Sunday, June 2, 2013

නොදන්නාකමට අහන පුංචි පුරස්න දෙකක්

මේ දවස් වල තියෙන හිතේ තියෙන කචල් බචල් ටික අමතක කරලා දාන්න කියලා හිතාගෙන බ්ලොග් එකක් පැත්තට බුකියට ගොඩ උනොත් හැම තැනම තියෙන්නේ  වලි වලි වලි. වලි කිව්වට ධර්ම යුද්ද වගේ. රටේ තිබ්බ යුද්දෙත් ඉවර වෙලා තියෙන නිසා වෙන කරන්න දෙයක් නැති කමටද කොහෙද රට ජාතිය ආගම රකින්න පෙරමුණ අරගෙන ඉන්න අය දාගන්න වලි දැක්කම ඉතිං විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. සමහර අය මතවාදී ගැටුම් පුද්ගලික කෝන්තර දක්වා වැඩි දියුණු කරගෙන. ඔය වේලාවට ස්ක්‍රීන් එකෙන් අත දාලා එහා පැත්තේ ඉන්න එකාව අල්ලගන්න පුළුවන් උනා නම් අනිනවා හෝම්බට හැටක් විතර. මම නම් ඉතිං ඔය කියන ජාතියේ ආගමක් ධර්මයක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති හින්දමද කොහෙද ඔය ජාතිය ආගම රකින්න යන අයගේ ආගම ගැන තියෙන්නේ මාර පුරස්න තොගයක්. ඒ හැම එකකටම ඕන නැහැ. සමාවෙලා ඔබ තුමන්ලාට රට ජාතිය ආගම රකින්න යන්න තියෙන වේලාවෙන් චුටි කාලයක්  කැප කරලා මට තියෙන මේ පුරස්න දෙකට උත්තර දීලා අපි වගේ පන්සිල් පද ටිකවත් හරියට රකින්නේ නැති උන්ට ධර්ම මාර්ගයට එන්න පාර පොඩ්ඩක් පෙන්නලා දුන්නොත් පිං සිද්ද වෙනවා ....

01. මම දන්න කියන අහලා තියෙන විදියට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ තමන්ගේ ධර්මය ශ්‍රවනය කරන පිරිසට මේ සංසාර සාගරෙන් එගොඩ වෙන මාර්ගය පෙන්නලා දෙන්න. ඒ මාර්ගය අවබෝධ කරගන්න නම් සියලු ක්ලේශයන්ගෙන් බැදීම් වලින් අත්මිදෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ව සංසාරේට ඇද බැදලා තියාගන්න සියලු බැදීම් නැති කරන්න ඕනේ.   
එහෙමනං මට තියෙන මුල්ම පුරස්නේ 
මේක තමන්ගේ රට තමන්ගේ ජාතිය කියලා හිතේ බැදීම් තියාගෙන මේ සංසාර මාර්ගයෙන් එතෙර වෙන්න පුලුවන්ද?  

(එහෙම නිවන් අවබෝධ කරගන්න තමන්ගේ රට ජාතිය ගැන තියෙන බැදීම අවුලක් නැත්තං එහෙම බැදීමක් ඇතිව හිටපු කෙනෙක් ඊලග ආත්මේ වැරදිලාවත් ඔය කියන හම්බයෙක් ගේ දරුවෙක් වෙලා ඉපදුනොත් ඊට කලින් ආත්මේ රට ජාතිය රකින්න දගලපු දැගලිල්ල අපරාදෙනේ.  වරදවා වටහා ගන්න එපා මගේ ප්‍රශ්නේ තියෙන්නේ බැදීම් ගැන විතරයි හම්බයෝ ගැන නෙවෙයි... 
අතිතයේ හිටපු භික්ෂුන් වහන්සේලා ඉමහත් කැප කිරීම් කරලා මේ රට ජාතිය ආගම විනාශ වෙන්න ඉඩ නොදී මේ දක්වා රැකගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ රට කියන එක තිබුනොත් තමයි බුද්ධ ධර්මය කියන එක ලෝකයේ පවතින්නේ.)

