Friday, November 2, 2012

ජිවිතේ ......



පියෙකුට දාව මවකට පුතෙක්
ඉපදුනා.....
පොඩි කාලේ 

ඔහුට ඕන උනා
නිදහසේ දුව පැන ඇවිදලා සෙල්ලම් කරන්න
ඒත්
ඔහුට සිද්ද උනා
ඉස්කෝලේ ඇරිලා ඇවිත් ටියුෂන් ක්ලාස්
ගිහින් ඉගනගන්න

ඔහුට ඕන උනා
යාළුවො එක්ක ගමේ ඉස්කෝලෙට යන්න
ශිෂ්‍යත්ව විභාගේ ඉහලින්ම පාස් වෙච්ච නිසා
ඔහුට සිද්ද උනා
ටවුමේ ලොකු ඉස්කෝලෙක ඉගන ගන්න

ඔහුට ඕන උනා
හොද කලාකාරයෙක් වෙන්න
ඒත් දෙමාපියන්ගේ සිහිනය උනේ
ඔහු දොස්තර කෙනෙක් වෙනවා දකින එක නිසා
ඔහුට සිද්ද උනා
විද්‍යා විෂයන් හදාරන්න
දෙමාපියන්ගේ ඕනෑකම නිසාම 

ඔහුට ඕන උනා
දොස්තර කෙනෙක් වෙන්න
හිත තිබුනේ කලාකාරයෙක් වෙන්න නිසා
හරියට පාඩම් නොකරපු නිසා
ඔහුට සිද්ද උනා 
ඒ ලෙවල් විභාගේ 3 පාරම ඇන ගන්න

ඔහුට ඕන උනා
හොද රස්සාවක් කරන්න
රිසාල්ට් ෂිට් එක අප්සට් නිසා 
ඔහුට සිද්ද උනා 
ව්‍යාපාරයක් පටන් ගන්න

ඔහුට ඕන උනා
ගැහැණු ළමයෙකුට ආදරේ කරන්න
ඒත් ඒ ගෑනු ළමයා වෙන කෙනෙකුට ආදරේ කරපු නිසා
ඔහුට සිද්ද උනා
හිත හදාගෙන වෙන අතක් බලාගන්න

ඔහුට  ඕන උනා
තනිකඩව ඉන්න මුළු ජිවිත කාලෙම
දෙමාපියන්ට ඕන උනා මුනුපුරෙක්ගේ මුණ දකින්න
ඉක්මනටම ඒ නිසා
ඔහුට සිද්ද උනා
කසාද බදින්න ඉක්මනටම

ඔහුට ඕන උනා
බිරිදත් දරුවොත් එක්ක සන්තෝෂෙන් ජිවත් වෙන්න
හදිසියේම සිද්ද උණු රිය අනතුරක් නිසා 
ඔහුට සිද්ද උනා
අකාලයේ මිය යන්න ...................:((((((((


හෙට විභාගේ. පොත් බදාගෙන මෙසේ ලග වාඩි වෙලා ඉන්නකොට කොලයක නිකමට කුරුටු ගෑවුණු වචන ටිකක්. එහෙමම ටයිප් කරලා පබ්ලිෂ් කළා. මෙච්චර කාලයක් තිබ්බ කචල් බචල් ඔක්කොම ලබන සතියෙන් ඉවරයි වගේ දැනෙනවා. රෙපා ඉක්මනටම ආයේ එනවා. එහෙනම්  කට්ටියටම ජය වේවා :)))



36 comments:

  1. හම්මේ.... ආයේ එන එක නම් සතුටුයි ඔන්න මුලින්ම... මේක නම් වර්ථමානයට ඇත්තක්... නිකන් ලිව්වට ගන්න වැදගත් යමක් තියනවා..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. ඒඒ.... මම එකනේ.... :D :D

      Delete
    2. කොච්චර දාල යන්න හැදුවත් මේක දාල ගිහින් ඉන්න බෑ. ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා වගේ :)
      හේ හේ එක උනාට තෑගී නම් නෑ ඈ ...

