Thursday, January 8, 2015

ජනපතිවරණ ෆේස්බුක් මෙහෙයුම

මේ ටිකේ ෆේස්බුක් චැට් එකට ආව මැසේජ් වලින් බොහොමයක්ම ආවේ මොකද බං උඹට එක පාරටම උනේ. ඇයි බං ඔච්චර ආණ්ඩුවට කඩේ යන්නේ වගේ කතාන්තර. කවුරු කොහොම මොනවා කිව්වත් මේ මොහොත වනතුරුම දේශපාලනයෙන් ලබාගත් කෙහෙම්මලක් නැතත් අනාගතයේ එයින් යම් දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් හිත යට නැතුවා නොවන බවද අවංකවම කිව යුතුය. බොහෝ දෙනා නොදන්නවා වුවාට දැනට වසර ගානක් තිස්සේ විපක්ෂ දේශපාලන පක්ෂ වලින් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් පඩි ලබමින් ෆේස්බුක් දේශපාලනයේ නිරත වන බොහෝ පිරිසක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බ්ලොග් අඩවි තුල සිටියි. නමුත් ඔවුන් රඟපාන්නේ ශුද්දවන්තයාගේ චරිතයයි. අත ලෙවකන්න මි කඩන්නේ නැති සියලු දෙයින් සර්ව සම්පුර්ණ මිනිසුන් නොමැති ලෝකයක් තුල අපගේ මෙම කඩේ යාම බොහෝ දෙනෙකුට නුරුස්සන සුළු විය. මන්ද එමගින් ඔවුන්ගේ අනාගත රැකියාවටද තර්ජනයක් ඇති විය හැකි බව ඔවුන්ට කලින්ම දැනුන නිසාය.

එවැනි තත්වයක් තුල යහපාලනයක් ගැන කතා කල පුද්ගලයන් ෆේස්බුක් ගුගල් ඇතුළු සියලු සමාජ ජාල වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ඒකාධිපති පාලනයට නතු කරගෙන තිබියදී මහින්ද රාජපක්ෂ පිළිබඳව වචනයක් හෝ පැවසිම ගෙවල් වල සිටින දෙමව්පියන් පවා කුනුහරපයෙන් බැනුම් අසන පසුබිමක මේ දින කිහිපයේ මහින්ද රාජපක්ෂ පිළිබඳව සමාජ ජාල තුල තිබු වැරදි මත යම් තරමකට හෝ නිවැරදි කිරීමට මේ දින තුන හතර ඇතුලත අප හට හැකියාව ලැබීම සතුටට කාරණයකි.

වසර කිහිපයකට පෙර ෆේස්බුක් වෙත අප්ලෝඩ් වූ මහින්ද රාජපක්ෂ නමැති ප්‍රෞඩ නායකයකයාගේ පින්තුරය කාලයත් සමග ෆොටෝ කමෙන්ට්ස් තුල ජෝකර් කෙනෙකු බවට පත් වීම නිකම්ම සිදු වුවක් නොවේ. එයද මහින්ද රාජපක්ෂ නමට තිබු යෝධ ප්‍රතිරූපය බිද හෙලීමේ ව්‍යාපාරයේ එක අංගයක් පමණි,
කෙසේ හෝ වසර ගණනාවක් තිස්සේ සැලසුම් සහගතව යුධ ජයග්‍රහණය හෑල්ලු කිරීම සඳහා සෑම දෙකටම අපි යුද්දේ දිනන්නේ යනුවෙන් පැවසීම. මහින්ද හොරා මහින්ද හොරා යන යන එකම කරුණ නිරන්තරයෙන් පැවසීම වැනි ගොබෙල්ස් න්‍යයායේ ක්‍රියාකාරකම් මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ යන යෝධ ප්‍රතිරූපය බුකියේ පමණක් නොව කටකතා මගින් සාමාන්‍ය සමාජයේද බිද හෙලීමට වසර ගණනාවක් තිස්සේ විපක්ෂයෙන් පඩි ලබන මඩ හමුදාවට හැකියාව ලැබී තිබිණි.