02. බුද්ධ ධර්මය කියලා කියන්නේ කරුණාව මෛත්‍රිය පිලිබදව ඉහලින්ම කතා කරන ධර්මයක්. බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව පිලිබදව කියන්න වචන නැහැ. ඒත් අද එක එක්කෙනා වාද කර ගන්නවා කට්ටියක් කියනවා බුදු හාමුදුරුවෝ නිර්මාංශයි කියලා , තව කට්ටියක් කියනවා එහෙම නැහැ කියලා. ඒ මොක උනත් කමක් නැහැ කියමුකෝ. සංඝ බේදයක් ඇති කරන අදහසින් හරි දේවදත්ත හාමුදුරුවෝ සියලු භික්ෂුන් නිර්මාංශ විය යුතුයි රුක්ෂ මුලික විය යුතුයි වගේ ශික්‍ෂා පද ගේන කොටත් බුදුරජානන් වහන්සේ අනුදැන වදාළේ කැමති කෙනෙක් ඒවා පිළිපැද්දට වරදක් නැහැ කියලා විතරයි. මොකද බුදුරජාණන් වහන්සේ වගේම දේවදත්ත හාමුදුරුවෝත් එදා දැනගෙන හිටියා නීති දැම්මා කියලා  සත්ව ඝාතනය කියන එක නවත්තන එක ප්‍රායෝගික නැහැ කියන කාරණය. 

මට තියෙන දෙවැනි ප්‍රශ්නේ කිසිම කෙනෙකුට සම කරන්න බැරි ඒ වගේ මහා කරුණාවක් තියෙන බුදුරජාණන් වහන්සේවත් මස් මාංශ අනුභව කරන්න එපා කියලා කිසි කෙනෙකුට නීති පැනෙව්වේ නැති කොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය රකින භික්ෂුන් වහන්සේ නමකට බුදුරජානන් වහන්සේගේ මහා කරුනවටත් වඩා කරුණාවක් පහල වෙලා හරක් මරණ එක නවත්වන නීතියක් රජයෙන් පැනෙව්වේ නැහැ කියන කාරණය මත තමන්ගේ ජිවිතය පරිත්‍යාග කිරීම බුදු දහමට කොයි තරම් එකගද කියන එක. 

(මෙහෙම එකක් මේකෙන් හරි අහලා පැහැදිලි කරගන්න හිතුනේ අපේ නායක අනුනායක කියන හාමුදුරුවරුත් මේ ගැන දරන්නේ එක එක ජාතියේ මත නිසා. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය තියෙන්නේ ශ්‍රී ලංකාවේ නම් මේ වගේ දේවල් ත්‍රිපිටක ධර්මයටම අනුව පැහැදිලි කරගන්න එක හොදයිනේ) 

ප්‍රශ්න දෙක ඉවරයි 

අහලා තියෙන විදියට මේ බුද්ධ ධර්මය කියලා කියන්නේ කිසිම කෙනෙක් බලෙන් නිවන් දක්කන්න උත්සාහ කරන ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ශ්‍රේෂ්ට මාර්ගෝපදේශකයෙක්. එතුමන් වහන්සේ පෙන්නපු නියම මාර්ගයේ ගියොත් නිර්වානයට යන්න පුළුවන්. ධර්ම මාර්ගය තියාගෙන වෙන 
මාර්ග වල ගියොත්  කොහේ නවතියිද කියන්න බැහැ. ඒක හින්දා මම බලාපොරොත්තු වෙන්නේ තමන් පුද්ගලිකව දාගත්ත කන්නාඩි වලින් බලලා දෙන උත්තරයක් නෙවෙයි. සැබෑ බුද්ධ දේශනා පදනම් කරගෙන දෙන උත්තරයක්.  ඇනෝ ඇවිල්ලා බුද්ධ ධර්මය වෙනුවට එක එක සේනා වල මතවාද වපුරන්න උත්සාහ කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම තෙරුවන් සරණයි. 


13 comments:

  1. දැන් ම්ට තියන පුරස්නේ උඹට මොකො ඔහොම දෙයක් මතක් උනේ :3

    ReplyDelete
    Replies
    1. අහක යන වලියකට සෙට් වෙන්න වෙන පාටක් පේන්න තිබුනා ඒකයි ;)

      Delete
  2. බුදුන් දහම් දෙසුවේ මිනිස්සුන්ට මිසක් රෝබෝවරුන්ට නෙමෙයි. මිනිස්සුන්ට දහම් දෙසුවේ මොළේ තියෙන නිසා බුද්ධියෙන් විමසා බලා ගත යුත්ත ඇත්නම් පිලිගෙන මේ සසරෙන් එතෙර වන ලෙසයි. ඒ ඩේටා කවල ච්ප් එකක් දාලා තියෙන රොබෝලට මේලෝ මල දානයක් තේරෙන්නේ නෑ. අර චිප් එකේ තියෙන ඩේටාවලට අමතරව. ඕකයි පින්වත්නි අද හෙනේ වෙලා තියෙන්නේ..

    ReplyDelete
  3. රෙපා නියම තැනකින් අල්ලගෙන තියෙන බව පේනවා. ඔය දෙකටම මට නම් තියෙන පිළීතුර තමයි දේශපාලන අතකොළු වෙලා ලෞකික සැප සම්පත් විඳිමින් ජීවත් වෙන එක නිවනටත් වඩා සැපයි නේද කියන එක.

    ReplyDelete
    Replies
    1. නිවන් යන්න තව කොච්චර කල් තියෙනවද? ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා :)

      Delete
  4. ඔව් ඔව් බොල.... බුකියේ යුද්ධ දැකපුහාම බත් කන්න හිතෙන්නේ නෑ.. සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි. ඒ වගේම තමයි කාටද කියන්න පුළුවන් ධර්මයටත් ඒ දේ පොදු නෑ කියලා.. කාලයක් යද්දී මෙහෙම ආගමක් තිබුනා කියලා විතරක් වෙයි.. තමං කැමති ආගමක් අදහලා මැරිලා යනවා මිසක් වෙන මොන වලිද..? මේ ආත්මේ හරි ගිය ආත්ම වල හරි කරපු පිං තියනම් මතු ආත්ම වලත් මේ ආගමම අදහන්න පුළුවන් වෙයි..නැත්තම් නැති වෙයි... කර්මය ගැන උගන්වද්දී ඒක කියලා තියේ මගේ හිතේ. කාටද කියන්න පුළුවන් වෙන ආගමක දෙමව්පියෙකුට දාව ඊගාව මතු උප්පත්තිය වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. සියලු සංස්කාරයෝ නැසුනේ ඉස්සර පැතුමෝ. දැන් නැසෙන්නේ සියලු සයන්ස්කායයෝ විතරයිද මංදා. ;)

      Delete
  5. වතුර බොර කරන තරමට තමයි මාළු අහු වෙන්නෙ..
    ජනාධිපති , ඇමතිල ඔහොම ප්‍රෂ්ණයක් ගැන දන්නෙ නැතුව ඇති නේ ? ඇයි උන් ෆේස්බුක් එන්නෙ නෑනේ :P

    ReplyDelete
  6. මක්ක බන් මේ .. මට මයියොක්කා වගේ...

    ReplyDelete
    Replies
    1. මයියොක්කා නෙවෙයි බොල මේ තියෙන්නේ අයිස් ක්‍රීම් එක්ක කිරි හොදි. කාලා බලපන්. මාර ගති ;)

      Delete
  7. kalin "ayyo blog" comment eka me post eka nisa retract kara ganna ladi. uba welawakata gon athal dena eth mole thiyena ekek wage.

    ReplyDelete