමෙන්ට් ගැන කිව්වට මේ කොමෙන්ට් එක ගැන කතා නැහැ නේද. මම කොමෙන්ට් කරනවා ඌ මකනවා.

    ReplyDelete
  29. ධාතු වැන්ද පලියට, ඉපදුනු දවසේ ඉදලා මැරෙනකන්ම කරපු, කරන පව් සේරම කමා වෙනවයි කියලා අපේ සමහර මිනිස්සුත් හිතනවානේ. විදවනකොට තමයි තේරෙන්නේ.
    (මාවත් එක්කන් ගියානේ ධාතු වදින්න.මරු සීන් ගොඩායි. ඒ කතාවත් ළගදිම දාන්න හිතන් ඉන්නේ)

    ReplyDelete
  30. හිතාගන්න බැරෝ :)

    ReplyDelete
  31. ඒ මේ රෙපා... මේ මට ලොකු පුස්නයක් තියනවා ඈ...ඒ මට විතරක් පේන්ඩ කොමෙන්ටුවක් දාහන්...ඇත්තටම උඹලගේ සීය ගැන නේද උඹ ඔය කිවේ?

    ReplyDelete
  32. අපේ බුදු දහමත් විකුණන මේ කාලකන්නින්ව තියන්න වටින්නේ නෑ නේද රෙපා අයියේ....

    ReplyDelete