Thursday, January 29, 2015

බැදීමක අරුමය



නහර ලේ ඇට 
මිදුළු විනිවිද 
දෙසිත් එක් කල 
ආදරේ .......


මුනේ ලස්සන 
තිබුන තරමට 
හදින් නොබැඳුන 
ආදරේ ......

දිවි තුරා මං 
ලඟම ඉන්නම් 
කියා හැර ගිය 
ආදරේ ......

කාසි කොළ මිටි 
යාන වාහන වලට
විකිණුනි 
ආදරේ ........

සිහින ලෝකය 
බිදී පොඩිවී 
පයට පෑගිණි 
ආදරේ ......

1 comment:

  1. කාට කාටත්
    මේ දවස් වල
    පාට පෙන්නයි
    ආදරේ....

    අපූරුයි අරුණය්ය

    ReplyDelete