මේම ක්‍රියාකාරකම් ජාලය තව දුරටත් පැහැදිලි කරනවා නම් වර්තමාන ආණ්ඩුව හිටපු එල් ටි ටි ඊ යුධ නායකයන් වන කරුණා පිල්ලෙයාන් කේපි ආරක්ෂා කරන බව විපක්ෂය මගින් සිදු කරන ප්‍රධානම තර්කයක් වේ, නමුත් යම් හෙයකින් ඔවුන් ඝාතනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කලේ නම් මානව හිමිකම් මගින් හෝ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නැවත්වීමට යටත් වීමට පැමිණි එල් ටි ටි ඊ නායකයන්ට වෙඩි තබා මැරීමට ආරක්ෂක ලේඛම් උපදෙස් දුන් බව පැවසු විපක්ෂය ක්‍රියා නොකරාවි යයි ඔවුන් දෙන සහතිකය කුමක්ද? චන්ද කියක් කැඩුනත් එසේ එල් ටි ටි නායකයන් ඇමතිකමක් ලබා දී හෝ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමෙන් මානව හිමිකම් කඩ කිරීම යන ජාත්‍යන්තර චෝදනාව බොරුවක් බව ඔප්පු කිරීමට මහින්ද රාජපක්ෂ රජයට හැකියාව ලැබුණු බව බොහෝ දෙනා නොදන්නා කාරණයයි.

කවුරු රජ උනත් කවදාවත් ඉෂ්ට නොවෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හොරකම වංචාව පවුල් පාලනය වගේ කතාන්තර ගොඩාක් නිදහසේ සමාජ ජාල ඇතුලේ ගලාගෙන ගියා, ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස නෑ කියලා මහා ලොකුවට කෑගහන උන් එහෙම කෑගැහුවෙත් රටේ විධායක ජනාධිපති තුමා වෙච්ච මහින්ද රාජපක්ෂ හොරෙක් ජෝකර් කෙනෙක් කරලා ලෝකෙට පෙන්නුවෙත් ඔය නෑ කියලා කෑගහපු මාධ්‍ය නිදහස සහ ප්‍රජාත්‍රාන්ත්‍රවාදය ඇතුලේමයි නේද කියල පොඩ්ඩක් හිතන්නවත් කිසිම කෙනෙක් හිටියේ නැති බව මැතිවරණයෙන් පසුව හෝ මොහොතක් සිතා බලන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

මේ වේගයෙන් ව්‍යාප්ත වෙච්ච කට කතා වලට උත්තර දෙන්න කිසිම උවමනාවක් ආණ්ඩුවට තිබුනේ නැහැ, බුකියේ ජනාධිපති වෙච්ච එකා ජීවිතේට රටේ ජනාධිපති වෙන්නේ නෑ කියන කාරණය තුල මත් වෙලා හිටපු ඔවුන්ට ඒ පිළිබඳව හැගීමක් හරි ඇති වුනේ අවසාන මොහොතේ. රජයේ සේවකයෝ තැපැල් චන්ද පාවිච්චි කළාටත් පස්සේ. ඒ කියන්නේ ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන වෙලාවේ රජයේ සල්ලි වලින්ම එෆ් බි රිංගන රජයේ සේවකයෝ ෆේස්බුක් එකේ තියෙන මඩ කතාන්තර ඇත්ත කියලා පිලි අරගෙන ඒ අනුව ක්‍රියා කරනවා කියලා තේරුනාටත් පස්සේ.

කොහොමින් කොහොම හරි අවසාන මොහොතේ ආණ්ඩුව පැත්තෙනුත් සංවිධානාත්මක රැල්ලක් ආවා. මෙතුවක් කාලයක් මහින්ද රාජපක්ෂට චන්දය දෙන්න ඕන කියල කියන හැගීම හදවතේ තිබුනත් ප්‍රසිද්දියේ පහර වදින බව දන්නා නිසා ඒ කතාව ප්‍රසිද්දියේ කියන්න බය වෙලා හිටපු ගොඩක් අය නිල් පාට බුලත් කොලේ ප්‍රොෆයිල් පින්තුරයට දාගත්තා. ඒ මෙහෙයුම කොයිතරම් සාර්ථක උනාද කියනවා නම් ඉතිහාසයේ පලවෙනි වතාවට රටේ විතරක් ෆේස්බුක් එකෙත් ජනාධිපති වෙන්නත් මහින්ද රාජපක්ෂ මහත්තයාට හැකියාව ලැබුණා. එමගින් අපට වැටහුනේ මොන කතාන්තර කවුරු කොහොම කිව්වත් මිනිස්සුන්ගේ හදවතේ මහින්ද රාජපක්ෂ කියන චරිතය අමරණීයයි කියන කාරණාව විතරයි. කොහෙවත් ඉන්න රුකඩ ගෙනල්ල රජ කරන්න හැදුවත් එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.


අද ජනපතිවරණයෙන් හෙට දිනයේ කවුරු ජනපතිවරණය ජයග්‍රහණය කලත් ෆේක් එකවුන්ට් භාවිතයකින් තොරව රියල් ෆේස්බුක් ගිණුම් මගින් සිදු කල ෆේස්බුක් මෙහෙයුම හේතුවෙන් එක් අයෙකුට හෝ අලුතින් සිතන්න හැකියාවක් ලැබුණා නම් එයම අප ලද ජයග්‍රහණයක් බව අවසාන වශයෙන් සිහිපත් කරන්න කැමතියි.

ස්තුතියි
ඔබට සුභ අනාගතයක්

11 comments:

  1. Replies
    1. මම හිතන්නේ 50ක් ගන්නේත් නෑ.

      Delete
  2. පව් හලෝ. ඔයා ඉපදෙන්න ඇත්තේ 2005 ට පස්සේ වෙන්න ඇති. රට යන අත තේරුම් ගන්න බැරිව හඬා වැටුනට වැඩක් නැහැ. ෆේස් බූක් ඒකෙන් කරපු මගුලක් නැහැ. රටේ ජනතාවගෙන් 5% ක් විතර තමා ඔය ෆේස් බූක් කියන මගුලේ එල්ලිලා ඉන්නේ. මෛත්‍රීපාල දිනන්නේ රටේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් මිසක් ෆේස් බුක් ජෝකරයන් නිසා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. එතකොට සොරි සෙන මාම පහුගිය කාලේ ෆේස් බුක් ජෝකරේ බදාගෙන මැරෙන්න හැදුවෙ ඔය කතාව දන්නේ නැතුවද ? ෆේස් බුක් ජෝකරේ ජනාදිපති වෙලත් හිටිය පහුගිය දවස් වල...
      (එහෙම වෙන්න මට මොලේ අමාරුවක් තියෙනවයි හිටං :P ) නේද ?

      Delete
  3. Mahinda Rajapaksha Rupiyalak ho horakamkara netha,ohu horakam kale Dollar saha yuan walini,Rassa nethi ohuge daruwan surasepa windinne,Janapathi vatupeni,(Den Hrida?)Repa Kade yannek nowe,kadeta Badu genneki.

    ReplyDelete
  4. තැපැල් ඡන්ද 9 ක් දුන්නා............... වැඩේ නම් හරි වගේ..............

    ReplyDelete
  5. Dinamina, silumina,itn,jaathika,slbc,... okkoma my3ta kade yanawa ban. podi athal 1k ganna me paththe awa

    ReplyDelete
  6. අන්තිමට දින්නේ මාද්‍ය ආයතනද කොහෙද

    ReplyDelete
  7. ආවේ හුඟක් පරක්කු වෙලා වුණත් සහතික ඇත්ත කතාව..

    ReplyDelete
  8. දැන් අවුරුද්දක් ගිහින් තියෙනවාආපසු හැරී බැලු කරගත්ත විනාශ තෙරුම්ගනියි

    ReplyDelete
  9. දැන් අවුරුද්දක් ගිහින් තියෙනවාආපසු හැරී බැලු කරගත්ත විනාශ තෙරුම්ගනියි

    ReplyDelete