Monday, April 22, 2013

ආදරණිය ඔබා මාමේ අපිට තවමත් ඔබව මතකයි ....



සතුටින් පිරුණු සුන්දර දවසක් අවසන් උනා. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම සයිබරයේ සිහින බක් මහා උළෙල සාර්ථක කර ගැනීම සදහා සහය දක්වපු සහභාගී උණු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. තව තවත් පින්තුර, කතා කරන ෆොටෝ, මඩ ගොඩාක් තව ඉස්සරහට එන්න තියෙන නිසා ඒ ගැන තවත් කතා කරන්න යන්නේ නැහැ.

මේ පෝස්ට් එක අපේ ආදරණිය හිතවතෙක් වෙලා හිටපු ගිය අවුරුද්දේ බක්මහ උළෙලේදී අපිත් එක්ක එකතු වෙලා සතුටු වෙලා ගිහින් හදිසියේම අපෙන් සදහටම සමුගත් අපේ සදාදරණිය ඔබා මාමා(සනත් විජේවර්ධන) සිහිපත් කරලා අන්තිම පේලියේ සෙට් එක සංවිධානය කරන ලේ දන් දීමේ පිං කම ගැන මතක් කරන්නයි.





ලේ දන් දීමේ පිංකම මේ මාසේ 28 වන ඉරිදා දවසේ උදේ 9 ඉදලා හවස 3 වෙනකං වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සම්පාදනය කරලයි තියෙන්නේ. එදාට එන්න පුළුවන් හැමෝම ඇවිත් අපේ ආදරණිය ඔබා මාමා වෙනුවෙන් ලේ බින්දුවක් දන් දීලා සහයෝගය දක්වන්න කියලා ඔයාල හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා .

ලේ දන් දීමේ කඳවුරේ ෆේස්බුක් ඉවෙන්ට් එකට මෙතනින් යන්න පුළුවන්

15 comments:

  1. ඔබා මාමා මතකයි තාම

    ReplyDelete
  2. මට පොඩි අවුලක් , මම ඔනෙයාට පොරොන්දුත් උනා එනවා කියල , එත් පස්සේ මතක් උනේ , මට කහ උණ හැදිලා තියෙඅන්ව කලින් :(

    ReplyDelete
    Replies
    1. ලේ දුන්නත් නොදුන්නත් තනිකඩ කොල්ලා වගේවත් ඇවිත් පලයන් බං ;)

      Delete
    2. මචං...ලංකාවේ කහ උණ කියන ලෙඩේ නැහැ. කට්ටිය ඔය කහ උණ කියන්නේ හෙපටයිටිස් වලට. උඹට හැදිලා තිබුනේ හෙපටයිටිස් ඒ නම් ලේ දෙන්න පුළුවන්. බැරි වෙන්නේ හෙපටයිටිස් බී හරි සී හරි හැදිලා තිබුන නම් තමයි. ඒ දෙකම හැදෙන්නේ ඒඩ්ස් හැදෙන විදි වලට මයි. ඒ ගැන සැකයක් නැත්නම් ලේ දීපන්. නොදුන්නත් තව දෙතුන් දෙනෙක් එක්කගෙන වරෙන් සපෝට් එකට.

      Delete
  3. ලේ බිදක් දන් දී ජීවිතයක් රැකගනිමු ...!!!

    ReplyDelete
  4. අපි ආපු ගමන් "සනත් විජේවර්ධන" මාම යන්නම ගිහිල්ල .. ඒ දවස් වල එච්චර වැටහීමක් නොතිබ්බට පහු කාලීනව හොද වැටහීමක් ඇති උන.

    ඔබ අපේ බ්ලොග් ලොවේ සදා අමරණීයයි...

    ReplyDelete
  5. මං එනෝ...
    පයින්ට් කීයක් ඕනෙයි?????
    මං නං පට්ට නිරෝගී නිසා ඕන තරං දෙන්න පුළුවං ඈ...

    ReplyDelete
  6. අනිව මාත් එනව.....

    මම එනකොට ඔබා මාමා අපි අතරෙ නොහිටියත් ඔහුගේ බ්ලොග් පිටුව වෙත ගිය මම ඔහුගේ වැදගත් පෝස්ට් ඔක්කොම කියවා ඉවර කර ඇඩුවෙමි....

    ReplyDelete
  7. mata ena bari unata. 25 ea wage wadkata sambanda venawa.
    ea pin Oba mamata labai.
    Jayawewa.

    ReplyDelete
  8. මම ඕනයටත් කිව්වා එන්න වෙන්නෙ නැති බව :(

    මේ කාර්‍යෙන් ඔබා මාමාට පිං අත්වේව.

    ReplyDelete
  9. ඔව් එතුමා වෙනුවෙන් පින් දෙමු.

    ReplyDelete