      Delete
  2. හ්ම්ම්..හ්ම්ම්..විභාගේ සුපිරියටම කරපන්.... :)
    ඇත්ත කතාව බං..මෙහෙම තමයි අපි ඔක්කොම...

    ReplyDelete
    Replies
    1. විභාගේ නම් කළා :)
      ජිවිතේ කියන එක ඔහොම තමා ...

      Delete
  3. ජීවත් උනත් මැරිලා වගේ ඉන්න රටක මරණය සැපතක්...

    ReplyDelete
    Replies
    1. රටේම උන්ගේ ඉරණම මේකද හැබෑට මාතලන් අයියා....

      Delete
  4. උබට සිද්ද වෙනවා විභාගේ පාස්වෙන්න !

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මට ඕනෑ වෙනවා විභාගේ පාස් වෙන්න
      පේපර් ටික දැක්ක එග්සැමිනර්ලගේ හදවත උණු උනොත් ඉතිං......

      Delete
  5. අවසානයේ ඔහු ගොඩ ගිහිංනේ බං...

    ReplyDelete
    Replies
    1. ඔහු තනියෙන් ගොඩ ගිහින්. උගේ ගෑනි දරුවෝ ....

      Delete
  6. හොදට විභාගේ කරගන්න ජයෙන් ජය !!!

    ReplyDelete
  7. මුල් ටික කියවද්දී මම හිතුවේ උඹට වුන එකක් කියල.
    ආයේ කාලෙකට එන්නේ නැහැ කියපු එකා මේ ඇවිත් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මට විතරක් නෙවෙයි බං. ගොඩ දෙනෙකුට සිද්ද වෙන්නේ මේක.
      යනවා කියලා ගියාට මේක දාල ගිහින් හිත හදාගෙන ඉන්නේ කොහොමද බං...

      Delete
  8. ඔහුට ඔහු හමුවෙන්න ඉඩක් නොතියාම ඔහුට ඔහු අහිමි වුනා....:(

    ReplyDelete
    Replies
    1. කවදා මුණ ගැහෙයිද අපට අපවම......

      Delete
  9. විභාගෙට සුභ පැතුම් !!! නියමයි කාලෙකින් දැම්ම පොස්ට් එකත්.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මල්ලි සුභ පැතුමට :)
      එච්චරම කාලෙකුත් නෙවෙයිද මංදා ...

      Delete
  10. විභාගෙට සුභ පැතුම්. හොඳින් කරන්න. ගොඩක් දේවල් අපිට උවමනා විදියට වෙන්නේ නැහැ. ඒකයි මේ ජීවිතේ හැටි.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කෝරලේ මහත්තයාටත්. :)
      හ්ම්ම් ...

      Delete
  11. ව්භගේ ගොඩදාගනිං බං ඔක්කොටම කලින්.....

    එල කවිය...

    ReplyDelete
  12. රෙපාට ජය වේවා ! වරෙන් බොලං ඉක්මනට...

    ReplyDelete
  13. අපූරු සටහනක් නේ... :)

    විභාගයට ජයෙන් ජය!

    ReplyDelete
  14. ජයවේවා!
    (මීට වඩා මොනා කියන්නද කියලා හිතාගන්නවත් බෑ.)

    ReplyDelete
  15. ඒ කියන්නේ උඹ බඳිනවා..

    ReplyDelete
    Replies
    1. හෑ බදින්න ??
      මාව ගහක තමා බදින්න වෙන්නේ ....

      Delete
  16. හච්චෝ අවසානය...

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම අවසානය ඉතිං ඔක තමා :((

      Delete
  17. ජය පතනවා විභාගයට. ඒත් විභාගය පාස් නොවුනත් දැනුම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්
      දැනුම වටිනවා මොනවා උනත්.
      ඔබටත් ජයෙන් ජය !!

      Delete
  18. ජය වේවා විභාගයට.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete